
(ටී.කේ.ජී.කපිල )
ශ්රී ලංකාවේ පැවැත්වෙන , 2026 ලෝක විශ්ව විවාහක රූ රැජින තරගාවලිය ( Missis Universe Sri Lanka - 2026 ) විනිශ්චය කිරීම සදහා , 2023 වසරේ ලෝක විශ්ව විවාහක රූ රැජින ලෙස කිරුළු පළන් ඇමෙරිකානු ජාතික මෙරයිනි පබ්ලර් ගාඩියානා ( Meranie Pabular Gadiana ) මහත්මිය අද පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය.
49 වැනි වරට , මෙවර මෙම තරගාවලිය ශ්රී ලංකාවේ පැවැත්වෙන අතර එය 18 දින සිට 24 දින දක්වා , ලෝකයේ විවාහක රූ රැජිනියන් 100 ක ගේ සහභාගීත්වයෙන් කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වීමට නියමිතය .
ඇය පිළිගැනීම සදහා ශ්රී ලංකා රූ රැජින ක්ෂේත්රයේ ප්රමුකයකු වන රුක්මාල් සේනානායක මහතා ඇතුළු පිරිසක් ද , ශ්රී ලංකා සංචාරක ප්රවර්ධන කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd