ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැක පිට රහස් පොලිස් මුලස්ථානයේ සිටියදී රහස් පොලීසියේ තිදෙනකුට තර්ජනය කළැයි කියන සිද්ධිය සමථයකට පත් කැර ගැනීමට හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා කැමැත්තෙන් සිටින බව නීතීඥ තුසිත ගුණවර්ධන මහතා කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය හමුවේ කියා සිටියේය.
මේ සම්බන්ධයෙන් නීතීපති සමඟ සාකච්ඡා කැර ඇතැයි ද ඒ සඳහා නීතීපති කැමැත්ත අපේක්ෂාවෙන් සිටින්නේ යැයිද උසාවියේදී කියැවිණි.
නඩු මැයි 30 වැනිදාට කල් තැබු විනිසුරුවරිය එදිනට සමතය හෝ නඩුව විභාග කිරීමට නියමිත බව විනිසුරුවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වාසස් මහත්තය මෙ විදියට මුලදීම හිතුවනම් මෙ මුළු නඩුවම ගොඩින් බේරගන්නත් ඉඩතිබුන. (දී)
අවි ගත් අය අවියෙන්මලු දිනෙක නසින්නේ, (දී)
මොනවා කලත් වරද කරුවන්ට දඩුවම් ලැබෙනවා නිසැකයි (දී)
වාස් මහත්තයා සෙල්ලමටද දන්නෙ නැහැ එහෙම තර්ජනය කරලා තියෙන්නේ? (නි)
මේවා ජාත්‍යන්තරය බලාගෙන ඉන්නේ (දී)
කපන්න බැරි අත සිඹිනවා හැරෙන්න වෙන මොනවා කරන්නද? (නි)
කවදාකවත් හිතුනේ නැතිව ඇති අත්තෙන් පහලට වැටෙයි කියා. දැන් ගහේ මුල් පිටින්ම ඉදිරිලා කඩාගෙන වැටිලා. (දී)
මනුෂ්‍ය ජීවිතය කියන්නේ මහා පුදුමාකාර දෙයක් (දී)
මේ කරන දේවල් නිහඩව සමහරු බලාගෙන ඉන්නෙ ඇයි? (නි)
වරදක් කළා නම් කවුරු වුණත් දඩුවම් විඳිය යුතුයි (නි)
සාමාන්‍යයෙන් නඩුවක් ගොඩින් බේරගන්න විත්තිය කතා කරනවා කියන්නේ ඔවුන් වැරැද්ද පිළිගන්නවා කියන එක නේද? නමුත් විනිසුරුවරයාට පුළුවන් අවශ්‍ය නම් නඩුව දිගටම අහන්න. (නි)
වාස් කවදාවත් හිතන්න නැතුව ඇති මෙහෙම වෙයි කියලා (දී)