(රෝෂන් තුෂාර)
ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ නිලවරණය පැවැත්වීම වළක්වන වාරණ නියෝගයක් නිකුත් කරන්නැයි නීතිඥ ලිලන්තී් ද සිල්වා මහත්මිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා අද (17) ප්‍රතික්ෂේප කළේය.
දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ පැමිණිල්ලට බැලූ බැල්මට ජය ගත හැකි නඩුවක් ඉදිරිපත් කර නොමැති බවය.
ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ හෙට (19) දින පැවැත්වීමට නියමිත නිලවරණය වළක්වන්නැයි කළ ඉල්ලීම මෙසේ ප්‍රතික්‍ෂේප කෙරිණි.
සභාපති ධූරයට තරඟ වදින නීතිඥ රජීව් අමරසූරිය , නීතිඥ ආචාර්ය සුනිල් අභයරත්න මහත්වරුන් ,නීතිඥ සංගමයේ මැතිවරණ තේරීම් භාර නිලධාරී ඇතුළු නිලධාරින් දොළොස් දෙනකුට එරෙහිව මෙම පැමිණිල්ල ගොනුකොට තිබිණි.
පැමිණිලිකාරිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණය ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සභාපති ධුරයට නාම යෝජනා භාර දුන් ජනාධිපති නීතිඥ මැද්දෙගොඩ මහතා තරඟයෙන් ඉල්ලා අස්වීමෙන් පසුව ඉතිරි වූ අපේක්ෂකයින් දෙදෙනාගෙන් පමණක් මැතිවරණය පැවැත්වීම ව්‍යවස්ථා විරෝධී බවය. ඒ අනුව යළිත් නාම යෝජනා කඳවා මැතිවරණය පවත්වන ලෙසට නියෝග කරන ලෙසට ඉල්ලා සිටියේය. නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීම අපේක්ෂකයෙකු මියයාමකට සමාන බවත් අපේක්ෂකයෙකු මිය ගිය පසුව යළිත් නාම යෝජනා කැදවීම ව්‍යවස්ථානුකූල බවත් පෙන්වා දුන් නීතිඥවරයා යළි නාම යෝජනා කැඳවන ලෙසට නියෝග කරන්නැයි ඉල්ලා සිටියේය.
වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අලි සබ්‍රි ජනාධිපති නීතිඥ ඉක්‍රාම් මොහොමඩ්,ජනාධිපති නීතිඥ සාලිය පීරිස්,නීතිඥ තිෂ්‍ය වේර ගොඩ හා නීතිඥ ගුණරත්න වන්නිනායක මහත්වරුන් කරුණු දක්වමින් නීතීඥ සංගමය නිලවරණය පැවැත්වීම නිත්‍යානුකූල බවත් අනුර මැද්දගොඩ මහතා කැමැත්තෙන් තරඟයෙන් ඉවත් වී ඇති බවත් සඳහන් කළේය.එම ඉවත්වීම මිය යෑමකට සමාන කළ නොහැකි බවද සඳහන් කළේය.
දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ දිසා විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ අනුර මැද්දගොඩ මහතා තරඟයෙන් ඉවත් වීම පිළිබඳව දින නමයකට පෙර සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ කර ඇති බවය. ඒ අනුව පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කිරීමට දින නවයක් ප්‍රමාද වී ඇති බවද පෙන්වා දුන්නේය. නිලවරණය පැවැත්වීම සංගමයේ ව්‍යවස්ථාවට පටහැනි බවක් අධිකරණයට පෙනී නොයන බව සඳහන් කළ විනිසුරුවරයා ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව සඳහන් කළේය.
පැමිණිල්ලේ විරෝධතා ඇත්නම් මාර්තු 3වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටද නියෝග කළේය.
පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු හෝ මහ මොළ කරුවන් ,හෙළිකිරීමේ වගකීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ උසාවියට බාර කරමු යැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද
ඔරුගොඩවත්ත අවිස්සාවේල්ල පාර කන්ටේනර් අංගනයක් තුළදී ශ්‍රී ලංකා රේගු ආයතනයට අයත් බර එසවීමේ යන්ත්‍රයක රෝදයකට යටවීමෙන් පුද්ගලයෙකු මිය ගිය බව වැල්ලම්පි
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කිරීම සඳහා පත්කිරීමට නියමිත ත්‍රිපුද්ගල කමිටුව සඳහා සාමාජිකයකු නම් කරන ලෙස කත
වවුනියාව අග්බෝපුර මාමඩුව ග්‍රාමයේ මූල ඓතිහාසික සොහොන් බිම පුරාවිද්‍යා ස්ථානය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පුරාවිද්‍යා නිර්දේශ ලබා ගැනීමෙන් තොරව වන ව
කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු එල්ල කර වෙඩි තැබුවත් එය ව්‍යර්ථවීමත් සමග තාප්පයකින් පැන යාමට උත්සහ කරද්දී ඉන් ඇද වැටී එක් අයක
කමල් අමරසිංහ මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නව කොමසාරිස් ජෙනරාල් වරයා ලෙස පත්කරනු ලැබ සිටි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නීතිඥ සංගමයේ නිලවරණයට එරෙහි පෙත්සම විසි වෙයි