IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නීතිපති සේවා දිගුව ගැන ජනපති ප්‍රකාශයක්

(අංජුල මහික වීරරත්න)

නීතිපතිවරයාට සේවා දිගුවක් දීමට තීන්දු කළේ පාස්කු ප්‍රහාර පරීක්ෂණ වලට අදාලව ඉදිරි කටයුතු රදගුරු මණ්ඩලය සමඟ සම්බන්ධීකරණය කිරීමේ කමිටුවේ නියෝජිතයකු ලෙස ඔහු ප්‍රධාන කාර්ය භාරයක් කරන බැවින් යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ මන්ත්‍රීවරුන් කණ්ඩායමක් බ්‍රහස්පතින්දා(30) ජනපති  හමුවී මේ ගැන විමසූ අවස්ථාවේදීය. 

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන වජිර අබේවර්ධන,ප්‍රේමනාත් සී දොලවත්ත ඇතුළු පිරිසක් මේ ගැන ජනපතිගෙන් විමසා තිබුණේ විපක්ෂය නඟන චෝදනාවත් සමඟය.

පාස්කු ප්‍රහාරයෙන් පසු පත් කළ ජනාධිපති කොමිසමේ වාර්තාව ශ්‍රී ලංකා කතෝලික රදගරු මණ්ඩලයේ සභාපති හැරල්ඩ් ඇන්තනි පෙරේරා කුරුණෑගල  රදගරුතුමන්ට යොමු කොට ඒ ගැන සාකච්ඡා කිරීමට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක හා නීතිපති සංජය රාජරත්නම් පත් මහත්වරුන්  කළ බව ජනපති මන්ත්‍රීවරුන්  හමුවේ කියා ඇත.

මේ කමිටු සාමාජික නීතිපති සංජය රාජරත්නම් දිගින් දිගටම රදගුරු මණ්ඩලය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින නිසා එම සාකච්ඡා අවසන් වන තුරු ඔහුගේ සේවය දීර්ඝ කිරීමට තීරණය කළ බව ජනපති සඳහන් කර තිබේ.

අලුත් නීතිපතිවරයකු පත් කළ හොත් ඔහුට මේ කටයුතු අධ්‍යයනය කරන්නට තවත් කාලයක් ගත වන බැවින් නීතිපති සේවා කාලය දීර්ඝ කරන්නට තීන්දු කළ බව පවසා ඇති ජනපතිවරයා  කාට හෝ ඒ ගැන ගැටළුවක් තිබේ නම් ඒ කාරණය රදගුරු මණ්ඩලයෙන් විමසා දැනගත හැකි බවද කියා ඇත.



අදහස් (8)

නීතිපති සේවා දිගුව ගැන ජනපති ප්‍රකාශයක්

Rata Perata Saturday, 01 June 2024 12:33 PM

ඔව්, ඔව් මෙයා නම් ඇත්තම තමයි කියන්නේ. පාස්කු ප්‍රහාරය පරීක්ෂණ අවුරුදු 5ක් කරපු නැති කෙනෙක්ට මාස 06ක් දෙනවා කරන්න කියලා. මේවා හොඳයි නරියන්ට කියන්න. මම හිතන්නේ මෙයා මේවා කියන්නේ තමන්ගේ මෝඩ විශ්වාසයෙන්... මෙයත් එහෙමනේ. අවුරුදු 40ක් ඉඳලා, ඡන්දෙන් පැරැදිලා පිනට තනතුරක් අරගෙන හිතනවා එයාට විතරයි කරන්න පුළුවන් කියලා.

:       50       33

sweneSaturday, 01 June 2024 10:22 PM

මතකනේ මෙයා යහපාලන කාලයේ වොක්ස්වැගන් ෆැක්ටරියක් ගැන පම්පෝරි ගැහුවා.

