ඇමෙරිකාවේ ෆෝඩ් සමාගමේ නිෂ්පාදනය කැරෙන ෂෙල්බි ජි ටී 500 කාරයක් බොරැල්ල නාරාහේන්පිට පාරේ ඇල්විටිගල මහල් නිවාස අසල මහ පාරේ ත්‍රිරෝද රියේ හැපී ත්‍රිරෝද රථ රියදුරුගේ කකුල කැඩී රෝහල් ගත කළ බව ඇසින් දුටුවෝ කියති.
අධි සුඛෝපභෝගී ජී ටී 500 රියේ රෝදයක් ගැලවී ඩිකියට ද හානි සිදු විය.
අනතුර සිදු වීමත් සමඟ පොලිස් විශේෂ කාර්ය බළකාය පැමිණියේය.
අනතුරින් පැයක් ඉක්ම යන්නටත් පෙර වාහනය රැගෙන ගිය බව එහි සිටි අය කියති.
මෙම රියේ නොම්බරයක් ද නොතිබූ බව අසල්වැසියෝ කියති.
මෙවැනි කාරයක ඇමෙරිකාවේ මිල ඩොලර් 55110 (රුපියල් 7274520) පමණ වේ.
අනතුර සම්බන්ධයෙන් ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හළ බව පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අධි සුඛෝපභෝගී කාරයක් කියල කියන්නේ ලංකාවේදී විතරයි. මම ඉන්න රටේ මේවා තියෙනවා අපේ රටේ ත්‍රි රෝද රථ ගානට. කවුරුවත් බලන්නේ වත් නැහැ. (ස)
පෙළපාලි යන්න කොළඹ ආ කෙනෙකුගෙ එකක්. (ස)
නොම්බර තහඩුවක්වත් ගරාජ් අංකයක් වත් නොමැත. (ස)
වාහනය දාන්න ඇති පාර හරහා බලන්නේ නැතුව. (ස)
ඇමෙරිකාවේ තියා කොහේ හැදුවත් අපේ ත්‍රී වීල් එක තරම් හයිය නැහැ වගේ. (ස)
අනේ මේ අමිල නිකන් පොර ටෝක් දෙන්න එපා. ඔය ඔය රටෙම ඉන්න. අපිට අපේ දුප්පත් රට හොඳයි. ඔහේට වෙලා හොඳින් ජීවත් වෙන්න. (ස)
රෝදේ කාරෙකට අලවල ද තිබිල තියෙන්නේ. මෙහෙම රෝද ගැලවෙනවා නම් නිකන් දුන්නත් එපා නයා මාර්ක් කාර්. (ස)
ඔව් අනේ අපේ රට අපිට හොඳයි. (ස)
නම්බර් ප්ලේට් නැති මේ වාහනය කාගේද? (ස)
අමිල ඉතින් අපිට පාන්ද? අනික කවුරුවත් බලන්නේ වත් නැහැ කිව්වට ඔයා බලලනේ.. නැත්නම් මේ ජාතියේ කාර් ඔයා ඉන්න රටේ තියනවා කියල කොහොමද දන්නේ.කවුරුවත් බලන්නේ නැත්තේ අපේ ලංකාවේ එකනේ. ත්‍රී වීල් එක හැහැප්පුනේ.. ඔයා ළඟ දි අධි සුඛෝපභෝගී කාර් දැකල නිකන් සෝබන කතා කියන්න එපා. (ස)
අමිල, ඔයත් නයා මාර්ක් එකක් යැවුවා නේද? මේ ජාතියේ කාර් ත්‍රී රෝද රථ ගානට තියෙන ඔයා ඉන්න රට මොකක්ද? (ස)
මේක ලංකාවේ කීයක් වෙනවද ? (ස)
ඇත්තටම මේ රථය සාමාන්‍යයෙන් මිල අධික වාහනයක්.කාටද ඉතින් මේ වගේ එකක් පදින්න පුළුවන්. දන්නෝ දනිති.ආඩම්බර වෙනවා ලංකාවේ දියුණුව ගැන. (ස)
ආර්.එම්.ව් එක ලඟදි නේද හැප්පිලා තියෙන්නේ? පරීක්ෂා කරලා බලනවා නොම්මරේ නැත්තේ මොකද කියල. (දිල්)
ඉතා විශාල බලයක් සහිත එන්ජිමක් තිබීම සහ අධික වේගයෙන් යෑමේ හැකියාව වගේ දේවල් "සුඛෝපභෝගී" අංග විදියට නම් ගැනෙන්නේ, මේකත් සුඛෝපහෝගී එකක්. අමිල යම්තාක් දුරකට හරි. (ස)
අමිල, නිකන් කිච වුණා වගේ නේද? (ස)
මේක ගොඩක් සැපද? (ස)
ඇත්තටම කෝ නොම්මර තහඩු නැනේ මහා පාරක නොම්මර තහඩු නැතුව වාහනයක් පදවල රිය අනතුරක් කළ කෙනා කවුද ? ඔහුගේ රියදුරු බලපත අවලංගු කලයුතු නොවේද ? (දිල්)
විවිධ වර්ග වල වාහන නම් ලෝකයේ ඕන තරම් තියනවා අපි දැක තිබෙනවා. හැබැයි නොම්මර තහඩු නැති වාහන නම්, මහා පාරේ යනවා දකින්න පුළුවන් වෙන්නේ ලංකාවේ විතරයි කියලයි මට නම් හිතෙන්නේ. වාහනය දැක්කහම අපේ රථවාහන නිළධාරීන්ගේ ඇස් නිලංකාර වෙනවා ඇති. ඒ නිසා නොම්මර තහඩුව පෙනෙන්න විදිහක් නම් නැහැ. අනේ! අපේ ත්‍රි වීලර් මල්ලි කෙනෙකුට මොකද මේ වෙලා තියෙන්නේ? (ස)
අමිල ඉන්න රට ලොකුයි ද දන්නේ නෑ නේද? (ස)
අමිල ඔබ හරි. තවමත් අපේ රටේ ත්‍රි රෝද රථවත් හරියට තියෙන්නේ කී දෙනාටද? (දිල්)
මගේ වාහනෙත් හැප්පුනා එස් ටී එෆ් ආවේ නැහැනේ.... මොකක්ද හොරේ (දිල්)
http://www.ford.com/cars/mustang/trim/shelbygt500/(මේ කාරය ගැන තොරතුරු දැන ගන්න මෙන්න්න වෙබ් අඩවිය)(දිල්)
අනේ අමිල අපිට අපේ ගොන් කරාතේ වටිනවා. (ස)
ඇයි මෙතන එස් ටී එෆ් එකෙන් ඉන්නේ ?? (ස)
මේ කාර් එක කාගෙද කොහොම වුණත් ලොක්කෙකුගේ මෙකද ඒකනේ කලින්ම අරන් ගියේ (අ)
අමිලයට පිස්සු මේක ඇමරිකාවේ උනත් දුර්ලබ වහනයක්... ලංකාව වගේ දුප්පත් රටක මේ වගේ වහනයක් පාවිච්චි කරන්න පුළුවන් දෙශපලුවෙකුට නැත්නම් කුඩු කාරයෙකුට... (අ)
ඔය පේනවනේ, කාගේ හෝ නැට්ටක එල්ලෙන්න ගිහින් අනවශ්‍ය අදහස් පල කරනවා. අමිල කියල තියන දෙය ඇත්තයි.මෙම කාරය අධි සුඛෝපබෝගී වර්ගයට ගැනෙන වාහනයක් නොවේ. සමහර විට අමිල පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ වන්න ඇති. ඔස්ට්‍රේලියාව වැනි විශාල රටකට සුදුසු අධි එන්ජින් ධාරිතාවයකින් යුත් අධික වේගයකින් ධාවනය කල හැකි, ඉන්ධන දහනය වැඩි, ඕස්ට්‍රේලියාව වැනි රටක පාවිච්චි කල හැකි සාමාන්‍ය ෆෝර්ඩ් වර්ගයේ වාහනයක්. අනතුරට පත්වී ඇති මේ වාහනයේ හිමිකාරයා ලංකාවේ කාර් රේස් වලට සම්බන්ද කවරෙකු හෝ වන්නට ඇති . එතුමාට ලංකාවේ දී වාහන පදවන්න නොම්මර තහඩුව අවශ්‍ය වන්නේත් නැතිව ඇති. අනේ මන්ද? හමුදාවේ මහත්වරුත් පිරිලා ආරක්ෂාවට!! (අ)
මැටි වලින්ද කොහෙද හදල තියෙන්නේ මෙහෙම කැඩෙන්නේ ත්‍රී වීල් එක නියමයිනේ (දිල්)
ඕක අධි සුඛෝපභෝගී කාරයක් නෙවෙයි.... චයිනිස් ගොං කරත්තයක්. (ස)
කතා වැඩක් නෑ , නිතිය ක්‍රියාත්මක වෙන විදිය බලමුකෝ. බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ.(ස)
එස් ටී එෆ් එකෙන් එන්න තරම් බලගතු කෙනෙක් මේකේ යන්න ඇති.අනේ දෙවියනේ ඇති අය කති බොති නටති.පවු අහිංසක ත්‍රී රෝද රථ රියදුරා. (ස)
මේක ෆෝර්ඩ් මස්ටාන්ග් ශේල්බි ජී ටී ලිමිටඩ් එඩිෂන් කාර් එකක්. ඇමරිකන් ඩොලර් 200000 ක් විතර වටිනවා (ස)
ලංකාවේ මේ වගේ වාහන තියෙන්න ඕනි. අපිට වාහනේ විතරයි පෙනෙන්නේ. ඒ වගේ වාහන හදන වෙළඳ සමාගම උනත් ඒගොල්ලන්ට ගන්න පුළුවන්. වැඩිය හිතන්න එපා. මේක පොඩි දෙයක් විතරයි . (ස)
මමත් ඉන්නෙ විදේශ රටක .සල්ලි ටිකක් හොයාගෙන අපිනම් ලංකාවට එනවා..මොකද සල්ලි ජිවිතේම නොවෙන නිසාත් විදේශ රටක අපිට අපේ රටේ තියෙන සැනසිම සහනය නොදැනෙන නිසා...කුසුම් සහ අමිල දෙන්නට මෙහෙම කියන්නෙ..එයාලම අනවශ්‍ය අදහස් පලකරලා අනිත් අයට චෝදනා කරනවා. (ස)
