ක්‍රිෂ් සමාගමෙන් ලබා දුන් රුපියල් මිලියන 70 ක මුදලක් අවභාවිතා කළැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහි නඩුවේ දී එෆ්.සී.අයි.ඩී. ය අද (8) අධිකරණය හමුවේ කරුණු දැක්වීය.
එහිදී කාල්ටන් සුපර් නෙට්වර්ක් ආයතනයේ ගිණුම් සම්බන්ධව කටයුතු කරන සුජානි බෝගොල්ලාගමගෙන් ලබා ගත් ප්‍රකාශයකට අනූව එම මුදල් වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් දැනුවත් යැයි කියන රොනී ඒබ්‍රාහිම් හා රුක්ෂාන් ප්‍රනාන්දු දෙදෙනාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට නියමිත බවත් 2012 හා 2013 වර්ෂ වලදී රගර් තරගාවලිය සඳහා ක්‍රීඩාංගණ වෙන් කරවා ගැනීම සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන බව ද එෆ්.සී.අයි.ඩී. ය අධිකරණය හමුවේ කියා සිටියේය.
ක්‍රිෂ් සමාගමෙන් මුදල් ගෙන පුත්තලමේ ඉඩමක් ව්‍යාජ ඔප්පු සකස් කොට රුපියල් මිලියන 40 කට මිලටගත් බව කියන කකරුවන් ලෙස සංචාරක මණ්ඩලයේ හිටපු සභාපති නාලක ගොඩහේවා ඇතුළු 4 දෙනෙක් සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇති බවද එෆ්.සී.අයි.ඩී. ය එහිදී සඳහන් කළේය.
මෙම නඩුව ඔක්තෝබර් 31 යළි කැඳවන ලෙස කොළඹ කොටුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරකම් චෝදනා ලබලා අධිකරණයට ගිහිලා තව ලැජ්ජාවක් නැතුව අතත් වන වනා යනවා. විලිලැජ්ජාවේ බැහැ. (නි)
රජයක් මහජනතාවගේ රජයක් කියන්නේ නොමැතිව "අපේ තාත්තගේ රජය" කීම අදටත් මෙතුමාගෙන් අසන්නට ඇත. ඒ අනුව අප්පච්චිගේ බුදලයේ අයිතිය ඔහු විසින් බුක්ති විඳ ඇත.(අ)
මොකුත් වෙන්නේ නැහැ. මේවට ආණ්ඩුවේ, ඒ කියන්නේ අපේ සල්ලි වියදම් වෙන එක විතරයි. අන්තිමේදී කියයි චෝදනා ඔප්පු කිරීමට ප්‍රමාණවත් සාක්ෂි නැති නිසා විත්තිය නිදොස් කොට නිදහස් කරනවා කියලා. (ර)
අපි බලමු ඔහොම ගිහින් ගිහින් මොකද වෙන්නේ කියලා.? (ර)
ප්‍රියාන් අප්පල පුතාල එකතුවෙලා රටේ ජනතාවට කොකා පෙන්නුවේ ඔයාල වගේ අය නිසයි. ඕකට තමා කියන්නේ රෙදි නැතුව කඩේ යනවා කියලා (බ)
මේවා වහන්න තමයි පාද යාත්‍රාව යන්නේ. (බ)
ඔබගේ සැබෑ නායකත්වය රටට දුන්නනම් රටත් ඔබත් මෙවැනි තැනක නැහැ අධිකරණයට යාමට පෙර ඔබේ සිතට කතා කර අහන්න ඔබ නිවැරදි නායකත්වයක් දුන්නද කියල ඡන්දදායකයින් වන අපටනම් පෙනුන ඔබ කළ දේවල් මොන දේ කීවත් ඔබේ සිත දන්නවා ඇත්ත (බ)
මොහාන් සහ ජොන්සන් අනේ පවූ ඔයාගේ නායකයාගේ මුදලක් පරිත්‍යාග කලොත් ඔයා වියදම් කරපු විදිය කාටවත් කතා කළ නොහැක. මොවුන් එලෙස ලද මුදල ක්‍රීඩාවට වියදම් කිරිම සතුටක් (ම)
කොහොමද තාත්තලා පුතාල රට කාපු හැටි. (ම)
විලි ලැජ්ජාවයි ලැජ්ජාවයි තියෙන අය කරුණාකරලා ඇදුම් ඇදගන්න්න..නඩුව උසාවියෙන් අහවි..එතකම් කාටවත් ලේබල් අලවන්න යන්න එපා.. (ම)
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
නියම මොළකාරයෝ. පුංචි වුණාට වැඩ පුංචි නැහැ. හොඳ මොළයක් තියෙන ආර්ථික විශේෂඥයෝ. රට බාරදුන්නොත් නියමෙට දියුණු කරයි (නි)
සුසන්ත මහතාණනි, ඔබ දන්නා ප්‍රමාණය ගැන දුක්වෙමි. නියම ආකාරයෙන් ගනුදෙනුව සිදුවුණා නම් එම මුදල හිමිවිය යුත්තේ ලංකා ආණ්ඩුවට බව ඔබට නොතෙරේද? (නි)
මුන් අනුන්ගේ කුණු හොයා හොයා රස්තියාදු වෙනවා ,මුලින් තමන් පිරිසිදු වෙන්න ,අනුන්ගේ ඇසේ පොල් කෙන්ද පේනවා ,නමුත් තමන්ගේ ඇසේ පොල් පරාලය පෙන්නේ නැහැ (බ)
මේ රජයේ ආයතනයකට ලැබුන මුදලක් නොවේනේ. පෞද්ගලික ආයතනයකට ලැබුන මුදලක්. පෞද්ගලික ආයතනයකට ලැබුන මුදල් වියදම් කරන්නේ ඒ ආයතනය කැමති විදියට. ඉතින් එක අවභාවිතාවක් වෙන්නේ කොහොමද? (නි)
විකුම් බලන් ඉන්නේ නීතිය ක්‍රියාත්මක නොවීමටද මහත්තයෝ සතුටු වෙන්න රටේ නීතිය ක්‍රියාත්මක වීම ගැන (බ)
කවුරු නමුත් මහා මගෝඩි වැඩක් කරලා තියෙනවා. ගම්වල මිනිස්සුන්ට රස්සා නෑ කන්නත් නෑ මේ ගොල්ලෝ හොරකමේ. මාමගේ කඩේ ගාව තේ බීලා සෝෂල් මීඩියා දානවා. (බ)
මට පේන විදියට අවු.5.මේ විදියට ලිස්සලා යයි වගේ? (ම)
මෙහෙම මාස දෙකෙන් දෙකට වාර්තා ඉදිරිපත් කර කර මේ නඩු අහල ඉවර වෙන කොට හොරකම් කරපු සල්ලි වියදම් කරලා ඉවරයි. මේවට විශේෂ අධිකරණයක් අවශ්‍යයි. (ම)
දෙවියනි, ඇයි මේ නඩුව මෙතරම් දික්ගැහෙන්නේ? (නි)