කොළඹ ගල්කිස්සේ හෝටලයක නතර වී සිටිය දී සඳුදා අතුරුදන් වූ බව කියන බ්‍රිතාන්‍ය ජාතික ලොරේන් ස්මිත් (26) සොයා ගත් බව ඇගේ ලන්ඩන් නෑයෝ කියති.
පැය 24ක් යන තුරු ඇය හෝටලයට නොපැමිණි නිසා හෝටල් හිමිකරු මේ වන ඇගේ නෑයනට දැන්වීමෙන් පසු ඇය සොයාගැනීමේ මෙහෙයුම ඇරැඹිණි.
අඟහරුවාදා දහවල් වන විට ඇය සොයා ගත් බවත්, ඇගේ මව හා පියා ඇය ලන්ඩනයට කැටුව යෑම සදහා ගුවන් මගින් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවත් ඇගේ සොයුරු ඇෂ්ලි කියයි.
ලොරේන් ස්මිත්ගේ අතුරුදන්වීම බ්‍රිතාන්‍යයේ එසෙක්හි පුවත්පත්වල ද පළවිය.
එහෙත් ශ්‍රී ලංකා පොලිසිය පැවසුවේ මේ ගැන පැමිණිල්ලක් නොලැබුණු බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාදීප මෙහි සත්‍ය ඉක්මනින් පලකරනවා නම් (නදී)
කමක් නැහැ. හොයා ගත්තනේ කොහොමහරි. (නි)
කොහේ ඇවිදින්න ගිහිල්ලද මන්දා? (නි)
කොහේ හරි රෝන්දයක් යන්න ඇති .ඔයින් ගීයා ඇති. (ස)
එයා හොස්පිට්ල් එකේ හියියා කියලා එෆ්.බී. එකේ තිබුනා (දී)
අනේ මන්ද.මෙච්චර ලගින් ආශ්‍රය කරලත් තාමත් ඩුබායි තිලක්ට බන්දුල පෙරේරාව පැටලෙනවා.ඔර්ජිනල් ඩුප්ලිකේට් අදුනන්නේ නැතුව කොහොම ඩුබායි වල රස්සාව කරනවද මන්ද? (දී)
ලංකාවට අවමන් කරන්න සුද්දන්ගේ උප්පරවැට්ටි වෙන්න ඕනේ මේවා.(නදී)
ඇති යාන්තම්. පොලිසියට කෙනෙක් අතුරුදහන්වීම දැනගැනීමම මදිද? තනියම ඉන්න කෙනෙක් නම් අතුරුදහන් වුණහම පොලිසියට කියන්නේ කොහොමද? (නි)
මෙයාට ඇත්තටම මොකද වුනේ. හෝටලෙත් ඇග බේරගෙන කෙල්ලත් ඇත බේරගෙන වගේ (නදී)
මේ වගේ අය ලංකාවට එන්නත් එපා කියලයි මම නම් කියන්නේ (නි)
බන්දුල පෙරේරා."මෙහෙම ගියොත් නම් පිටරට එක්කෙනෙක්වත් ලංකාවේ පස් පාගන්නවත් එන එකක් නැහැ".දැන්නම් පිට රටවල ඉන්න අපිටත් එහෙම හිතිලයි තියෙන්නේ. ඇවිත් මැරුම් කන්නද කියන්නේ.(නදී)
බ්‍ර්තාන්‍ය තරුණියන් මත් පැන් බීමට ලොල්වූ අයයි. බීමත් උනාම අැදන් ඉන්න වස්ත්‍රය ගැනවත් අවබෝදයක් නැහැ.(නදී)
තනිවම ආ ඇය රැගෙන යන්නට දෙමවුපියන් එන්නේ ඇයි? ඇය කොහෙද හිටියේ? මොනවාද කළේ?මට නම් මේක මහා ප්‍රශ්නයක්.අපි බලාගෙන ඉඳිමු.හොඳ හොඳ ඇත්ත තොරතුරු අනාගතයේදී අපිට දැනගන්න ලැබේවි. (නි)
මට "සෙවන් නයිට් ඉන් ජපෑන්‘ චිත්‍රපටි කතාව මතක් වුනා (නදී)
කොහෙන්ද තරුණිය සොයාගෙන තියෙන්නේ? (නි)
දැන් මේකට රජයට දොස් කියන්න බලාසිටි කට්ටියට ඇඬෙනවා ඇති (නි)
දෙමව්පියන් ලංකාවට ගෙන්න ගෙන තරුණියව යවන්න හදන්නේ ඇයව සොයාගත්තේ තංගල්ල ප්‍රදේශයෙන්ද දන්නේ නැහැ. (නදී)
මෙහෙම වෙන එක ලංකාවේ කීර්ති නාමයට නම් එච්චර හොඳ නැහැ (නි)
ඇත්තටම ඇය කොහේද ගිහින් තියේනනේ? (නි)
මෙහෙම ගියොත් නම් පිටරට එක්කෙනෙක්වත් ලංකාවේ පස් පාගන්නවත් එන එකක් නැහැ (නි)
බන්දුල පෙරේරා මහතාගේ කියමන හරියටම හරි. අපේ අය කොහොමත් කොරහේ කිඹුල්ලු දකින්න රුසියොනේ (නි)
මට මතකයි මේ තීරුවේම ජර්මන් ජාතික තරුණියක් ගැන මේ විදියටම විස්තරයක් ගියා.කට්ටිය ආණ්ඩුව පතුරු ගැහුවා.පොලිසියට බැන්නා.එල්ලුම් ගහ ඕනෑ කිව්වා.අනේ අන්තිමට බැලුවහම අවුරුදු 16 කෙල්ල අම්මත් එක්ක රණ්ඩුවෙලා ගෙදරින් ගිහින්.ඒ හින්දා කට්ටිය ටිකක් ඉවසලා ඉන්න දවසක් දෙකක් මේ කතාවේ ඇත්ත දැනගන්නා තුරු. (නි)
මම හිතුවේ තංගල්ල පැත්තෙවත් ගියාද කියලයි (නි)