නිදි මත ඇතිවීමෙන් රියදුරන් අනතුරුවලින් බේරා ගැනීමේ වැඩ පිළිවෙලක් අරඹමින් බංඩාරගම පොලිසිය හොරණ රයිගම මාර්ගයේදී අද අළුයම රියදුරන්ට තේ සහ බිස්කට් පිරි නැමීය.
ධාවනය වූ වාහන නවත්වා උනු තේ කෝප්පයක් බීම සදහා පොලිසිය ඔවුන්ට ආරාධනා කළේය.
නිදි මත ඇතිවීමෙන් රියදුරන් අනතුරුවලින් බේරා ගැනීමේ වැඩ පිළිවෙලක් අරඹමින් බංඩාරගම පොලිසිය හොරණ රයිගම මාර්ගයේදී අද අළුයම රියදුරන්ට තේ සහ බිස්කට් පිරි නැමීය.
ධාවනය වූ වාහන නවත්වා උනු තේ කෝප්පයක් බීම සදහා පොලිසිය ඔවුන්ට ආරාධනා කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සහයෝගයෙන් වැඩකිරීම කොතරම් හොද දෙයක්ද? චාමර, මිනිසුන්ට පහත් විදියට කතා කරන්න එපා. හැම කෙනෙක්ම අරක්කු බොනවද?අපේ සමාජයට අපිම ගරහන්න හොඳද ?පොලිස් නිලදාරීන් ගන්න උත්සාහය සාර්ථක වේවා! (නි)
තේ එකක් දීලා අල්ලසක් ගන්නද දන්නේ නැහැ.(නදී)
රන්ජනී, මගලි, දන්නේ නැත්තන් අහගන්න, තේ කියන්නේ උත්තේජක බීමක්, එකෙන් ශරීරය ප්‍රබෝධමත් වෙනවා කියල විද්‍යාත්මකව හොයගෙන තියනවා, කෝපිත් එහෙම්යි, නොදැන නිකන් දොඩවන්න එපා මෝඩයෝ වගේ.(නදී)
පොලිසියට අපගේ ප්‍රනාමය. අපි හොදට හොදයි. නරකට නරකයි. අපි බංඩාරගම ජනතාව.(නදී)
බොරු වැඩ නොකර ඉන්න අපේ රාලහාමිලා. දවස් කියක් කරන්න පුලුවන්ද ?(නදී)
හොද අදහසක්, උතුම් ක්‍රියාවක්, මේ නිලදාරින්ට මගේ ප්‍රණාමය. සමහර විට නිදිමත නිසා වෙන්න තිබ්බ අනතුරක් වැළකුණා වෙන්න පුළුවන් අද කරපු මේ වැඩෙන්. පොලිසිය හා මහජනතාව අතර සුහද බැදීමක් නැති එක තමයි අද මේ තියෙන අපරාද වලට ගොඩක් හේතුව. මිනිස්සුන්ටත් පොලිසිය ගැන විස්වාසයක් නැ හොද ආකල්පයක් නැහැ. නැවත ගොඩ නැගෙනවා නම් මේ වගේ ක්‍රියාවලින් මුළු සමාජයටම සෙතක් වේවි.(නදී)
නියමයි .!(නදී)
පොලිස් ස්ථානාධිපතිවරයා නම පත්තරේට දාගන්න ගත් උත්සාහයක්ද දන්නේ නැහැ.(නදී)
ඉතාමත් හොද වැඩක්
වැඩේ හොදටම හොදයි. දිගටම කරනවා නම් තවත් හොදාආආආයි (නි)
ඉතා වැදගත් හොද දෙයක්. යහපත් හා නුවණක්කාර ක්‍රියාවක්. (නි)
අන්න මිනිස්සු.(නදී)
ශ්‍රී ලංකා පොලිසියේ අවගුණයම දකින පිරිසක් ඉන්න බව ඉදිරිපත් කරලා තියෙන අදහස් වලින් පේනවා. එත් පිටරටක (විශේෂයෙන්ම සුද්දන්ගේ) පොලිසියකින් ඇවිල්ල මේ දේ කලානම්, "බලන්නකෝ මොනතරම් අගේද. අපේ පොලිසියට ඇයි මේ වගේ හොඳ දේවල් කරන්න බැරි. තේ එකක් බිවුවහම නිදිමත නැතිවෙනවා තමයි. අපේ පොලිසියට ඒ අයගෙන් ඉගෙන ගන්න මොනතරම් හොඳ දේවල් තියෙනවද කියල කියාවි ". යමෙක් කරන නරක දේට නිගරු කරනවාසේම හොඳ දේ පසසන්න තරම් අපි නිහතමානී වියයුතුයි. (නදී)
