IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති

(අංජුල මහික වීරරත්න)

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර  මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම් ධුරයේ වැඩ බාරගෙන තෙදිනක් ගතවීමට පෙර නිමල් සිරිපාල ද සිල්වා සහ මහින්ද අමාරවීර අමාත්‍යවරු ප්‍රමුඛ පිරිසක් අද (8) පක්ෂ මූලස්ථානයේ දොරටු ඇරගෙන පැමිණ  වැඩ ආරම්භ කළහ.

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් ධුරයෙන් හා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපීම තහනම් කරමින් පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා නියෝජ්‍ය ලේකම්වරයාට කොළඹ අතිරේක දිසා විනිසුරු අනුර වික‍්‍රමසිංහ මහතා ඉකුත් 2 දා අතුරු තහනම් නියෝගයක්  නිකුත් කළ අතර දයාසිරි ජයසේකර මහතා ඉකුත් 5 වැනිදා ශ්‍රීලනිප මූලස්ථානය ඉදිරිපිටට පැමිණ වැඩ බාර ගත්තේ ඉන් අනතුරුවයි.

පක්ෂ මූලස්ථානයේ ඉබි අතුරු දමා වසා ඇති හෙයින් එළියේ සිට ලිපියට අත්සන් කොට වැඩ බාර ගන්නා බව දයාසිරි ජයසේකර මහතා එහිදී සඳහන් කළේය.

මේ අතර අද (8)දහවල් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලස්ථානයේ ඉබි යතුරු විවෘත  කොට එහි පැමිණි වරාය හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා,කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය  මහින්ද අමරවීර සහ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහත්වරු ප්‍රමුඛ පිරිසක් පක්ෂ කාර්යාලයේ සිට වැඩ ආරම්භ කළහ.

එහිදී අදහස් දක්වමින් කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලේකම්වරයෙක් මෙන්ම සභාපතිවරයෙක් නීත්‍යානුකූලව පත්වී තිබෙන අතර  නිමල් සිරිපාද සිල්වා සහ දුමින්ද දිසානායක එම තනතුර වල කටයුතු කරන බවයි.

පසුගිය දිනෙක පක්ෂ කාර්යාලය ඉදිරිපිට නීතියට පටහැනි කාර්යයක් කර තිබෙන බව කී අමරවීර මහතා  බාධාවකින් තොරව පක්ෂ කටයුතු කරගෙන යන්නට නිමල් සිරිපාල සිල්වාට සහ දුමින්ද දිසානායකට අධිකරණ  නියෝගයක් ලබා දී තිබෙන අතර පසුගිය දිනක පැමිණි කණ්ඩායමක් ඒ නියෝගය කඩ කර ඇතැයි කීය .

එම කණ්ඩායමට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීති පියවර ගන්නා බවත් නිමල් සිරිපාලගේ සහ දුමින්ද දිසානායකගේ තනතුරු වලට විරුද්ධව කිසිවකුත් මේ වන තෙක් අධිකරණයකට හෝ ගොස් නැති බවත්  අමරවීර මහතා සඳහන් කළේය.

මෙහෙම ගියොත් ගම් වල ඉන්න අයත් පක්ෂ මූලස්ථානය ඉදිරිපිටට පැමිණ මේස පුටු තියාගෙන අත්සන් ගසා වැඩබාර ගනු ඇතැයි කී මහින්ද අමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සජිත් ප්‍රේමදාසට හේත්තු කරන්න පිරිසක් සූදානම් වී සිටින බව කීය.

ඒවා සාර්ථක වන්නේ නැතැයි ද පක්ෂ මූලස්ථානය මෙන්ම මහජන මතයත් තිබෙන්නේ තම පාර්ශවය සතුව බවද අමරවීර මහතා පැවසීය.

වෙනත්  කණ්ඩායම් වලටත් ඇවිත් පක්ෂ සාමාජිකත්වය ගෙන කටයුතු කරගෙන යන්න හැකියාව තිබෙන අතර  කවුරුවත් එලවන්න අවශ්‍ය වන්නේ නැතැයි ද පක්ෂයේ තනතුරු සම්බන්ධයෙන් නිමල් සිරිපාලට හෝ දුමින්ද දිසානායකට කිසිම අධිකරණ වාරණයක් නොපවතින බවද මහින්ද අමරවීර මහතා වැඩිදුරටත් කීය.



