කොල්ලුපිටිය ක්ලියෝ පැට්‍රා සමාජ ශාලාවේ නළඟනක වූ දන්තුරේ නිරෝෂා විමලරත්න (ඩිලානි) සාමාන්‍ය දරු ප්‍රසුතියක් සදහා අනුරාධපුර රෝහලට ඇතුළු වී සිටින බව වෛද්‍යවරු කියති.
දරුවා බ්‍රහස්පතින්දා (05) බිහිකිරීමට නියමිතව තිබුණත් අද (06) සවස් වන තුරුත් ප්‍රසුතිය සිදු නොවීය.
නයි නළගන ලෙස ප්‍රසිද්ධියට පත් ඇය එප්පාවල කට්ටියාව සේනපුර රෝහලේ සිට අනුරාධපුර රෝහලට එවු බව අධ්‍යක්ෂ දොස්තර විජේදාස අතපත්තු මහතා කියයි.
ඇය රෝහලේ සිටින බව දැනගත් පිරිස් ඇය බැලීම සදහා රෝහලට පැමිණිමෙන් රෝහලේ කටයුතුවලට බාධාවක් වුවා සේම ඔවුන් වැළැක්වීම සහා රෝහල් කාර්ය මණ්ඩලයට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදු වු බවද රෝහල් සේවකයෙක් පවසයි.
අද (06) උදෑසන ඇයගේ ආරක්ෂාව සදහා පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු යොදවා සිටි බවද වාර්තා වුවද පැයක් යන්නට මත්තෙන් එම කොස්තාපල්වරු ඉවත් කරනු ලැබූහ.
ඇයගේ සැමියා, ඥාතීන් හැර වෙනත් අයට ඇය බැලීමට ඉඩ දීමේ හැකියාවක් නොමැති බව ද රෝහල් අධ්‍යක්ෂ කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනුන්ගේ දේවල් හොයන්න අපේ කට්ටිය පුදුම විදියට මහන්සි වෙනවා. (ස)
අපෙන් උණුසුම් සුභ පැතුම්! වාසනාවන්ත දරුවෙක් ලැබේවා! (නි)
ඇත්තටම ඇය ගැන මට ආඩම්බරයි. ඇයගේ චරිතය ගැනවත්, දරුවාගේ තාත්තා ගැනවත් මෙතනට අවශ්‍ය නැහැ. ඔයාට මගෙන් සුභ පැතුම් අක්කේ! (නි)
කරදරයක් නම් වෙන්න එපා (නි)
ඇයට කිසිදු කරදරයක් නොවේවා කියා පතමි (නි)
එයාගේ චරිතය ගැන කතා කරන්න කාටවත් අයිතියක් නැහැ. එයාගේ චරිතය ගැන කියන්න පෙර තමන්ගේ චරිතය ගැන පොඩ්ඩක් හිතලා බලන්න (නි)
තෙරුවන් සරණින් එයාට හොඳ දරු උපතක් ලැබේවා. (ස)
මේ කාන්තාවට පුද්ගලිකත්වයක් නැද්ද? මේ කාන්තාව අවජාතක දරුවෙක් නෙවේ බිහිකරන්නේ. දැන් කාන්තාවන්ගේ දරු ප්‍රසුතියත් ප්‍රචාරය කරනවා ඇරෙන්න වෙන දේවල් වෙන්නේ නෙද්ද මේ රටේ? අපේ මිනිස්සුන්ටත් අනුන්ගේ පුද්ගලිකත්වයට ඇගිලි ගහල එකේ රස බලන තරම් අශික්කිත සතුටක් තවත් නෑ . (ස)
ගැහැණියෙකුට ළමයෙක් හම්බ වෙන්නේ නෙතිව පිරිමින්ටද ළමයි හම්බ වෙන්නේ. මොනවද මේ (දී)
