නාගයකු ලවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළැයි සෙවණගල මකුළුවගම සිසිල් චමින්ද (35) ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන්නැයි ඇඹ්ලිපිටිය ප්‍රධාන මහේස්ත්‍රාත් දිනේෂ් ලක්මාල් මහතා නියෝග කළේය.
පසුගිය 09 වැනිදා සිය උක්වගාවට ගොස් එමින් සිටි සෙවණගල වැවි ගම් යායේ ධම්මික නිශාන්ත අත් පා ගැට ගසා බැරලයක දමා එම බරලයට නාගයකු ද දමා ඔහු ඝාතනය කිරිමට සැළසුම් කළැයි සෙවණගල පොලීසිය විසින් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි සැකකරු ඊයේ (13) පොලීසියට භාර විය.
පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේ සැකකරු යුද හමුදාවෙන් පැන ආ අයකු බවයි. වෙඩි තබා තවත් මනුෂ්‍ය ඝාතනයක් කිරීමට තැත් කිරීමක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටි අයකු බවත්පොලීසිය අධිකරණය හමුවේ කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හිතක් පපුවක් නැති අය ඉන්න රටක දෙන දඩුවම් ලිහිල් වැඩි නිසා එල්ලුම් ගස ඉක්මනින් ක්‍රියාත්මක කරන්න. (නි)
මේ හාදය වැරදි දෙකක් කරලා තියනවා නේද? මනුෂ්‍ය ඝාතනයට තැත් කිරීම සහ සත්ව හිංසාව. (දිල්)
මමද උදයකාන්තගේ අදහසට එකඟ වෙමි. (නදි)
මේ නම් නයාටත් වඩා අපරාධකාරයෙක්.(නදී)
මේ මනුස්සයා එක්කම නයෙකුත් දාන්න තිබුනේ තනියට.(නදී)
එයාව පිඹුරෙක් එක්ක බැරල් එකකට දැම්මා නම් හරි (නි)
"මේ වගේ හිතක් පපුවක් නැති අය ඉන්න රටක දෙන දඩුවම් ලිහිල් වැඩි නිසා එල්ලුම් ගස ඉක්මනින් ක්‍රියාත්මක කරන්න" මේ ගොල්ලන්ගේ ඔලු හෝදලා තිබෙන්නේ. එම නිසා හිතක් පපුවක් ගැන කතා කරන්න එපා. (නි)
අපි මෙයාව බැරල් එකකට දාලා කුණකටුවෝ 100 විතර දාමු. එතකොට කාලයක් විඳවයි (නි)
දැන් මෙයාව බැරල් එකක දාල හොඳ කිඹුලෙක් දැම්ම නම් අගෙයි (නදී)
මරු අදහස් ටික කරමු කරමු ....දැලම්ඹුවෝ ටිකකුත් දැම්මොත් හොඳයි.(නදී)
සරත් සහ සාලිය කියූ විදියට ඔය මනුස්සයට කරන්න තිබුණා නම්... (නි)
බුදු සමිඳුන්ගේ තෙමඟුල සිහිපත් කරන අද දිනවත් වචනයකින්වත් පවු නොකර ඉඳිමුද සහෝදරයිනි? බමුණු,සාලිය,ශාන් වෙතට දයාබරත්වයෙනි. සියලු සත්වයෝ නිදුක් වෙත්වා! නිරෝගී වෙත්වා! සුවපත් වෙත්වා! වෛර නැත්තෝ වෙත්වා!! (නි)
මෙහෙමත් අපරාද කරන මිනිස්සු ඉන්නවද ? (ස)
මේ වගේ දෙයක් වන්න මොනවා හරි වරදක් වෙන්න ඇති කියා අපි මෛත්‍රී කරමු. වරදට සුදුසු දඬුවම් දෙමු. (ස)
මොහුට දිය යුතු දඬුවම වන්නේ සතියක් බුදු බණ අසන්ට සැලැස්වීම. (ස)
පුදුමාකාර මිනිස්සු දැන් සමාජයේ ඉන්නේ (නි)