IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නිධන් හාරන්න ගිහින් ‘නයි ලණූව‘ කයි

අම්පාර හා නාමල්වැව අභයපුර ආසන්නයේ  බොඩ ගොල්ලේ මහ කැලේ  ගල් තලාවක්  දින හතරක් තිස්සසේ හාරමින් සිටි පිරිසක් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ  කාර්ය බළකාය කියයි.

 තිස්සමහාරාමයේ පදිංචිකරුවන් බව කියන ඔවුන් ළග මල් පහන් ,ඇසිඩ් ,ගෑස් සිලින්ඩර්, උදලු ද තිබු බවත්  අට දෙනකු සමග  කැබ් රියක් හා තවත් වාහනයක් අත්අඩංගුවට ගත්  බවත් පොලීසිය කියයි.

 නයෙකුගේ ලකුණක් ඔස්සේ ඔවුන් නිධන් හැරීමට ගොස් ඇත.

පොලිස් විශේෂ  කාර්ය බලකායේ අණ දෙන නිලධාරී නියෝජ්‍ය පොලිස් අධීකාරී ආර් ඩබ්ලිව් එම් සී රණවන මහතාගේ හෙයවීමෙන් වැටලීම සිදු විය.



අදහස් (0)

නිධන් හාරන්න ගිහින් ‘නයි ලණූව‘ කයි

මිලාන් Tuesday, 23 July 2013 11:29 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේකට සම්බන්ධ ගිහි අය පමණයිද? (නි)

:       0       0

චන්දි Monday, 22 July 2013 05:08 PM

මොකද ,නිල්මිනිගේ කට්ටියක්ද මේ වැඩේ කරේ,ඔයාගේ කොටස ලැබුණ නැති වුණ නිසාද ඔය හැටි දුක..? (අ)

:       0       0

අසේල ඕමානය Monday, 22 July 2013 05:22 PM

කට්ටියගෙම හොඳ වෙලාවක්ද කොහෙද? කවුද දන්නේ කොටි වලලපු බෝම්බවත් නිධානයක් වගේ පෙනුනද කියලා. (නි)

:       0       0

රොෂාන් සංජීව Tuesday, 23 July 2013 02:45 AM

ඇසිඩ් ගෙනත් තියෙන්නේ බහිරවයා ආවොත් බහිරව පූජාවට දෙන්න වෙන්න ඇති... (නි)

:       1       1

උපාලි Tuesday, 23 July 2013 05:19 AM

ඇසළ, ඒ අයගේ පින්තුර, ඒ කියන්නේ සමහරවිට මේවයේ පසුබිමේ ඉන්න අයගේ පින්තුර, හැමදාම වගේ පත්තරවලත් රුපවාහිනියේත් වැටෙනවා. වැඩේ තියෙන්නේ, අපි හිතන්නෙ නැහැ මේ ඒ කට්ටියට අයිති අය කියල. කොහොම හිතන්නද, නේද?(නදී)

:       0       0

ටෙනිසන් Tuesday, 23 July 2013 06:34 AM

සම්සුදීන්,පන්සල් වලින් නිධන් හංගලා නැහැ. නමුත් හංගපු අය ඒ අහල පහල රැකවරණය පතා කෝවිලක් ,දේවාලයක් නැත්නම් පන්සලක් ගොඩ නැගුවා. තව දෙයක් නිධන් මොනවම හරි වටිනා වස්තුනේ. ඕවා පොලව යට තිබිලා මොනවා කරන්නද? හොරුන්ට කන්න නොදී නීත්‍යනුකූල විදියකට මේවා ගොඩ අරගන රටේ වත්කම් වලට එකතු කළා නම් ඉවරනේ. (නි)

