IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


‘නීතීඥවරුන් බිය වැද්දවීම හෙළා දකිනවා‘

වෘත්තිය කටයුතුවල යෙදෙද්දී අනියම් අයුරින් කරන බිය වැද්දීම් තරයේ හෙළ දකින බවට අද  (10) ඇඹිලිපිටිය නීිතිඥ සංගමයේ සංවත්සවර රැස්වීමේදී යෝජනාවක් සම්මත විය.

එවැනි බිය වැද්දීම් කරන පුද්ගලයන්ට එරෙහිව නිතීය ක්‍රියාත්මක විය යුතුයැයිද යෝජනාවක් ඒකමතිකව සම්මත විය.

නිතීඥ සංගමයේ සාමාජිකයෙකු වූ විජිත ජි පුංචිහේවා මහතාගේ වෘත්තිය නාමපුවරු පසුගිය 08 දා රාත්‍රී කිසිවෙකු හෝ කිසියම් පිරිසක් විසින් ගල් ගසා කඩා දමා තිබුනි. පොලිසිය හා ගැටුමකින් මියගිය සුමිත් ප්‍රසන්න ජයවර්ධන යන අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටීමට එරෙහිවූ පාර්ශවය නීතීඥවරයා බිය වැද්දීමේ අරමුනින් මෙය කරන්නට ඇතැයි නීතීවරු සංගමය සැකකරයිි. ඒ නිසා මෙම ක්‍රියාව හෙළා දකිමින් ගෙනෙන ලද යෝජනවා ඒකමතිකව සම්මත විය.

ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයේ නීතීඥවරුන්ගේ විවේකාගාරයේ මෙම සංවත්සර රැස්වීම පැවැත්විණි.

නව නිලමුඩුල්ල තෝරාපත් කර ගැනිමෙන් පසු නිතීඥ නීතීඥ ඩී.එස්.බී. දසනායක මහතා මෙම යෝජනාව ගෙනෙනු ලැබීය. හිටපු ලේකම් නිතීඥ සුමිත් පතිරණ මහතා එය ස්ථීර කළේ ය.

මෙම සිද්ධිය සම්බන‍ධයෙන් නීිතීඥ විජිත ජී පුංචිහේවා මහතා ඇඹිලිපිටිය කොට්ටාසය බාර වත්මන් සහතාර පොලිස් අධිකාරී අනිල් ප්‍රනාන‍දු මහතාට දුන් ලිඛිත පැමිණිල්ල අනුව ඊයේ (10) දින විමර්ශන ඇරඹිමට නියමිතව තිබුනි.

කුමන පාර්ශවයකට වුවද නීතීය සමානව ක්‍රියාත්මක වියයුතු බව මෙම රැස්වීමේදී තීරණය විය. ඇඹිලිපිටිය නීතීඥ සංගමයේ නව සභාපතිවරයා ලෙස නීතිඥ රුවන් රණසිංහ මහතා ද, ලේකම්වරයා ලෙස නීතීඥ අරවින්ද සමරසිංහ මහතා ද, භාණ්ඩාගාරික ලෙස නීතීඥ සුජිව ගමඇතිගේ මහතාද තේරි පත්විය.

 



අදහස් (0)

‘නීතීඥවරුන් බිය වැද්දවීම හෙළා දකිනවා‘

දහම් Wednesday, 10 February 2016 12:30 PM

ඉතින් අර කොළඹ මහාධිකරණය ඉස්සරහ කලකට පෙර ඩෙඟා නැටුවේ නීතීඥ කල්ලියක් නේද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 488 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 1011 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 659 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 999 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1426 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 591 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37642 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24813 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site