IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


නාය ගිය ප්‍රදේශ අධිආරක්ෂිත කලාප කරයි

නාය යාමට ලක් වූ ප්‍රදේශ අධි ආරක්ෂිත කලාප ලෙස ප්‍රකාශයට පත් කිරීමට අද (23) ජනාධිපති කාර්යාලයයේ දී පැවැති රැස්වීමක දී තීරණය විය.

හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා මෛත්‍රීපාල සිරිසේන ජනපති විසින් පිහිටවනු ලැබූ ජනාධිපති කාර්ය සාධක බළකාය අද පස්වරුවේ රැස්විණි.

අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම විෂය භාර අමාත්‍යවරුන් ද ජනාධිපති ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශය ලේකම්වරු  ද, ත්‍රවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ නිලධාරිහු ද ඊට සහභාගී වූහ.

පවතින තත්ත්වයට සාර්ථකව මුහුණ දෙමින් එම ජනතාව වෙනුවෙන් අවශ්‍ය උපරිම සහන සැළසීමට කටයුතු කරන ලෙස  නිලධාරින්ට උපදෙස් දුන් ජනපතිවරයා  මුදල් ගැලළුවක් කර නොගෙන   සුබසාධන සේවා ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.

ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක්වූ එක් නිවසක් වෙනුවෙන් ක්ෂණික ආධාරයක් වශයෙන් රුපියල් 10,000 ක දීමනාවක් ලබාදීමට ද තීරණය විය.

අද  සිට කොළඹ දිස්ත්‍රික්කයේ කිසිදු ඉඩම් ගොඩකිරීමකට ඉඩ නොදෙන ලෙස ද ජනපති නිලධාරින්ට උපදෙස් දුන්නේය.

අවතැන් වූ ජනතාව නැවත පදිංචි කරවීම වෙනුවෙන් කළයුතු ඉඩම් පවරා ගැනීමේ කටයුතු විධිමත් අයුරින් සිදු කරන ලෙස  උපදෙස් දුන් ජනාධිපතිවරයා පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමටද උපදෙස් දුන්නේය.

ගංවතුරින් යටවූ නිවාස පදිංචියට සුදුසු තත්වයක තිබේදැයි පරික්ෂා කිරීමට ද ගොඩනැගිලි පර්යේෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට උපදෙස් දුන් අතර හානියට පත් ප්‍රදේශ සුද්ධ පවිත්‍ර කිරීම වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ද උපදෙස් දුන්නේය.



අදහස් (0)

නාය ගිය ප්‍රදේශ අධිආරක්ෂිත කලාප කරයි

ෆසීර් Monday, 23 May 2016 04:03 PM

ඔව් සුනාමිය වෙලෙත් ඔහොම කිව්වා. එ්ත් දැන් තත්වේ මොකක්ද? එගොඩ උයන, කොරලවැල්ල තාමත් එහෙමයි. නීති දැම්මට මදි. ඒවා ක්‍රියාත්මක කරන්න ඕනේ. ලංකාවේ ඉතින් නැත්තෙත් ඕකම තමයි. (බ)

:       0       0

නාලක Monday, 23 May 2016 06:17 PM

පස් යට ඇති මළසිරුරු ස්කෑන් ක්‍රමයකින් සොයන්න පුළුවන් ක්‍රමයක් නැද්ද? (නි)

:       0       0

ගාල්ලගේ Tuesday, 24 May 2016 12:49 AM

රුපියල් 10000 කින් මොනවා කරන්නද? අද කාලෙ කාමරයක් සුද්ද කරගන්නත් රුපියල් 20000 ක්වත් ඕනෑ (නි)

:       0       0

ස්ටැන්ලි Tuesday, 24 May 2016 03:06 AM

කටින් කියන දේවල් බොහොම ඉක්මනට බර වචන දාලා කියනවා කියනවා වගේම වචන වල හරයක්ද තිබිය යුතුයි (නි)

