IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නැන්දම්මා මරා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගනී

(සුරංග රාජනායක)

සිය වයෝවෘද්ධ නැන්දනියට තියුණු ආයුධ පහරදී ඝාතනය කළ ලේලියක තම බාල වයස්කාර දරු දෙදෙනො ප්‍රාණ ඇපයට ගෙන සිටියදී ගම්පොළ ඇත්ගාල පොලිස් නිලධාරීන් පැය දෙකහමාරක  පමණ උපක්‍රමශීලී මෙහෙයුමකින් බේරාගත් බව පොලිසිය කියයි.

ගම්පොළ උලපනේ ,උලපනේ වත්ත පදිංචි 78 හැවිරිදි එස්. ජෝති නැමැති පස් දරු මවක මෙසේ සිය ලේලිය අතින් මෙසේ ඝාතනය වී තිබේ.

ඝාතනයට ලක්වු කාන්තාවට හිමි නිවසේ තිස්දෙහැවිරිදි මෙම ලේලිය හා ඇගේ 7 හා 4 හැවිරිදි දියණියන් දෙදෙනා පමණක් සිට ඇති අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ දොළහට පමණ මෙම ඝාතනය සිදුවී ඇති බව පොලිසිය පවසයි.

යාපනයේ පදිංචිකාරියක වන මෙම සැකකාරිය විවාහයෙන් පසු උලපනේ වත්තට පදිංචියට පැමිණ ඇති අතර ඇගේ සැමියා වන  රැකියාව සඳහා යාපනයට ගොස් තිබුණි.

ඝාතනය වූ මව මාසයක පමණ කාලයක් අසනීපව එක්තැන්ව සිට තිබේ.

ඇගෙන් නිතරම කරදර බව පවසමින් ඇයට  ලේලිය තර්ජනය කරමින් සිට ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබිණ.

මියගිය කාන්තාවගේ එක් පුතෙකු ද මෙම නිවසට යාබදව  පදිංචිව සිටින අතර මහ රෑ ඇසුණ ශබ්දයකට ඔවුන් එම නිවස පරීක්ෂා කොට තිබේ.

තියුණු මන්නයකින් තම මව කපා කොටා තිබෙනවා දුටු පුතා ඇතුළු අසල්වැසියෝ ඒ පිළිබඳව පොලිසිය දැනුවත් කර ඇය රෝහල් ගත කර තිබේ.

උලපනේ වත්ත කන්දක් උඩ පිහිටි මෙම නිවසට පොලිසිය අලුයම එකට පමණ ළඟා වී ඇති අතර ඒ වන විට මෙම සැකකාර කාන්තාව දොර ජනෙල් වසා නැන්දැනිය කැපු කැත්ත දරු දෙදෙනාට එල්ල කොට කිසිවකුත් ලඟට නොඑන ලෙස තර්ජනය කරමින් සිට තිබේ.

දරුදෙදෙනාද කපා කොටා ඝාතනය කරන බව ඇය පැවසීම නිසා ඇත්ගාල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සෙණරත් කකුලන්දර මහතා යාපනයේ සිටින ඇගේ සැමියාට දුරකථන ඇමතුමක් දී සිදුවීම විස්තර කර බිරිඳට කතා කොට ඇය සංසුන් කරන ලෙස පවසා තිබේ.

මේ ආකාරයට පැය දෙක හමාරක් පමණ දැඩි උත්සාහයක් ගෙන ඇය මෙල්ල කර ඇගෙන් දරු දෙදෙනා බේරාගෙන ඇය අත්අඩංගුවට ගෙන තිබේ.

 



අදහස් (2)

නැන්දම්මා මරා දරු දෙදෙනාත් ප්‍රාණ ඇපයට ගනී

Thasmila Rithosha Sunday, 07 July 2024 04:21 PM

හිටපු LTTE කෙනෙක් වගේ...! 

:       7       23

Lalla Sunday, 07 July 2024 10:04 PM

මානසික රෝග තත්ත්වයක්...

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 975 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 324 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 225 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2287 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3187 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2282 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36908 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24348 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site