මේව පුද්ගලික ජීවිතේ එයාගේ. (දී)
අනුන්ගේ තාත්තල ගැන හොයන්නේ නැතුව තමන්ගේ අයගේ තාත්තල කවුද කියල හොයල බැලුවොත් හොඳ නේද මෝඩ ඔලු ටික. අපේ සිංහලයාගේ හැටියක් අනුන්න්ගේ වැරදි හොයන එක. එ්ක තමයි අපි තාම තුන්වෙනි පන්තියේ ඉන්න රටක් වෙලා තියෙන්නේ. (ස)
කාන්තාවකට බබෙක් ලැබුනාම පුවතක් වෙනවා කියලා දනගත්තේ අදයි (දී)
සමහර පිරිමි විලි ලජ්ජා නැති වර්ගයක් වගේ, මේ කාන්තාවගේ බබා ගේ පියා කවුද කියල හොයනවා, මේක අමුතු දෙයක් වගේ බලනවා, ගැහැනියකුට දරුවෙක් ලැබීම, ස්වභාවික සිද්ධියක්, විවාහවීම කියා අදහස් කරන්නේ, ගැහැණියත්, දරුවත් පිරිමියා විසින් නඩත්තු කල යුතු බවට නීතියෙන් කර ඇති, බලාත්මක කිරීමක්, පිරිමින් සියල්ලන්ම නොවුනත් වැඩි දෙනෙක් හෙමින් සීරුවේ මාරුවෙන්න දක්ෂ නිසා තම මේ නීතියෙන් කාන්තාවන්ට පිහිටක් ලැබුනේ. (ස)
නාග කන්‍යාවක්. (ස)
බුදු දහමේ පැවසෙන පරිදි රජුන් සර්පයන් හා ගින්දර ආශ්‍රය කරන්න එපා කියල තියෙනවා. මේ උපාසිකාවට මම කියන්නේ විෂ දල ඉවත් කර ඔය දේ කරන්න කියලා (නදී)
නංගී ඔයා ලබන සැරේ පාර්ලිමේන්තු ඡන්දයට බය නැතිව ඉල්ලන. කවුරැ නැතත් මම ඉන්නවා. (දී)
නදුන්ගේ අදහසත් සමග එකග වෙමි (දී)
කොලඹ පුද්ගලික රෝහලකට ගියේ නැත්තේ මොකද (දී)
සැමිය ඉතිං වෙන කව්රුවත් නෙමේ. නයා වෙන්න ඇති. (ස)
නිරෝගී දරු උපතක් ලැබේවා (දී)
නංගි ඔයාට ආස කරන ජනප්‍රිය තාවයට මොන වෑයම දාලා හරි ඔයා ආව. එකට සතුටුයි. ..නමුත් ..පොදු අපේක්ෂකයෙක් හොය හොයා දුවන දේශපාලුවන්ටනම් රෑවටෙන්න එපා...මෙලෝ රහක් නෑති නිලියන් වගේ දේශපාලනයට එන්නත් එපා...බබාවත් හොදින් හදාගෙන යහපත් පවුල් ජීවිතයක් ගතකරන බලන්න. (දී)
ඉතින් දැන් අපි මොකද කරන්නේ? (නි)
ඒ දරුවා සාමාන්‍ය දරුවෙක් විදියට පිළිගෙන නිදහසේ හැදෙන්න දෙන්න. නයි නළඟනත් පසුගිය කාලය අමතක කරලා හොඳ ආදර්ශවත් අම්මා කෙනෙක් වෙන්න බලන්න (නි)
ඇයට කිසිදු කරදරයක් නොවේවා කියා පතමි (දී)
බබාගේ නම මොකක් වේවිද දන්නෙ නැහැ (නි)
අැය කවුරු හෝ වේවා . ලොව උතුම්ම පදවිය මව් පදවිය අැයටත් උරුම වෙලා .සෙනෙහෙ බර දරු උපතක් වේවා (දී)
ඒ දරුවට බුදු සරණයි (දී)