මෙතන අදහස් දාන අයගේ අදහස් වලට හිනාත් යනවා.අවශ්‍ය දෙයට නෙමෙයි අවදානය යොමු කරන්නේ.අනතුරු එකක් උනහම ඇයි පොලිස් විශේෂ කාර්ය බළකාය එන්නේ.මෙතන අපේ සල්ලි වලින් කෝටි ගණන් වාහන අරගෙන අපේ සල්ලි වලින් තෙල් ගහගෙන පිස්සු කෙලිනවා.ඒවා වහන්න අපේ සල්ලි වලින් පඩි ගන්න අපේ සිවිල් සේවා පාවිච්චි කරනවා.මේ දේවල් කවදද ඉවර වෙන්නේ.මේවට සාප ඉල්ලනවා මිස දැන් වෙන දෙයක් කරන්න පුළුවන් කමක් ඇති වෙලා නැහැ අපිට (ස)
අමිල.. අනේ ඔයාට ත්‍රී විල් එකක් වත් තියෙනවද. ඔයා ඉන්න රටේ තියෙන එව්වට වඩා මෙහෙ එව්ව ඒ වගේ දෙතුන් ගුනයක් මිලයි. (ස)
කාගේද මේ කාර් එක? (ස)
අමිලත් පුදුම මෝඩ කතානේ කියන්නේ. ඔච්චරටම තියනවා නම් ඔයත් එකක් ගන්නකෝ (නි)
එහි උප්පැන්න සහතිකය තව ටික වෙලාවකින් ලැබෙයි. හැබැයි ප්‍රසිද්ධියේ නොවෙයි. ඒකට ටිකක් මහන්සි වෙන්න වෙනවා. (නි)
ඔය කාර් එක කාගෙද කියන එක ප්‍රසිද්ධ රහසක් වගෙයි (නි)
හාපෝ! ඉන්දියන් ත්‍රීරෝද රථයේ හැපිලා රෝදත් ගැළවිලා? මොකක්ද මේ රහස ඉක්මනින් පටවාගෙන යන්න? (නි)
කුසුම්, ඔයා අමිලගේ වලිගයේම එල්ලිලා වගෙයි. මෙම කාරය අධි සුඛෝපභෝගී නොවෙන්න පුළුවන්.ඒ වුණාට අමිලගේ ලොකු කතා මෙතනට හරියන්නේ නැහැ. (නි)
මම ඉන්නෙත් ඕස්ට්‍රේලියා වල.ඒත් මෙහෙ නම් එහෙම ගොඩක් නැහැ. සාමාන්‍යයෙන් ටිකක් තියෙනවා. (නි)
මටත් එස්.ටී.එෆ්. එකේ රක්ෂණයක් දාගන්න පුළුවන්ද? (නි)
මේ කියන හැටියට අමිල කියන එක්කෙනා ඉන්න ඕනෑ ඇමරිකා වල. (නි)
මෝඩ මිනිසුනේ, දැන්වත් අැස් ඇරපල්ලා.අපේ රටට මෙහෙම වෙලා තියෙන්නේ ඔය නිසා තමයි.සිහිවිකල් වෙලා මිනිසුන්ගේ. (නි)
වාහනය කෝටි ගාණක් වටිනවා වුණත් ටයර් හොඳටම ගෙවිලනේ. අනික ත්‍රීරෝද රථයේ හැපිලා රෝදත් ගැළවිලා? (නි)
මම නම් දන්නවා කාර් එක කාගෙද කියලා (නි)
ඇමරිකන් වුණත් වැඩක් නැහැ, ලන්කන් ඒවා ඊට වඩා හොඳයි (නි)
කාර් එක කාගෙ කියලද දැන් කියන්නේ? (නි)
පුදුමාකාර රටක්. වාහනයක් අනතුරකට ලක් වුණහම එස්.ටී.එෆ්. ඇවිල්ලා ඒ වාහනයට ආරක්ෂාව ලබා දී නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් එම රටේ ඇත්තේ කුමන නීතියක්ද? අනිත් එක එම වාහනයට නොම්මර තහඩුවක්වත් නැත. මෙයට වගකිවයුත්තෝ ඡන්දය දෙන අපි වගේ මෝඩයින්ය. (නි)
මොකක්ද අප්පේ ඒ වාහනය හැපුණ ගමන් එස්.ටී.එෆ්. එකෙන් එන රක්ෂණය? අපිටත් ආසයි ඒකේ රක්ෂණය වෙන්න (නි)
මම නම් මේ වාහනය ගැන ප්‍රශ්න කරන්නේ නැහැ. ඒ මොකද අපේ සමහර පාඨක භවතුන් රටේ සිදුවන දේවල් ගැන දරන අදහස් වල හැටියට කියාවි නොම්මර නැති වාහන කියන්නෙත් රටේ සංවර්ධනයේ ලක්ෂණයක් , ඒ ගැන ප්‍රශ්න කරන කෙනා කුහකයෙක් කියලා. (අ)
මේකේ අංක තහඩුව ගලවලා (අ)
මෙතන ඉන්න හුගක් අය දන්නේ නැහැ මොනවද ලංකාවේ වෙන්නේ කියලවත්. 3න් 4 දෙනෙක් කියපුව ඇත්ත. අපේ සල්ලි වලින් වාහන අරගෙන, අපිට පාර්ට් දානවා.අපේ අම්මල තාත්තලගේ සල්ලි වලට ටැක්ස් කියල ගහන ඒවා වලින් තමා මේවා ගන්නේ. අර අමිල කියපු දෙයත් ඇත්ත. ඉතින් පොඩ්ඩක් හිතල බලන්න කව්ද මෙතන මෝඩ කතා කියන්නේ කියල. (ස)
අයියෝ! මෙහේ නයා මාර්ක් වුණාට මම ඉන්න රටේ කියන්නේ ගැරඩි මාර්ක් කියලා (නි)
ඉතින් බලන්න ප්‍රනාන්දු, අමිලටයි කුසුම්ටයි මේක සාමාන්‍ය වාහනයක්ලු. අනික අමිල ඉන්න රටේ අපේ රටේ ත්‍රීරෝද රථ ගානට තියෙනවලු. හැම හන්දියක් ගානෙම පාක් කරලා තියෙනවලු.හයර් දුවන්නේ,යන්නේ,එන්නේ මේ කාර් එකේලු.අත දාපු ගමන් නවත්වනවලු. එහෙ ගෙවල්වලට ගස් ගෙනියන්නෙත් පොඩි පොඩි වැඩ කරගෙන්නෙත් මේ කාර් එකෙන්ලු. (නි)
වෙරංග මහත්මය, කලබල වෙන්න එපා ඕක තමයි අද ලංකාවේ සැබෑ තත්වය. සමහරු කාගේ නැට්ටේ හෝ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හදමින් , අපිටත් ඒක පෙන්වන්න හදනවා. ප්‍රසිද්ධ තැනක පහරල පත්තර කොලේකින් වැහුවට යට තියෙන්නේ මොනවද කියල ඔය වහන අයත් මේවා දකින අපිත් දන්නවා. පත්තර කොලෙන් වැහුවට උෂ්ණය වහන්න නම් බැහැ මෝඩ මිනිසුනේ! නොම්මෙර තහඩුව, හමුදා ආරක්ෂාව අපට පෙනෙන්නේ නැහැ අනේ! (ස)
මේ කාර් එක කාගෙද කියලා මම දන්නවා (නි)
ඉහත කොමෙන්ට්ස් දාපු අඥාන උදවිය වගේ අය මම ඕන තරම් දැකල තියෙනවා.ඔහෙල නිකන් ලිඳේ ඉන්න ගෙම්බන් වැනිය. මම ඉන්නෙ ඉන්දියාවෙ. (ස)
මෙතන අදහස් දාන අය අමිලව අල්ලාගෙන ඇත්ත ප්‍රශ්නය යටපත් කරනවා.සමහරු අමාත්‍යංශවල හැංගිලා ඉන්න අයව හොයන්න යන්නේ ඒගොල්ලොන්ට අයිතියක් තියෙන නිසාලු.එහෙම නම් අපිට අයිතියක් නැද්ද මේ වාහන අයිති අය මේවා ගත්තෙ කොහොමද කියලා දැනගන්න? (නි)
පේනවනෙ, අංක තහඩුවත් නැහැ වාහනේ. කාගේ හරි ඇමතියෙක්ගෙ හරි පුතෙක්ගෙ හරි වෙන්න ඇති.පේනවනෙ එස්.ටී.එේ. එකෙන් ඇවිල්ලා ඉන්න හැටි. අපේ අතින් ඔය වගේ වරදක් වුණා නම් නඩු පිට නඩු දාලා.කොහොමහරි දැන් හැප්පූ කෙනා එයාගේ බංගලාවෙ ඇති, හිනා වෙවී. ළගදිම ඕක හදාගෙන ආයෙත් යයි. (නි)
කාගෙද මේ නයා මාර්ක්? (නි)
මමත් ඉන්නේ නම් ඇමෙරිකා වල. මම අනික් රටවලත් ගොඩක් ගිහින් තියෙනවා. එහෙත් ත්‍රීවිල් ගානට නම් කොහෙවත් මේ වගේ ඒවා නැහැ. අනික මේක සුඛෝපභෝගී වාහනයක්. (නි)
මේක කාගෙද කියලා දැනගන්න පුලුවන් විදියක් නම් තියෙනවා... (නි)
සියලු වාහනවල රතු ඉරි දෙකක් ඇත්තේ කාගෙද කියලා අපි නම් දන්නවා (නි)
මම කියන්නද මේක දැනගන්න විදිහ? (නි)
ටයර් එක ගෙවෙන්නම නම්බර් ප්ලේට් නැතිය දුවලා වගේ.(නදී)
දැන් අර ප්‍රකාශක තුමා ඔය පිලිබඳ සත්‍ය ජනතාවට හෙළි කරයි. ඔය සෙල්ලම් කාරෙකක් කියයිද? නොම්මරත් නැහැ? (නදී)
ගරාජ අංකයක්වත් නැතුව මේක පාරේ ගියේ කොහොමද කියන එක එක ප්‍රස්නයක්. ත්‍රී විල් එකක හැපිලා රෝද ගැල වෙනවා නම් මේක හදල තියෙන්නේ අමෙරිකාවේද ඉන්දියාවේද කියන එකත් ප්‍රස්නයක්. අනේ අපිටත් දැනගන්න කියන්නකෝ මේක කාගේද කියලා.(නදී)
කාර් එකක් හින්ද ලැජ්ජාවක් වුනාද දන්නේ නැහැ. ඒ මදිවට එතුමා ඉන්නෙ ඉන්දියාවෙලු. (නදී)
රට ඉන්න අයව පහත් කරන්න අපි දක්ෂයි. මේක අපි දන්නා භාෂාවෙන් නම් ඉරිසියාව. හෙට නිව්ස් එකක් දාන්නකෝ ඇමරිකන් එම්බසි එකේ විසා දෙනවා කියලා. පෝලිම ඇති කළුතරටම. (නදී)
