(රෝෂන් තුෂාර)
එල්.ටී.ටී.ඊ සංවිධානයේ පෝස්ට් (facebook)මුහුණු පොත සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බිඳී යන කරුණු සමාජගත කළේ යැයි කියන "නාමල් කුමාර" සැකකරු ලබන 23 වෙනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අද(21) නියෝග කළාය.
රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් එච්.එස්.කේ.ජේ .බණ්ඩාර මහතා කරන ලද පැමිණිල්ලක් අනුව රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය මගින් පැවරූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් පසුව මෙම නියෝගය නිකුත් කළාය.
සැකකරු මේ චෝදනාවට සමාන වරදක් කිරීම සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවත්,නාමල් කුමාර මෙම නඩුවේදා සැකකරුවකු ලෙස නම් කරන බැවින් ලබන විසි තුන්වෙනි දින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරන ලෙසද රහස් පොලීසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
අත්තනායක මුදියන්සේලාගේ නාමල් කුමාර යන සැකකරු ඔහුගේ නමින් , ඔහුගේ බිරිඳ හා බිරිඳගේ මවගේ නමින් මිලදී ගත් දුරකථන සිම්පත් භාවිතා කර පේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම් පවත්වාගෙන ගොස් ඇති බවත්,එමගින් එල්ටීටීඊ සංවිධානයේ දජ,ක්‍රියාකාරකම් ලාංචන හා වෙනත් තොරතුරු ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව බීදී යන ආකාරයේ පොස්ට් පලකර ඇති බවත්,ඔහුගේ නමින් හා වෙනත් අනුවර්ත නාම වලින් පවත්වාගෙන ගිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔහු විසින්ම හසුරුවා ඇති බවට විමර්ශනවලින් අනාවරණය වූ හෙයින් මෙම පැමිණිල්ල ගොනු කරන බවත් රහස් පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.
නාමල් කුමාරගේ බිරිඳ හා නැන්දනීය ප්‍රකාශයක් ලබාදී ඇති බවත් ඔවුන් පවසන පරිදි සිම්පත් සියල්ල පරිහරණය කිරීම නාමල් කුමරු විසින් සිදු කර ඇති බවත් පොලිසිය පැවසීය.
අන්තර්ජාල ආවේක්ෂණ තොරතුරු විමර්ශනය හා ෆේස්බුක් සමාජ ජාලා මෙහෙයවන සමාගම මගින් තොරතුරුැ කැඳවා සියලු සාක්ෂි රැස් කරගෙන ඇති බවද රහස් පොලිසිය වැඩිදුරටත් පැවසීය.
සැකකරු ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති බවට සාක්ෂි මගින් අනාවරණය වන හෙයින් මෙම පැමිණිල්ල ගොනු කරන බවද ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරන ලෙසද වැඩිදුරටත් ඉල්ලා සිටියේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන විසිතුන් වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මීගමුව බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කරමින් විමර්ශන විභාගය එතෙක් කල් තැබීය.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මහතා ඝාතනය කිරීම සඳහා මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ 2008 වසරේදී වුවත් නීතීපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව
චීන සමාගමකින් ආනයනය කළ කාබනික පොහොර නැවකට මුදල් ගෙවීමේ නිර්දේශ ලබාදෙමින් රජයට පාඩු කළේ යැයි කියන කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරය
මේ ආණ්ඩුව ඉතිහාසයේ වෙන කිසි දිනක නොවූ විරූ ආකාරයට කෙටි කාලයක් තුළ අප්‍රසාදයට පත්ව කුජීත වූ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චන්න ජයසුමන මහතා පැ
තරුණයකුට ක්‍රිකට් පොලු ඇතුළු පොලු වලින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවන්ට වරදකරුවන් වු මෝදර ප්‍රදේශයේ පුද්ගලයින් 07 දෙනෙකුගෙන් පස්දෙනකුට මරණීය දණ්ඩනය නිය
පළාත් පාලන මැතිවරණය (2025) සඳහා ඡන්ද පත්‍රිකා දෙකෝටි පනස්දෙලක්‍ෂ හයදහස් පන්සිය තිස්තුනක් (25,206,533) මුද්‍රණය කළ බවත් අධිකරණ කටයුතුවලින් පසුව ඡන්ද පත්‍රිකා හත
මහජන වැඩට තියෙන මුදල් තැන්පත් ගිණුම් වල රඳවා ගෙන සිටීම අපරාධයක් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට තමා පෙන්වා දුන් බව හිටපු ජනාධිපති රනිල්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
’’නාමල්’’ අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග
Perera Wednesday, 22 January 2025 05:51 AM
කස කාරයෝ එන්න පටන් අරන්, බෙර කාරයෝ නිලමෙලත් එහෙම ඔයා පස්සෙන් එයි.
Lelwala Wednesday, 22 January 2025 10:46 AM
රජවරු පාවාදිම, රට පවාදිම ඇත අතීතයේ සිට පැවතෙන්නක් අද වෙන තුරුත් එම ගෑවුනු පරම් පරාවලට සාපය බලපායි.