පදවිය බෝගස්වැව විදුලි යෝජනා ක්‍රමයක් විවෘත කිරීමට ගිය පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද (25) බඹර ප්‍රහාරයකින් බේරුණේය.
එහෙත් හමුදාවේ දස දෙනෙක් ද, ගැමියෝ 20 දෙනෙක් ද ඊට ලක්වූහ.
නාමල් රාජපක්ෂ මහතා විදුලිය විවෘත කර රැස්වීම පැවැති ස්ථානයට යෑමට පෙර බඹරුන් ඇවිස්සී ගිය බව ගැමියෝ කියති.
නාමල් රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයෝ ඔහු රියට නංවා ගත්හ.
කපිතාන්වරයකු, ලුතිනන්වරයකු, සෙබළුන් අට දෙනකු හා ගැමියන් 20 දෙනකු රෝහලට රැගෙන ගිය බව එහි සිටි අය කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමටත් දැන් මේ විදුලි බලාගාරයෙන් විදුලිය අරගෙන මාසේ අන්තිමට බිල එහෙම දැක්කාම ඉතිරි පිරිසටත් බඹරු ඇන්නා වගේ දැනේවි. (නදී)
ස්වභාව ධර්මයාගෙන් ගැලවෙන්න අමාරුයි. (නදී)
ලලිත්, දේශපාලනය කරන්න නම් පැය 24 ම බංගලාවේ වාඩිවෙලා ඉඳල බැහැනේ. ඒ නිසා තමා මන්ත්‍රී තුමා එලියට බැහැලා ඇවිත් තියෙන්නේ. බඹරුන් ඉන්න තැන , කිඹුලන් නැති තැන ,කබරයන් ඉන්න තැන සොයා සොයා ආරක්ෂාව සපයන්න ඕන නම් , මහජන රැස්වීම් තියන්න වෙන්නේ මන්ත්‍රී තුමාගේ ගේ ඇතුලේ. (අ)
අපොයි ඇන්නා නම් බඹරුන්ටයි රෝහල්ගත වෙන්න සිද්ධ වෙන්නේ. (අ)
අහෝ පෙර පින් ඇති ගුණවතුන් අට බඹරුන් ගෙන් වත් හානියක් නැහැ. පේනවා නේද ? සිගිරිය බලන්න යන සංචාරකයන්, තේ වතුවල දළු නෙලන කාන්තාවන් , දැන් මෙතන හිටපු මහජනයා ආදී අට තමා බඹරු අනින්නේ. (අ)
මොනවා වුනත් අපේ විදුලි බල ඇමතිතුමිය ඥානවන්තයි. හැම විවෘත කිරීමටම උඩ පැනගෙන යන පුරුද්ද තිබුනා නම් එතුමියට තමා බඹරු පස්සෙන් එලවන්නේ.(අ)
ඇයි බඹරෝ නාමල අත හැරලා - විද්දේ තිහකට වෙනවුන් සොයලා // (නදී)
ඔන්න බඹරුන්ට වැඩේ වෙරදුන තැන.(නදී)
මෙතුමාද අලුත් විදුලිබල සහ බලශක්ති ඇමතිතුමා ? කලින් සිටපු ඇමතිතුමිය පේන්නවත් නැති හින්දා අහන්නේ. (නදී)
බඹරුන් කියන්නේ ඥානාන්විත සතුන් කොටසක්. (නදී)
බඹරුන්ටත් තේරුම් යන්නැති නාමල්ට ඇන්නොත් වැඩේ දුරදිග යයි කියල. එනිසා ආරක්ෂකයන්ට විතරක් පහර දෙන්නැති. (නදී)
තව ටිකෙන් රෝහල් ගත වෙන්නේ බඹරු ටික.(නදී)
බඹරු නොදුටු මලක් පිපිල පදවිය පාරේ... වැඩිය නෙවෙයි තිහක් ඔන්න ඉස්පිරිතාලේ .... (නදී)
නැතුව නැතුව ලුම්බිණි, ඒකනේ අහල පහල මිනිස්සුන්ට විතරක් ඇනලා පන බේරාගෙන ගිහිල්ලා තියෙන්නේ. (නදී)
මේකෙන් පෙන්වන්නේ ප්‍රබූ ආරක්ෂක අංශයේ තියෙන දුර්වල කමක්. ඇයි බඹර වදයක් අසල තියෙන රැස්විමකට නාමල් මහත්මයාට සහබාගි වෙන්න ඉඩ දුන්නේ? මේ දේවල් කලින් සොයා බලන්න අවශයි නේද? විශේෂ ආරාධිතය පැමිණෙන විට රතිංඥා පත්තු කරාම බඹරැ විතරක්ද ඇවිස්සෙන්නේ?! (අ)
හොඳ වෙලාවට බේරුනා අපේ වෙන්න ජනධිපති තුමානෙ. ජනතාව වසනාවන්ත බව පේනවා මේ කාරණය අනුව. (අ)
දැන් ඉතින් බඹරු ටික පැණි හංගපු තැන පෙන්නන්න එක්ක යමු. (අ)
