කාන්තාවන්ගේ අඟපසඟ ජංගම දුරකතනයෙන් ඡායාරූපයට නැගූ බව කියන විශ්ව විද්‍යාල සහකාර කථිකාචාරයවරයෙක් ලබන 22 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ප්‍රහර්ෂා රණසිංහ මහත්මිය නියෝග කළාය.
දෙහිවල පොලිසියට සැකකරු අධිකරණයට ඉදිරිපත් කළේය.
මොරටුව පිටකොටුව බස් රථයක ගමන් ගත් තරුණ කාන්තාවකගේ නිතඹ ඇතුළු පසුපස ප්‍රදේශය ඡායාරූප ගත කරන අවස්ථාවේ මගීන් මැදිහත්වී සැකකරු අල්ලා දෙහිවල පොලිසියට බාර දී ඇත.
ඔහුගේ ජංගම දුරකතය පරීක්ෂා කිරීමේ දී කාන්තාවන්ගේ නිතබට පහළින් ඇති ප්‍රදේශය ඡායාරූප ගත කර තිබූ පිංතූර 50කට අධික ප්‍රමාණයක් තිබූ බව පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකාවට ආවේණික ආචාර්ය ධර්ම පද්ධතියක්, සංස්කෘතියක් තියෙනවා. මේක ශ්‍රී ලංකාව (නි)
මොන නිතිය යටතේද එම පුද්ගලයා අත්අඩංගුවට පත් උනේ 1) පාදඩ පනත 2) ලිංගික අඩම්තේට්ටම් කිරීමට තැත්කිරීම 3) කාන්තා හිංසනය මොකක්ද ඔහුගේ වරද? (ස)
කාන්තාවන් පිටරට යවලා ලංකාවට වෙලා ඉඳගෙන ගැහැණුන්ගෙන් යැපෙන පිරිමි ඉන්නේ මොන රටේද? තමන්ගේ පවුල සමග උත්සවයකට ගියත් සමහරු බලල තියෙන්නේ අනිත් ගැහැණුන්ගේ ඇඳුම දිහා. ලජ්ජා නැද්ද මන්ද මේ මිනිස්සුන්ට. ගැහැණිය තමන්ගේ උවමනාවෙන් දුෂණය වෙනවා කියන්න තරම් ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩ උනේ කොහොමද? (ස)
අනේ කාලේ .. වනේ වාසේ. මේ කලේ වනේමයි වාසය කරන්න ඕනේ. (ස)
මේක මානුශීය ප්‍රශ්නයක්, මෙකට විසඳුම වන්නෙ, තමන් තමන්ට, සුදුසු සහකාරියක් හොයද්දි , ගති ගුණ හොඳ, ලස්සන,චරිතවත්, මේ සියල්ල හොඳ වෙන්න ඕන. තමන්ගෙ බිරිදට සියල්ල සම්පුර්ණ නම් , අනුන් දිහා බැලීම අඩු වෙනව. (ස)
අනුර සහොදරයා , ඔයාල එකක් තේරුම් ගන්න. මම සන්ධානෙ කෙනෙක්. ඔයාලගෙ අදහස් වලටත් ගරු කරනව. නමුත් ඔයාල ඔක්කොම එකතු වෙලා කරන්න යන්නෙ මහින්ද මහත්තයව අයින් කරල රනිල් මහත්තයව ගෙන්න. ඔය වැඩෙන් වෙන්නෙ එ.ජ.පෙ. ට වාසියක්. ජේ. වි. පි හෝ ජෙනරාල් බලයට එ්ම ලඟදි සිදුවන දෙයක් නෙවෙයි. හැබැයි එ.ජ.ප. ය බලයට අවොත් එයාලත් තව අවුරුදු 20 ක් ඉන්නව. හොදම දේ ඔයාල රටේ ප්‍රධාන විපක්ශය වෙන්න බලන්න. (ස)
