අතීතයේදීත් දිඝවාපී දාගැබ නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුවී තිබෙන බවත් ඉතිහාසයේ යුග දෙකක දී මෙම දාගැබේ ඉදිරිම් කර තිබෙනවට මෙහි ඉදිකිරීම් කර ඇති ආකාරයෙන් දක්නට ඇතැයි නැගෙනහිර පළාත් පුරා විද්‍යා සහකාර අධ්‍යක්ෂ ඩබ්ලිව්.එම්.ඒ සුමනදාස මහතා කියයි. දාගැබේ මුදුණේ පස් අතර තිබී යටත් විජිත යුගයේ කාසි විශාල සංඛ්‍යාවක් හමුව තිබේ. දාගැබේ වයඹ සහ බටහිර කොටස් කැණීම් කළ ස්ථානයේ නිදන් හොරුන් හාරා විනාශ කළ ස්ථාන රාශියක් දන්නට ලැබෙන බව ද සුමනසිරි මහතා පෙන්වා දෙයි. දාගැබේ මැද කොටසේ පස් හා ගඩොල් කැබලි දමා ගොඩ කරන ලද ස්ථානයක් දක්නට ඇතැයි ද කියයි. එහි ගැඹුර අඩි 25කි. විශ්කම්භය අඩි 60කි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව ටිකක් හාරගෙන ගියොත් ආදිකාලේ භාවිත කරපු බුල්ඩෝසර්, ඉඩම් රාජ සනනස් පත්‍ර, සැණකෙළි පවත්වන්න සහ තහනම් කරන්න නිකුත් කළ මහා අදිකාරම්වරුන්ගේ වරදාන පත්‍ර ආදී දේවල් එහෙමත් හම්බවෙන්න පුළුවන්. (නි)
මේ රතු පස් ගොඩවල් රකිනවට වඩා අර රතු පස්වල ඉන්න අහිංසක ජනතාවට පානීය ජලය ලබාදුන්නොත් ගොඩක් පින්. (අ)
මිනිස්සුන්ට ජීවන බර පැටවෙනකොට තව තව දේවල් කරාවි (නි)
මේවා හාරල ගොඩට අරන් මිනිසුන් මොකද කරන්නේ ? සිංහලයිනේ ..? පුරාණේ වීර සිංහල රජවරු රටේ ඉදිරිය හා මතු පරපුරේ පැවැත්ම , සෞභාග්‍ය, ආරක්ෂාව ගැන හොදින් හිතා බලා කල ඉදි කිරීම් මේ. මේවා විනාශ කරන්නේ ඇයි? දෙවියනේ අතීතෙ ඕවා ඉදිකළ අපේ රජවරු මැරුණ තැන්වල ඉදන් ඔබලාට ශාප කරාවි. රටක වටිනාකම වැඩි වෙන්නේ ඕවා රැකුනොත් මිස ඕවා විනාශ කලාම නෙමෙයි (නි)
ඔය කොයි අයියලත් කරන්නේ මෙහෙම වැඩ තමයි ඉතින් (නි)
බුද්ධ ශාසන අමාත්‍යංශයෙන් කිසියම් ප්‍රතිපාදනයක් වෙන් කර මෙවැනි පෞරාණික දෑ ආරක්ෂා කළයුතුව ඇත. (නි)
හැමදාම නිදන් හොරුන්ගෙන් මෙවන ස්ථාන රකින්න හොද වැඩපිළිවෙලක් තියෙනවා. රටපුරාම තියෙන ප්‍රධාන පුජනිය ස්ථානවල මෙවන් ස්ථාන රකින්න අරමුදලක් පිහිටුවා බැතිමතුන්ට ආධාර කිරීමට සැලසුවහොත් එම මුදලින් මෙම ස්ථාන රකින්න හොද අරක්ෂකයන් යොදවා රැකියා අවස්ථාද ඇතිකල හැකි ලොකු පින්කමක්ද කළහැකිය. (නි)