ඔය කාර් එක ගෙනියන ලොරියේ අංකයට කෝල් එකක් ගත්තා නම් හරි. කාගේද කියලා දැනගන්න තිබුනා. මේක පිටරට අධි සුඛෝපභෝගී කාර් එකක් නොවුණත් අපේ රටට මේක අධි සුඛෝපභෝගී කාර් එකක්. අනික මේක සුඛෝපභෝගී කාර් ඝනයට තමයි අයිති වෙන්නේ. (නි)
අපි වාහනයක් අංක තහඩු නැතුව අරගෙන පාරේ ගියොත් අපිටත් පොලිසියෙන් මේ වගේ සළකයිද? තවත් දෙන්නකෝ ඡන්දෙ (නි)
අනේ මේ, අපේ කට්ටිය කට වහගත්තොත් හොඳයි. නැත්නම් අරගෙන යයි සුදු වාහනයකින් අදම ඇවිල්ලා... (නි)
මේක සුඛෝපභෝගී වාහනයක් (නි)
ඇයි නම හෙළි කරන්නේ නැත්තේ? (නි)
මේක අපේ ලොකු ලොක්කෙක්ගේ පුතෙකුගේ වෙන්න බැරිද? (නි)
අපිට නම් මේකේ මහ ලොකු සුඛෝපභෝගී ගතියක් පෙනෙන්නෙ නැහැ (නි)
ඔය වගේ කාර් ලංකාවට අධි සුඛෝපභෝගි වුණාට මෙහෙ ඔය වගේ කාර් නිකන් ලංකාවෙ ත්‍රීවිල් වගෙයි (නි)
මටත් හිතෙන්නේ එ්ක රථවාහන සම්බන්ධ අලුත් නීතියක් වෙන්න ඇති නේද? (නි)
දැන් මේ රටේ රථවාහන නීතිය කියලා එකක් තියෙන්නේ දුප්පත් මිනිස්සුන්ට විතරද? ලොකු ලොක්කන්ට නැද්ද?පොඩි මනුස්සයෙක්ගේ වාහනයක් හැපුනම පොලිසියේ මහත්තුරුත් අකුරටත් නීතිය කරන්න හදනවා. (නි)
මේකට අපේ අහිංසක ළමයෙක් හැප්පුවානම්. මේ කාර් වලට කව්ද පාරේ යන්න දෙන්නේ. අනේ මන්ද රටේ දියුණුව තමා.(නදී)
මමත් ගන්න ඕනේ එස් ටී එෆ් ඉන්සුරන්ස් එකක්.(නදී)
මේ සල්ලිත් මහජනතාවගේද? (නි)
මේවා වෙන රටවල ත්‍රී වීල් වගේ කියනඅයට තේරෙන්නේ නැද්ද දන්නේ නෑ ලංකාවට වාහනයක් එනකොට 200% විතර තීරු බද්දක් ගහනවා කියල.එතකොට ඒ රටේ මිල වගේ තුන් ගුණයක් විතර වෙනවා.ඔය කියන රටේ තමා මමත් ඉන්නේ.ඒ රටෙත් ඩොලර් 55,000 කියන්නේ ලොකු ගාණක් නමුත් මහන්සි වෙලා වැඩ කරන මනුස්සයෙක්ට ඔය වගේ එකක් ගන්න එක ලොකු දෙයක් නොවේ.අනිත් එක කොච්චර නෑ කිව්වත් ඕක මෙහෙත් සුපප්පබෝගී ගනයට තමඊ අයත් වෙන්නේ.(අ)
මේ ඔය අය මොනවා කිවුවත් ඔය වාහනය හදන්නේ මෙහෙ, කිවුවට මෙහෙත් මිළ අධිකයි. ඕක මොනවද මෙහෙ තියෙන වාහන බැලුවහම? ඒක නෙමෙයි ප්‍රශ්නය,ඕක කාගේද කියන එක.හැමෝටම බැහැ ඕවා පාවිච්චි කරන්න.හයි වේ හදන්නේ ඕවට යන්න තමයි.මොනවා වුණත් රට දිහා බලනකොට දුකයි.රටේ දියුණුව හොඳයි. නමුත් සුළු කොටසක් සැප විඳිද්දී බහුතරයක් දුක විඳින එක හොඳ මදි (නි)
දැන් කවුරුහරි කියයිද දන්නෙ නැහැ, කාර් එකක් හැපුනේ නැහැ, ගුවන් යානයක් කඩාවැටුණා කියලා. ආශ්චර්යය! (නි)
අපිට මොකෝ කාගේ වුණත්? අර ත්‍රීවීල් සහෝදරයා ගැන හොයලා බැලුවා නම් තමා හොඳ. එදා වේල හොයාගෙන කන අහිංසක මිනිහෙක්. (නි)
අනේ අපිට නම් මෙහෙම කාර් එකක් නැහැ (නි)
නයා මාර්ක් වාහනය දැකලා, හොඳට නයි නටවලා පුරුදු අය, අපට නයා පෙන්වන්න හැදුවට, ඔය නටවන නයාම තමන්ටම දෂ්ට කරපු දාට තමයි, නයාගේ නියම රඟ දැනෙන්නේ. නයාට මොකටද නොම්මර තහඩු? හමුදා ආරක්ෂාවක් තිබුනම මදිද? නයා සුඛෝපභෝගිද කියලා ගැරඬි ටික හිතනකොට, නයි නටවන්නෝ, ඔවුන්ට නයා පෙන්නලා ඉවරයි. අනිච්චාවත සංඛාරා! නැහැ. මම මේ ගැරඬි ටික ගැනයි එහෙම ලිවුවේ. (නි)
කාර් එකේ ටයරය ගැලවිලා බොනට් ඇදෙ වෙලා මඩකවර ගැලවෙද්දී ත්‍රී වීල් එක පොඩ්ඩක් තැලිලා ලයිට් එක කැඩිලා විතරයි නේ. අර රට පොරවල් කිව වගේ මේක මහා ලොකු කාර් එකක් වෙන්න බෑ.(අ)
මේකත් සෙල්ලම් කාර් එකක් වෙයිද ? (අ)
මම මෙතන පණ්ඩිත කතා කියන්න හදනවා නෙවේ , මේක අධි සුඛෝපභෝගී කාර් එකක් නොවේ . (අ)
මම ඉන්නා රටේ මේවාගේ වාහන නැහැ . නමුත් ඔය අමිල වාගේ ශිරොත් වාගේ බොරු වැඩ දාන අය ඉන්නවා බොහොම (අ)
අනික ඔය සෝබන දාන වැඩි හරියක් ඔය ගණන් කියන ලොකු වාහන මෙහෙ දුවපුව. අඩු ගාණට අරන් අලුත් වැඩිය කරලා ආපුව පෙනෙන්නේ නැද්ද ගැලුණ රෝදේ ඇතුල මෙහෙන් අඩුවට අරන් ඔහේ ෂෝ දානවා ,අනික නීතියක් තියෙනවද නොම්මර නැතුව දුවන්න ,එකයි එස් ටි එෆ් එකයි වටකරගෙන ඉන්නකොට තේරෙනවනේ අයිති කරු කොහොම කෙනෙක්ද කියල ,තවද කියා යුතුයි මේ ඉරිසියාවට කියනවා නෙමෙයි මමත් මෙහෙ හොඳ ලොකු ඔවැනි වාහනයක් පාවිච්චි කරන නිසා ,අනික ඔය විදිහට කැඩුන එක පුදුමයි .(අ)
ත්‍රිරොදයට මාර වැඩක් වෙලා තියෙන්නේ (අ)
නයි කයි
ඇමරිකාවේ අධි සුකොපබෝගී වාගන ඔහොම නම් ඉන්දියාවේ ත්‍රි විලරය ඒකට වඩා බොහෝ වටිනවා (අ)
මේක අධිසුඛෝප භෝගී කියන්නේ කවුද මේක රෙසින්ග් කාර් එකක් ඇමෙරිකාවේ ෆෝර්ඩ් සාමාගම හදන්නේ මෙයා යන්න ඇති හැටට ටිකක් ගණන් එකක් වාහනයක් (අ)
මේ කාර් ලංකාවේ රේගුවේ අයට මැජික් වගේ නිසා මිනිස්සුන්ටත් මැජික් වගේ .(අ)
මොකක්ද දැන් ප්‍රකාශකතුමා කියන්නේ? (නි)
මේක පිටරටවල් වල ලොකු වාහනයක් නෙමෙයි.ලංකාවට ගෙන්වද්දි ගෙවන බද්ද නිසා තමයි මෙය ලංකාවට ලොකු වාහනයක් වෙන්නේ.ලංකාවේ වාහනයක් ගන්න සල්ලි වලින් වෙන රටකදි ඒ වර්ගයේ වාහන 3ක් ගන්න පුලුවන්. (නි)
අමිල ඉන්නේ මේ ලෝකේ නම් වෙන්න බැහැ.මොකද ඇමරිකාවේ වුණත් මේක සුඛෝපභෝගී වාහනයක්. (නි)
නයා නෙමෙයි ගැරඩියා මාර්ක් වුණත් අංක තහඩු තියෙන්න එපැයි (නි)
දැන් ඉතින් කකුලක් කැඩුනේත් නැහැ කියයි,හැපුනෙත් නැහැ කියයි, අමතකයි කියයි. කාර් එක නම් හාදාගනියි. අර මනුස්සයාගේ කකුල සල්ලි වලට යට වෙයිද? (නි)
ෆෝර්ඩ් ජීටී මස්ටන්ග්... මේ කාර් එකට කියන්නේ මස්කල් කාර් කියලා.මේක සුඛෝපභෝගී කාර් ගණයට අපේ ලංකාවේ ගත්තට හරි එක තමා මස්කල් කාර්. අධික වේගයකින් යන්න පුළුවන් සිලින්ඩර 8ක ධාරිතාවය 5800 සීසී,අශ්ව බල 662 බලය අපේ ලංකාවේ පාරවල් ඉඩ නැහැ.කාර් එකේ පරිමාව දැනගෙන එළවන්න අපි පුරුදු වෙමු.මුලින්ම මේ කාර් එක හඳුන්වා දුන්නේ ඇමෙරිකාවේ ෆෝර්ඩ් සමාගම 1964දී. තවම අවුරුදු 50ක් තිස්සේ මේ කාර් නිෂ්පාදනය කරනවා. (නි)
අශාන් දන්නවා නම් වහෙන් හොරෝ හරි නම කියන්න. නැත්නම් එයාගේ තනතුර කියන්න. එසේ නැත්නම් අපි හිතන්නේ ඕක හිමිකරුවා තවත් දෙපත් නයෙක් කියලයි (නි)