සමහරුන්ගේ අදහස් වලින්ම තේරෙනවා හිතේ තියන අසහනයේ තරම. චන්ද්‍ර වීරසිංහගේ අදහසින් නම් අඩුතරමේ කොළඹ ට වත් ඇවිත් නැහැ වගේ පේන්නේ. සමහර විට එහෙ ගව ෆාම් එකක වැඩ කරනවා ඇති. පිට රට ගිය කාන්තාවන් ඒ රටවල් උදාහරණයට ගන්නේ එම රටවල මිනිසුන්ගේ තියන සංවරකම නිසයි. ඔය කට්ටිය බලන්න 1970 දශකයේ චිත්‍රපටියක්. අන්න තියනවා ඒ යුගයේත් ඇඳපු හැටි. මේ කාලේ ඉන්න මිනිස්සුන්ට නම් චිත්‍රපටියකත් දකින්න තියෙන්නේ රජ කාලේ අදුම්නේ. එක වෙන්න ඇති මේ පැටලීම. සමහරුන්ට හිතෙනවා ඇති ලංකාවේ ගැහැනුන්ව මැදපෙරදිග කාන්තාවන් බවට පත් කරන්න. එකනම් ලේසි වෙන එකක් නැහැ. හීනමානයෙන් පිරුණු අයට තමයි ඔය ලෙඩේ තියෙන්නේ . ඒවා ගෙදර අය එක්ක විසඳ ගන්න අපිට කියන්න එන්න එපා. අපි අඳින්නේ අපිට ඕන විදිහට. (ස)
අපි දැන් ලංකාවේ ඇදුම් නැතිව පාරේ යන්න පුරුදු වෙන්න ඕන. එවිට මිනිසුන් ඕක සාමාන්‍ය දෙයක් විදියට දකින්න පටන් ගන්නවා. එවිට මේ අසහනය ස්වභාව ධර්මයටම හේත්තුවෙලා මැකිලා යනවා ...වෙන නම් කරන්න දෙයක් ඇත්තෙම නැහැ. නීතියට කවදාවත් මේ අධමයන් ව හදන්න බැහැ... අපි ගැහැණු ටික පටන් ගන්න ඕන එවිට පිස්සෝ කියලවත් කියාවි අපිට, එත් කමක් නැහැ. අපේ අනාගත පර පුර කොහොම ජීවත් වෙයිද කියන එක ගැන නම් හරිම දුකයි ..? (ස)
ගැහැණු ඇඳුම් ඇන්දත් නැතුවා වාගේ තමයි දැන් කාලේ පාරේ යන්නේ. (නි)
මම නම් මෙය දකින්නේ සුන්දර වරදක් විදියට (නි)
මොහොතක් හිතන්න. මේ ලෝකේ පිරිමි කියල ජාතියක් නොහිටිය නම් කාන්තාවන් බාගෙට ඇදන් පාරේ යයිද? (ස)
මම හිතන්නේ ඔය දේවල් අකමැත්තෙන් කරන්න ගියාම තමයි හිරේ විලංගුවේ වැටෙන්නේ.කැමැත්තෙන් කරන්න පුළුවන් සමාජයක් තියෙද්දී ඇයි මේ මිනිස්සු හිරේ විලංගුවේ වැටෙන්නේ? (නි)
නෙළුම්, අයියෝ!! ඔයාලට වැරදිලා.මම ඉන්නේ නවසීලන්තේ ඕක්ලන්ඩ් වල (නි)
ඇසළ, බොර දියේ මාලු බාන්න එපා (නි)
විශ්ව විද්‍යාල කථිකාචාර්ය කෙනෙක් මෙහෙම දෙයක් කළා කියන එකත් විශ්වාස කරන්න බැහැ. මොකද විශ්ව විද්‍යාල වල අද බලන්න දකින්න පෙනෙන්න තිබෙන දේවල් ගැන හිතද්දී මේ ගැන පුදුමයි. (නි)
ලස්සන දෙයක් අගය කරන්න,ඡායාරූපගත කරන්න බැරි තරමට අපේ රටේ පුහු සුචරිතවාදය පැතිරිලා. ප්‍රසිද්ධ ස්ථානයක් වන බස් රථයක හැමෝටම පෙනෙන්න තිබුන තිබුණු දෙයක් ඡායාරූපගත කරලා විතරනේ.බසයක යමින් සිටින මගේ බිරිඳව හෝ මවව ඕනෑ කෙනෙක් ඡායාරූපගත කළාට මට නම් බයක් නැහැ. මොකද ඒ දෙන්නා ප්‍රශ්න ඇතිවන විදිහට ඇඳුම් නොඅඳින නිසා (නි)