:       0       0

නුවන් Tuesday, 24 May 2016 03:22 AM

සුනාමිය වෙලාවෙ රජය මී. 100 සීමාව වෙරළ ආරක්ෂිත කලාපයක් ලෙස මහින්ද නම් කළාම එවක විපක්ෂය ඒකට විරුද්ධව මිනිසුන් පෙළ ගැස්සුවා, ජනතා ඉඩම් කොල්ලකනවා කියලා. (නි)

:       0       0

පීරිස් Tuesday, 24 May 2016 03:54 AM

වැඩේ වැරදුනාට පස්සේ කතන්දර අවශ්‍ය නැහැ. පරිසරය විනාශ කරන්නේ අපි නෙමෙයි (නි)

:       0       0

කුරේ Tuesday, 24 May 2016 03:59 AM

රජයක් වශයෙන් මේ වෙලාවේ හොඳ බුද්ධිමත් තීරණ ගැනීම වැදගත් (නි)

:       0       0

නුවන් Monday, 23 May 2016 02:04 PM

අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දැමීම! (බ)

:       0       0

ඉසුරන්දි Tuesday, 24 May 2016 04:30 AM

මේ අවස්ථාවේදී අපි බලන්න ඕනෑ කොහොමහරි වැඩක් කරවගන්න රාජ්‍ය අනුග්‍රහයෙන් විපතට පත් අය වෙනුවෙන්. හැමදේටම කටුව ගහන එකේ තේරුමකුත් නැහැනේ හැමදාම. (නි)

:       0       0

පිටබැද්දර ජයා Tuesday, 24 May 2016 04:35 AM

අනේ මන්දා අපේ රටේ මිනිස්සු! හොරා කෑවත් වැරදියි, හොඳ වැඩක් කළත් වැරදියි (නි)

:       0       0

සංජීව Monday, 23 May 2016 02:36 PM

කොළඹ සහ අවට ප්‍රදේශත් අධි ආරක්‍ෂිත කරන්න.. අපේ මිනිස්සු ගෙවල් "සුද්ද " කරන්න පටන් අරගෙන.. .. උන්ට නම් දුටු තැන ඔලුවට වෙඩි තියන්න ඕනේ (බ)

:       0       0

ශාන් සෞදි Tuesday, 24 May 2016 04:44 AM

නුවන් අශ්වයා ඉන්න කාලේ ඔය පැති යට වුන වෙලේ රජා මොනවද කළේ කොළඹ නගරයේ ගෙවල් හදල පිටරට උන්ට කෝටි ගණන් වලට විකුණලා උන්ගේ පොත්වල සල්ලි දාගත්ත ලංකාවේ පත්තර වල දැන්වීම් නොදා ඉන්දියාවේ මාලදිවයිනේ චීනේ මැලේසියාවේ පත්‍ර වල දැනිවීම් දාල ඒ රටවල මිනිස්සු අපෙන් අහනවා ලංකාවේ ගෙවල් විකුනන්න දාල තියනවා අපේ පත්තරවල ඒවා හොදද කියල ඒකාලේ ඔහෙලා බුදියන්ද උන්නේ (බ)

:       0       0

ලක්මාල් Monday, 23 May 2016 03:10 PM

රනිල් කිවුවෙ කොළඹ ඔක්කොම කුඹුරු ගොඩ කරන්න ඕනෑ කියල.. ඉතින් කොහොමද ගොඩ නොකර ඉන්නෙ (බ)

:       0       0

ජයම්පති Monday, 23 May 2016 03:18 PM

සුනාමිය ආවට පස්සෙත් මෙහෙම දෙයක් කළා මතකද. අද වෙනකොට තත්වය මොකක්ද? දේශපාලකයෝ ම තමා මේ නීති කඩන්නේත්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 429 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 32 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 565 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 242 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 448 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 818 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38593 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site