බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල මහ පාරේ දී බ්‍රහස්පතින්දා (02) ෆෝඩ් ෂෙල්බි ටී ඩී 500 සුඛෝපභෝගී කාරයක් හා ත්‍රිරෝද රියක් ගැටීමෙන් ත්‍රීරෝද රියදුරුගේ පාදයක් කැඩීමේ සිද්ධිය මැයි 22 වැනි දා අධිකරණයට යොමු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
නොම්මර තහඩු නැතිව රිය ධාවනය කිරීම සහ අනතුරක් වළක්වා ගැනීමට අපොහස්ත්වීම යන චෝදනා මත ඔහුට නඩු පවරනු ඇතැයි ද රෝහණ මහතා පවසයි.
ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන මෙම කාරය අනතුරට පත් වී පැයක් යන්නටත් මත්තෙන් පොලිසිය හා යුද හුමදා විශේෂ බලකායේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ වාහනය රැගෙන ගියේය.
පොලිසිය පැවසුවේ කෝටිපති ව්‍යාපාරිකයකු එය ධාවනය කර ඇති බවයි. එම ව්‍යාපාරිකයා අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හළ බව ද මාධ්‍ය ප්‍රකාශක පවසයි.
නොම්මර තහඩු නැති වාහනයේ හිමිකරු කවුදැයි බොරැල්ල පොලිසියෙන් අනාවරණය කරගන්නට ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
සබැඳි පුවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට මම අභියෝග කරනවා මේ සිද්ධිය ගැන නීතිය දැනගෙන මේ කියන දේවල් නීතියට පටහැනියි කියලා (නි)
කවුද මේ යුද හමුදා විශේෂ බලකායට සමාන ඇඳුම් අඳින අය. අල්ලලා විශේෂ බලකායටම බාර දුන්න නම් හරි. එක එක අයට විශේෂ බලකායට සමාන ඇඳුම් අඳින්න ඉඩ දුන්නොත් අපිට රටක් ඉතුරු වෙන්නේ නැහැ. විශේෂ බලකාය කියන්නේ අපේ ජාතික සම්පතක්.(නදී)
"කෝටිපති ව්‍යාපාරිකයකු" කියන කොටම ඉයස් සර් , ඉයස් සර්.නෝ ප්‍රොබ්ලම්ස්.... වෙන මුකුත් අහන්න ගියොත් අහිංසක රාලහාමිලාට වෙනදේ දන්නේ රාලහාමිලා පමණයි. වාහන අංකය නැතිව වාහනයක් පාරට දැමීම සම්පූර්ණයෙන්ම තහනම්. සුදු වෑන් හැර! රෝද තුනකින් යන්න බැරි නිසා නතර කරන්න සිද්ධවුනා. නැති නම් අර අහිංසකයාවත් දන්නේ නෑ කකුල කැඩුනේ කොහොමද කියල. කෙසේ වෙතත් අහිංසකයට මාර ගාඩ් එක. කොහොමද පුරවැසියට තියෙන ආරක්‍ෂාව.! (නදී)
කාර් එකක්වත් එලව ගන්න බැරිද ? (නදී)
ත්‍රීවීල් රියදුරාගේ කැඩුන කකුලට කෙසේ වෙතත් දැන් කටට නම් අරින්නත් බැරි විදියට ප්ලාස්ටර් දමලා ඇති. (නි)