මෙන්න ආදර්ශමත් අගය කලයුතු වැඩපිළිවෙලක් ලංකාවේ පොලිසියකින් . නියමයි.(නදී)
අන්න හොද වැඩක්.(නදී)
තේ වල තියෙන කැෆේන් නිසා තමයි නිදි මත අඩු වෙන්නේ. මුලිකව මේවා සමන්‍යය දැනුම උනාට අනේ මන්දා අපේ හුගක් අයගේ සාමාන්‍ය බුද්ධිය හුගක් අඩුයි. අනුන්ව විවේචනය කරන්න දන්නවා ඒත් ඔලුවට තට්ටුවක් දැම්මම බොල් හඬක් එන්නේ.(නදී)
දෑන් ඉතින් ගමේ මිනිස්සු රෑට නිදා ගන්නෙ නෑතුව තේ බොන්න එයිද දන්නෙ නෑ දන්සලක් කියලා.(නදී)
ඔයා පොලිසියේ මහත්තුරු අගය කරනවා. මොනා වුනත් රටේ අපරාද අඩුකරගන්න පිටුවහලක්. සාමාන්‍ය මිනුස්සු හා පොලිසිය අතර මිත්‍ර සිලි බාවය වැඩිවන තරමට පොලිසියට ගොඩක් ලේසියි අපරාද කාරයන්ව අල්ලගන්න. මේක ඇත්ත කතාවක්. මම දන්නා රථවාහන පොලිස් නිලදාරියෙක් මාර්ග නීති කඩන රියදුරන්ට සිනා මුසු මුනින් සුහදව කතා කරමින් තම දඩ කොලය ලියන්නේ රියදුරාට දෙන්නේ බුදු සරනයි කියලා. රියදුරන් කවදාවත් ඒ නිළදාරියට බනින් නැහැ වැරැද්ද පිළිගෙන හදාගන්නවා මිස.(නදී)
ඇත්තටම ඒක හොද වැඩක්. අගය කරනවා (නි)
පොලිස් නිලධාරීන් තේ වක්කරන තත්වයට පත්වෙලා, හරිම දුක හිතෙනවා දෙවන පින්තුරය දැක්කම. (නදී)
වැඩේනම් හොඳයි. ඒ උනාට පොලිසිය ඉන්නේ තේ හදන්න නෙමෙයිනේ. ඔහොම ගියොත් රාළහාමිල වාහනේ පදවලම දෙයි. (නදී)
අපුරු දසුනක්. තේ එකක් බොන්න හිතෙනවා. ඔය තේ එක ගැහැණු අතකින් හැදුවනම් නිදිමත නැතිවෙනවා.(නදී)
නිදිමත වෙලාවට රියදුරුට ඒ බව දැනෙන්නේ නැහැ. තව තවත් වාහනය පදවගෙන යන්නයි සිතට දැනෙන්නේ. මේ නිසයි අනතුරු වැඩි වෙන්නේ. දුර පදවන රියදුරෝ කඩින් කඩ වාහනය නවතා මිනිත්තු කිහිපයක විවේකයක් ගත යුතුයි. තේ සහ කෝපි වලින් අනිවාර්ය පිබිදීමක් ඇති කල හැකියි. (නි)
විකාර වැඩ, ඕව නිකන් සෝඩා බෝතලේ වගේ, වෙන රට වල කොරන විදිහ ටිකක් හොයල බැලුවනම් හරි නිකන් පිස්සු වැඩ නොකර.(නදී)
හොඳ වැඩක්. (නි)
දෙවන පින්තුරය දකිනකොටම ඇසට කදුළු ආවා. නිල ඇදුම තුලින් මතුවන සැබෑ මිනිස්කම. (නි)
මේ වගේ හොද ක්‍රියාවක් කළත් අපේ මේ හැමදේටම අවලාද කියන අයට කියන්න දෙයක් නැතිවටද මේ වගේ ප්‍රතිචාර දාන්නේ (නි)
