
(අංජුල මහික වීරරත්න)
මාලිමා ආණ්ඩුව නාමල් රාජපක්ෂ ගේ නමටත් බිය වී ඇති බව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා පැවසීය.
රටේ ජනතාව නාමල් රාජපක්ෂගේ තරුණ නායකත්වය වටා ඉතාම ශක්තිමත්ව පෙළ ගැසෙමින් සිටින මොහොතක ආණ්ඩුව බොරු චෝදනා නගමින් ඔහු සිරගත කිරීමට උත්සහ දරන බව ද සාගර කාරියවසම් මහතා කීය.
කාරියවසම් මහතා මේ බව කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ පක්ෂ මූලස්ථානයේ අද (28) පැවති මාධ්‍ය හමුවේදීය.
"මේ ආණ්ඩුව මේ වන විට නාමල් රාජපක්ෂ මහතාට ඉතා දැඩි ලෙස බයවී තිබෙනවා. මන්ද මේ ආණ්ඩුව කරන බොරුවට එරෙහිව දැන් රටේ ජනතාව නාමල් රාජපක්ෂ තරුණ නායකත්වය වටා ඉතාම ශක්තිමත්ව පෙළ ගැසෙමින් තිබෙනවා. ඔවුන් දන්නා එකම දේ බොරු චෝදනා නගමින්, නීතිය අවභාවිතා කරමින් ඔහු සිරගත කිරීමට උත්සාහ දැරීමයි.
අපි කිසිදු ආකාරයෙන් නීත්‍යානුකූලව සිදුකරන විමර්ශනයකට හෝ සාධාරණව සිදුකරන නඩුවිභාගයකට මුහුණ දෙන්න බය වෙන පැකිලෙන කණ්ඩායමක් නොවේ යනුවෙන් ද කාරියවසම් මහතා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාව ළඟදීම අත්අඩංගුවට ගන්න වෙනවා. අධිකරණයට අපහාස කරනවා මෙයා.
බය නැද්ද හලෝ පට්ට හොරෙක්නෙ.
මේක පෙනි පෙනි බොරු කියන වෘෂබ රජෙක් , මේක හිතන්නෙ අර ජර්මනියෙ හිටපු ගෝබල්ස් ලොක්කගෙ න්‍යාය මෙහාට හරියයි කියල, බුරුවො ඒ 1942 අද 2026 , මිනිස්සු තණ කොල කන්නෙ නැ තමුන් වගේ
බය නැත්තන් ඇයි ඔච්චර අඬන්නේ ?
බය නැද්ද අප්පා කෙරුම් සමඟ කෙරුවාවල් තවමත් අමතකවෙලා නෑනේ.
ඇයි බන් බය වෙන්නෙ ඒකට මොකක්ද හේතුව කියපන් බලන්න රජය නමි බයවෙලා නැහැ රාජපක්ෂලාගෙ පවුලෙ එවුන් තමයි බයවෙලා ඉන්නෙ දැන් එන්නෙ එකින් එක එලියට එතකොට ඔබ හිතාගන ඉන්නෙ දැන් ඉන්නෙ මෝ්ඩ මිනිස්සු කියලද නැහැ මෙවිව කියන ඔබලම තමයි නුගත් මෝ්ඩ තනකොල කන හරක් මෙච්චර අහිංසක මිනිස්සුන්ගෙ සල්ලි හොරාකාපු එහෙකුට මොකටද බන් වෙන්නෙ ඔබට මොලේ අමාරැවක් තියනව ද රාජපක්ෂලාගෙ නම ගෑවිලා තියන එවුනුත් හොරැ තමන්ගෙ පුතා හිරේ ඉද්දි සිංගප්පූරු ෂොපින් යන්නෙ මොන අමිමද බොල බයට ගියෙ දන්නව බඩු හමිබ වෙනව කියල රටම කාපු කාලකන්නි සක්කිලි හැත්ත
අනේ සාගරයෝ හොරකම් කරානම් ඒවට හිරේ යන්න ඕනී. බයවෙන්න දෙයක් නෑ
මා දන්නා පරිදි නාමල් රැකියාවක් කරලා නෑ. කොහොමද ඔහොම ධනයක් රැස් කලේ. ඔවා ජනතාවගේ මුදල් අනිවර්යයෙන්ම දඩුවන් දෙන්න ඕනේ. කර්මය පඩිසන් දෙන්න පටන් ගත්තා.
පාක්ෂිකයන් හැටියට අපිත් බය උනා ,, මෙච්චර පට්ට හොරෙක්ද අපි 2029 ජනාධිපති කරන්න ගියෙ කියලා,,අම්මො ඇති යාන්තම් රටම බෙරුනා