(රෝෂන් තුෂාර සහ සුජිත් හේවාජූලිගේ)

දූෂණ චෝදනා දෙකක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටින නාමල් රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් සංජය විෂ්ණු රවින්ද්‍ර සමරසේකර මහතාගේ නිවස පරීක්ෂා කිරීමෙන් පසුව ආරක්ෂිත සේප්පුවක් සිය බාරයට ගත් බව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම කියයි.

පෞද්ගලික ලේකම්වරයාගේ නිවස ඊයේ රාත්‍රියේ දහයේ සිට පෙරවරු 4.00 දක්වා සිදු කළ පරීක්ෂණයකින් අනතුරුව මෙම සෙප්පුව අත්අඩංගුවට ගෙන ඇත.

අල්ලස් කොමිසමේ නිලධාරීන් රාත්‍රී දහයට පමණ ගල්කිස්ස ප්‍රදේශයේ පිහිටි නිවසට ගිය අවස්ථාවේදී නිවැසියන් විසින් සියලු දොරගුළු දමා ගේට්ටුවද වසා දමා පොලිස් නිලධාරීන්ට ඇතුළු වීම අවහිර කර ඇති අතර පොලිසිය හා විශේෂ කාර්ය බලකායේ සහයෝගයෙන් නිවසට ඇතුළු වී පැය හයක් පමණ විමර්ශනය කිරීමෙන් අනතුරුව මෙම සේප්පුවට ගෙන ඇති බවද පැවසේ.