:       1       1

Deepal Nirosh Saturday, 01 June 2024 03:14 PM

මේ කියන්නෙ අද හෙටම මහ මොළකරු අල්ලනවා කියන එකද? නැතිනම් තමුන් නීතිපති ධුරයට යෝජනා කරන අයට ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය නොලැබෙනවා කියන එකද? එහෙමත් නැතිනම් රදගුරු මණ්ඩලයේ නිර්දේශය මත සේවා දිගුවක් ලබා දීමට සිදු වුණාද? එහෙමත් නොවේ නම් පොලිස්පති සේවා දිගුවේ රදගුරු මණ්ඩල විරෝධය සමනය කිරීමද? ප්‍රශ්නාවලිය නීතිපතිතුමාටම යොමු කරමු.

:       6       15

සෙනෙවිරත්න Saturday, 01 June 2024 06:53 PM

බළල්ලු ලව්වා කොස් ඇට බාවනවා, නීතිපති තියාගන්න හේතුවක් හදාගෙන, අවංකව ඕන කමක් ඇත්නම් විශ්‍රාම ගියත් සහයෝගය ගන්න බැරිද?

:       4       7

Ruwan De Silva Saturday, 01 June 2024 07:14 PM

මෑතක වුන 2013 රතු පස්, 2011 කටුනායක වෙළඳ කාළාපයේ රොෂෙන් චානක, 2012 තාඩුජීන්, 2009 ලසන්ත වික්‍රමතුංග, 2010 ප්‍රගීත් එක්නැලිගොඩ, 2019 පාස්කු ප්‍රහාරයට වැරැදිකාරයෝ ඇල්ලුවාද? රනිල්ගේ කයිය විතරයි. යුදෙව්වෝ ඝාතනය කරපු උන්ව මොසාඩ් එක රටවල් පීරලා මැරුවා. අන්න රටවල් සිංහල අයට යුදෙව්වන් වගේ එකමුතු වෙච්චි දවසට විතරයි.. මේ රට සිංගප්පූරුවක් කරන්න පුළුවන්... නැත්තං සෝමාලියාව, හයිටිය තමයි තව අවුරුදු 10ක් රනිල්-රාජපක්ෂලා රට කරොත්...

:       24       10

ජයනාත් Saturday, 01 June 2024 09:12 PM

ඒ වුණාට මහත්තයා ඔයාට සේවා දිගුවක් දෙන්නේ නැහැ

:       1       1

I.RODRIGO Sunday, 02 June 2024 06:36 AM

මේ දක්වා ගරු අගවිනිසුරු 65 දී විශ්‍රාම යයි

:       0       0

Saththaya Sunday, 02 June 2024 07:38 AM

ඇයි මිනුස්සුන්ට වතුර උගුරක්වත් නැතිවුන වෙලේ රට භාර ගන්න කෙනෙක් හිටියේ නැත්තේ ? එක්කෙනෙක් රට හාර හාර හිටිය , අනික් කෙනා අවරුදු 35 ක් 40 ක් පාරේ කෑ ගහපු එක විතරයි කලේ , තවම සිස්ටම් මාරු කරනවා . දින්නොත් අදහස ඔවුන්ට විරුද්ද වුන අයගෙන් පලිගන්න . ඕව කරලා එද්දී රට ඉවරයි.

:       2       36

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇමතිවරුන් තිදෙනාට අයිති ආයතන මෙන්න
2024 සැප්තැම්බර් මස 28 1148 1

අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.


හිඟ ආදායම් බදු ගෙවන්න සඳුදා තෙක් කල් දෙයි
2024 සැප්තැම්බර් මස 28 2155 1

2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ


හමුදා නිලධාරියාගේ රියේ ගැටුනු අයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 28 1032 0

කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.


නඩත්තුවකට පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය තාවකාලිකව වැසේ
2024 සැප්තැම්බර් මස 28 223 0

නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි


හෙට රෑ සිට පෘථිවියට අලුත් සඳක්
2024 සැප්තැම්බර් මස 28 2488 1

හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද


අඟහරු මතුපිට අමුතු ගලක්
2024 සැප්තැම්බර් මස 28 1731 0

වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37868 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24954 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 231 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 750 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 270 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site