IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


‘නයි නළගනට නඩු දාන්න බෑ'

නාගයකු ළග තබා ගත් බවට නයි නළගන නමින් ප්‍රකට  නිරෝෂා විමලරත්නට (දිලානි) පොලිසියෙන් ඉදිරිපත් කිරීමට යන චෝදනා පත්‍රයට  කිසිදු නීතීමය පදනමක් නැති හෙයින් ඊට අනුමැතිය නොදෙන්නැයි  ජනාධිපති නීතීඥ රියෙන්සි අර්ෂකුලරත්න මහතා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගෙන් ඉල්ලා සිටියේය.

ඇය වෙනුවෙන් ඔහු ලිඛිත දේශන ඉදිරිපත් කැරමින් කරුණු දැක්වීය.

ඒ සම්බන්ධයෙන් තම තීන්දුව ප්‍රකාශයට පත් කිරීම මහෙස්ත්‍රාත් විසින් ලබන 26 වැනිදාට කල් තැබිණි.  

නිරෝෂා විමලරත්න මෙනවියද උසාවියට පැමිණ සිටියාය. නඩු භාණ්ඩයක් ලෙස ඉදිරිපත් කිරීමේ පොරොන්දුවක් මත නයාද ඇයට භාර දී ඇත.

 

 

 



අදහස් (0)

‘නයි නළගනට නඩු දාන්න බෑ'

උපාලි Thursday, 05 September 2013 02:49 PM

ඇත්ත නේන්නම් . එහෙනම් රටපුරාම ඉන්න නයි නටවන්නොත් අල්ලාගෙන එන්න එපායැ. කිසිම අහිකුණ්ඨිකයෙකුට ගැලවීමක් නැහැ. අනේ අපේ පොලිසියට වෙන වැඩ නැද්ද? (නි)

:       0       0

ගයා Thursday, 05 September 2013 02:51 PM

රටේ හැමතැනම හොරකම් මැරකම් දුෂණ තිබියදී මේ ප්‍රශ්නයත් ඇත්තටම ප්‍රශ්නයක්ද? (නි)

:       0       0

ටිරල් Friday, 06 September 2013 11:13 AM

හැබැයි අන්න කියනවා නම් දැන් තමයී ඒකට වෙලාව.(නදී)

:       0       0

වරුණ Thursday, 05 September 2013 02:53 PM

පොලිසියට වෙන වැඩ නැහැනේ කොහෙවත් යන නයෙකුයි කෙල්ලෙකුයි අල්ලන් දගලන්නේ?පොලිසිය කොහොමත් මේ නඩුව පරදිනවා .නයි නංගි නඩුව දින්නොත් පොලිසියට වන්දිත් ගෙවන්න වෙනවා. පොලිසිය නෝන්ඩිය නිසා නඩුව පරාද බව දැන දැනත් නඩුව දිග්ගස්සමින් කල් මරනවා වැඩේ ශේප් කර ගන්න .නයි නළගන කයිද රෝස් පාන් කිව්වලු.(නදී)

:       0       0

දරුශන Thursday, 05 September 2013 02:54 PM

ගොඩක් ප්‍රශ්න රටේ තියෙනවා. පාන් ගොඩියක් ගන්න පාන් කඩේ ලග නැවත්තුවත් පොලිසියෙන් ලියනවා නේද?(නදී)

:       0       0

කදිර සුරිදු Thursday, 05 September 2013 02:58 PM

පිස්සෙකුට නඩු දාන්නෙ? අරෙහෙ රෝහලක්ම තියනකොට යවන්න.(නදී)

:       0       0

ටිරල් Thursday, 05 September 2013 03:05 PM

හලෝ ගොඩක් කලකීන්, කොහොමද ?(නදී)

:       0       0

ටිරල් Thursday, 05 September 2013 03:08 PM

එස්.එස්.සී පාස් නම් නඩු දාන්න බෑ.(නදී)

:       0       0

ලලිත් Thursday, 05 September 2013 03:24 PM

ඔන්න ඔහේ නයාවත් රාජසන්තක කරලා දාන්න මහත්තයෝ. (නි)

:       0       0

සමන්ත Friday, 06 September 2013 11:50 AM

අපි ජීවත් වෙන්නේ පුදුම රටක. මේකට ජනාදිපති නීතිංඥ නෙමෙයි 5 දෙනෙක් ගෙන් යුතු කමිටුවක් පත් කරන්න ඕනේ. අපරාද නඩු අවරුදු 20 ක් ඇදෙනවා. මේ ළමය මිනි මරල නැහැ. වැඩක් නැතිවට කරන වැඩ. (නදී)

:       0       0

චන්ද්‍රසිරි Thursday, 05 September 2013 03:44 PM

මම ඒත් බැළුවා මේයා ගැන විස්තරයක් නැත්තේ ඇයි කියලා.(නදී)

:       0       0

ටිකිරි බණ්ඩා Thursday, 05 September 2013 11:03 PM

ඔය නයි නළගන කැමති නයින්ට විතරද? (නි)

:       0       0

ජගත් Thursday, 05 September 2013 11:08 PM

උසාවියට නයාවත් ගෙනල්ලද? (නි)

:       0       0

සෑම් Thursday, 05 September 2013 04:00 PM

මේ වගේ අතිශය වැදගත් නඩු වලට ජනාධිපති නීතිඥචයෙක් දාන්නම ඕනේ. හැබැයි රතුපස් වල ප්‍රශ්නය වගේ ඒවාට නම් එහෙම කෙනෙක් නැති උනාට කමක් නැහැ. මෙයාගේ ඔච්චර මොනවා තියෙනවද මන්දා හැම දාම ලියන්න.(නදී)

