මොරටුව අලුත් පාලමෙන් මිනිහෙක් ගඟට පැන්නේය. මිනිස්සු කළබල වූහ. වටින් ගොඩින් ආ පිරිස පාලමේ පදික වේදිකා දෙකටම ගොඩ වී ගඟ දෙස බලා සිටියහ.
මොරටු මෝදර පොලිසිය ද ආවේය.
ගඟට පැන්න මිනිහා ගොඩ ගැනීමේ මං සොයන්නට විය.
මිනිහා ටික වේලාවකින් දියෙන් ගොඩට ආවේය.
ගඟට පැන්නේ ඇයි දැයි මිනිස්සු ඇසූහ. වතුර ටිකක් නාගන්න පැන්නායැයි ඔහු පිළිතුරු දුන්නේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහ පනින්න ඇත්තේ මැරෙන්න. වතුර ටිකක් පෙවෙන කොට බය උනාද දන්නේ නැහැ.(නදී)
මිනිහා ගොඩට ආවේ තල්ලු කරපු කෙනා හොයන්න.(නදී)
නන්නටත් අද ලය්සෝන් ගන්නට ඕනද රාළහාමි ......../// (දී)
දිලිනි හංසිකා කුමාරි උදාර ජීවිත පරිත්‍යාගයක් කල කෙනෙකුට අපහාස කිරීමේ උත්සාහයක යෙදීසිටි.(නදී)
නාන්නම ගියානම් කමක් නැ, මැරෙන්න පැනලා එක එපා වෙලා ගොඩට එනකොට පොලිස්සියව දැකලා හිතෙන්න ඇති '' මැරෙන්න ගියා සුරලොව ගියෙත්න දැන් ගොඩට එනකොට ගෙදර යන්නත් නැහැ'' කියල හිතිලා ඕවා කිවුවද දන්නේ නැහැ, හැමදාම මුස්පේන්තු පුවත් අහන එකේ මේවා අහල ටිකක් හිනාවත් වේවිනේ.(ස)
මම මොකුත් කියනේ නැහැ (දී)
අපේ කට්ටිය ඉතින් නාන්න යන කට්ටිය බේරා ගන්නවා මැරෙන්න යන කට්ටිය නාන්න ගිය කියනවා ? (ස)
මෙන්න මානව හිමිකම් කඩනවෝ!!! මේවාට නැද්ද ඔය මානව හිමිකම් ගැන උඩු බුරලන සංවිධානය, පෙනීසිටින්නේ. (නි)
අන්තිම මෝඩ වැඩක් මේ මිනිහා කරලා තියෙන්නේ. (නදී)
කටිට්ය නාලා වගේ.(නදී)
සර ගොයියා වගේ පොරක්. මෝදර පොලිසියේ කට්ටියට වෙලා තියෙන්නේ සරා ගොයියා පස්සේ දුවපු රිලහාමිට වෙච්චි දේ නේද?(නදී)
තණකොළ නැහැ ගම්මැද්දේ ඒකයි ගොඩටම ආවේ (නි)
තිරිසන් ජීවිතයට ආදරය කරන අය මිනිස් ජීවිත ගනන් ගන්නේ නැහැ.(නදී)
දෙයියෝ සාක්කි.(නදී)
තණකොළ ඩිංගක් කපන්න හිතුනා ගඟ මැදට යන්න.(නදී)
රටේ ලෝකේ වෙන දේවල් වල හැටියට නිදහසේ නාගන්නත් නෑ.(නදී)
ඔය වගේ දේවල් වීඩියෝ කරලා ඩ්‍රාමා එකක් වගේ පෙන්නන රුපවාහිනියේ කට්ටියට එන්න කිව්වට වෙලාවට ඇවිල්ල නැති නිසා ආයෙත් ගොඩට එන්න ඇති. එයාල ඇවිත් හරි කිව්වම ආයෙත් පනිවි.(නදී)
ඇදුම් පිටින්මද නාන්න හදලා තියෙන්නේ මෙයා.... " මමනම් ගගේ පනිනවා... හුස්ම ටිකක් හිර වෙනකොට ගොඩ පීනනවා.." (ස)
අල්ලාහ්... හිනා යන කතා නිව්ස් වලට දාන එකත් හොඳයි අප්පා...පොලිසියට ජොලියක් ඇති. (නදී)