පිටරටවල ඉන්න කාන්තාවන් ග්‍රීෂ්ම කාලයට ඉන්නේ කොහොමද කියලා කරදර වෙනවා වෙනුවට අපේ ලංකාවේ ඉන්න කාන්තාවන් නිරුපද්‍රිතව පොදු ප්‍රවාහන සේවාවේ යන්නේ කොහොමද කියලා හොයලා බලමු. (නි)
අනේ නෙළුම්, මෙන්න චන්ද්‍රාට ලොකු ප්‍රශ්නයක්. ගෙදර ඉන්න සෙසු බවලතුන් ගැනවත් මෙහෙම සත්ත්ව කරුණාවක් නැතුව ඇති නේද ? (නි)
චන්ද්‍රා, ඔයාගේ අම්මා,අක්කා නංගි සහ දුව ලංකාවේ ඉන්න විදියටම තමා. වෙනසක් නැහැ. හැබැයි ඒ අයට පොදු ප්‍රවාහන සේවයේදී සිදු විය හැකි අතවර නම් මෙහෙ ග්‍රීෂ්ම කාලේ තියා ශීත කාලේවත් වෙන්නේ නැහැ. (නි)
කාන්තාවන්ට අපහසුතා සිද්ධ වෙන්නේ බස් එකේදී විතරක් නෙමෙයි. දැක්කනේ නෙළුම්ගෙන් අහලා තිබුන ප්‍රශ්න?චන්ද්‍රා ඇය කියූ දේ කොහොම තේරුම් ගත්තාද මන්දා (නි)
ශානිකා,ඔයා හරියටම හරි (නි)
තමන්ගේ වගේ නොවෙන විදියට හිටියා නම් ඉවරනේ (නි)
ප්‍රනාන්දු මහතාණෙනි, දුරකතනයේ එවන් පින්තූර පනහකට වැඩිය තිබුනලු. ඉතින් ඔබට වටහා ගන්න බැරිද ඔහුට යම්කිසි දෙයකට පෙර සූදානමක් තිබුණා කියලා?ඔබ කියන්නේ ඔහුව නිදහස් කරනන් කියලද? (නි)
අනේ තරහ වෙන්න එපා. මටත් ලස්සන ගැහැණු කෙනෙක් දැක්කම බැලෙනවා. (නදී)
මෙකට විසදුම වන්නේ අපේ රටේ කාන්තාවන්ගෙ ශරීරයේ නුසුදුසු තැන් පින්තූර ගැනීම සහ බැලිම නීතියෙන්ම තහනම් කරන්න ඕනා. (නදී)
නිතඹ පේන්න අදිනකොට ඔහොම වෙනවා (නදී)
කරුණ කර කාන්තාවන්ට කාමය අවුස්සන ඇදුම් වලින් වැලකීමට සුදුසු නීති රීති පනවන්න. ගොඩක් අපරාධ අඩු වේවි. (ස)
මෙහෙ ඉතාලියෙ මාස 6ක් විතර ශීතලයි. ඊටපසුව මෙහෙ රස්නෙ කාලෙට කාන්තාවන් ඇඳුම් අඳින්නේ මඳ වශයෙන්.නමුත් එය මෙහෙට පුරුදුයි.නමුත් ලංකාවට ඒවා නුපුරුදුයි (නි)
අනේ දෙවියනේ! මේ මොනවද කරගත්තේ? (නි)
නෙළුම්, ඔයාලා ඕස්ට්‍රේලියාවේ ග්‍රීෂ්ම කාලෙට කොහොමද ඉන්නේ? (නි)