:       0       0

සැම් Thursday, 05 September 2013 04:01 PM

මොකෝ මේ පාර පින්තුරයක් නැත්තේ. දාන්න බලන්න හොද එකක්.(නදී)

:       0       0

සංජීව Thursday, 05 September 2013 11:58 PM

අරහේ වරෙන්තු පිට ඉන්න යකඩ හොරු නිදහසේ, අනේ මේ නයෙක් අල්ලාගෙන දගලනවා. කාට කියන්දෝ මේවා. (නදී)

:       0       0

ප්‍රියන්ත Friday, 06 September 2013 12:07 AM

අනේ! කව්රුහරි මේ නංගිව දාලා ෆිල්ම් එකක් කරන්නකෝ. (නි)

:       0       0

සේනාරත්න Friday, 06 September 2013 12:38 AM

මේ ගෑනු ළමයාට නඩු දාන එක නොවෙයිනේ කරන්න තිබුණේ. නාගයෙක් වැනි විෂඝෝර සර්පයෙක් හිලෑ කර ගත් ක්‍රමය අනෙක් අයටත් කියාදෙන්න ටියුෂන් පන්තියක් දාන්න කියා ඉල්ලන්නයි තිබුණේ. (නි)

:       0       0

ගිමිහානි Friday, 06 September 2013 01:08 AM

මේ පිස්සු කෙල්ල ගැන ආයෙත් පටන් ගත්තද ? කරුණාකර පිස්සු කෙල්ල ගැන නොලියන්න .මේ වගේ අය රටටම කරුමයක්.(නදී)

:       0       0

ලලිත්-සෞදි Thursday, 05 September 2013 05:07 PM

නයි නැඟී අල්ලන් පොලිසිය දගලන්නේ. ඔය පලාත් සභා , පාර්ලිමේන්තු, ප්‍රාදේශීය සභා කාරයෝ ලග ඕනෑ තරම් නඩු දාන්න හේතු තියෙනවා. උන් නිදැල්ලේ.(නදී)

:       0       0

වසන්ති Thursday, 05 September 2013 05:32 PM

මට නිකන් පිස්සු වගේ. (නි)

:       0       0

තබුක් සිල්වා Thursday, 05 September 2013 05:38 PM

පුප්පා පෙනේ අද පෙන්නා උඹේ වැඩ නටපන් නයි නංගී.(නදී0

:       0       0

හිබි Friday, 06 September 2013 05:05 AM

මෙයා ගැන කතා කරන්න ගියොත් ගොඩක් දේවල් තිබෙනවා කියන්න. (නි)

:       0       0

ජයසූරිය Thursday, 05 September 2013 05:54 PM

ඒ ඇත්තී නයාට ආදරෙයිනේ ආයුබෝවන්. සත්තුන්ට කරුණාව දැක්වීම කොපමණ උතුම් කාර්යයක්ද? (නි)

:       0       0

ජයසූරිය Thursday, 05 September 2013 06:23 PM

මේ දවස්වල නයෙක් බේතකටවත් හොයාගන්න නැහැ. මොකද උන් බයේ හැංගිලා නඩුවක් වැටෙයි කියලා. බැරිවෙලාවත් උසාවි යන්න වුණොත් උන්ගේ නිදහසට කරුණු කියන්න හැටියක් නැහැ. (නි)

:       0       0

සත්‍යයා Friday, 06 September 2013 08:05 AM

අනුන්ගේ ගැහැණු ළඟ තියාගෙන ඉන්න දේශපාලු නයි ගැන කතා නැහැ. නයාව තියා ගත්ත ගැහැණු ළමයා ගැන තමයි රුදාව. මේ පව්කාර මිනිසුන් ට වඩා විෂ ඝෝර නයි හොඳයි කියල හිතෙනවා.(නදී)

:       0       0

පිටිගල Thursday, 05 September 2013 06:55 PM

ඒක තමයි අපි කිව්වේ...පොලිසියට බෑ කිව්වේ... (නි)

:       0       0

නිල්මිණි Thursday, 05 September 2013 02:25 PM

කාලෙකට පස්සේ මෙයා ගැන කතාව ආවේ. ඉස්සර නිතරම මෙයාමයි (නි)

:       0       0

චතූ Friday, 06 September 2013 09:15 AM

මේවා බලන් ඉදලම දැන් ඇතිවෙලා.(නදී)

:       0       0

නානායක්කාරන් Thursday, 05 September 2013 02:25 PM

බල්ලෝ බන්දවන කාලේ නයෙක් ළඟ තියා ගන්න එක වරදක් ද?(නදී)

:       0       0

ලංකා Saturday, 07 September 2013 01:07 AM

කොහොමද දන්නෙ නැහැ මෙයාගේ විස්තර? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 1127 0

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 67 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1155 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


දෙදරු පියා වගා ළිඳකට බිලි
2024 සැප්තැම්බර් මස 24 191 0

බුත්තල පොලිස් වසමට අයත් අඹකොළවැව ප්‍රදේශයේ වගා ළිඳකට වැටීමෙන් දෙදරු පියෙකු මියගොස් ඇතැයි බුත්තල පොලීසිය පවසයි.


නව ජනපති වසර පහකට ජනපති ධුරය භාරගත් බවට ගැසට්ටුවක්
2024 සැප්තැම්බර් මස 24 2039 3

2024 ජනාධිපතිවරණයෙන් ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක මහතා වසර පහක කාලයක් සඳහා ජනාධිපති ධුරය බාර ගත් බව ප්‍රකාශයට පත් කරමින් අති විශේෂ ගැසට්


පළාත් කිහිපයකට අදත් වැසි
2024 සැප්තැම්බර් මස 24 98 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32286 18


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23828 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 447 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 205 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site