IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නාමල් බඹරුන්ගෙන් බේරෙයි

පදවිය බෝගස්වැව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (25) බඹර ප්‍රහාරයකින් බේරුණේය.

එහෙත් හමුදාවේ දස දෙනෙක් ද, ගැමියෝ 20 දෙනෙක් ද ඊට ලක්වූහ.

නාමල් රාජපක්ෂ මහතා විදුලිය විවෘත කර රැස්වීම පැවැති ස්ථානයට යෑමට පෙර බඹරුන් ඇවිස්සී ගිය බව ගැමියෝ කියති.

නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෝ ඔහු රියට නංවා ගත්හ.

කපිතාන්වරයකු, ලුතිනන්වරයකු, සෙබළුන් අට දෙනකු හා ගැමියන් 20 දෙනකු රෝහලට රැගෙන ගිය බව එහි සිටි අය කියති.



අදහස් (0)

නාමල් බඹරුන්ගෙන් බේරෙයි

ජයා කුමාරි Monday, 26 May 2014 03:35 PM

බඹරු ...බඹරුන්ට අනින්නේ නෑනේ ...එක තමයි රහස ..! (නදී)

:       0       0

මනෝජ්-සාජා Sunday, 25 May 2014 11:23 PM

ඇයි බබරෝ නාමල අත ඇරලා..........ඔබ යන්නේ වෙන මල් සොයලා ........(ස)

:       0       0

සරසි Monday, 26 May 2014 03:47 PM

ඇතුගල මන්ත්‍රී තුමාගෙන් ඉල්ලන්න බඹරුන් ගෙන් එතුමව බේරා ගත්තු ආරක්ෂකයින්ට මොකුත් කරන්න කලින් රට ජාතිය කොටින්ගෙන් බේරාගත්ත රණවිරුවනට දැනෙන්න දෙයක් කරන්න කියලා (නදී)

:       0       0

පෙරේරා Sunday, 25 May 2014 11:58 PM

මිනිසුන්ට නැති මොලයක් බඹරුන්ට තියෙන හැඩයි!!! (ස)

:       0       0

අසෝක Monday, 26 May 2014 12:02 AM

ඇයි බඹරෝ නාමල අත හැරලා .......නුබ ගියේ ගැමියන් සොයා (ස)

:       0       0

රවී ජයවීර Monday, 26 May 2014 12:21 AM

කොහොමහරි නාමල් මහත්තය බේරුනානම් ඒ ඇති. (ස)

:       0       0

තරංගා Tuesday, 27 May 2014 08:39 AM

මහින්ද රාජපක්ෂගේ පුතා වුන නිසාද මෙහම මඩ ගහන්නේ? (ස)

:       0       0

අරුණ Monday, 26 May 2014 12:48 AM

උනුත් පහර දෙන්නේ පොඩි එකාටමයි. (ස)

:       0       0

බිමල් Monday, 26 May 2014 02:30 AM

මේ බඹරු ගිය ආත්මයේ ඡන්ද දායකයෝ වත්ද ? (නදී)

:       0       0

ජයන්ත Monday, 26 May 2014 02:31 AM

රවී එතන හිටියානම් ඔය වචන ටිකම කියා කියා ඉඳීවිද නැති නම් , කකුල් දෙකට වැඳලා දුවන්න පටන් ගනීවිද ? (නදී)

:       0       0

චන්දන Monday, 26 May 2014 02:35 AM

නාමල් සුවඳට බඹරු බඹරු ඇවිස්සෙනවා නේ. (නදී)

:       0       0

කසුන් Monday, 26 May 2014 02:37 AM

අයි බඹරෝ නාමල අත්හැරලා ...ඔබ ඇන්නේ වෙන මල් සොයලා... (නදී)

:       0       0

කුමර Monday, 26 May 2014 02:42 AM

නාමල් ගේ කාවනම් ඹබරුනට පින් සිදවෙනවා(අ)

:       0       0

සත්‍යයා Monday, 26 May 2014 03:01 AM

කවදා හෝ බඹරු වෙනුවට ජනතාව ඇවිස්සිලා පහර දෙන්න ආවත් "සුගන්ධවූ පුෂ්පය" බේරිලා. වතුර බහින්නේත් මිටි තැනින්ලු. (අ)

:       0       0

සහන් Monday, 26 May 2014 03:13 AM

ජාතියේ පිනට පහල වූ මෙතුමාගේ ශරීරයෙන් විහිදෙන රැස් දහරාවට බමරු පමණක් නොව වන මුර්ගයන් හෝ විසකුරු සර්පයෙක් වත් කිට්ටු වෙන්නේ නැහැ. (අ)

:       0       0

ලලිත් Monday, 26 May 2014 03:27 AM

මේකෙන් පෙන්වන්නේ ප්‍රබූ ආරක්ෂක අංශයේ තියෙන දුර්වල කමක්. ඇයි බඹර වදයක් අසල තියෙන රැස්විමකට නාමල් මහත්මයාට සහබාගි වෙන්න ඉඩ දුන්නේ? මේ දේවල් කලින් සොයා බලන්න අවශයි නේද? විශේෂ ආරාධිතය පැමිණෙන විට රතිංඥා පත්තු කරාම බඹරැ විතරක්ද ඇවිස්සෙන්නේ?! (අ)