:       0       1

සමන් Wednesday, 24 July 2013 05:58 AM

කෝ අර මේ දේවල් අන්‍ය ආගමිකයන්ගේ ගිණුමට බැර කරන කට්ටිය? දාගැබ් , පන්සල්, බුදුපිළිම විනාස කරන්න ඒ අයට කිසිම අවශ්‍යතාවයක් නැහැ. පේනවා නේද කවුද වගකියන්න ඕනේ කියල? හැබැයි සමහර අයගේ වැඩේ මේ දේවල් ඒ ඒ ගිනුම් වලට බැර කිරීමයි.(නදී)

:       0       0

සම්සුදීන් Monday, 22 July 2013 06:51 PM

බෞද්ධයන්ගේ නිදන් වස්තු බෞද්ධයන්ම හොරකම් කරන එක කොච්චර වැරදිද? මේවා අල්ලන්න වෙනම අලුත් සේනාවක් හදන්න වෙයි මෙහෙම බලද්දී (නි)

:       0       0

අහමඩ් Monday, 22 July 2013 06:52 PM

මෙහෙම ගියොත් තව ඉස්සරහට මොනවා වෙයිද දන්නෙ නැහැ (නි)

:       0       0

නුවන් Monday, 22 July 2013 07:03 PM

මේ ‍ගොඩදාන විදියට තවත් ඉතුරුවෙලා තියෙනවද හාරන්න? (නි)

:       0       0

චන්ද්‍ර වීරසිංහ Tuesday, 23 July 2013 07:46 AM

සම්සුදීන්ලගේ පුරසාරම් නිසා නොවෙන්න තිබෙන දේවලුත් වෙන්න පුළුවන් (නි)

:       0       0

අනිල් Monday, 22 July 2013 07:12 PM

ලංකාව ජිවත්වීමට ආර්ථිකය අමාරු මිනිස්සු මේ ව‍ගේ හොර වැඩකරන්න පෙලඹෙනවා (නි)

:       0       0

ඇසළ Monday, 22 July 2013 07:19 PM

මේවා හාරන අයගේ පින්තූර ප්‍රසිද්ධ කරන්න ඕනේ පත්තර සහ රූපවාහිනියෙන් සියලු දෙනාටම දැන ගන්න. එතකොට වත් නවතීද කියල බලන්න.(නදී)

:       0       0

මිලාන් Tuesday, 23 July 2013 08:34 AM

බලන්න ඕකට අර කට්ටියත් ඉන්නවද කියලා. අර කොස්තාපල් එක්ක නිදන් හාරපු අය?(නදී)

:       0       0

සුසන්ත Tuesday, 23 July 2013 01:53 PM

හැමදේටම බොදු බල සේනාව ගාව ගන්න එපා. මේක අපේ රට. ආගම ප්‍රශ්නයක් කර ගන්න එපා. අපි දැන ගන්න ඕනෑ අපේ රට ආරක්ෂා කර ගන්න. හැමවෙලේම ගුප්ත විදියට හිතන්න පුරුදු වෙන්න එපා. කවුරු මැරුණත් මේ පොලවට තමයි පස් වෙන්නේ. පොඩ්ඩක් හොද මනසින් හිතන්න. (නි)

:       0       0

පිටිගල Monday, 22 July 2013 07:57 PM

මේ ගොල්ලන්ට දැන් අර වැඩි කල දඩ මුදල් ගෙවන්ඩ වේවිද? එහෙම නැත්නම් ඒක ක්‍රියාත්මක වෙන්නේ 2024 ඉඳලාද? මම මේ නොදන්නා නිසා අහන්නේ.(නදී)

:       0       0

රවිදු Tuesday, 23 July 2013 09:06 AM

අර කැබ් එකේ ගිය කට්ටිය ගැන ආරංචියක් නැද්ද? (නි)

:       0       0

සජීව Monday, 22 July 2013 08:39 PM

සම්සුදීන්, හැමදේටම සේනාව ගාව ගන්න එපා. මේක අපේ රට. අපි ඒක රැකගන්න ඕනා. ඒ නිසයි බොදුබල සේනාව ඉස්සරහට ආවේ. එක සේනාවක් නෙමෙයි සේනා 100 ක් වුනත් හදාගන්න අපි ලෑස්තියි. (නදී)