කාන්තාවන්ගේ ඇඳුමේ අඩුපාඩු ගැන කතාකරන සමහරු නම් චිත්තේයක් ඇඳගෙන ඉන්නවා වගේ තමයි මටත් පේන්නේ. අර වීඩියෝ කරපු පුද්ගලයා ගැන නම් තියෙන්නේ අනුකම්පාවක්. ලංකාව කියන්නේ බෞද්ධ, ක්‍රිස්තියානි,හින්දු, සංස්කෘතීන්ගෙන් පිරුණු රටක් අතීතයේ සිටම අපේ කාන්තාවන් විවිධ විලාසිතා කරමින් පිළිවෙලට තැනට සුදුසු ලෙස ඇඳුම් ඇන්දා. ඉදිරියටත් එහෙමයි. ලංකාව කියන්නේ මැදපෙරදිග නෙවෙයි මේක ශ්‍රීලංකාව, මුළු ලෝකයෙන්ම පළමු කාන්තා අගමැතිනිය බිහිවූ රට. (නදී)
මම මේ නොදන්නා හින්දා අහන්නේ . කව්රු හරි ගෑනු කෙනෙක් මේ විදියට පිරිමි අයව ෆොටෝ ගත්තොත් මොකද්ද නීතිය ? (නදී)
ඉතා වැදගත් විදියට , කාන්තාවන් හෙලා නොදැක, තමන්ගේ ස්වාධීන අදහස් ප්‍රකාශ කල නදීක සොහොයුරාට මගේ ආචාරය. ! (නදී)
කුමාර කියන හැටියට අංග සම්පූර්ණ බවලතුන් කොහෙද ඉන්නේ? සමහරවිට මේ බස් රථයේදී අපහසුතාවයට පත් වූ කාන්තාව එහෙම කෙනෙක්ද දන්නේ නැහැ. (නි)
මම නම් කැමතියි කාන්තාවන් ලස්සනට එයාලට ඕනෑ විදිහට අඳිනවට. එත් අර බලන්නකෝ කුමාර සහෝදරයා කාන්තාවගේ ඇඳුමත් බලා තියෙන්නේ දේශපාලන ඇසකින්. ටිකක් බයවෙලා වගේ. (නි)
පිරිමි අසහනයට හේතුව පිරිමින්ගේ තේරීමේ ක්‍රමයේ වරදමයි. අහිංසක සාමාන්‍ය කෙනෙක් බිරිඳ විදියට තියාගන්නවා අනාගතය ගැන හිතලා හොඳ පවුලක් වෙන්න. හැබැයි හැබෑවටම කැමති විසේකාර ලස්සන කෙනෙකුට. ඕක තමයි ඉතින් ඇත්ත කතාව (නි)
ධර්ම, පිරිමි කියලා ජාතියක් ඉන්න නිසා තමයි ඇඳුම් ඇඳගෙන පාරේ යන්න අවශ්‍යතාවයක් මෙතන තියෙන්නේ. නැත්නම් ඉතින් ඇඳුම් ප්‍රශ්නත් නැහැ. අතවර ප්‍රශ්නත් නැහැ. (නි)
චන්ද්‍රා, නෙළුම් ඉන්න රටේ ග්‍රීෂ්ම සමය පැත්තකට දාලා , අපට කියන්නකෝ ඔබ ඉන්න රටේ කාන්තාවන්ට මෙහෙම බස් රථ තුළ අපහසුතා ඇති කරන මිනිසුන් ඉන්නවාද නැද්ද කියලා. (නි)
සමහර අය ඇඳුම් ඇන්දත් ඉතින් නැහැ වගේ තමා. (නි)
මේ ඇදුරුතුමා එතරම් වරදක් කර නැත.මෙය වරදක් නම් සීගිරි අප්සරාවන්ගේ ඡායාරූප විකිනීමද තහනම් කල යුතුය.මෙතුමාගේ දුරකතනයේ නිරුවත් ඡායාරූපද නැත.ඒ ඇදුරුතුමා ඡායාරූප ගැනීමට පෙලඹෙව්වේ කවුරුන්ද.? (ස)
ලාබාල දැරියන් සියයක් දූෂණය කරලා, පාටි දාපු එක්කෙනා දැන් කොහෙද? (ස)
පොදු වාහන වල ගමන් කරන සමහර කාන්තාවො අග පසග විදාරණය වෙලා පෙනෙන විදිහෙ ඇදුම් ඇදගෙන යන්නෙ බලන අයට බලාගන්න . (ස)
අවසරයක් නැතිව තව කෙනෙකුගේ පින්තුරයක් ගන්න එක හරි පහත් වැඩක්,,,, මේ කරලා තියෙන දේ හරි කියන අයගේ බිරිඳගේ ,නැත්නම් නංගිගේ අක්කගේ, ඔන්න අවශ්‍ය අය ඉන්නවනම් පින්තුර ගහ ගන්න. එයාල ඒවාට කැමතිලු. (ස)