දැන් මේ ඉන්නෙ සෙල්ලම් හමුදාවක් වෙන්න ඇති නේද?සෙල්ලම් තුවක්කු තියෙන සෙල්ලම් රටේ මේවා පුදුම නෙමෙයි (නි)
මේ වාහනය පැදවූ වැදගතාට රියදුරු බලපත්‍රය තිබුනාද දන්නේ නැහැ. පහුගිය කාලයේ එහෙම නැතුව මිනිසුන් යට කරගෙන ගිය බේබිලාට රටේ සාමාන්‍ය මිනිස්සුන්ට ක්‍රියාත්මක නීතිය තවම ක්‍රියාත්මක නොවුණ නිසයි අහන්නේ (නි)
කෝටිපතියෙකුගේ වාහනයක් කියලා කිවුවට ටයර් එකේ කට්ට ගෙවිලා වගෙයි මට පෙනුණේ. ඇසින් දුටු සාක්කියේ හැටියට වාහනේ රෝදේ ගැලවිලා බිම දිගේ ඇදිලා ඇවිත් හැපිලා කියලයි හිතෙන්නේ. ඒ කෙසේවෙතත් මේ කාර් එක අංක තහඩු නැතුව ට්‍රැෆික් පොලිස් රාළහාමිලා කී දෙනෙක් පසුකර එන්න ඇද්ද? ඒ කාටවත් මේක නවත්වන්න වුවමනා වුණේ නැහැ. අත් බැඳගෙන ඉන්න පොලිස් රාළහාමිලා දැක්කම හිතෙන්නේ කිසියම් බලයකින් ඔවුන්ගේ අත් කල්තියා බැඳලා කියලයි. පාරවල් වල සිදුවන මේ වගේ අනතුරු වලදී ආරක්ෂක අංශ වල නිල ඇඳුම් ඇඳගත් කට්ටිය ඇවිල්ලා වාහනේ ගෙනියන එක මින් පස්සේ දිගටම කෙරෙයිද දන්නේ නැහැ. කොහොම වුණත් අර අහිංසක ත්‍රිවිල් අයියට කියන්න තියෙන්නේ කකුල සනීප කරගෙන පවුල ජීවත් කරවන්න කියලයි. (නි)
මේ සිද්ධිය වෙලා සුළු වෙලාවක් ඇතුළත එස් ටී එෆ් මෙතරම් ඉක්මනින්ම එන්න, මේ වාහනය කාගේද කියලා මම දන්නවා (නි)
බලවත් අය වැරදි කර නීතියේ රැහැනට අසු වුණාම නිදහස් කරගන්න වලිකන වෙනමම නීති විශාරද පිරිසක් අපේ රටේ ඉන්නවා. මේ මොහොත වෙනකොටත් නීති උපදෙස් එක්ක වාහනය අයිතිකාරයාගේ ගෙදර පැත්තේ ගිහින් ඇති. (නි)
2/5/14 අදහස් දක්වන වෙරංග හරියට හරි. දේශපාලුවෝ සීමාව ඉක්මවලා හොඳටම. දැන් තියෙන්නේ මේ අයගේ බලය අඩු කරන ක්‍රම අපිම හොයා ගන්න එකයි. පක්ෂ මාරු කරලා වැඩක් නැහැ. මන්ත්‍රී ඇමතිවරුන්ගේ බලය අඩු කරමු. (නදී)
ලංකාවේ සමහරු දියුණු රටවලට දොස් කියනවා. නමුත් ඒ රටවල දියුණුවට හේතුව හොයා බලන්නේ නැහැ. අකුරටම ක්‍රියාත්මක වන නීති රීති පද්ධතියක් ඒ රටවල තියනවා. අධිකරණය ස්වාධීනයි. රටේ ලොකුම ලොක්කාත් වැරදි කළා නම් දඬුවම් ලබනවා. මම ඕස්ට්‍රේලියාවට ආවඩනවා නෙමෙයි. පුළුවන් නම් නිවාඩුවකටවත් ඇවිල්ලා බලන්න පුරවැසියන් කෙතරම් නීතිගරුකද කියලා. මේ රටේ පෝලිමක් පිටපනින කෙනෙක්වත් සොයාගන්න බැහැ. යහපත් දේ කොතන සිදු වුණත් අගය කළ යුතු නිසයි මේ කියන්නේ. (නි)