හොද දෙයක් කළහම ඒ දෙය අගය කරන්න තරම් මානුසික වෙන්න බැරි අය අපේ මිනිස්සු.ඔබලාගේ සත් ක්‍රියාවට කෘතගුණ ! ජය වේවා! (නි)
අහන්න සතුටුදායක පුවතක්. ස්තූතියි පොලිස් සේවයට (නි)
ඉතා හොද දෙයක්. පොලිසිය හොද මිනිස්සුන්ට උපරිම හොද වෙන්න ඕනෑ. නරක හැසිරීම් වලට විතරක් තදින් ඉන්න ඕනෑ. මහා වියදමක් යන්නේ නැහැ ඔය වැඩේට. ඒත් කෝටියකින් ගන්න බැරි හොද හිතක් ඇතිවෙනවා. අපිත් කැමතියි පොලිසියේ මහත්ත්රුන්ට මේ වැඩේට බිස්කට් , තේ කොළ සීනි ගන්න උදව් කරන්න. මාසෙකට දවසක් කළත් හොදටම ඇති හොද හිතක් ඇතිවෙන්න. (නි)
පොලිසිය යෙහෙන් වැජඹේවා! (නි)
හොද වැඩක් (නි)
රංජනී චමරිලා වගේ අදහස් තියන මේ වගේ මිනිස්සු අහල පහල අය සමග කොහොම ඇතිද කියලා හිතාගන්න පුළුවන් (නි)
මේවා හොඳ වැඩ. දිවයින පුරා ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි රාත්‍රියේ මෙවැනි තේ පැන් සංග්‍රහ පැවැත්වීමත් එවැනි ස්ථානවල සී.සී.ටී.වී කැමරා තබා දත්ත රැස් කරගැනීමත් හොඳයි. පොලිසියට අපේ ප්‍රශංසාව.(නදී)
බණ්ඩාරගම පොලිසිය කරන සත්ක්‍රියාව අගය කරමි (නි)
අපි නොදන්න පොලිස් උදේට තේ දීලා, හවසට එකතුවෙලා අරක්කු. බයිට් කව්ද දන්නවද ? (නදී)
ඉතාමත් හොඳ ක්‍රියාවක්. ඒ වගේම නුවණැති ක්‍රියාවක්. හොර ජාවාරම් කොටු කරගන්නත් අවස්ථාවක් කර ගන්නවානම් හොඳයි. හැබැයි ඉතිං තේ බිස්කට් සඳහා යන වියදම දරාගන්න බැරුව අතර මග නතර වෙයිද දන්නේ නැහැ.(නදී)
හොඳ වැඩක් කලාමත් ලංකාවේ මිනිස්සු මෝඩයෝ වගේ දාන ප්‍රතිචාර දැක්කම දුක හිතෙනවා.(නදී)
මෙවැනි දේවල් අගය කළ යුතුයි.සමහර අය දාලා තියෙන අදහස් දැක්කම මේ මිනිස්සු ලංකාවෙද කියලා හිතෙනවා .වැරදි පැත්තමයි දකින්නේ . (නි)
හොද දේ හොදයි (නි)
හොද දේ හොදයි (දී)
කොහේ ගියත් අපි බණ්ඩාරගම හරහා එනවා රාළහාමි තේ එකක් බිලා යන්න! (නි)
මෙන්න මගෙන් පොලොසියට කිතුල් හකුරු කෑල්ලක්. ඔයාලම හදාගත්ත තේ කහට කෝප්පේ රසට බොන්න. වැඩිය සිනි නිදිමැරීම අගුනයි රාළහාමි. ටටා.(නදී)
මේක බොහොම රටවල තියෙන දෙයක්. තේ එකක් කෝපි එකක් බිව්වම නිදිමත නැතිවෙනවා. ඒ තුලින් අනතුරු අඩු කළ හැකියි. හොඳ දෙයක්. (නි)
මේක අගය කළයුතු විශිෂ්ට ක්‍රියාවක්. විහිළුවකට ගන්න එපා. බණ්ඩාරගම පොලිසියට අපේ ප්‍රණාමය. (නි)