:       0       0

ගාමිණී-සිරි Monday, 22 July 2013 09:08 PM

නයා,කිඹුලා,කුකුල් අඩිය,ගෙම්බා, ආදී සලකුණු ඇති ස්ථානවල පරණ නිධන් වස්තු ඇති බව විශ්වාශ කරන අතර,පරණ පුස්කොල පොත් වල ඇති විස්තර අධ්‍යයනය කොට පුරා විද්‍යා දෙපාර්ත මේන්තුව මගින් මෙම නිධන් වස්තු ගොඩ ගැනීමට වහා පිය වර ගැනීම සිදු කල යුතුයි. පුරා විද්‍යා ඇමති තුමාගේ කාරුනික අවධානය යොමු වේවා! (අ)

:       0       0

ෂෙරිෆ් Monday, 22 July 2013 09:54 PM

හැමෝම අවදියෙන් ඉන්නේ වර්තමාන ලංකාවේ ගවයාට මොකද වෙන්නේ කියල, නිධන් හොරු ජයටම වැඩ...(අ)

:       0       0

විජේ Monday, 22 July 2013 09:58 PM

අයියෝ ඇසල නිදන් හාරන අයගේ පින්තුර කොච්චරනම් දවස ගානේ පත්තරවල දානවද. රුපවාහිනියේ පෙන්වනවද. ඕව රහස් නෙමෙයි. මට පුදුම තවත් නිදන් ලංකාවේ ඉතුරුවෙලා තියෙනවද කියලයි. අනේ දෙවියනේ මෙහෙම පුරාවස්තු විනාශයක් කාලිංග මාගගේ කාලෙදිවත් උනේ නැතුව ඇති. ඔය බොරුවට පාරවල් ගානේ කෑගහන අය මේවා ගැන නිහඩව ඉන්නේ ඉතිහාසය විනාස වෙලා වලපල්ලට යනකම් වෙන්න ඇති නේද ? මේවා කරන අයටත් කරවන අයටත් හොදක් නම් වෙන්න එපා. පිස්සු හැදිලා පාරක් පාරක් ගානේ ඇවිදගෙන යන්න සිද්ද වෙන්න ඕන. (අ)

:       0       0

රොහාන් Monday, 22 July 2013 10:08 PM

අයියෝ ඕක මොකක්ද තව කොච්චර ඉන්නවාද (අ)

:       0       0

අචිනි Tuesday, 23 July 2013 10:36 AM

මේවා අපිට අයිති දේවල් අනිත් අය හෑරුවොත් දඩුවම් දෙන්න ඕනේ.(නදී)

:       0       0

ලුම්බිණි Monday, 22 July 2013 04:29 PM

මේ අතරේ හමුදාවෙන් පලා ගිය අයත් ඉන්නවද? (අ)

:       0       0

නිල්මිණි Monday, 22 July 2013 04:39 PM

අයියෝ ! මෙච්චරත් හාරලා තව ටිකනේ තිබිලා තියෙන්නේ (නි)

:       0       0

ලාල් Monday, 22 July 2013 04:46 PM

මැණික් හොයන්නෙත් ඔය විදිහට නේද ? එතකොට ඒවා ......? (නි)

:       0       0

විමලසේන හ.ද. Monday, 22 July 2013 04:52 PM

හමුදාවෙන් පැනගිය අය පමණක් නෙමෙයි දැන් බහුතරය ගැන අපේ විශ්වාසය නැතිවෙලා ඉවරයි (නි)

:       0       0

විමල් Wednesday, 24 July 2013 11:05 AM

පුරා විද්‍යා දෙයපර්තමෙතුව මිට වඩා ජනතාව දැනුවත් කරන්න ඕනා නිදන් ගල් ඇතුලේ හංගන්න බෑ කියලා. අනිත් කාරණය හංගපු කෙනා ලකුණක් සටහන් කරනවද?(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 1774 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1123 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2051 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 511 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2943 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37168 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24478 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 188 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 624 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site