සමහරු මෙතන අදහස් ලියන පිටරට සිටින ලාංකිකයන්ව හෙළා දකිනවා. පිටරට ගියා නම් මොනවාටද දැන් රටේ දේවල් ගැන ඇඟිලි ගහන්නේ කියලා පාච්චල් කරලාම දානවා. හැබැයි දැන් මේ රටේ ඇතුලේ ඉන්න අපිට ආඩම්බර වෙන්න පුළුවන් දේවල්ද මේ සිද්ධ වෙන්නේ? (නි)
නයා තියා මොකා වුණත් වැඩක් නැහැ, රෝද ගැළවිලා (නි)
මොනවා වුණත් අපේ ත්‍රීරෝද රථය හොඳයි (නි)
මමත් බලාගෙන හිටියා අපේ අහවල්තුමා මොන වගේ කතාවක් මේ ගැන කියාවිද කියලා. (නි)
ලංකාවට දෙන් අවශ්‍ය මෙවන් සුපිරි වාහන රට ඉතාමත් සීග්‍රයෙන් දියුණුවෙනවා අපිත් ගන්ඩ ආසයි කෝ තාම සල්ලි නැහැනේ.(නදී)
මුදල් ඇත්නම් හමුදාව වුණත් මිළදීගත හැකියි. කවුරු කෙසේ කිවුවත් ඒක දියුණු රටවලත් සිද්ධ වෙනවා. ඇමරිකාවේ අධිකරණ දෙපාර්තමේන්තුවම මිළදීගත් කෙනෙකුත් හිටියේ... (නි)
උගත්, ප්‍රසිද්ධ නීතිවේදියෙක් ඇල්ලුවහම මෙයා නිදොස්කොට නිදහස් වෙනවා. කකුල කැඩුන ත්‍රීවීල් මල්ලිගේ තමයි සම්පූර්ණ වැරැද්ද. තරහ අවසර, ආයුබෝවන්ඩ. මේක ලංකාවනේ ! (නි)
දැන් රටම සෙල්ලම් රටක් වෙලා. නීතියක් නැහැ. පොලිසියේ ආරක්ෂාව ඇතුව තමයි කාර් එක අරගෙන යන්නේ. දැන් අපි මෝඩයෝ කියලා හිතාගෙන එක එක කතා කියනවා. (නි)
මේක ට්‍රී වීල් එක පස්සෙන් ඇවිල්ලා හප්පන් තියෙන්නේ. ඉතින් වරද කාගේද ? (ස)
මේක ලංකාව. ඒක නිසා මේක සාමාන්‍ය දෙයක් (නි)
අනේ ඉතින්, අපිට නම් මේවා අහලා දැකලා හොඳට පුරුදුයි (නි)
මේක තමයි සිරි ලංකාවෙ සුපිරි පොලීසියෙ සුපිරි සේවාවෙහි ඓශ්චර්යය. “බලන් කඩතුරා හැර දෑසේ“ (නි)
මෙවන් වාහනයක් ලංකාවේ මනුස්සයෙක්ට තියෙනවා කියුවත් පුදුමයක් (දී)
කවුරුහරි අහිංසක යතුරුපැදි රියදුරෙක් හරි ත‍්‍රීවිල් රියදුරෙක් හරි පාරේ ගියා නම් පොලිස් අය අල්ලයි, වරදක් නැතත් වරදක් දාලා හරි. (නි)
ලොකු දඩුවමක් දෙන්නයි තිබුණේ(නි)
කරුණාකර හැමෝම කටවල් වහගෙන අහවල් පැත්තේ නීතියට අවනතව, කඩේ යන්නන්ට ඉඩදී (පච බන්දුල ප්‍රමුඛ නඩයට) නිහඩ වන්න. ඔබ සැමට සුභ අනාගතයක්! (නි)