කෝටි ගණන් වටිනා වාහන දැන් අපේ රටේ වැහි වැහැලා. මෙහෙවු දියුණු රටක අර දැරිවියක් සෙරෙප්පු දෙකක් දාගෙන පාසල් ගිහින් තිබුනේ දුප්පත් නිසා නම් වෙන්න බැහැ. ඒකත් විපක්ෂයේ කුමන්ත්‍රණයක් වගේ නේද ? (නි)
මේක පාවිච්චි කළ කෙනා තමයි මම දන්න විදියට අැමරිකාවෙන් වාහනේ ගෙනාවම වම්පැත්තේ පැදවීම දකුණට මාරු කරන වැඩේ කරලා තියෙන්නේ. (නි)
ආ මේක මේ ෆිල්ම් එකක් කරන අතරේදී හැප්පිලා වෙන්ඩ ඇති. ඒක තමා අංකයක් නැත්තේ.(අ)
මේ වාහනයේ බදු කීයක් වෙනවාද කියලා දන්න කෙනෙක් ඉන්නවද? බදු විතරක් කෝටි ගණනක් වෙන්න ඕනෑ. (නි)
පුදුම මාර්ක් එකක්නේ.... (නි)
මගේ රටට දළදා හිමි සරණයි!මොකද දුප්පත් කෙනෙක්ගේ වාහනයක් අංක තහඩු නැතුව ගිහින් හැපුනා නම් කාගේ පිහිටක්ද? ලංකාවේ නීතිය කොහෙද? පිටරටක ඉන්න අපි ලංකාව ගැන හිතන්නේ කොපමණ ආඩම්බරයකින්ද? (නි)
අනේ මේ කාර් එක ටත් කඩේ යන වනේ.(නදී)
මේක අධි සුකොපභෝගී නෙමේ. හැබැයි අධි වේගී.(නදී)
අමිල , කුසුම් වගේ මොලේ අමාරු කාරයෝ හින්ද තමයි අද ලංකාව වලපල්ලට ගිහිල්ල තියෙන්නේ.(නදී)
මෙම වාහනය ෆෝර්ඩ් මස්ටන්ග් ජිටි 500 වර්ගයේ එකක්. අලුත් එකක් නොවේ. අලුත් එකක මිල ඩොලර් 55000 ක් විතර වෙනවා. පාවිච්චි කළ වාහන ඩොලර් 15000 හෝ 20000 ක් වනවා, සාමාන්‍ය තත්ත්වයේ ඒවා. මේක අධි සුඛෝපභෝගී වහනයක් නොව ස්පෝර්ට් වර්ගයේ වාහනයක්. මධ්‍යම පන්තියේ ඇමරිකානු වැසියකුගේ වාර්ෂික වැටුපක්. ඇමරිකාවේ සුඛෝපභෝගී වාහන කියන්නේ වෙනත් වර්ගයක්. මේවා ස්පෝර්ට් වර්ගයේ ඒවා (නි)
හී හී... අපේ ලංකාවට මැජික් වගේ. කුවේට් එකට සෙල්ලම් බඩු වගෙයි (නි)
අපිනේ දන්නේ ඔය නයා ගැන.. (නි)
අපේ රටේ මිනිස්සු 21 ක් අත් ට්‍රක්ටෙර් එකක ගිහින් 11ක් මරුනේ ගිය මාසේ. මේ කර එක අපේ රටට ගෙන්න අධි සුකොපබෝගී ටැක්ස් ගෙවන්න වෙනවා. (අ)
රට කෑවා! (නි)
රටේ අහිංසක මිනිස්සුන්ට බඩු මිළ වැඩිකරලා, ලොකු ඇත්තෝ සල්ලි වලට කරන අපරාධ? දෙවියනේ! (නි)
අනේ අමිල,මේක සීමිත සංඛ්‍යාවක් ඇති වාහනයක්... (නි)
ඔය වාගේ වාහන ගෙන්වන්නේ අධි සුඛෝපභෝගී විදියට ලංකාවේ ගත කරන එක්තරා පැලැන්තියක්. වාහනයේ මිල කොපමණ වුවත් බදු ගෙවීමක් අවශ්‍ය නැහැ. රාජ්‍ය සේවය පිණිසයි. වරායෙන් රේගුවෙන් කෙලින්ම ගෙදරට.පැදවීමට නොම්මර තහඩු අවශ්‍ය නැහැ. පොලිසිය සහ හමුදාව දන්නවා කාටද අයිතිය කියා. අපිත් දන්නවා කියන්නට බැහැ ප්‍රසිද්ධියේ (නි)
කෝ මේ අමිල? (නි)
මම නම් ඔහොම එකක් දැක්කේ මේ පින්තූරෙන් තමයි මුලින්ම. මට නම් ප්‍රශ්නය කාර් එකවත් හැපුණු එකවත් නෙමෙයි.මේකේ අංක තහඩුව ගැන.මං හිතන්නේ මාධ්‍ය වලින් ප්‍රශ්න කළයුතු දෙයක් මේක.මොන බලවතාටවත් බැහැ රටේ පවත්නා පොදු නීතියට පිටින් වහනයක් පාරට දාන්න.එහෙම දැම්මා නම් පොලිසිය බය වුණාට මාධ්‍ය බය වෙන්න අවශ්‍ය නැහැ.මේක කාගේද කියලා හෙළි කරන්න.පැදෙවුවේ කවුද කියලා හෙළි කරන්න.අපේ කුතුහලය නිවාරණය කරන එක මාධ්‍යයේ වගකීමක් (නි)
ඇත්ත තිත්තයි. (නි)
හැමදේම විහිලුවට ගන්න එපා යාලුවනේ.හැළියේ ඉන්න කකුළුවන්ට වෙනදේට වැඩියමක් අපට වෙයි කියලා හිතන්න අමාරුයි. හිනාවෙන්නේ අපේ අයටමයි.පාලකයන්ගේ කෝලම් වලට වඩා වැඩි යමකට තියෙන්නේ ත්‍රීවිල් යාලුවට සිදු වූ දෙය පමණි.දුක කියන්නේ මේ කෝලම් කරන්නේ ජනතා මුදල් නාස්ති කරමින් වීමයි. ඊළගට කතිරය කල්පනාවට පාවිච්ච් කරන්න (නි)
ඔය වාගේ වාහන නොව, ලෝකයේ තිබෙන ඉහළම වටිනාකමේ සහ සුපිරි අධි සුඛෝපභෝගී වාහන දකින්න එන්න ඩුබායි නගරයට. සමහර කුමාරවරුන්ට (ෂෙයික්) තිබෙන වාහන රන් ආලේප කළ රිදී ආලේප කළ ඒවා. එම වාහන මෙම රටටම පමණක් සාදපු ඒවා. ඒවා සාදන රටේ ඉන්න අයවත් නොදන්නා නුදුටු ඒවා (නි)
අපිට නම් ඕවා ලොකු වාහන නෙමෙයි.දැකපු නැති අයට හොදයි.මෙහෙ අපි සපත්තුවේ ලේස් ගැටගහන්නෙත් ඕවායේ රෝද උඩ තියලා. (නි)
ඔය කාර් එක මගේ කිවුවොත් කට්ටිය මොකද කියන්නේ? (නි)
බන්දුල පෙරේරා, ඔයා නේද මීට පෙර දවසකත් නිකන් සවුත්තු වුණේ, ලොකු කතා වගයක් දාන්න ගිහිල්ලා? (නි)
ලෝකේ ධනවත් රටවල් සමඟ අපේ රට සංසන්දනය කරලා මවුරට හෑල්ලුවට ලක් කරන්න එපා.කෙනෙක් කියලා තියෙනවා කුවේට් වල සෙල්ලම් බඩු වගේ මේ වාහන කියලා. අනේ බොරු නොකියා ඉන්න. තියනවා තමා. ඒත් හැමකෙනාටම නෙමෙයි.ඒත් අපේ රටේ මෙහේ වගේ තෙල් අාකර නැහැනේ, ඒ අයට වගේ කෝටි ගණන් වියදම් කරලා වාහන ගන්න. (නි)
ඔය වාහනයක් මටත් තියෙනවා මෙහෙ. පොඩ්ඩක් දුවපු වාහනයක් මම ගත්තේ. මේක අධි සුඛෝපභෝගී නොව වේගයෙන් පැදවීමට ගන්නා එකක්. බොහෝ අය වාහනය ගැන කරුණු නොදැන ලියන්නේ (නි)
ඔතන ළඟ තියෙන නිවාස සංකීර්ණයක් තියෙනවා, ඒකේ වෙන්න ඕනෑ මෙයා ඉන්නේ (නි)
මේක මොන බබාගේද කියලා මම නම් දන්නවා (නි)
කිරි කිරි නයා මාර්ක් රථය.... (නි)
ලංකාවේම මීට වැඩිය වටිනා වාහන කොච්චර තියෙනවද? (නි)
නයා මාර්ක් වුණත් මොකෝ, රෝදත් ගැළවිලා! (නි)
පවු නයා රිය! (නි)
පින්තුර වලින් පෙනෙනා විදියට මෙය මලකඩ කාපු පරණ වාහනයක් . අපේ රටට ඒකත් ලොකුයි . මොකද වාහනේ ඇමරිකන් නිසා. නමුත් පාවිච්චි කරන්නේ ඇමරිකන් විරෝධියෙක් වාගේ.(නදී)
අනතුර සිදුවන අවස්තාවේ වාහනය පදවමින් සිටි තැනත්තා නොම්මර තහඩු ගලවාගෙන පැන ගොස් වියාපාරිකයෙක් දලේ දමා ඇත! අහෝ! නමුත් අප සතුටු විය යුතුය මෙවැනි කාර් රත අප හට දුලබ දසුනකි(ස)
ආසියාවෙි ආශ්චර්‍යය (ස)
මොකද හැමෝම හිතන්නේ සුඛෝපබෝගී වාහනයක් පාරේ දැක්කම ඒක අයිති මහ පවුලට කියලා (ස)
තමන්ගේ උගත් බවත් හෝ පොහොසත් බවත් . එය ඔවුන්ගේ ක්‍රියාවෙන් ඔප්පුවනවා (ස)
1. මේක නිෂ්පාදිත රටට හෝ වෙනත් රටකට සාමාන්‍ය කාරයක් වුවත් ලංකාවට සුඛෝපබෝගී කාරයකි. (නෑ කියන අය කියන්න කෝටියට වඩා වටිනා ලීටර් 5.8 එන්ජිම තියන American Muscle කාර් හැම වෙලේම ලංකාවේ පාරවල් වල යනවද කියල) 2. නොම්මර තහඩු නැතුව යන්න අනිවාර්යෙන්ම බලවතෙක්ගේ වෙන්න ඕනේ. 3. විශේෂ කාර්ය බලකාය සැනින් ඒමෙන් ඉහත කරුණ සනාථ වෙනවා. 4. කාරයේ අයිතිකරු රටේ නීතිය එතරම් බල නොපාන අයෙක් විය යුතුයි. 5. මුදල් අවීනීතිය බලය සියල්ලන්ගේම බලපෑම අහිංසක ත්‍රී රෝද රථ රියදුරා මතයි. රට මේ අතට යන එක ගැන අපි හැමෝම දුක් වෙන්න ඕනේ (ස)
