(රෝෂන් තුෂාර)

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශනයට  අදාලව  රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ක්‍රිෂ් සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා  ජානකී සිරිවර්ධන ලබන 23   දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(16) නියෝග කළේය.

 නාමල් රාජපක්ෂ සැකකරු ටඇප ලබා දෙනවා ද? නැද්ද? පිළිබඳ නියෝගය එදින ලබා දෙන බවද මහේස්ත්‍රාත්වරයා දන්වා සිටියේය.

ජානකී සිරිවර්ධන සැකකාරියගේ ඇප ඉල්ලීමේ නියෝගය අද  කියවා දුන් අතර සුවිශේෂි කරුණු ඉදිරිපත් නොවීම නිසා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේ කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.