පෙන්න පෙන්න යනදේ දිහා බලල පින් සිද්ද වෙන වැඩක් කල මනුස්සයට අපහාසකරන්න එපා හොඳේ! (ස)
කාන්තාවන් කොච්චර හොඳට ඇන්දත් ඇස් දෙකෙන් ඇදුම් ගලවල කාන්තාවන් දෙස බලන අයත් අපි නම් ඕන තරම් දැකල තියනවා. ඒකට ඉතින් ගැහැණු අපි මොනවා කරන්නද? එයාලට කොහොමත් පෙනෙන්නේම කාන්තාවන්ගේ ඇඟේ ඇඳුම් නෑ වගේ තමයි. (ස)
මගේ හැඟීම නම් අපේ කාන්තාවන්ගේ වරද නිසා මෙවැනි දේවල් සිදුවන බවයි. මේවාම තවදුරටත් වැඩි දියුණු වීමෙන් අපරාධ බවටද පත්වෙනවා. හික්කඩුව ප්‍රදේශයේ එක්තරා නිකේතනයක අපේ යෙහෙළියකගේ මංගල සාදයකට ගොස් එහි අප පවුලේ කීපදෙනෙක් නවාතැන් ගත්තා. එහිදී අපේ තරුණ කාන්තාවන්ගේ ඇඳුම් දුටුවිට අපිටම ලජ්ජා හිතුනා. ඒ අය ඕනෑම කෙනෙකු තමන්ගේ ඡායාරුප ගන්නවාට විරුද්ධ උනෙත් නැහැ. ඒ නිසා මගේ චෝදනාව එවන් ආකාරයට ඇඳුම් අඳින කාන්තාවන්ටයි. (මෙය මෙලෙසින්ම පලකරන ලෙස ඉල්ලමි) (ස)
ලංකාවේ දැන් ඉන්න කාන්තාවන් නිතඹ පමණක් නෙමෙයි වටොර මඳ දුරකට පෙන්වමින් පලාපු ඇඳුම් අඳිනවා. ඒ කාට පෙන්වන්නද? උත්තරය අපි හැමෝම දන්නවා නේද? මේවට කියන උපමා කතා මට ලියන්න බැහැ. දිග වැඩියි. (නි)
මෙතුමාගේ විෂය ක්ෂේත්‍රය මොකක්ද දන්නෙ නැහැ. සිහිනිඟ,පුලුළුකුල... අද කාන්තාවන්ට නැත්තෙත් ඔය ටිකනේ? මොහු ඒ ගැන සමීක්ෂණයක් කරනවද කවුද දන්නේ? (නි)
මොකද මේ මිනිස්සුන්ට වෙන්නයන්නේ ..? මේ තරමටම මුන් කාමයෙන් වල්වදිලද ..? මේ වගේ අදමයන් ට දෙන්න දඩුවමක් මටනම් හිතාගන්නවත් බැහැ. (ස)
මේක අපේ කට්ටියගේ අතිශයෝක්තියනේ ඉතින්.... (නි)
ඉස්සර අන්තරයේ හිටි හොඳ සාමාජිකයෙක් දැන් එතනම විශ්ව විද්‍යාල සහකාර කථිකාචාර්යවරයෙක්. එයාලගෙන් ඉගෙනගන්න කට්ටියත් දැන් කරන්නේ පිස්සු වැඩ වගෙයි. රටට ගිය කලක්! (නි)
අනේ මන්දා! මට නම් මේකේ වරදක් පෙනෙන්නේ නැහැ (නි)
සැලෙන ලෙලෙන දලුව විලස නිතඹ නලවලා.... (මට ඒ සිංදුව මතක් වුණා) (නි)
ගණිකා වෘත්තිය නීතිගත කළ යුත්තේ ඇයි කියලා අපි හැමවෙලේම කියන්නේ මේ නිසයි (නි)
වරද පිළිගත්තා නම් උසාවියෙන් අවවාද කරලා මානසික වෛද්‍යවරයෙක් වෙත යොමු කරලා, ඒ පුද්ගලයා නිදහස් කළා නම් මම සතුටුයි (නි)