මෙපමණ මහන්සි වෙලා මේවා හාරලා කීයක් හොයා ගන්නද? අර සුදාලා,මේ සුදාලා කරන දේවල් කළා නම් රජෙක් වගේ ජීවත් වෙන්න පුළුවන්නේ (නි)
නිමල්, අනේ මට සමාවෙන්න සිත් දුක්වූවා නම්. මම අදහස් කලේ ජනයා රැකිලා ඉන්න ඕනෑ මේ දේවල් රකින්න කියලා. එහෙම නේද ? (නි)
අතීත මුතුන් මිත්තෝ විසින් ශාද්‍රවෙන් ඉදිකරපු පුජනිය සහ අනාගත පරපුර දායාද කරපු මෙවන් දේවල් විනාශ කරන මිනිස්සු කොහාටද යන්නේ? නිදන් හොරුනේ මේවායේ නිදන් වස්තුව නැත. ශ්‍රද්ධාවෙන් යුතුව වන්දනාමාන කරන්න. එවිට ඔබට නිධානය ලැබෙනු ඇත. සංසාර මග කෙටිකර ගන්න අමාමහ නිවන් අවබෝධ කර ගන්න. එයයි බෞද්ධයාගේ නිධානය...... (නි)
අරුමුගම් නමින්, මොනවට මේ දේවල් ගැන වද වෙනවද මන්දා යනුවෙන් අදහස් ප්‍රකාශ කර ඇත්තේ සිංහල දෙමල අදහස් ගැටීමක් ඇතිකිරීමට බලපොරොත්තුවෙන්ද? නැත්නම් ඇත්තටම ජාතිවාදී හැගීමෙන්ද? (නි)
වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව ? (නි)
හරියට නීතිය ක්‍රියාත්මක වෙනවනම් ඕවා අඩු වෙනවා (නි)
ආරුමුගම් , එහෙනම් අපි ඉස්සෙල්ලාම මොකද කරන්නේ රට සංවර්දනය කරන්න ? (නි)
මොනවට මේ දේවල් ගැන වදවෙනවද මන්දා, රටේ සංවර්දනය කරන්න හා විසදන්න මෙච්චර දේවල් තියෙනකොට.(නිවස ප්‍රශ්න,සෞඛ්‍ය,පිරිසිදු වතුර,රක්ෂා ) (නි)
ඒකත් එහෙම නම් කමක්නෑ වගේ මොකද අතීතය වැමෑරීමට සිංහලයෝ කොහොමත් කැමතියි නේ.(නදී)
දැන් දිඝවාපිය පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සංසංරක්ෂණය කරනවා. ඒක නිසා එය සුරක්ෂිතයි. මේ අතිතයේ සිදුවුන සිදු විමක කියන්නේ නමුත් අදත් දාගැබ් සොයා විනාශ කරන අය ඉන්නවා ඒ ගැන සැලකිලිමත් විය යුතුයි.(නදී)
බුදුන් වහන්සේගේ ලංකා ගමන් පිළිබඳව ..".මහියංගනං , නාගදීපන් ,කල්යානං,පද ලාංචනන් ,දිවා ගුහාන් ,දීඝවාපී ,චෙතියන්ච මුතින්ගණන් .". අපි පාසල් යනකාලයේ වන්දනා කල ගාථාවක් .බුදුන් වහන්සේගේ ලංකා ගමනයේදී ,අර්හත් 500ක් පිරිවර සමග පැමිණ දීඝවාපියේ භාවනානුයෝගීව වැඩ වාසය කල බව මහා වංසයේ සඳහන් වෙනවා. කිනම් ආගමිකයන් හෝ අදහහන ආගමික සිද්ධස්ථාන ,විනාශ කිරීම හෝ මංකොල්ල කැම දියුණු ශිෂ්ටාචාරයේ නොහොබිනා වැඩ. බුද්ධ ශාසන අමාත්‍යාංශය කාරුණික අවධානය යොමුකර , නිධන් හොරුන් ගෙන් ආරක්ෂා කරත්වා !!! (නි)