එකෝමත් එක සෙල්ලම් රටක මහා දවාලෙක සෙල්ලම් නගරයක් තුල, සෙල්ලම් බෝනික්කෙක් පදවාගෙන ආපු සෙල්ලම් කාරයක්, අසල තිබුන සෙල්ලම් ත්‍රී රෝද රථයක ගැටී එහි සිටි සෙල්ලම් මිනිසාගේ කකුලක් කැඩී ගියෝය ...සෙල්ලම් පොලෝසිය බලා සිටියදී, සෙල්ලම් හමුදාවක් වගේ එකක් ඇවිදින් සෙල්ලම් කාරය රැගෙන ගියෝය ...කතාව අවසානයි නගර වැසියෝ ඉමහත් සතුටින් විසිර ගියෝය.... (ස)
බන්දුල පෙරේරා ඔහේගෙන් තමයි අපිට ප්‍රශ්න කරන්න වෙලා තියෙන්නේ. ඔහේනේ අග්‍ර පුරෝහිත. (නදී)
මෙහෙමත් රටක්! (නි)
ආසියාවේ ආශ්චර්ය තිබෙන එකම රටෙන් මෙම ඉන්දියානු ත්‍රි විලර අතුගා දමා නයා මාර්ක් මෙවැනි කාර් බි එම ඩබ්ලිව් . මර්සිඩීස් බෙන්ස් . වොල්වෝ ජගුවාර් මෙසේරාති ෆෙරාරි ලම්බ්රෝගිනි ටොයෝටා ලේක්සස් වෙනි සුපොඛබෝගී වාහන විතරක් ගෙන්වා මහජනයාට පාවිච්චියට දෙන්න (අ)
මේ රටේ දවසකට කොච්චර රිය අනතුරු වෙනවද..එහෙම බැලුවම මේක තවත් එක සිද්දියක් පමණයි. මරණයක් සිදු වෙලා නැත්නම් මේක පස්සේ මේ තරම් කට්ටිය එලවන්නේ මොකද කියල මේ පුවත හා අදාල පළමු පුවතට ලැබුණු ප්‍රතිචාර වලින් පැහැදිලියි පැ හැදිලිවම තියෙන්නේ රටේ නිතිය පිලිබදව ප්‍රශ්නයක් නෙමෙයි. අංක තහඩුව නැති වීම පිළිබද ප්‍රශ්නයක් නෙමෙයි. ත්‍රිවිල් කරුගේ කකුල පිළිබද ප්‍රස්නයක් නෙමෙයි. තියෙන්නේ මොනවයින් හරි පිටකරගන්න මගක් හොය හොයා ඉන්න දේශපාලන වෛරය සහ අසහනය...අංක තහඩු නැති වාහනයක් නම් ඒකට අවශ්‍ය පියවර අරගෙන රිය අනතුරේ ස්වභාවය අනුව උසාවියෙන් ලබාදෙන දඩුවම පොලිසිය මගින් රියදුරාට ලබා දේවි. එහෙම නොවුනොත් ඒ ගැන ප්‍රශ්න කරන්න තමයි මාධ්‍ය තියෙන්නේ. (නදී)
මම හිතන විදිහට මේ කාර් එකත් වෝකර් වගේ කෙනෙකුගේ වෙන්න ඇති. අවලාද කියන්න එපා පුණ්‍ය වැඩකට ගියා ද දන්නේ නැහැ. (ස)
කෝටිපතියා වැඩිපුර මුදල් ගෙවා ලබාගෙන තියෙන්නේ සෙනසුරු ග්‍රහයාට අයිති ලියා පදිංචි අංකයක් නේ. අනේ අපොයි වෙච්ච දෙයක්.! (නදී)
කාර් එලවන්න බැරිලු ඒත් රොකට් එලවනවලු. (ස)
ඇත්ත වහලා ඇග බේරගෙන ඇත්ත කියනවා නේද? (නදී)