මීට වැඩිය දරුණු ස්ත්‍රී දුෂණ කරන අය නිදැල්ලේ ඉන්නවා. පොලිසියේ සමහර අය එයාලා දිහා බලන්නේවත් නැහැ. (නි)
මහජන මුදලින්, නිදහස් අධ්‍යාපනයේ පිහිටෙන් සරසවි ගිහින් විභාග පාස් කළත් මොනවද අනේ ඔයා ඉගෙනගත්තේ? වුවමනාම දේ ඉගෙනගෙන නැහැනේ. මිනිහෙක් බය විය යුත්තේ ණයට සහ ලැජ්ජාවට කියලයි මම නිතර සිතන්නේ. මෙයින් ලැජ්ජාව මේ කෙනාගේ දෙමවුපියන්ටත් විඳින්න සිදු වෙනවනේ. (නි)
ඇයි චමිලා කාන්තාවන්ට මානසික අසහනය නැද්ද? බොහෝ මානසික රෝගීන්ට පෙනෙන්නේ තමාගේ රෝගය නොව අනුන්ගේ රෝගයි (නි)
මේ පුවත නිසා කාන්තා අපිට ලොකු සේවයක් වුණා. ඉතා හොඳින් පැහැදිලියි ,සමහර පිරිමි මෙවැනි නොමනා ක්‍රියා ඉතා ඉහළින් අනුමත කරන බව සහ මින්පසු පොදු ප්‍රවාහන සේවයේදී අපේ ආරක්ෂාවට තර්ජනයක් වුණොත් කිසිම පිරිමියෙක් කටක් හොල්ලන්නෙ නැති බව. (නි)
සමහරු හිතන්නේ කාන්තාවන් කියන්නේ පිරිමින්ට කැමති විදියට පරිහරණය කරන්න පුළුවන් භාණ්ඩ කියලා. විලි වැසෙන විදියට ඇඳුම් අඳින්න බැරි එක නම් වැරැද්දක් තමා. හැබැයි ඉතා හොඳින් විලි වැසෙන පරිදි ඇඳගෙන යන කාන්තාවන් පවා පොදු ප්‍රවාහන සේවයේදී අතවරයට ලක් වෙනවා. (නි)
ජනක, ගණිකා වෘත්තීය නීතිගත කරනතෙක්වත් ඉවසන්න බැරි අයට තමන්ට ගැළපෙන නෝනා කෙනෙක් ගත්තා නම් ඉවරයිනේ. (නි)
දැන් කවුද හරියටම දන්නේ මේ කාන්තාව අඟපසඟ පෙන්වාගෙන බස් රථයේ ගියා කියලා. පුවතේ එවැන්නක් කියලා නැහැනේ. අසහනය ඇති කෙනාගේ පුරුද්ද කාන්තාවන් පර්දාවකින් වහගෙන ගියත් නැතිවෙන්නේ නැහැ. සමහරුන්ගේ අදහස් පිරිමි අපිටත් ලැජ්ජාවක්. (නි)
මෙතන තියෙන සමහර අදහස් දැක්කාම හිතෙන්නේ තව ටික දවසකින් අර බරපතළ දුෂණ චෝදනා එල්ලව ඇති අයත් සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් වෙයි කියායි (නි)
සමහරුන්ගේ අදහස් වලින් පෙනෙන්නේ, තමන්ගේ ජීවිතයේ කිසිම කාන්තාවක් ගෞරවනීය සිතිවිල්ලකින් තබාගෙන නොසිටි බවයි. මේ කථිකාචාර්ය ඕස්ට්‍රේලියාවට ග්‍රීෂ්ම කාලයේදී ආවා නම් දවස් ගාණක් රිමාන්ඩ් වෙන්න තමා සිද්ධ වෙන්නේ. තව ටික කලක් යන විට කාන්තාවක් මහ මඟ දුෂණය කළත් ඒකේත් වරදක් නැහැ කියන උදවිය ඉඳීවි. (නි)
