රාජ්‍යතාන්ත‍්‍රික සම්බන්ධතා තහවුරු කර ගැනීම සඳහා පින්නවල අලි අනාථාගාරයෙහි සිටි පස් හැවිරිදි ‘‘ නන්දි ’’ නමැති අලි පැටවා නවසීලන්තයට තෑග්ගක් වශයෙන් යැවීම හෝ ඒ සම්බන්ධ කිසිදු පියවරක් නොගන්නා බවට නීතිපතිවරයා අධිකරණය හමුවේ පළකළ එකඟතාවය ලබන සැප්තැම්බර් 27 වැනිදා තෙක් ක‍්‍රියාත්මක වන පරිදි දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද (2) තීන්දු කළේය.
රතු දත්ත පොතටද ඇතුළත් දුර්ලභ ආසියානු අලි පරපුරකට අයත් පස් හැවිරිදි ‘‘ නන්දි ’’ අලි පැටවා නවසීලන්තයේ ඕක්ලන්ඩ් සත්ත්ව උද්‍යානයට තෑගි කිරීම තහනම් කරන ලෙස ඉල්ලා ගොනු කළ රිට් පෙත්සමක් අනුව දීපාලි විජේසුන්දර සහ ලලිත් ජයසූරිය යන විනිසුරුවෝ මෙම නියෝගය නිකුත් කළහ.
ධර්ම විජය පදනම , එහි සභාපතිවරයා , බෝධිරාජ පදනම , ඕමල්පේ සෝභිත හිමි , බෝවත්තේ ඉන්දරත්න හිමි ඇතුළු 18 ක් විසින් මෙම පෙත්සම ගොනු කර තිබිණි.
පොලිස්පති ,පොලිස් මූලස්ථානයේ අපරාධ අංශයේ අධ්‍යක්ෂ , වනජිවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු 41 දෙනෙකු පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කරනු ලැබ සිටිති.
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී
පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
‘නන්දිට රට යන්න තවමත් බෑ‘