ඉතාමත් ඉහල ප්‍රතිචාර මේ නයාට ලැබිලා. සමහරු නයාට සුපිරි විදියට කඩේ ගිහිල්ලා. සමහරු පෙට්ටි කඩේ ගිහිල්ලා. සමහරු මේ නයාට තමුන්ගේ නයා ඇරලා. සමහරු තමුන්ගේ නයා පෙන්නපු අයට පෙනේ පුප්පලා. සමහරු වෛවාරණ අඩුපාඩු පෙන්නලා. සමහරු නයාට පැන් වඩලා. මේ සියලු දෙනාගේ අදහස් වල යටිපෙළ අරුත වී ඇත්තේ. රටේ ඉදිරි අනාගතය වෙනුවෙන් මේ රට වෙලා ගෙන සිටින මුචලින්ද නාග රාජයාගෙන් ගැල වීමේ හෝරාව අභියසට පැමිණ ඇති බව නොවේද?(නදී)
ගණන් ගන්න එපා, මේක අහවල් ලන්තයනෙ... (නි)
අනතුර සිදුවුණේ 02දා. අධිකරණයට ඉදිරිපත් කරන්නේ 22 දා. අහිංසක සාමාන්‍ය මිනිහෙක් අතින් මේ වගේ වරදක් වුණා නම්, ඒ මනුස්සයාට හොඳ ගුටි පුජාවකුත් දීලා කූඩුවට දමලා එදාම උසාවියට දමනවා, ලංකාවේ නීතිය ක්‍රියාකරවන මහත්වරු මෙහෙමයි හැසිරෙන්නේ. ඇස් වසාගත් නීති දෙවඟනගේ අතේ තිබෙන තරාදියේ එක පැත්තක් පාත්වෙලා කියලයි මට හිතෙන්නේ. (නි)
වගකිවයුතු අය අපිට උත්තර දෙන්න ,කරුණාකරලා.මේක සෙල්ලමක් නෙමෙයි.රටේ නීතිය කෝ? මහදවාලේ මිනීමරලා හිනා වේවි පෝස්ටර් වල ඉන්නවා,වරෙන්තු තියෙන අය පොලිසියත් එක්ක මුල් ගල් තියනවා, පිස්තෝල අරන් දුවගෙන එනවා... මේවා මුළු ලංකාවම පත්තරෙන් දකිද්දී තවම සාක්කිත් හොයනවා. මොනවද මේ? නීතිය තියෙන්නේ ඕනෑ දෙයක් කරලා බේරෙන්න පුළුවන් විදිහටද? මොකක්ද මේ සෙල්ලම ,කවදාද ඉවර වෙන්නේ?අපිට සළකන්නේ මෙහෙමද ඔයගොල්ලෝ? (නි)
එතකොට මේ පැමිණි පොලිසිය සහ විශේෂ බලකාය රජයේ නොවේද? ව්‍යාපාරිකයාගේ පෞද්ගලික පොලිස් සහ විශේෂ බලකායේ අයද? අපිට මේවා පැහැදිලි කිරීමක් කරන්න දන්නා අය.ඔලුවේ වයර් මාරු වෙලා මගෙත් මේවා අහලා (නි)
කවුද අප්පේ මේ ලොකු ව්‍යාපාරකයා අපි නොදන්නා. පොලිසියත් මාධ්‍යත් දන්නේ නැති. කකුලකුත් කඩලා අහිංසකයකුගේ එළියටත් දමලා. ඕක ත්‍රි විල් කරුගෙන් උනා නම් ඔහු තවමත් කුඩුවේ. (නදී)
හැබැයි පොලිස් ඇඳුමට සමාන ඇඳුමක් ඇති අය හඳුනාගන්ට බැරුව ඇති ? හැබැයි ගරාජ වාහනයේ අංකයෙන් මොකක් හරි හොයන්ට බැරිද ? (නදී)
ලංකාවේ නීතිය තියෙන්නේ දුප්පතාට යටත්වීමට සහ පොහොසතාට මහජනතාව ඉදිරියේ නැමෙන හැටි පෙන්වීමටයි. (නි)
ලංකාවේ මිනිස්සුන්ට තිබෙන ප්‍රශ්න හැටියට දැන් තිබෙන ලොකුම ප්‍රශ්නය ඕකද? ඔය කාර් එක ඇමෙරිකාවේ මිල ඩොලර් 55,000යි. ඒ නිසා ඕක ලොකුවට හිතන්න එපා (නි)