එක , එක දේවල් ලීව වගේ නොවෙයි ඔන්න බබෝ බලාගෙනයි.(නදී)
අනේ පව් අහිංසක බඹරු.(නදී)
බඹරු ...බඹරුන්ට අනින්නේ නෑනේ ...එක තමයි රහස ..! (නදී)
ඇතුගල මන්ත්‍රී තුමාගෙන් ඉල්ලන්න බඹරුන් ගෙන් එතුමව බේරා ගත්තු ආරක්ෂකයින්ට මොකුත් කරන්න කලින් රට ජාතිය කොටින්ගෙන් බේරාගත්ත රණවිරුවනට දැනෙන්න දෙයක් කරන්න කියලා (නදී)
"ස්වභාව ධර්මයා" ගෙන් බේරෙන්න අමාරු පාටක් අපිට නම් පේන්න නෑ. (නදී)
බඹරු දැනගෙන නාමල් ආවා කියලා.(නදී)
බඹරු දන්නවා ඇන්නා නම් සුදු වෑන් එක එනවා කියලා.(නදී)
සොබා දහමට නොවන අවනත.. ලොවේ කිසිවක් නෑ. (නදී)
මහින්ද රාජපක්ෂගේ පුතා වුන නිසාද මෙහම මඩ ගහන්නේ? (ස)
අපේ නාමල් මහත්මාව සියලු දෙවියෝ ආරක්ෂා කරත්වා! (නි)
බඹරුන් ගැන පරික්ෂණයක් කරමු. (ස)
ඔන්න මලේ ඔය නාමල බේරගනින් - පමා නොවී පය හනිකට තබා වරෙන්. (ස)
වටේ හිටපු ආරක්ෂකයෝ බමරුන්ගෙන් පහර නොකා පැන ගොස් බේරුණා නම් බලන්න තිබුන සෙල්ලම..! (ස)
හාස්‍යයට කරුණක් කර ගන්න එපා. මන්ත්‍රී තුමාගෙන් ඉල්ලා සිටින්නේ එතුමා බේරාගත් ආරක්ෂක නිලධාරින්ට සහ ගැමියන්ට කිසියම් පලදායි දෙයක් කරදෙන ලෙසයි.(නදී)
මෝඩ අදහස් දැමීමෙන් වලකින්න.(නදී)
සිල්වා, මෝඩ කතා කීමෙන් වලකින්න.(දී)
බඹර නාදේ විදින මානේ (දී)
පක්ෂ හෝ විපක්ෂ හෝ වේවා හැම කෙනාම විපතක් නොවී බේරුන එක හොදටම ඇති.(දී)
සෙල්ලම් බඹරු ටිකක් යු.එන.පී එකෙන් එවන්න ඇති
නාමල සොයා ආ බඹරු...(දී)
ඇයි බඹරෝ පෙම් මල අතහැරලා උඹ විද්දේ නාමල සොයලා (දී)
නාමල් වලට බඹරු වහන්නේ නැත්ද (දී)
මේක සුබ ලකුණක්ද නරක එකක්ද කියලා ජ්‍යෝතිෂ තුමාගෙන් අහගත්තොත් නරකද? (ස)
බම්බරුනේ දෙබරු නෙමෙයිනේ (දී)
බඹරුන්ටත් විරුවන් වෙන්න තිබුනා. අවස්තාව ගිලිහුනා එහෙනම් (දී)
බඹරුන්ටත් ඉලක්කය වැරදිලා. (ස)
බඹරුන්ට වෙඩි තිබ්බනම් හරිනේ. (ස)
ඇයි බබරෝ නාමල අත ඇරලා..........ඔබ යන්නේ වෙන මල් සොයලා ........(ස)
මිනිසුන්ට නැති මොලයක් බඹරුන්ට තියෙන හැඩයි!!! (ස)
ඇයි බඹරෝ නාමල අත හැරලා .......නුබ ගියේ ගැමියන් සොයා (ස)
කොහොමහරි නාමල් මහත්තය බේරුනානම් ඒ ඇති. (ස)
උනුත් පහර දෙන්නේ පොඩි එකාටමයි. (ස)
මේ බඹරු ගිය ආත්මයේ ඡන්ද දායකයෝ වත්ද ? (නදී)
රවී එතන හිටියානම් ඔය වචන ටිකම කියා කියා ඉඳීවිද නැති නම් , කකුල් දෙකට වැඳලා දුවන්න පටන් ගනීවිද ? (නදී)
නාමල් සුවඳට බඹරු බඹරු ඇවිස්සෙනවා නේ. (නදී)
අයි බඹරෝ නාමල අත්හැරලා ...ඔබ ඇන්නේ වෙන මල් සොයලා... (නදී)
නාමල් ගේ කාවනම් ඹබරුනට පින් සිදවෙනවා(අ)
කවදා හෝ බඹරු වෙනුවට ජනතාව ඇවිස්සිලා පහර දෙන්න ආවත් "සුගන්ධවූ පුෂ්පය" බේරිලා. වතුර බහින්නේත් මිටි තැනින්ලු. (අ)
ජාතියේ පිනට පහල වූ මෙතුමාගේ ශරීරයෙන් විහිදෙන රැස් දහරාවට බමරු පමණක් නොව වන මුර්ගයන් හෝ විසකුරු සර්පයෙක් වත් කිට්ටු වෙන්නේ නැහැ. (අ)