අනුරාධපුරයේ පණ්ඩුකාභයපුර නිවසක නිධානයක් ගැනීමට ගේ ඇතුළේ අඩි 12ක වළක් කපා අඩි තුන හමාරක දෝනාවක බැස සිටිය දී පොලිසිය වැටලීමක් කළේය.
55 හැවිරිදි වැන්දඹුවක ද, 52 හැවිරිදි පිරිමියෙක් ද සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුන් පොලිසියට පවසා ඇත්තේ වැන්දඹුවගේ මිය ගිය සැමියා ගෙයි ඇති බව හීනෙන් කී බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් තමන්ගේ ගෙදර තමන්ට හාරන්න බැරිද? (නි)
රූපවති නංගියව මතක් උනා..එයත් වලක් හැරුව කලකට ඉහත...ඒකට මොකද දන්නේ නැහැ උනේ.(නදී)
අනුරාධපුරේ මෝඩ මිනිස්සුන්ව ගොනාට අන්දන කට්ටඩියෙක් ඉන්න බව නම් තේරෙනවා. (නි)
ඔය හාරන තරමට නිදන් සමුවෙනවාද ? ඔය නිදන් කතා සත්‍යක්ද ? නිදන් හාරා පොහොසත් උන අය ලංකාවේ සිටිනවද ? මේවා මනක්කල්පිතද ? අපිව දැනුවත් කරන්න ලංකාදීපය මගින් (නදී)
අනිත් අයට හාරන්න හොඳ නම් ඇයි තමන්ගේ ගෙදර බැරි ? (නදී)
හෙට අනිද්දා වන විට ගෙදරක වැසිකිළි වළක් හාරන්නට වුණත් අවසර ගන්නට කාලයක් එනවා.මෙම හාරන සැටියට සහ අල්ලන සැටියට (නි)
පොලිසියට වැරදිලා. මේ නිධානයක් හොයල නෙවෙයිනේ .''වැන්දඹුවගේ මියගිය සැමියා ගෙයි ඇති බව හීනෙන් කි බවයි .''වැන්දඹුවගේ මියගිය සැමියා හොයලා තියෙන්නේ.(නදී)
ඉතින් තමන්ගේම ගෙයනේ... (නි)
ඉදිරි කාලයේදී අනුරාධපුරයේ ඉඩම් මැණික් පතල් ඉඩම් ගානට ගණන් යනවා. අපේ පැරණි රජවරු ද්‍රවිඩ ආක්‍රමණ නිසා නගරය අත්හැර යනවිට තමන් සතු බොහෝ වටිනා දේවල් පොළව යට සඟවා තබන්න ඇති. මේක දැනගත් මිනිස්සු මේ නගරයේ ඉඩකඩම් අරගෙන තමන්ගේ වත්ත කියා දිගට හරහට හාරයිද දන්නෙ නැහැ. මේවා රැකදෙන්න දෙවිවරුත් දැන් නැහැ. (නි)
තමන්ගේ ගේ ඇතුලේ වළක් හාරන එක නීතිවිරෝධීද කියන එක මම නම් දන්නේ නැහැ. නමුත්, තමුන්ගේ වත්තේ වළක් හාරලා පොළව යට තියන නිධානයක් ගත්තම මොකද වෙන්නේ? ඒක නීතිවිරෝධී නම්, මැණික් ගරන එකත් නීතිවිරෝධී වෙන්න ඕනෑනේ. (නි)
අනේ අපේ මිනිස්සු! (නි)
මේවා දකිනකොට හිතෙන්නේ ලෝක විනාශය ආරම්භ වන්නේ ශ්‍රී ලංකාවෙන් කියලා (නි)
ඉස්සර ගෙවල් හදන කොට අත්තිවාරමට සහ මුදුන් යටලී යට නොයෙක් දේවල් අඩංගු මුට්ටි තැන්පත් කරන සිරිතක් තිබුණා. මට තනියම සොල්දරයට ගිහින් වහලේ මුදුන් යටලීයට නැග ගන්න පුළුවන් වුණ පළමු දවසෙම මම ඒ නිධානය සහිත මුට්ටිය අර ගත්තා.ඒකේ ගෙව්ඩ වගේ මැණික් සහ තඹ තහඩුවක ඇඳපු චිත්‍රයක් තිබුණා මට මතකයි. (ස)
සත්‍යයාගේ කතාව අනුව අනුරාධපුරයේ ඉඩම් ඉහල යනවා වගේ. යාපනය වන්නි ප්‍රදේශ වලත් මිනිස්සු යුද්ධය නිසා හිටපු පළාත අත්හැර යනවිට තම වටිනා රන් රිදී මුදල් බැඳ වළලා දමා ගොස් තිබෙනවා. එහෙත් ඉඩම් මිල ඉහල යාවි මේවා දැන ගත්තොත් නේද?? (ස)
තමන්ගේ නිවස ඇතුලේ හෝ වත්තේ වලවල් හාරන්න ඇති තහනම මොකක්ද?එයට නීතියෙන් අවසර ගතයතුද? කවුරු හෝ මෙහි නීතිමය පැත්ත පහදන්න. (නදී)