මුළු රටේම මේක කලොත් මේවට යන වියදම් කවුද දෙන්නේ ? කරන්න තියෙන හොඳම දේ රියදුරන් දැනුවත් කරන එක. නිදි මත ආවොත් වාහනේ අයින් කරලා මිනිත්තු 15ක් නිදාගන්න ඇරලා එලවන්න. මේවා අත් දුටුවයි. ප්‍රත්‍යයක්ෂයි (නි)
බොහොම හොඳයි. හැබැයි නිදාගෙන ඉන්න සමහර පොලිස්කාරයන්වත් අවදි කරන බෙහෙතක් හොයා ගන්න පුලුවන්නම් තවත් හොඳයි. (නි)
කොචර නරක වැඩ කළත් ඉඳල හිටලා හරි හොද වැඩක් කළහම ඒක අගයන්න.බොහොම හොදයි. (නි)
තේ නැතුව අමු සියඹලා කෑල්ල බැගින් දෙන්න බැරිද නිදිමත යන්න ! (නි)
ඉස්සර නම් පොලිස් රාලහාමිලාට තේ බොන්න අරන් දෙන්න බිල ගෙවන්න වුනේ රියදුරන්ට. දැන් ඒකේ අනික් පැත්ත. පරිස්සමෙන් රාළහාමිලා. කට්ටිය වීදුරුව පාත් කරලා වැඩි සීනි ප්ලේන්ටී එකයි, කියලා ඕඩර් දාන්න ගනීවි (නි)
ඔය තේ දෙන තැනම බාත්රූම් එකකුත් හදන්න පුළුවන් නම් තවත් හොදයි (නි)
ඉතාම හොද හදවතට සිසිලක් දැනෙන පුවතක්. පොලිසියට ජය වේවා! (නි)
පොලීසීයේ එම සත්ක්‍රියාව අගය කරමු. (නි)
ඕකටත් අනුග්‍රහය දක්වන්න ඇත්තේ ඒ පැත්තේ මුදලාලි කෙනෙක් වෙන්න ඇති. මොකද ඕවා පොලිසි වල සල්ලි වියදම් කරලා කරන ඒවා නෙවෙයිනේ සාමාන්‍යයෙන් නම්. මොනවා වුනත් හොද වැඩක් (දී)
තේ බොමුද? කියලා මුනට ලංවෙලා අහන්න ඇති නේද ? (නි)
රංජනී ඔයාට ඔයා රෑට වාහන එලවලා තියෙනවද? තේ එකක් බිවුමව නිදිමත ඇරෙනවා කියන එක විද්‍යාත්මකව ඔප්පු වෙලා නැතිව ඇති. ඒත් නිදි කිර කිරා වාහනයක් පදවගෙන එන කෙනෙක් තේ එකක් බොන්න ටික වෙලාවක් නැවතුනාම එයාගේ නිදිමත නැතිවෙනවා. ඒක මම ප්‍රායෝගිකව අත්දැකපු දෙයක්. (නි)
හොද දෙයක් කරද්දී ඒකට විරුද්ධව මෝඩයෝ වගේ අදහස් පළකරන්න එපා (නි)
මේ ක්‍රියවේ වැදගත්කම වෙන්නේ පොලීසිය හා සිවිල් ජනතාව අතර ඇති සුහද සම්බන්ධයයි.පොලිස් දෙපාර්තුමේන්තුවේ දර්ශනය විය යුත්තේ,"හොදට හොදයි, නරකට නරකයි". (නි)
තේ බීව කියල නිදිමත යනවද? මතට තිත තියනකම් ඔහොම තමා. (නි)
හැම පොලිසියකින්ම මේ වගේ දේවල් කරනවා නම් කොච්චර හොදද? (නි)
ඉතා අගය කළ යුතු ක්‍රියාවක්..... (නි)
හැමෝම බිව්වාද ? කවුරුත් කිවුවේ නැද්ද රාළහාමි, අපිට ටි එපා, ප්ලේන්ටි හොදයි කියලා? (නි)
පොලිසියෙන් කළ විශීෂ්ට ක්‍රියාවක්! (නි)
ඇත්තටම ඒක හොද වැඩක්. අපි ඒක අගයකරනවා (නි)
රන්ජනී, තේ බිවුවහම නිදිමත අඩු වෙනවා, ඒක වෛද්‍ය විද්‍යාත්මකව ඔප්පු කල දෙයක්. (නි)