:       0       0

පානි Monday, 26 May 2014 05:05 PM

"ස්වභාව ධර්මයා" ගෙන් බේරෙන්න අමාරු පාටක් අපිට නම් පේන්න නෑ. (නදී)

:       0       0

නන්දන පනාගොඩ මිලානෝ Monday, 26 May 2014 04:07 AM

ස්වභාව ධර්මයාගෙන් ගැලවෙන්න අමාරුයි. (නදී)

:       0       0

සරත් බංඩාර Monday, 26 May 2014 05:07 PM

බඹරු දැනගෙන නාමල් ආවා කියලා.(නදී)

:       0       0

හසන්ත Monday, 26 May 2014 06:00 AM

ලලිත්, දේශපාලනය කරන්න නම් පැය 24 ම බංගලාවේ වාඩිවෙලා ඉඳල බැහැනේ. ඒ නිසා තමා මන්ත්‍රී තුමා එලියට බැහැලා ඇවිත් තියෙන්නේ. බඹරුන් ඉන්න තැන , කිඹුලන් නැති තැන ,කබරයන් ඉන්න තැන සොයා සොයා ආරක්ෂාව සපයන්න ඕන නම් , මහජන රැස්වීම් තියන්න වෙන්නේ මන්ත්‍රී තුමාගේ ගේ ඇතුලේ. (අ)

:       0       0

මල්කි Monday, 26 May 2014 06:07 AM

අපොයි ඇන්නා නම් බඹරුන්ටයි රෝහල්ගත වෙන්න සිද්ධ වෙන්නේ. (අ)

:       0       0

කෙවීන් Monday, 26 May 2014 06:16 AM

අහෝ පෙර පින් ඇති ගුණවතුන් අට බඹරුන් ගෙන් වත් හානියක් නැහැ. පේනවා නේද ? සිගිරිය බලන්න යන සංචාරකයන්, තේ වතුවල දළු නෙලන කාන්තාවන් , දැන් මෙතන හිටපු මහජනයා ආදී අට තමා බඹරු අනින්නේ. (අ)

:       0       0

ගයානි Monday, 26 May 2014 06:20 AM

මොනවා වුනත් අපේ විදුලි බල ඇමතිතුමිය ඥානවන්තයි. හැම විවෘත කිරීමටම උඩ පැනගෙන යන පුරුද්ද තිබුනා නම් එතුමියට තමා බඹරු පස්සෙන් එලවන්නේ.(අ)

:       0       0

චන්ද්‍රා වීරසිංහ Monday, 26 May 2014 06:23 AM

ඇයි බඹරෝ නාමල අත හැරලා - විද්දේ තිහකට වෙනවුන් සොයලා // (නදී)

:       0       0

නිව් ජර්සි ප්‍රාන්තයේ ශ්‍රී ලාංකිකයෙක් Monday, 26 May 2014 06:24 AM

ඔන්න බඹරුන්ට වැඩේ වෙරදුන තැන.(නදී)

:       0       0

ජගත් Monday, 26 May 2014 06:42 AM

මෙතුමාද අලුත් විදුලිබල සහ බලශක්ති ඇමතිතුමා ? කලින් සිටපු ඇමතිතුමිය පේන්නවත් නැති හින්දා අහන්නේ. (නදී)

:       0       0

ලුම්බිණි Monday, 26 May 2014 07:58 AM

බඹරුන් කියන්නේ ඥානාන්විත සතුන් කොටසක්. (නදී)

:       0       0

ෂෙහාන් Monday, 26 May 2014 06:38 PM

බඹරු දන්නවා ඇන්නා නම් සුදු වෑන් එක එනවා කියලා.(නදී)

:       0       0

නිමල් පෙරේරා Monday, 26 May 2014 08:26 AM

බඹරුන්ටත් තේරුම් යන්නැති නාමල්ට ඇන්නොත් වැඩේ දුරදිග යයි කියල. එනිසා ආරක්ෂකයන්ට විතරක් පහර දෙන්නැති. (නදී)

:       0       0

ඩිලාන් Monday, 26 May 2014 09:03 AM

තව ටිකෙන් රෝහල් ගත වෙන්නේ බඹරු ටික.(නදී)

:       0       0

ගයානි Monday, 26 May 2014 09:05 AM

බඹරු නොදුටු මලක් පිපිල පදවිය පාරේ... වැඩිය නෙවෙයි තිහක් ඔන්න ඉස්පිරිතාලේ .... (නදී)

:       0       0

නවින් Monday, 26 May 2014 09:15 AM

නැතුව නැතුව ලුම්බිණි, ඒකනේ අහල පහල මිනිස්සුන්ට විතරක් ඇනලා පන බේරාගෙන ගිහිල්ලා තියෙන්නේ. (නදී)

:       0       0

අානන්ද Sunday, 01 June 2014 11:50 PM

බඹරුන් ගැන පරික්ෂණයක් කරමු. (ස)