පවු, මාධ්‍ය ප්‍රකාශකතුමාට බනින්න එපා. එයා මොනවා කරන්නද ත්‍රීරෝද රියදුරාගේ වැරැද්දට. ඒ නැතත් ඔයාලා කියන්නේ කාර් හිමියව අමාරුවේ දාන්න කියලද? මේ අහිංසක මිනිස්සු. සම්පූර්ණ වැරැද්ද කාගේද කියලා හෙට වෙනකොට කියයි (නි)
ඒ කියන්නේ දැන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක තුමා හැම රිය අනතුරක් ගැනම ප්‍රකාශ නිකුත් කරන්න පටන් ගනීවි නේද ඒකත් හොද ආසියාවේ ආශ්චර්යනේ.(නදී)
මෙවන් නිදහසේ ස්වර්ග රාජ්ජයට මාගේ දේශය අවදි කරනු මැන පියාණනි.(අ)
වෙරංග,හරියටම හරි. (නි)
ලංකාවේ ලොකු අය කරන වැරදි වලට ලොකු තැන් වලින් අනුග්‍රහයත් ලැබෙන බව මේ සිද්ධියෙන් පැහැදිලි වෙනවා.තව ඉදිරියට අපේ ගෙවල් වලට පැනලා අපේ ගෙවල් වල ඉන්න අයත් අරගෙන යයි.නීතිය අන්තිමටම පිරිහිලා (නි)
මේ අපේ පුණ්‍ය භූමියයි - නිදහසේ ස්වර්ණ රාජ්‍යයයි...?? (නි)
"පොලිසිය හා යුද හමුදා විශේෂ බලකායේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ වාහනය රැගෙන ගියේය" ආ! ඒ කියන්නේ මේ අර සෙල්ලම් වගේ අයද? (නි)
හැබැයි සමහරු හිතාගෙන ඉන්නේ හැම මනුස්සයම 2 පන්තියට විතරක් පාසල් ගිහින් කියලා. (නි)
අනේ හොඳයි. කොච්චර ආඩම්බරද අපට? (නි)
හොඳටම විශ්වාසද අනතුර වුණ වෙලාවේ වාහනය පදවපු කෙනාත් දැන් මේ අල්ලාගෙන ඉන්න කෙනාත් එක්කෙනාමයි කියලා? අපි දන්නා ලංකාවේ නම් මෙහෙම අයගේ රියැදුරුලා නිතරම මාරු වෙනවා. (නි)
කාගෙද මේක ඇත්තටම? (නි)
මේක දිහා අපි බලාගෙන හිටියා කවුද මේ පුද්ගලයා කියලා දැනගන්න. මේක තවත් භයානක තතත්වයක්. "යුද හමුදා විශේෂ බලකායේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳ සිටි පිරිසක් පැමිණ වාහනය රැගෙන ගියේය" කවුද මේ අය?ඇයි එහෙනම් පොලිසිය බලාගෙන හිටියේ? කෙනෙකුට කොහොමද තමන්ටම කියලා හමුදාවක් තියාගන්න අයිතියක්? වගකිවයුතු අය අපිට උත්තර දෙන්න ,කරුණාකරලා. මේක ඔයගොල්ලන්ගේ බූදලයක් නෙමෙයි. මේක අපෙත් රට. (නි)
අපිට ඉතින් හැමදාම නයා තමයි පෙන්නුවේ. (නි)
නියම නීතිය. අනතුරක් සිදු කර කෙනෙකුගේ කකුලක් කැඩූ රථයක් පොලිස් භාරයට පත් නොකර ගෙනගිය හැකිද/ පටන් ගැනීමම මෙසේ නම් පසුව තත්ත්වය කුමක් වේද? අද රටේ තිබෙන තත්ත්වය අනුව ත්‍රීරෝද අයිතිකරු සහ කකුල කැඩුණු තැනැත්තා කණගාටුවෙන් වුවද කෝඳුරුවෙකුට සම කළ හැක.කෙසේ වෙතත් මෙම පුවත එළිදරව් කිරීම ගැන ලංකාදීප බලදාරීන්ට පින් සහ ස්තුතිය! (නි)