තේ කොළ, සීනි ගන්න මුදල් කොයින්ද ? (නි)
කාලෙකට පස්සේ පොලිසිය ගැන හොදක් අහන්න ලැබුනේ.(නදී)
ඔව් තේ බීවා කියල නිදිමත යන්නේ නැහැ. ඒක ඇත්ත.නිදිමත කෙනා නිදා ගන්නේ ඕනෑ.වාහන එලවන්නේ නැතුව , වෙනකෙනෙක්ට දෙන්න ඕනෑ.නිදිමත කෙනා වාහනය අයින් කරලා නිදා ගන්න එක හොදයි (නි)
මගේ මතය නම් තේ බොනවට වැඩිය නීතියක් ගෙනෙන්න ඕනෑ. ලංකාවේ දුර බස් ධාවනය කරන රියැදුරු එකදිගට දවස් දෙක තුන බසය පදවනවා, නිදිමරාගෙන. ඒවා තමයි රියදුරන්ට මාරක අනතුරුවලට මුල. නීති ගෙනෙන්න ඕනෑ පැය 8 රිය ධාවනයේ යෙදුනොත් අනිත් පැය 8 නිවාඩු ගතයුතුයි කියා (නි)
රිය පැදවීමේ ඒකාකාරී බවින් මිදී, වහනය නවතා එලියට බැස ටිකක් එහා මෙහා ඇවිදීමත් හොඳය. එවිටත් නිදිමත තරමක් අඩුවෙනවා (නි)
රංජනී නම් ජීවිතෙට වාහනයක එළවලා නැහැ වගේ. නැත්නම් "තේ බීවා කියල නිදිමත යනවද?" කියලා අහයිද? හැමදේකම වැරදි පැත්තම දකින කෙනෙක් වගේ.. ;) (නි)
ඉතා හොද දෙයක්. අගේ කළ යුතු වැඩක්. (නි)
කොච්චර කාලෙකටද ඔය වැඩේ කරන්න හිතාගෙන ඉන්නේ? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)
තමන් කරපු සමහර ඒවගේ පවු ගෙවෙන්නත් එක්ක මේ වගේ වැඩ ටික ටික හරි කරන එක හොදයි (නි)
ඒ වගේ වැඩ සටහන් නම් රියදුරෙක් හැටියට මමත් අගය කරනවා. ඒත්......? පස්සේ ඒකත් බිස්නස් එකක් වෙයිද දන්නේ නැහැ. (නි)
ගොඩක් සතුටු වෙයි අරක්කු ටිකක් බයිට් එකක් එක්ක දුන්නා නම් (නි)
නසීලන්තයේත් මෙවැනි දේ කරනවා. බණ්ඩාරගම පොලිසියට මල්මිටක් (නි)
මෝඩ විහිළු.(නදී)
මෙය ඉතාම හොඳ ක්‍රියාවක්. තේ දීමේදී හිතවත්කම ගොඩනැගෙනවා. අත්‍රම සියලුම පොලිසි වලට ව්‍යාප්ත කළ හැකිනම් ඉතාම හොඳයි (නි)
ඔය ගමන්ම බැලුමත් පුම්බන්න දුන්නා නම් වැඩ දෙකම එකපාර කෙරෙනවා. (නි)
අගේ කළ යුතු වැඩක් (නි)
ඇත්තටම දැන් පොලිසිය ගැන අහන ඒවා බැලුවහම මේ වැඩේ අගය කරන්න ඕනෑ (නි)
නිදිමත වෙලාවට රියදුරෝ කළ යුතු දේ දන්නවා (නි)
මේ බණ්ඩාරගම පොලිසියේ යහපත් හා නුවණක්කාර ක්‍රියාවක්. ඒකෙ ඇද පලුදු සොයන එක නොවෙයි අප කලයුත්තේ. හොඳ දේ කවුරු කළත් එය නිහතමානීව අගේ කළයුතුයි."ශ්‍රී සද්ධර්මයේ සඳහන් වෙන්නේ කරන එක හොඳ දෙය හෝ පසසන්න කියා. (නි)
මේවට බර පැන දැරුවේ පොලිසියද? නැත්නම් ගමේ පොඩි කඩ හිමියෝද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)