අපේ මිනිස්සුන්ට වෙන වැඩ නැද්ද අනේ. ඕපා දුප හොයා හොයා ඉන්නේ. බබා ලැබුනේ එයාට. අමාරුව තියෙන්නේ වෙන මිනිස්සුන්ට. පුදුම සමාජයක්: (ස)
ලාංකීය සමාජයට අතිශය තීරණාත්මක වැදගත් මෙම සිදුවීම සැම තත්පරයක් පුරාම සජීවීව වාර්තා කිරීමට රුපවාහිනී නාලිකා පොරකකා එන්න පුළුවන්. මේක තමයි ලෝකෙන් උතුම් රටේ සාමාන්‍ය තත්වය මෙහෙ මිනිස්සු සුකිත මුදිත නිසා, වෙනත් ප්‍රශ්න නැති නිසා තමන්ට කිසිසේත් අදාල නොවන අනුන්ගේ දේවල් සොයා උපකාර කරන්න තමා නිතරම සැදී පැහැදී ඉන්නේ. (අ)
අපේ මිනිස්සුත් මේ වගේ දෙයක් නම් පොරකාගෙන යාවි බලන්න (නි)
බබා කොහොම වෙයිද දන්නෙ නැහැ (නි)
අනේ මේ අපේ අය ටිකක් කට පියාගෙන ඉන්නවද? ඔබට සුභ දරු උපතක් දුව! (නි)
ඉන්දියාවේත් මේ වගේ ඕන තරම් තියෙනවා ඒවා දැන් මෙහාටත් බෝවෙලා වගේ නේද ? (අ)
අයියෝ! මේ මොකද වෙන්නේ? ඇයට කරදරයක් නම් වෙන්න එපා (නි)
දැන් ඉතින් අපි මොකද කරන්නේ? (නි)
මේ රටක් වටිනා කාන්තා රත්නය, මේ රටට මේ තරම් මෙහෙවරක් කළ කාන්තා රත්නයට කිසිම කරදරයක් නම් වෙන්න එපා (නි)
අනේ අපේ නයි නළඟන! (නි)
රංග සහ මාලිට මමත් එකඟයි (නි)
සුව දරු උපතක් වේවා කියා පතමි. ඔය බබාට මිනිසුන් ඉන්න දෙයිද දන්නෙ නැහැ නිදහසේ? (නි)
මොකක්ද දන්නෙ නැහැ ප්‍රශ්නය හැබෑටම? (නි)
අනේ ඇත්තටම මේ අපේ අදහස් දාන අයට වෙන වැඩ ඇත්තෙම නැද්ද? හැම වැඩක්ම පැත්තක තියලා නයි නළඟනව බලන්න යන්නේ මොකටද? (නි)
බලමු. බලමු. ඉවසලා ඉමුකෝ (නි)
කවුද ඇයගේ සැමියා? ආසයි බලන්න ඔහුගේ ඡායාරූපයක් (නි)
අපි එයාගේ පවුල් ජිවිතයට වදයක් වෙන්න හොඳ නැහැ (නි)
ඇය බලන්න යන්න මෙච්චර ඇති අවශ්‍යතාවය මොකක්ද අපේ අයට? (නි)
බබා අම්මා වගේ වෙයිද, තාත්තා වගේ වෙයිද දන්නෙ නැහැ (නි)
අනේ! ඒ මොකද දන්නෙ නැහැ (නි)
සුනිලුත් අහන්නේ පුදුම ප්‍රශ්න තමයි (නි)
නයි නළඟන ලෙස ප්‍රසිද්ධියට පත් ඇය, ඉදිරියේදී දේශපාලනය පැත්තෙන් ඉහළම තනතුරකට ගියත් දැන් නම් එය පුදුමයට කරුණක් නොවේ (නි)
අනේ මන්දා කාටද ලජ්ජා නැත්තේ? (දී)
ඇයගේ සැමියා නයෙක් නෙමයි නේද? (දී)
දේශපාලනය කරන්න සුදුසුකම් නම් ඔක්කම තියනවා.(දී)
සුභ පැතුම් (දී)
බබාගේ තාත්තා ෂුවර් එකටම නාග රජෙක් වෙන්න ඇති. අපේ සුභ පැතුම් (දී)
මොකක්ද දෙවියනේ මේ වෙන්න යන්නේ? (නි)