අනිවාර්යෙන්ම මේක පිටුපස දේසපාලුවෙක් ඉන්නවා.(ස)
මහතුනි ඔබටතුමන්ලගේ වටින චන්දය නිසි ආකාරයට පාවිච්චි කරන්න. (දී)
නඩු කියන තැන තියෙන ප්‍රශ්නාර්ථය තමා අපිටත් ප්‍රශ්නේ (දී)
මට නම් හිතා ගතහැහි ලැබෙන දඩුවම ගැනත්.ඕනේ නම් රුපියල් දාහකට කිට්ටු වේවි. සමහර විට අත් හිටවූ සිර දඩුවමකුත් සමග.(දී)
අනේ අර ත්‍රිවිල් එකේ අසරණයාට තමා එකෙනුත් පාඩුව උනේ (දී)
මේ වගේ අයට ඇප දෙන්න නරකයි (දී)
වැටත් නියරත් ගොයම් කනවනම් කාට කියමිද මෙම නඩුව .අසරණ ත්‍රි විලර කරු ගැන දුකයි . ඉක්මනින් සුවපත් වේවා පතමි (ස)
මේ සැරේ නම්, නඩුයි, බඩුයි, රියදුරයි, තුනම හාමුදුරුවන්ගේ වගෙයි. (දී)
රටට ගිය කලක් (ස)
මෙතන තියෙන ප්‍රශ්නය මේ කාර් එක කීයද කියන එක නෙමේ. කොහොමද එක රටක නීති දෙකක් තියෙන්නේ කියන එක.... අනේ මට වැරදුනා අපි මේ කතා කරන්නේ ලංකාව ගැන නේ... (ස)
අනේ මට නම් මොකුත්ම හිතාගන්න බැහැ (නි)
මරණිය තුවාලයක් සිදු වෙලා නැත්නම් රියැදුරාව ඇප මත නිදහස්කරට ප්‍රශ්නයක් නැහැ , නමුත් මෙම වාහනයේ නොම්මර තහඩු නොමැති නිසා රියැදුර සහ වහනය නිදහස්කර එක වැරදි ,පොලිස්පති තුමා මේ ගැන ජනතාවට වගකීමට බැදී සිටි . (දී)
නයා මාක් වාහනේක ඇවිත් සිව්පා මාක් වැඩක් නේ කරලා තියෙන්නේ (දී)
මේ සිද්ධිය තුළ ලොකු අභිරහසක් නිර්මාණය වී ඇති බවට ලකුණු පහල වෙලා. සාමාන්‍ය නීතිය -0 අගය දක්වා පහළට වැටිලා ද කියා සැකයි. නීතියට සාමයට ගරු කරන පොදුජනතාව ගේ මේ තත්ත්වය දරා ගැනීමේ සහ ඉවසීමේ සීමාවේ ඉර ලකුණු කළ හැකි පරාසයක් තවත් ඉතිරිවී ඇත් දැයි සිතාගැනීමට නම් කිසිදු අවකාශයක් නොමැත. (දී)
රියදුරුගේ නම කියන්නද? (නි)
අනේ! මම 1 ශ්‍රී ෆෝර්ඩ් එකකින් ගිහින් මෙහෙම වුණා නම් කොහොමට හිටීවිද? (නි)
මේකට අදහස් දාපු අය ඇත්තටම ලංකාව ගැන දන්නා අය වෙන්න නම් බැහැ මට හිතෙන්නේ. මෙය සාමාන්‍ය දෙයක් විතරයි. මොකද මේක ලංකාව. (නි)
මේක මගේ කාර් එකද මන්දා? (නි)
මම හිතන්නෙ, මොහු තව වරදක් කරලා තියෙනවා. ගෙවිච්ච ටයර් දමාගෙන තමයි රිය පදවලා තියෙන්නෙ. (නි)
මම නම් හිතුවේ වෙන කාගේ හරි කියලා. බොරු වෙන්න ඇති නේද? (නි)