දැන් මේ සැකකරුගේ වැඩේ වරදක් නැහැ කියන උදවියට, තමන්ගේ නංගි, දියණිය හෝ ඇහැට කනට පෙනෙන හාමිනේව හරි මේ ඡායාරූප කටයුත්තට යවන්න පුළුවන්නේ. (නි)
දනුෂ්කගේ සහ මහේෂ්ගේ නංගි , දුව හෝ බිරිඳ නැත්නම් අම්මාගේ ෆොටෝ එකක් ගත්තා නම් ඔහොම කියන්නේ නැහැනේ. එහෙම නම් මෙලහකට ගල්කිස්සට දුවලා සැකකරුගේ බෙල්ල මුලින් අල්ලාගෙන. (නි)
ඔය වගේ හැඟීම් උද්දීපනය වෙන විදියට ඇඳුම් අඳින අයට දෙන්න දඬුවමක් නැද්ද? (නි)
ඇඳුම් ඇඳලානේ අනේ ඉන්නේ. ඉතින් පොඩ්ඩක් ඡායාරූපගත කළාම ඒක එච්චර ලොකු වරදක්ද? (නි)
අර මොනවද දැන් තිබෙන අලුත් තේ වර්ගයක් බොනකොට ඔහොම වෙනවාලු.බලනවා නෙමෙයි බැලෙනවා. උදේට අර එෆ්එම් එකේ ගිරා ජෝඩුවගේ මුකුළු දැන්වීම් අහන්නකෝ... (නි)
සමහරු විවේචනය කර තිබෙන්නේ වැරැද්ද කළ කෙනා නෙමෙයි. අහක ඉන්න කාන්තාවන්. රටේ සංස්කෘතිය රැකෙන්න ඕනෑ කාන්තාවන්ගේ ඇඳුමින් පමණක්ද? (නි)
ඇයි ඕනෑම පොඩි දේකට සැකකරු රිමාන්ඩ් කරන්නේ? (ස)
මේ පුද්ගලයා පින්තුරගත්තේ හෙළුව බලන්න නොවේ නේ. අන්න වැරදියි ඇදුම් අස්සෙන් පින්ත්ගුර ගත්තනම්. සමහර සතිඅන්ත පත්තරවල දානවා කාමුක ගැහැණු පින්තුර. ඒවා ගත්ත ශිල්පීන්ට මොකද කියන්නේ.? (ස)
අසහනයක තරම.... රට ලිබරල් වෙනදාකට,සංස්කෘතිය ලිබරල් වෙනදාකට මේවා නැතිවෙයි.එත් එදාට භූමිපුත්‍රයෝ පෙළපාලි යයි සංස්කෘතිය විනාොශ වෙලා කියල.ඊනියා සුචරිතවාදින්ට ඕන මිනිස්සු මානසික අසහන කාරයන් කරලා සංස්කෘතිය ලොකු කරන්න. (ස)
මෙම කථිකාචාර්ය වරයා ශ්‍රී ලාංකික ස්ත්‍රීන්ගේ ශ්‍රෝණි මේඛලාව (pelvis girdle) සම්බන්ධයෙන් ඉතා වැදගත් පර්යේෂණයක යෙදෙන කෙනෙක් විය යුතුයි. (ස)
දන්නවද , ලංකාවේ ඉන්න වැඩි හරියක් පිරිමි මානසික අසහනයන් පෙලනවා .බස් එකක ගියොත් ඇගේ ඇතිල්ලනවා , කොටට ඇදුමක් ඇන්දොත් පිස්සුවන් වගේ බලන් ඉන්නවා . මානසික අසහනය සහ නුගත්කම .මෙතන අදහස් දාන අයත් ඔය ඝනයට අයත් වෙනවා .(ස)
කරුණාකර මේ ගැනත් සිතන්න.... මෑතක බොහෝ වෙබ් අඩවි වල වෙළෙද දැන්වීමක් ලෙස "ඔත්තුබලන පෑන්, ඔරලෝසු, අතේ බදිනා බෑන්ඩ්" වගේ නාප්‍රකාර අලුත් උපාංග ප්‍රචාරය කරනවා. පිට රටවල මිනිස්සු ඒ වගේ දේවල් පිස්සෝ වගේ යොදා නොගන්නවා උනත්, අපේ රටේ අසහනකාරයින් වැඩි හින්දා එවැනි උපාංග ප්‍රචාරය සහ විකිණීමත්, ළගතබා ගැනීමත් තහනම් කලයුතුයි. (ස)