අදහස් (5)

නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති

Sam Gamage Tuesday, 09 July 2024 12:51 AM

බංකොලොත් දේශපාලුවෝ අතුගා දැමිය යුතුයි

:       0       6

Nimal 1 Tuesday, 09 July 2024 06:47 AM

මුන් ඔක්කොම රට පිලිබඳ කිසිම කැක්කුමක් නැති කාලකන්නි .අමු සොහොනක් බඳු කාලකන්නි පක්ෂයක කාඩ් බෝඩ් කිරුල දරා ගැනීමයි .උන්ගේ අභිප්‍රාය .ජනතාවට නම් මේ හැතිකරේ ජරාපක්ෂලාටත් වැඩියෙන් තිතට වෙලා .ළඟදීම මුන් ඔක්කොම ගෙදර

:       0       5

Lalla Tuesday, 09 July 2024 07:26 AM

ඔය පක්‍ෂය තවදුරටත් මේ රටට ඕනද? ලංකාව විනාශ කල පක්‍ෂය. බණ්‌ඩාරනායක මහින්ද රාජපක්ෂ දෙන්න එකතුව රට විනාශ කලේ ඔය පක්‍ෂය මගින් බලයට ඇවිල්ල. ජනසතුකරනය දේශීය ව්‍යවසායකයින් විනාශ කිරීම විදේශ ධනපතියන්ට රට සූරාකෑමට සැලැස්‌වීම අධ්‍යාපනය සිංහල පමණක් කිරීම මගින් ජනතාව මොට්ට කර ජාතීන් අතර සමගිය නැතිකිරීම.... තව මොනවද නොකලේ...

:       1       6

Perera Tuesday, 09 July 2024 08:32 AM

එතකොට දෙගොල්ලන්ටම අධිකරණ තීන්දු දෙකක් වෙන වෙනම තියනවද තනතුරු තහවුරු කරමින් ?

:       0       4

fairoos Tuesday, 09 July 2024 11:02 AM

මුන් නම් මහා කාලකන්නි මිනිස්සු .ඊළඟ චන්දෙන් ඔක්කොම අතුගෑවිලා යන්න ඕන

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 908 2

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


බයිඩන් අවසන් වරට ජගත් මහ සමුළුව අමතයි
2024 සැප්තැම්බර් මස 25 311 0

ඇමෙරිකා ජනාධිපති ලෙස ජෝ බයිඩන් අවසන් වරට එක්සත් ජාතීන්ගේ මහ සමුළුව ඇමතුවේය. ඇමෙරිකන් ජනාධිපතිවරණය එලැඹෙන නොවැම්බර් 5 වැනිදා පැවැත්වෙයි. 81 හැවිරිදි බය


මැතිවරණ පැමිණිලි සඳහා අනු කමිටුවක්
2024 සැප්තැම්බර් මස 25 217 0

මැතිවරණ වියදම් නියාමන පනත යටතේ ඒ සම්බන්ධයෙන් පැමිණිලි ලබා ගැනීම සඳහා අනු කමිටුවක් පිහිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම් දී ඇතැයි කළුතර දිස්ත්‍


ජනපතිගේ ඉදිරි සැලසුම් අද සවස හෙලිකරයි
2024 සැප්තැම්බර් මස 25 2259 0

ජනාධිපති අනුර දිසානායක මහතා අද (25) ජාතිය අමතමින් රටේ ආර්ථික තත්ත්වය මෙන්ම ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමට නියමිතව තිබේ.


විජිත හේරත් ජනමාධ්‍ය අමාත්‍ය ධූරයේ රාජකාරී අරඹයි
2024 සැප්තැම්බර් මස 25 3158 4

නව ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස පත් වූ විජිත හේරත් මහතා අද (25) උදෑසන ජනමාධ්‍ය අමාත්‍යංශයේදී සිය ධූරයේ රාජකාරී ආරම්භ කළේය.


කිරි දරුවා මැරූ මවක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 2257 1

තම ලේකැටි කිරි දරුවාගේ හුස්ම සිරකොට පොළොවට අතහැර මරා දැමී යැයි කියන 21 හැවිරිදි මවක් අත්අඩංගුවට ගත් බව ගලහ පොලීසිය කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36905 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24346 11



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 578 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site