මොන මාර්ක් උනත් මේක ස්පෝර්ට් වලට ගන්න කාර් එකක් .අපේ අරාබි අය ගාවත් මේවගේ කාර් එකක් තියනවා [.ලොකුකම පෙන්නනවා නෙවේ .] (ස)
මේක මහලොකු වටින වාහනයක් නෙමේ . මීට වඩා මොන්ටේරෝ, ප්‍රාඩෝ සෑහෙන්න ගණන්. (ස)
මේ කාර් එක කාගේද කියල අපි දන්නවා මේකේ වම දකුණ මාරු කලේ අපි වැඩකරපු කඩුවෙල තියෙන කොම්පැනියේ තමයි , මේකේ නියම මිල රු.කොටි ,,11.5 වෙනවා. (ස)
මේක කාගෙද ? ඔච්චර ඉක්මනට එස් ටි එෆ් එක එන්න විදියක් නැහැනේ. කොහොම උනත් මේක අධි සුඛෝපබෝගී වහනයක් නෙමෙයි ආයුබෝවන්ඩ. මේක සපෝර්ට් කාර් එකක්. ඕක ඩොලර් ලක්ෂ 200,000 වෙන්නේ නෑ. ඕනනම් උපරිම 2014 මොඩෙල් එකත් ඩොලර් 75,000/= ට අඩු මිස වැඩි වෙන්නේ නෑ. (ස)
මෙතන ප්‍රතිචාර දාන අයගෙන්ම තේරෙනවා ලංකාවේ මිනිස්සුන්ගේ බුද්ධියේ තරම.මෙතන ප්‍රතිචාර දාන්නේ යම් ප්‍රමාණයක උගත්කමක් තියෙන අයනේ.නැතිනම් අන්තර්ජාලය පාවිච්චි කරන්න බැහැනේ. මෙතැන සිද්දවෙලා තියෙන සිදුවීමේ තිත්ත ඇත්ත දකින්නේ නැතිව මේ කාර් එක ගැන එක එක්කෙනාගේ දැනුම් මට්ටම් ප්‍රදර්ශනය කරන්නේ, විවේචනය කරගන්නේ ඇයි? කාගේ හරි වාහනයක් නීති විරෝධී විදිහට පාරේ ගිහින් හැප්පුනාම ඒකට එස්.ටී.එප් එකෙන් ආරක්ෂාව දෙන්න තරම් මේ රටේ කැලෑ නීතිය රජකරන වෙලාවක ඔයාලා මෙතන කාර් එකේ ජාතකේ ගැන හොයනවා. මේ ත්‍රී වීල් එකේ මනුස්සයා මලත් මේ අය බේරෙනව. මේ රටේ ඇත්ත දැවෙන ප්‍රෂ්ණ බුද්ධියෙන් නොදැක මිනිස්සු වෙන වෙන විකාර කරනවා. එක මොහොතකට හිතන්න අපි ඊ ලග පරම්පරාවට මේ වගේ කාලකන්නි රජ කරන, නීතිය වල් වැදුන, දූෂණය වංචාව ඉහවහා ගිය රටක්ද බාරදෙන්නේ කියලා. ඔබත් මමත් මේ සිදුවනදේට වග කිව යුතුයි. (ස)
ඔය වාහන වල එන අය ගැන අපි දන්නවා. (ස)
මගේ කාර් එක (ස)
වාහනය අයිතිකරු පොහසතෙක් රජයට සම්බන්ද කෙනෙක් බව සියලුම දෙනාම හොදටෝම දන්නවා .දැන දැන විවාද කරන්නේ ඇයි.ඔය කාට කාටත් මුදල් සහා ඉහල තැන්වලින් උදවූ තිබුනානම් බලන්න තිබුණා. දාන සෙල්ලම .(ඇත්තෝ කති බොති .නැත්තෝ විරවති)ජීවිතය මල් උත්සාහය තියන කල් .(ස)
ජයන්ත, දැනගන්න එස්ට්ෆ් කියන්නෙත් පොලිස් විශේෂ කාර්ය බලකාය කියලා. (ස)
ලක්මාල් සහෝදරයා බොරුවත් කියන්න කලින් සිතන්න . රුපියල් කොටි 11 හමාරක් වටිනා වහනයක් ගත්ත කෙනාට ඕක ඉල්ලුම් කරන්න තිබ්බ ලංකාවේ දකුණෙන් පදවන්න . කොටි ගණනක් වියදම් කර ගෙන්වා ලක්මාල් ගේ කම්මලෙන් ඕක හදා ගන්නට ඕනේ නෑ .මොකද ඔය කාර් හදනවා ලෝකයේ තව රටවලට දකුණෙන් පදවන . (ස)
මම ඉන්නෙ කැනඩා වල,මට තියෙනවා මේකෙ කලින් එක මම හිතන්නෙ නෑ ඕවා ලංකාවට ගේන්න පුලුවන් ලොකු ලොක්කන්ට විතරයි කියලා. (ස)
මනෝජ් ඔයා කියන කතාව සම්පුර්ණ ඇත්ත . මමත් සජා ඉන්න නිසා . ඔය වාගේ කාර් එකක් සැමදාම උදේට ඔබ සෝදනවා මම දැක තිබෙනවා . (ස)
ඕක තමඊ අපට වෙලා තියෙන්නේ.අපි අපි රණ්ඩු වෙනවා තේරුමක් නැතුව.(ස)
අපෝ ඕක මහලොකු ගානක් වෙන කාර් එකක් නෙවෙයි. (ස)
එස්.ටී.එෆ් එකට වෙනම නීතියක් ද තියෙන්නේ. (ස)
$25,000 - 2014 වෙනවා. (ස)
මේ කාර් එක ගැන එක එක්කෙනාගේ දැනුම් මට්ටම් ප්‍රදර්ශනය කරන්නේ, විවේචනය කරගන්නේ ඇයි? කාගේ හරි වාහනයක් නීති විරෝධී විදිහට පාරේ ගිහින් හැප්පුනාම ඒකට එස්.ටී.එප් එකෙන් ආරක්ෂාව දෙන්න තරම් මේ රටේ කැලෑ නීතිය රජකරන වෙලාවක ඔයාලා මෙතන කාර් එකේ ජාතකේ ගැන හොයනවා. මේ ත්‍රී වීල් එකේ මනුස්සයා මලත් මේ අය බේරෙනව. මේ රටේ ඇත්ත දැවෙන ප්‍රෂ්ණ බුද්ධියෙන් නොදැක මිනිස්සු වෙන වෙන විකාර කරනවා. එක මොහොතකට හිතන්න අපි ඊ ලග පරම්පරාවට මේ වගේ කාලකන්නි රජ කරන, නීතිය වල් වැදුන, දූෂණය වංචාව ඉහවහා ගිය රටක්ද බාරදෙන්නේ කියලා. ඔබත් මමත් මේ සිදුවනදේට වග කිව යුතුයි. (ස)
මේක ලක්ෂ 400 විතර වෙනවා ලංකාවට ගෙනාවොත් සාමාන්‍ය මනුස්සයෙක්! (ස)
අනේ අමිල. ඔය හැප්පිලා තියෙන්නේ, ටාටා නැනෝ එකක් නෙවෙයි!.. නිකන් ලොකු ටෝක්ස් දල, මෝඩයෙක් කියල පෙන්නන්ඩ එපා හලෝ. මමත් ඉන්නේ පිටරට ටමි... අපේ රට උතුම්! නිකන් පාච්චල් කරන්නේ නැතුව ඉන්න. (ස)
මේකේ මම වගේ පෙනිලා (ස)
අපි කුවේට් වල මේවයේ බැටළුවෝ පටවනවා. (ස)
ඔය සෝබන කාර් එක තිරික්කලය තරම් නොවටි (ස)
මේ වීඩියෝ පටය අවසානය වෙනකම් බලන්න. එකේ ඉන්නවා සුදු ටි ෂර්ට් එකක් ඇඳපු කෙනෙක්,වාහනයේ අයිති කාරය එයා කියා හිතනවා. (ස)
ජයේ ලොක්ක මම ඉන්නේ ඩුබායි වල , මේ කාර් එක මෙහෙ ඕනෑතරම් තියනව , සාමන්‍යයෙන් අධි සුඛෝපභෝගී වහන් කියල කියන්නේ ලන්බ්හොග්හිනි, ෆෙරාරි , වගේ කාර්වලට, මේක මේ අමිරිකාවේ ගහන කබලක් (ස)
පවු අහිංසක ත්‍රිවිල් කරුවා. ලොක්කන් ට ගිය රට. අහිංසකය ට කාගේ පිහිටක් ද ?(නදී)
සුඛෝපභෝගී කියන්නේ අස්ටෝන් මාර්ටින් , ලම්බෝගිනි ,බෙන්ට්ලෙය්, රෝල්ල්ස් රෝය්ස් වගේ ඒවාට. ලංකාවේ ගෙම්බෝන්ට මේකත් කාර් එකක්.(නදී)
මොන තරම් වාහනය සුකොපබෝගී වුනත් එමගින් පරිසරයට මුදා හරින විස රසායනිකයන් මගින් මුළු මානව සංහතියම විනාස මුකයට යවනවා. මිනිසාට නවීන තාක්ෂනය වැළඳ ගන්න වනවා සේම නවීන රෝගා බාධද දායාද කොට ගන්න සිදුවෙනවා. ගැල් කරත්ත යුගයේ ජීවත් වුනු මිනිසාගේ ගමන බාල වුවත් ඔවුන් ලෙඩ දුක් රෝග වලින් මිදී ඉතා සතුටින් බොහෝ කලක් ජීවත් වුනේ විස වායුන් පරිසරයට මුදා නොහල නිසාවෙනි. අද මිනිසා නවීන තාක්ෂනය බදාගෙන විදිලි වේගයෙන් දිව ගියත් භයානක රෝග වලින් විඳව විඳවා අසතුටෙන් කාලය ගෙවමින් අකාලයේ මිය යනවානම් නවීන තාක්ෂණයෙන් ඇති පලය කීම?(නධී)
මේ පරණ කාර් වලට ඇයි ඔබලා ඔතරම් රණ්ඩු වන්නේ. ඉස්සර අපේ ලංකාවේ උඩින් යන දඬු මොනර හදපු රටක් . රහතුන් වහන්සේලා රහත් බලයෙන් අහසින් ගමන් ගිය රටක් . තෙරුවන් සරණයි ඔබලාට.(නදී)
මටත් තියෙනවා නිසාන් 370 z එකක්. ලගදි පාරට දාන්නයි හිතන් ඉන්නේ. තාම හරියට හිතුවේ නැහැ බේස්ලයින් පාරට දානවද , අධිවේගයට දානවද කියලා.(නදී).
