සුගතදාස පිටියේදී දැන් පැවැත්වෙන යුද හමුදා ස්වේච්ඡුා බල සේනා මලල කී‍්‍රඩා තරගාවලියේදී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වේ නව ශ්‍රී ලංකා වාර්තාවක් (මීටර 60.64) පිහිටු වීමට නදීකා ලක්මාලි සමත් වූවාය.
යුද හමුදා කාන්තා බලකායේ සාජන් මේජර්වරියක් වන ඇය මීට දින 10කට පෙරත් ඉන්දියාවේ ‘පුනේ’ නගරයේදී හෙල්ල විසි කිරීම (කාන්තා) ඉසව්වෙන් නව ශ්‍රී ලංකා වාර්තාවක් පිහිට වූයේ එහි පැවති 20 වැනි ආසියානු ශූරතා මලල කී‍්‍රඩා ශූරතාවලියේදී රිදී පදක්කමක් දිනා ගැනීමෙනි.
මෙම දස්කමත් සමග ඇය ලබන අගෝස්තු 10 වැනිදා රුසියාවේ ‘මොස්කව්’ නගරයේදී ආරම්භ වන ලෝක මලල කී‍්‍රඩා හූරතාවලියටද සුදුසුකම් ලබා ගත්තේය.
මෙම ඉසව්වේ ලෝක ශුරතා මට්ටම වන්නේ ‘බී’ හේ‍්‍රණියෙන් ඕවර 60.00කි. ‘එ’ හේ‍්‍රණියෙන් මීටර 62.00කි. මේ වන විට මොස්කව් ලෝක මලල කී‍්‍රඩා ශූරතාවලියට සුදුසුකම් ලබා සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩිකාවන් ගණන දෙකකි.
අනෙත් ශ්‍රී ලංකා කී‍්‍රඩිකාව වන්නේ මීටර 400 කඩුලූ පැනීමේ ශූරිය වන දැනට ඇමරිකාවේ පදිංචි කි‍්‍රෂ්ටීන් සොනාලි මෙරිල්ය. ශ්‍රී ලංකා සහය දිවීමේ පිරිමි කණ්ඩායමද (මීටර 4ඞ400* මේ වන විට මොස්කව් ලෝක තරගාවලියට ‘බී’ ශ්‍රේනියෙන් සුදුසුකම් ලබා සිටියි.
නදීකා ලක්මාලි වසර 2008 ‘බීජින්’හීදී පැවති ඔලිම්පික් උළෙලටද සුදුසුකම් ලබා ගත්තේ යුද හමුදා ස්වේච්ඡුා සේවා තරගාවලියේදී වීම කැලී පෙනේ. ඇය ආසියානු ශූරතා සාක් කී‍්‍රඩා ඇතුළු අන්තර් ජාතික තරග කිහිපයකදී පදක්කම් දිනා ගත් ප‍්‍රවීන කී‍්‍රඩිකාවකි.
හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැර හැර තිබුණේයැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහ
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපතිව සිටි සාලිය වික්‍රමසූරිය මහතා ඉල්ලා අස්වී ඇත.
ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ආර්ථිකය ගොඩනැගීම වෙනුවෙන් චීන රජයේ සහයෝගය ලබාදෙන බව මෙරට චීන තානාපති Qi Zhenhong මහතා පැවසීය.
රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් ෙලස විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබව
පැරණි ක්‍රමවේදය අනුව වීසා ලබා ගැනීමේ හැකියාව අද මැදියම් රැයේ සිට සියලුම විදේශිකයන්ට හිමිවන බවත් මහජන ආරක්ෂක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
නදීකා ලක්මාලි හෙල්ල විසි කිරීමේ නව ශී‍්‍ර ලංකා වාර්තාවක් පිහිටුවයි
පහන් Thursday, 18 July 2013 12:53 PM
තව මීටර දෙකක් විසිකරන්න පුලුවන්නම් රන් පදක්කම නදීකා අතේ. යෝධ බලය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි (නි)
දසුන් Thursday, 18 July 2013 01:06 PM
ඔබට දෙවි රැකවරණයි අක්කේ. ඔබ ඔලිම්පික්වත් යන්න කොහොම හරි (නි)
අනුර Thursday, 18 July 2013 10:52 AM
නදීකා ඔබට සුභපැතුම්.(නදී)
සමන්ත Thursday, 18 July 2013 03:06 PM
ඔබට සුබ පැතුම්.ඔය කටින් බතල කොළ හිටවන ඇමතිවරුන්ටත් එයාලගේ ගෝලයන්ටත් ඔය විදියට ක්‍රියාවෙන්ම උත්තර දෙන්න.ඔයාගේ අනාගතය ඉතාම පැහැදිලියි.ජයවේවා (අ)
අනුර Thursday, 18 July 2013 11:24 AM
දුවේ නුඹට බුදුසරණයි! දෙවි පිහිටයි! (නි)
සුජාතා Thursday, 18 July 2013 04:50 PM
ඔබට තව තවත් ඉදිරියට යාමට සුභ පැතුම්! (නි)