සෞදි ශාන්,ඔබගේ අදහස් ඉතාමත් වටිනවා.වාස් ගුනවර්දන මහතාවම වුවමනා නැහැ. ඒ වගේම ස්වේච්ඡාවෙන් මෙම දාගැබ් වහන්සේ ආරක්ෂා කිරීමට අය ඉදිරිපත් වේවි. දේශපාලන ලිපි ගෙනෙන අයව නම් ගන්න හොඳ නැහැ.මෙවැනි පුජනිය ස්ථානයන් රැක ගැනීම සඳහා විහාරාදිපති වහන්සේගේ අනුශාසකත්වයෙන් කණ්ඩායම් පිහිටවිය යුතුයි. (නි)
අපේ උරුමයන් අපි රැකගත යුතුයි (නි)
මේ සදහා ඉක්මන් විසදුමක් අවශ්‍යයි (නි)
අනේ රටකට ගිය කලක් (නි)
හැබැයි ඒ දවස්වල දීඝවාපි බිමේ සැණකෙළි, උග්සව පවත්වන්න නම් නැතුව ඇති (නි)
නිර්භීත දක්ෂ නිළධාරින් නැගෙනහිරට පත්කරන්න පුළුවන් නම් හොදයි. (නි)
මේ පුජණිය ස්ථාන වලට හමුදා අනුඛණ්ඩයක් ගානේ වත් පිහිටවන්න අඩු තරමේ 10 විතරවත් ඉන්න මේක මෙහෙම ගියොත් සියලුම විහාර මන්දිර මුන් විනාශ කරනවා අනෙක මේවට අල්ලන වුණ්ට මරණ දඩුවම නියම කරන්න ඕනේ එවිට අනෙක් ය කරන බය වෙනවා නැත්නම් ඉතින් 89 වගේ ඇත්නම විසදලා දාන්න ජාතියත් දේශයත් ආගමත් රකින්න සිල් රෙදි පොරෝගන බෑ මොකද මේවා කරන්නේ හොද අය නෙවේනේ මේ අයගෙන් බෝ වෙන්නෙත් නරක දරුවෝ එක නිසා මුලින්ම සුද්ද කරලා දන ඕනේ ජාති නිල තල බලපුලුවන් කර කම් පෙත්ටක තියල නැති නම් ලගදීම කියයි රුවන්වැලි සැයත් හැරලා කියල මේ වගේ වෙලාවට හිතෙනවා වාස් මහත්තය එලියට දානවනම් හොදය කියල නැගෙනහිරට පොලිස් පති කරලා මොන කෙනා උනත් ඕනවට වඩා හුරතල් කරන්න හොද නෑ (අ)
සියලුම පුර විද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ප්‍රතිසංස්කරණය ඉතා හොඳ වැඩක්. නැගෙනහිර අපේ අතීතය නැවත ගොඩනැගිය යුතු අතර ඒවා පොෂණය සඳහා නව සිංහල ජනාවාස ඇති කල උතු බව මගේ අදහසයි.(අ)
කොයිතරම් දියුණු තාක්ෂණයක්ද එදා දවස පැවතී ඇත්තේ. නිර්මාණ කඩා බිද දැමිම සම්බන්ධව නම් දැඩිව නීති පැනවිය යුතුයි. (ස)
මේ පෞරාණික සම්පත් විනාශ කළ අයට නම් දැඩි දඬුවම් දිය යුතුයි. මේක මහා අපරාධයක්.(ස)
නිදන් හාරා මොනවත් ලැබුනයි කියලා නම් අහන්න නැහැ. මේවා විනාශ කිරීමක් පමණයි අහන්න දකින්න ලැබෙන්නේ. මේක නම් මුලාවේ වැටිමක්.(ස)
භාග්‍යවත් ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ නිය ධාතුන් වහන්සේ වැඩ සිටින දීගවාපි සෑ රජුන්ට මාගේ නමස්කාරය වේවා. නමෝ බුද්ධාය (අ)