මට ෆෝර්ඩ් වාහනයක් නිකන් දුන්නත් ගන්නේ නැහැ . මල ජරාවක්. හදන්න යනවා කාර් එකක් ගන්න සල්ලි. මුලදී මෙහෙ ආවම මම ගත්ත ඇමෙරිකන් කාර් එකක්, කුණු ගොඩක්. පස්සේ ටොයෝට එකක් ගත්තා.(නදී)
බන්දුල පෙරේරා මහත්තයා කඩේ මග හැර, අදහස් දෙකක් දක්වා තියෙනවා. ඒත් කොතරම් කාලයකටද දන්නෙත් නැහැ. කෙසේ හෝ හරි මාර්ගයට ප්‍රවිෂ්ට වීමට හිතන් ඉන්නවා නම් මේක හොද සලකුණක්. (නදී)
පොලිසියෙන් බලා ඉන්නවා. දෙනෝදාහක් සෙනඟ බලා ඉන්නවා. නමුත් අංක තහඩු නැති වාහනය අයිතිකාරයෝ වාහනය අරගෙනත් යනවා. මේවා කාගේ නීතිද? අනේ අපේ ලංකාවට වෙලා තියෙන දේ? (නි)
අයියෝ! (නි)
සිංහල පාඨකයාගේ ලින් මැඩි ආකල්ප සහ හීනමානය අමිලට ගහන ගැහිල්ලෙන් පේනවා.දේශප්‍රේමය කියල හිතාගෙන ඉන්නෙත් රටකරවන අය ප්‍රයෝජනයට ගන්නෙත් මේ පසුගාමී ග්‍රාම්‍ය අදහස්ම තමයි. මේකෙම ඉංග්‍රීසි ලිපියට ලැබෙන අදහස් මීට සම්පුර්ණයෙන්ම වෙනස්.(නදී)
මේකට තෙල් ගහන මුදලින් මගී බස් 3 කට විතර තෙල් ගහන්න පුළුවන්. බස් 3 කට තෙල් ගැහුවොත් මිනිස්සු කියක් ගමන් යනවද? මේවා ගෙන හිතන්න තරම් අපේ රටේ මිනිස්සුනට වෙලාව නැහැ. කාර් එක ගේන්න විතරයි කතා කරන්න දන්නේ. (නදී)
මේක සුකෝපබෝගී රථයක්, මේවා ලොව කිසිම රටක සුලබව දැකිය නොහැක. මෙහි සත්‍ය ජනතාවට හෙළි කිරීම ඔබ පුවත්පතෙහි වගකීමකි. මන්ද, මෙය දෙකෝටියක් පමණවන ඔබ අප සහෝදර ලංකික ජනතාවගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමකි. (නදී)
මේක අධි සුඛෝපභෝගී කාරයක් කියල කියන්නේ ලංකාවේදී විතරයි. මම ඉන්න රටේ මේවා තියෙනවා අපේ රටේ ත්‍රි රෝද රථ ගානට. කවුරුවත් බලන්නේ වත් නැහැ.(නදී)
ලංකාවේ අයට මේවත් මැජික්. කාර් කියන්නේ මෙවටද? (නදී)
මේ අනතුරෙන් හුඟක්ම තුවාල වුනේ අමිලට.(නදී)
දිසානායක ඉතින් කාටද රට බාර දෙන්නේ? සේරම පක්ෂ ඔය වගේ? හොඳ මිනිස්සු දේශපාලනේට ගේන්නේ කොහොමද? මේ සිදුවීම එළිකරන්න දන්නා අය?. (නදී)
මේක මේ අර අහවල් බබාගේ සෙල්ලම් කාර් එකනේ... (නි)
මොකද නම කියන්නෙ නැත්තේ? (නි)
මොකක්ද මේ අමුතු මාර්ක් එක? (නි)
අපි නම් මේවා ගැරඩි මාර්ක් තරම්වත් ගණන් ගන්නෙ නැහැ (නි)
මේක අයිති ලොකු ලොක්කෙකුට වෙන්න ඇති (නි)
නයා මාර්ක් නෙමෙයි මොනවා වුණත් වැඩක් නැහැ, ත්‍රීවිල් එකක හැපිලා රෝදයක් ගැලවුණා නම්! (නි)
අනේ අමිල, අපේ රට අපිට හොඳයි හරිද? ඔයාගේ ඉන්න රටේ ගොඩක් මේ කාර් තියනවා කිව්වහම අපිට තරහ යනවා හොඳේ. මම තකහනියක් මේ කාර් එක බලන්න ගියා. කොහෙද, යනකොට ගෙනිහින් ඉවරයි. වටේ හිටපු කට්ටියට විතරයි බලන්න ලැබුනේ. ඔය ඉන්නේ ඒ අය ෆොටෝ එකේ හතර වටේට වටවෙලා. ඉතින් අමිල, මම කියන්නේ, අපිට ඔය කාර් වැඩක් නැහැ. අපේ පූසවත් යයි ඕවා බලන්න. ඔහේගේ රටේ ඒවා ඔහේම තියාගන්න අමිල (නි)
මේ කාර් එක කාගේ වුණත් අමිල කියන කෙනාගේ මෝටර් රථ පිළිබඳ දැනුම නම් හරිම දුර්වල බව පේනවා. නොදන්නා දේවල් ගැන ප්‍රසිද්ධියේ කතා නොකරනවා නම් තමයි හොඳ. යුරෝපිය රටවල මේ වගේ කාර් ඕනෑ තරම් පාරේ තියනවා තමයි. නමුත් පෙනුමෙන් එක වගේ වුණාට ඒ හැම එකක්ම එක වගේ නෙමෙයි. අමිල ඔය කියන විදියට ඕනෑ තරම් දැකලා ඇති ෆෝර්ඩ් මස්ටෑන්ග් කියන කාර් එක. මේක මස්ටෑන්ග් කාර් එකේම ස්පෙෂල් එඩිෂන් එකක්. රෝද කැරකෙනවා නම් ඔක්කොම කාර් එකයි කියලා හිතන අය අදහස් දැම්මහම ඒවාට එහෙයි කියන්න කලින් ටිකක් හොයලා බැලුවොත් තමයි හොඳ (නි)
අමිල දන්නවාද දන්නෙ නැහැ ලෝකයේ මිල අධිකම කාර් වලින් එකක් වගේම වේගවත්ම කාර් වලින් එකකට භාවිතා කරලා තියෙන්නේ මේ කාර් එකේ එන්ජිම කියලා.ඒ වගේම 2014 ලොව වේගවත්ම කාර් එක කියන ගිනස් වාර්තාවට හිමිකම් කියන්නේ ඔය කියන කබල් කොම්පැනියේ ෆෝර්ඩ් ජීටී එකක් (නි)
මටත් ගන්න හිතෙනවා මෙහෙම රක්ෂණයක් (නි)
දුප්පත් මිනිසුන්ට පාපැදියක් නැති සමයක මෙවැනි වාහනයක් පදවන්නේ කවුරුන්ද ඉතිං.... ප්‍රශ්ණයට පිළිතුරු නුඔම සොයන්න. (ස)
ගොඩක් අය මෝඩ කතා කියලා තමන්ගේ තත්ත්වය ලෝකෙටම පෙන්නනවා.ඒත් ඇත්ත කතාව තමයි දුප්පත් මිනිස්සුන්ගේ සල්ලි වලින් රටේ ඉන්න දේශපාලකයෝ රජ සැප විඳිනවා. දැන්වත් හිතන්න පුළුවන් නම් ඔවුන් මේ සැප විඳින්නේ තමුන් දුන් ඡන්දෙ හින්දා කියලා? (නි)
එස් ටී එෆ් එක මේකට සම්බන්ධ උන විදිහ නැවත සොයාබලන්න . රථ වාහන පොලිසියක් දැන් ඕන නැතිවෙයි . (ස)
මේ වාහනය ලංකාවේ ධනවත් පවූලක සහ දේශපාලනයට සම්බන්ධ කෙනෙකුගේ බව අදහස් ලියන පාඨක සියලුම දෙනා දන්නා කරුණක්. දැන දැන වාද විවාද මොකටද ? ඔය කවූරු කවූරුත් ළඟ මුදල් සහ ඉහල තැන්වල සම්බන්ධකම් තිබුණා නම් බලන්න තිබුණා දාන සෙල්ලම්. ජීවිතය මල් උත්සාහය තියෙන කල්. (ස)
අනේ මෝඩ අමිල, මේකේ කියලා තියෙනවනේ ඇමරිකාවේ මේක ඩොලර් 55000 කියලා. ඒ වගේම බින්තැන්නේ ඉන්න අමිල නොදන්නා දෙයක් තමයි අපේ රටේ ලක්ෂ 55 විතර වෙන කොරොල්ලා කාර් එකක් ඇමරිකාවේ වෙන්නේ ඩොලර් 16000 කියලා. ඉතින් හිතා ගන්න පුළුවන්නේ මේකේ වටිනාකම. (නි)
අමිල කියන කෙනා නිකන් ගොන් පාර්ට් දානවා. පොඩ්ඩක් කියන්න කෝ ඔයා ඉන්න රට මොකද්ද කියල. අපිටත් බලන්න ත්‍රී වීල් ගාණට කාර් තියෙනවද කියල. (ස)
මේ කාර් එක ගැන ගිය වාද විවාද අනුව. මේ කාර් එක 1964 සිට නිෂ්පාදනය කරනු ලබන එකක්. ඒ වගේම සමහර රටවල මේ කාර් එක සුලභයි. නමුත් මේ කාර් එකේ ටයර් දෙස බලන විට පෙනී යන්නේ ටයර් ගෙවී ඇති ආකාරයට මෙය අලුත්ම එකක් නෙවන බවයි. එසේම ත්‍රි රෝද රථයේ හැපී මේ වාහනයේ ටයරය ගැලවී යන්නේ වී නම් එය රථය ගැන නැවත සිතා බැලීමට වටින කාරණාවකි. මෙවන් විටක පොලිස් විශේෂ කාර්ය බලකාය විශාල සෙනගක් පැමිණීම නම් ගැටලුවකි. නමුත් කිසිදු වග විභාගයකින් තොරව ලංකාවේදී අනතුරු සිදු වූ සැනින් වාහන ගිනිබත් කොට රියදුරුට පහරදීමේ සම්ප්‍රදායක්ද තිබේ. එනිසා මෙය ලාංකික ව්‍යාපාරිකයකුට අයත් හෝ ලොක්කෙකුට අයත් වාහනයක් බව අපට නිගමනය කළ හැක. ලංකාව වැනි රටක මෙවැනි සිද්ධියක් මහා විශාල දෙයක් නොවන අතර එය පොදු මහජනයාට ඇති කරන බලපෑමද සුලුය. නමුත් අර රියේ වැදුන ත්‍රිරෝද රථයේ රියදුරුට සිදුවූ අලාභයේ තරමට වන්දියක් ඔහුට ලැබෙන්නේ නම් එය මනාය. ඔහු ගේ හානිපූරණයට අවශ්‍ය වන්දි මුදල් සියල්ල නිසි පරිදි ත්‍රී රෝද රියදුරුට ලැබෙන්නේ නම් අපිට මෙහි කලබල වීමට කිසිදු කරුණක් නැත. (ස)