:       0       0

සමන්ත Monday, 26 May 2014 09:34 AM

කොහොමටත් දැන් මේ විදුලි බලාගාරයෙන් විදුලිය අරගෙන මාසේ අන්තිමට බිල එහෙම දැක්කාම ඉතිරි පිරිසටත් බඹරු ඇන්නා වගේ දැනේවි. (නදී)

:       0       0

සුබේ Monday, 26 May 2014 09:11 PM

සොබා දහමට නොවන අවනත.. ලොවේ කිසිවක් නෑ. (නදී)

:       0       0

ඉනෝකා Saturday, 31 May 2014 06:59 PM

අපේ නාමල් මහත්මාව සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා! (නි)

:       0       0

ප්‍රියන්ත Sunday, 25 May 2014 06:32 PM

බඹරුන්ටත් ඉලක්කය වැරදිලා. (ස)

:       0       0

වසුදා Sunday, 25 May 2014 06:56 PM

වටේ හිටපු ආරක්ෂකයෝ බමරුන්ගෙන් පහර නොකා පැන ගොස් බේරුණා නම් බලන්න තිබුන සෙල්ලම..! (ස)

:       0       0

ඇතුගල Sunday, 25 May 2014 07:10 PM

හාස්‍යයට කරුණක් කර ගන්න එපා. මන්ත්‍රී තුමාගෙන් ඉල්ලා සිටින්නේ එතුමා බේරාගත් ආරක්ෂක නිලධාරින්ට සහ ගැමියන්ට කිසියම් පලදායි දෙයක් කරදෙන ලෙසයි.(නදී)

:       0       0

මහේෂ් Monday, 26 May 2014 11:42 AM

හොඳ වෙලාවට බේරුනා අපේ වෙන්න ජනධිපති තුමානෙ. ජනතාව වසනාවන්ත බව පේනවා මේ කාරණය අනුව. (අ)

:       0       0

පෙරේරා Monday, 26 May 2014 11:47 AM

දැන් ඉතින් බඹරු ටික පැණි හංගපු තැන පෙන්නන්න එක්ක යමු. (අ)

:       0       0

සිල්වා Sunday, 25 May 2014 07:18 PM

මෝඩ අදහස් දැමීමෙන් වලකින්න.(නදී)

:       0       0

සඳුන් Sunday, 25 May 2014 08:10 PM

සිල්වා, මෝඩ කතා කීමෙන් වලකින්න.(දී)

:       0       0

ටරිදු Sunday, 25 May 2014 08:12 PM

බඹර නාදේ විදින මානේ (දී)

:       0       0

ප්‍රියාන් Sunday, 25 May 2014 08:14 PM

පක්ෂ හෝ විපක්ෂ හෝ වේවා හැම කෙනාම විපතක් නොවී බේරුන එක හොදටම ඇති.(දී)

:       0       0

නිසාර් Sunday, 25 May 2014 08:41 PM

සෙල්ලම් බඹරු ටිකක් යු.එන.පී එකෙන් එවන්න ඇති

:       0       0

ෂෙරිෆ් Sunday, 25 May 2014 09:15 PM

නාමල සොයා ආ බඹරු...(දී)

:       0       0

චමින්ද Sunday, 25 May 2014 09:18 PM

ඇයි බඹරෝ පෙම් මල අතහැරලා උඹ විද්දේ නාමල සොයලා (දී)

:       0       0

ප්‍රදීප් Sunday, 25 May 2014 09:57 PM

නාමල් වලට බඹරු වහන්නේ නැත්ද (දී)

:       0       0

තුෂ්හර Monday, 26 May 2014 02:30 PM

එක , එක දේවල් ලීව වගේ නොවෙයි ඔන්න බබෝ බලාගෙනයි.(නදී)

:       0       0

නිශාන්ත Sunday, 25 May 2014 10:10 PM

මේක සුබ ලකුණක්ද නරක එකක්ද කියලා ජ්‍යෝතිෂ තුමාගෙන් අහගත්තොත් නරකද? (ස)

:       0       0

කවින්ද රාජපක්ෂ Monday, 26 May 2014 02:44 PM

අනේ පව් අහිංසක බඹරු.(නදී)

:       0       0

ජෙහාන් Sunday, 25 May 2014 10:16 PM

බම්බරුනේ දෙබරු නෙමෙයිනේ (දී)

:       0       0

තිලක් Sunday, 25 May 2014 10:17 PM

බඹරුන්ටත් විරුවන් වෙන්න තිබුනා. අවස්තාව ගිලිහුනා එහෙනම් (දී)

:       0       0

විධුෂක Sunday, 25 May 2014 10:27 PM

ඔන්න මලේ ඔය නාමල බේරගනින් - පමා නොවී පය හනිකට තබා වරෙන්. (ස)

:       0       0

නසාර් Sunday, 25 May 2014 10:31 PM

බඹරුන්ට වෙඩි තිබ්බනම් හරිනේ. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 14 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10582 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5262 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7441 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4969 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1247 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36519 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24204 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site