පිට රට ඉන්න කට්ටිය නයි අරිනවා තරගෙට...මෝඩයෝ ටික කට අරගෙන අහගෙන ඉන්නවා ..මැජික් එකක් දැකල වගේ. ත්‍රිවිල් එකක හැපිලා මෙහෙම වුණා නම් තප්පෙක වැටක හැපුන නම් මේක කොච්චි පාරේ පීල්ල උඩ තියපු රුපියලේ කාසියක් වගේ වෙනවා ස්ථිරවම...මේක ඉන්දියන් ඒවටත් වඩා අන්තයි මට නම් පේන විදියට. කට්ටිය කොච්චර කයිය ගැහුවත් අනුමාන කළත් කාටවත් මේක කාගේද කියල නම් කියන්න බැරි වෙනවා ස්ථිරවම. (ස)
ලංකාවෙ ඉපදිලා පිට රටට ගිහින් ලංකාව පහත් කරල කතා කරන අයත් ඉන්නවා එතකොට. (ස)
ගොඩක් කට්ටිය අමිලට බනිනවා. ගොඩක් මිනිස්සුන්ට අමතකයි රටේ නීතියට අනුව අංක තහඩු නැති වාහන ධාවනය තහනම් කියල. මම ප්‍රර්ථනා කරනවා ලංකාවාසී සමහරක් මහ ජනතාවට සම්මා දිට්ඨිය පහල වේවා කියල. (ස)
අමිලත් නයා මාර්ක් වගෙයි! (නි)
සුරියා තමයි හරියටම හරි. අනතුරෙන් වැඩියම හානි අමිලට !! (ස)
දැන් ඔය නයා මාර්ක් කාර් අයිති කෙනාට තියෙන්නේ ත්‍රී රෝද රථයක් ගන්න. හොඳටම දැක්කනේ ත්‍රී රෝදයේ වැඩ කිඩ. (ස)
අපි දැන්වත් තේරුම් ගත යුතුයි පොලීසිය හා හමුදාව සිටින්නේ මහජනතාවගේ ආරක්ෂාවට නොව මහා ජනතාවගේ ආරක්ෂාවට කියලා. (අ)
මේවා මහජන මුදල්ද? (නි)
ත්‍රීරෝද රියට නිකමට වගේ හිතුනද දන්නේ නැහැ මේකට මොකටද රෝද හතරක්, මටත් තියෙන්නේ රෝද තුනයි කියලා. (නි)
පිටරට අවුරුදු ගණන් දුක්විඳ හම්බ කරන අයට සාමාන්‍ය වාහනයක්වත් ලංකාවට ගෙන ඒමට පෙර තිබු ඩියුටි ෆ්‍රී පර්මිට් ක්‍රමය නැවත ඇති කළොත් ඔවුන්ටත් සාධාරනයක් වෙනවා නේද? මෙය නැති කළේ ඇයි? ඔවුන්ට මෙයින් අසාධාරනයක් සිදු වී ඇත. (නි)
රොකට් යවන අය ආසම ඔය වර්ගයට (අ)
අපි ඉන්න රටේ මේ ෆෝර්ඩ් කෝබ්රා කියන මොටර් රථය වැඩි වශයෙන්ම යොදා ගන්නේ ටැක්සි දිවීමටය (නි)
ගාමිණී,ඔබේ අදහස මමත් අනුමත කරනවා (අ)
හරියට දැනගෙන කියන්න. මේ ඉන්නේ එස්.ටී .අෆ් ද? (අ)
මටත් එකක් ගේන්න නම් පුළුවන්. අවසර දෙනවනම්. ඒත් අපේ රටේ අපි පොඩි මිනිස්සුනේ. (ස)
අපිට තියෙන්නේ වාහනේ ගැන කතා කරන එක නෙවි.වෙලා තියන දේ ගැන කතා කරන එක. මොකද කොහේ හිටියත් අපි හැමෝම ලාංකිකයෝ නිසා අපේ රටට වෙන මේ වගේ දේවල් නැතිවෙන විදිහක් ගැන කතා කරන්න. (ස)
කෝ මේකේ අංක තහඩු? (ත)
බන්දුල මහත්තයෝ ඇරපු නයා නම් ටොප් නේද අනේ? බලාගෙන ගියාම, ඇමරිකන් කාරයින්ගේ කයිවාරුයි චින්නුන්ගේ රොකටුයි දෙකම එකයි වගේ. ඔක්කොම සෙල්ලම් බඩු තමයි. අනේ අපිට අර නොම්මර තහඩුව ගැන ගැටළුවක් නැහැ. ලැජ්ජාවක් විතරයි තියෙන්නේ.(නදී)
ෆ්රෝම් ඩුබායි මේක මේ රටේ නම් හොද කාර් එකක් එත් සුපොගිභෝගිම නෙවෙයි එත් මගේ රටේ (ශ්‍රී ලංකාවේ) මේක ටිකක් අලුත් කාර් එක ගැන කියවන හැමෝම ත්‍රීවිල් මනුස්සය ගැන නොබලන එක තම ලංකාවේ තින පුදුමේ හැම දේටම වඩා මනුස්ස ජිවිත වටිනවා ඒ මනුස්සයාගේ දරුවෝ බිරිද දැන් කොහෝමද කාල බිල ඉන්නේ කින එක කාටවත් පෙනුන්නේ නේද ? (අ)
බත් කන ජනතාවක් ඉන් අප රටේ ඔවුන්ට ඉඩ දී අප බලා සිටිමු. වෙනේ මොනවා කරන්නද ? (නදී)
හැමෝම අමිලව අල්ලාගෙන බනිනවා. පුළුවන් නම් ලංකාවේ ඉන්න උදවිය හොයාගෙන කියන්නකෝ මෙහෙම අංක තහඩු නැතිව වාහන ධාවනයට සමත් වූ පුරවැසියා කවුද කියලා. මේ අනතුර වුනේ ලංකාවේ මිසක් පිටරට නෙවෙයි නේ. (අ)
නීල් රියදුරු බලපත්‍රය නැතිව බලවතුන් වාහන එලවා මිනිසුන් අනතුරට පත් කර බේරෙන්න පුළුවන් රටේ, මේ ත්‍රී වීල් රියදුරා ගේ කකුල ගැන කවර කතාද ? (අ)
බන්දුල පෙරේරා, මම හිතන්නේ මේක ඔබේ වාහනය. ! සෙස්සන්ට අනුමාන කරන්න කියලා අභියෝග කළ විදියට මට දැනුනේ එහෙමයි. (ස)
වාහන මිනිස්සුන්ගේ තත්ත්වය පෙන්වන බන්ධයක් වෙලා ඉවරයි.එහෙත් ලංකාවේ 100 ට වැඩිය වේගෙන් යන්නත් බැහැ. මානසික ලෙඩක් තමයි කාර් එකකට කෝටි ගණන් වියදම් කිරීම.සරල වෙන්න, අඩුම ගන්නේ නින්දවත් යනවා (නි)
අංක තහඩුත් නැති නිසාත් , බලවත් කෙනෙකුගේ නිසාත් තිබුනේ කුඩුපට්ටම් කරන එකයි. රක්ෂණ වන්දි ගන්නත් බැහැනේ එතකොට. රජයේ ප්‍රබලයෙක්ගේ වෙන්න ඇති. අනේ තුන් රෝද රියැදුරා! (නි)
ඈමරිකාවේ කාර් එකක් ඉන්දියන් ත්‍රීවීල් එකක ලංකාවේදී හැපිලා. මේකෙන් අපිට ආඩම්බර වෙන්න කිසිම දෙයක් නැහැ. එකම ආඩම්බරේ, අපේ එස්.ටී.එෆ්. එක කාර්යක්ෂමව ක්‍රියා කරලා තියෙන එක විතරයි. (නි)
ලස්සන නයා මාර්ක් කාර් එක! (නි)
ස්ස්ස්ස්... නයා මාර්ක් රිය ඒ විදියටද දන්නෙ නැහැ පිඹින්නේ? (නි)
මේක මම දැක්කා. කාර් එක පදවලා තිබුනේ වැරදි පැත්තට.බොරැල්ලට යන්න නාරාහේන්පිට සිට එන පාරේ මේ වාහනය තිබුනේ බොරැල්ල දෙසට හරවලා දකුණු පැත්තේ. (නි)
ඇත්තටම ත්‍රීවීල් මල්ලි සතුටු වෙන්න ඕනෑ.ඔයාගේ වාහනේ නයි මාර්ක් එකට වඩා හයියයි.කාර් එක අධි සුඛෝපභෝගී වුණාට ශක්තිමත්භාවය ගැන අවධානය යොමුකරලා තියෙනවා අඩුයි. අයියෝ! කාර් එකට ගිය සල්ලි.මචන් අමිල, මටත් කාර් එකක් එවපන් කොල්ලෝ.... (නි)
මොනවා වුණත් මෙන්න තවත් අලුත් කතාවක්.... (නි)
මේ කාර් එක මොකක්ද මගේ ළඟ තියෙන එකත් එක්ක බලපුවහම? (නි)
මේ සුන්දර අපගෙ රටයි... (නි)
අපි ආඩම්බර වෙන්න ඕනෑ ලංකාවේ ජීපීඑස් වලින් දුවන වාහන තියෙන එකට. වාහනයේ රියදුරෙක් හිටියෙත් නැහැ නේද? (නි)
අදහස් බැලුවම තේරෙන්නේ අපේ මිනිස්සුන්ට තිබෙන ලොකුම ප්‍රශ්නය අනිත් මිනිස්සුන්ට හොඳ වාහන තියන එකයි කියන එක. මට තිබෙන ප්‍රශ්නය තමයි වැරදිලාවත් ලැම්බොගිනි එකක් වගේ හැපුනා නම් මොන වගේ අදහස් වැටෙයිද කියලා. (නි)
මොනවා වුණත් අපේ ත්‍රීරෝද රියක් තරම්වත් සවිමත් නැහැ (නි)
මේ ඉන්නේ එස්ටීඑෆ් මයි. ඒ අයට බනින්න එපා (නි)
අධි සුඛෝපභෝගී ලියාපදිංචි නොකළ වාහන වලට පොලිසීයෙන් අධිකවම ගැවසෙන ප්‍රදේශ වල කිසිම ප්‍රශ්නයක් නැතුව පදින්න පුළුවන්. එහෙත් යතුරුපැදියක්, පොඩි වාහනයක් නිකන් පාරේ ගියත් උසාවි. මේවා ලොකු අයට හොඳයි. (නි)
ඇත්තටම මේක හොඳ ලිපියක්. (නි)
මෙහෙමි කට්ටිය ඉරිසියා කරන්නේ නැතුව ඉන්න.ලංකාවේ තව ටික දවසකින් කිබුල් හුනෝ ව්‍යාපාරික වශයෙන් ගෙවල් වල ඇති කරලා අඩු වියදමකින් කොටි ගණන් උපයන්න පුළුවන්.අපි නිදා ගන්න කාමරේ ඇතුලෙම අඩු වියදමකින් වැඩේ පටන් ගන්නත් පුළුවන්.එතකොට (ස)
කාර් එක ගැට්ටේ වැදුන නිසා තමයි රෝදේ ගැලවුනේ.ඩිස්ක් එක නැමුන විදියෙන් එක පේනවා,පැත්තට තල්ලු වෙලා අාවා කියල මිනිස්සු කියනවනේ,අනිත් එක ඉන්නේ ආමි එකෙන්,එස්ටීඑෆ් එකෙන් නෙමෙයි,මේක ඇමරිකා වල උනත් තැනක් තියන වහනයක්.(ස)
අපි යට උනත් ඔච්චර තමයි (දී)
ළිං මැඩියන් වගේ අදහස් දාන අයට මට නම් පෙනෙන විදියට තියෙන්නේ ඊර්ෂ්‍යාව (නි)
මගේ වාහනෙත් හැපුනා, එස් ටී එෆ් ආවේ නැහැනේ (නි)
අමිල, මමත් ඉන්නේ ඩුබායි තමයි.උත්පලා කියලා තියෙන දේ හරියට තේරුනාද? ඔයා ශේවලේ,ඩොජ්,මස්ටෑන්ග් ඔය පෙනුමට එන ඒවා ඔක්කොම පටලාගෙන කියනවා "මම ඉන්න රටේ මේවා තියෙනවා අපේ රටේ ත්‍රිරෝද රථ ගානට. කවුරුවත් බලන්නේවත් නැහැ" කියලා..."රෝද කැරකෙනවා නම් ඔක්කොම කාර් එකයි කියලා හිතන අය අදහස් දැම්මහම ඒවාට එහෙයි කියන්න කලින් ටිකක් හොයලා බැලුවොත් තමයි හොඳ" උත්පලා හරි. (නි)
වෙලාවට කාර් එක ත්‍රීවිල් එකේ හැප්පිලා තිබුණේ. බැරිවෙලා හරි බස් එකක එහෙම හැප්පුනා නම් කාර් එක හොයන්නත් බැරිවෙයි. ඔය කාර් මම දන්න විදිහට නම් රේසිං කාර් එකක්. හ්ම්ම්ම් රෝදය ගැලවුන එක පුදුමයි. අවුඩ්, බී.එම්.ඩබ්ලිව්, නිශාන් ස්කයි ලයින් කාර් ලංකාවේ තියෙන එකේ ඕකත් තියෙන එක පුදුම වෙන්න දේකුත් නැහැ. ඒත් ඕකේ හිටපු කෙනා කවුරුත් නොදැක්ක එක පුදුමයි.(නදී)
දෙවියන්ගේ නාමයෙන් මෙතන සිදු වු දේ නීති විරෝධී දේ ගැන කතා කරන්න. නයා ගැන පස්සේ කතාකරන්න.(නදී)
ඇපල් වලින් කපුටන්ට ගහන කාලයක් මේක. පරිස්සමෙන්.(නදී)
කාර් එකනම් මරු ඒත් වැඩේ වැරදියි (ස)
බය වෙන්න එපා, ත්‍රි වීල් කාරයට විරුද්දව නිතිය අකුරටම ක්‍රියා කරාවි! (ස)
හෙන්චයියෙක් ඉදිරිපත් කරයි මෙන්න රියදුරා කියලා.ත්‍රිවිල් මල්ලිට ගානකුත් දෙයි,නඩුත් දමාවි,සුළු දඩයකුත් ගහවි,ඕනෑ නම් හෙන්චයියා ටික දවසක් ඇතුලෙත් ඉඳීවී.නාටකය ඉවරයි.සභා තොමෝ සතුටින් විසිර ගියාය. (නි)
වාර්තාගත පිරිසක් බැලූ පුවත සහ වාර්තාගත පිරිසක් අදහස් දැක්වූ ලංකාදීප පුවත්පතේ ජනප්‍රියම වාර්තාව.ලංකාදීපයට මගෙන් සුභ පැතුම්! (නි)
මොරිස් මයිනර් හයියයි මීට වඩා. මමත් හරි අසාවෙන් හිටපු කාර් එකක්. (ස)
ත්‍රිවිල් රියදුරා දන්නවා ඇති, කවුද වාහනේ එලවපු රියදුරා කියලා.සමහර විට කවුද කිව්වා වගේ, ත්‍රිවිල් රියදුරාගේත් කටට ප්ලාස්ටරයක් දාලා ඇති දැනටමත්. (ස)
උත්පලා දන්නේනැතුව ඇති බහු ජාතික සමාගම් කියල ජාතියක් තියන වග. ෆෝර්ඩ් gt කාර් ලෝකේ තියෙන්න අතේ ඇඟිලි ගානට. එනමුත් මේ කාර් ඇමෙරිකාවේ පමණක් නෙමේ ලෝකේ බොහෝ රටවල තියනවා. ලංකාවට එන්නේ ඔරිජිනල් වාහන නෙමේ ගොඩක් ඒ වගේ නම් ගහපුවා තමයි. එකයි අපේ මේ දුප්පත් රටේ මහා පාරවල් වල ගොඩක් සුකොපභෝගී වාහන දක්නට ලැබෙන්නේ . (ස)
අමිල සමහර අයගේ මොලේ හොද නෑ ඔයා ඕවා ගණන් ගන්න එපා මන් ඉන්න රටෙත් ඔය වාහනේ අපේ රටෙත් මේ වාහනේ ගොඩක් මිනිස්සු භාවිතා කරනවා .(ස)
ලොකු හෝටලයක් හැදුවොත් , ලොකු ගෙයක් දැක්කොත්,ලොකු ව්‍යාපාරයක් දැක්කොත් , පුද්ගලික රෝහලත් දැක්කොත් ඒක සහෝදර සමාගමක අයගේ කියන මහා මංගල න්‍යායේ කට්ටියගේ දේශපාලන අසහනය දුටුවම දුක හිතෙනවා.මේ පුවත ගැන මේ තරම් ප්‍රතිචාරයක් එන්න හේතුව මේ කැකෑරෙන දේශපාලන අසහනය තමයි.කට්ටිය කියන්න දතකාගෙන මහන්සි වෙන දේ පැහැදිලියි. නමුත් කාටවත් ඒක ඔප්පු කරලා පෙන්නන්න බැහැ. කට්ටිය මේ රටේ අධි සුඛෝපභෝගී වාහනයක් දැකලා තියෙන්නේ මේ කාර් එක හැපුනට පස්සේ. රටේ සාමාන්‍ය නීතිය මේ වාහනයට ක්‍රියාත්මකද කියන එක පමණයි අපේ ප්‍රශ්නය විය යුත්තේ.අනේ අපේ බුද්ධිමත් කියන අන්තර්ජාල පාඨකයෝ! (නි)
මමත් ඉන්නේ ලංකාවේ නෙමෙයි. මේ වාහනය මෙහේ පාරවල් වල නිතර දකින්න පුලුවන්. ලොකු ගාණක් වෙන එකක් නැහැ මගේ හිතේ.. (නි)
කෝ මෙතන එස් ටී එෆ් අය නෑනෙ. (ස)
සල්ලි තියෙන මිනිස්සු මේ වගේ වාහන පාවිචි කලාට මොකද වෙන්නේ (දී)
අර ගොන් කරත්තය හොඳයි කියපු එක්කෙනාගේ ගොනා රට ගොනෙක්ද දන්නේ නැහැ. (නි)
ඉස්සර මෙතන ලියපු අයට දොස් කීවට දැනුත් ලියන අය නිකන් පොර කුකුල්ලු වගේ. අමිල ඔයා ඕව ගණන් ගන්න එපා. ඇත්තටම මේ රටවල පවුලේ දහ දෙනෙක් ඉන්නවනම් දහ දෙනාටම කාර් තියෙනවා., ලංකාවේ පවුලටම එකයි. (මගේ උපන් රට හරිම උතුම් රටක් නමුත් මගේ උපන් රටේ මිනිස්සු ගැන කියන්න වචන නැහැ ) අනුන්ට රිදවන්න තියෙනවනම් මේ මිනිස්සුන්ට කන්න බොන්න ඕනෙත් නැහැ. (ස)
සුරියා සහ ඉන්දික හරියටම හරි අනතුරෙන් වැඩිම හානි අමිලට. (ස)
ඔය සේරම කතා වැඩක් නැහැ. අමිල ඉන්න රටේ වගේ වෙන්න,සේරම්. රටට වැඩ කරන්න. එතකොට සියළු කතා ඉවරයි. මොනවා මොනවා හරි රට පටවලා සල්ලි හොයමු. නැත්නම් ඕවායේ යන්නේ ඔය වගේ අය විතරයි. (නි)
නිශාන්ත,මොන මොනවා හරි කිවුවේ මොනවටද? කියන්න පුලුවන්ද? (නි)
අයියෝ සල්ලි. (ස)
දෝන. ලංකාවේ අහිංසක මිනිසුන්ට ඒ විදිට කියන්න එපා එහෙ මිනිස්සු ඒ තත්වයට පත් කරලා තියෙන්නේ ඔය සල්ලි කරයොයි දෙසපලකයොයි එකතුවෙලා. අහිංසක මිනිසුන්ගේ ජීවිතවල තත්වය ලංකාවට ගිහින් බලන්න පුළුවන්. ලොකු ලොක්කෝ ඕනෑම බලු වරදක් කරලා බලපුලුවන් කාර කමෙන් බේරිලා යනවා. එක තම ඇත්ත පොඩි මිනිහට විතරක් නීතිය .(අ)