IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


නිරූපණයට මෙන්ම රංගනයට කැමති නදීශා

2016-10-18-ent-102

වෘත්තීම වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක වන ඇය නදීශා සුභාෂිනි සුබසිංහ, රංගනයට සහ නිරූපණයට ඇති කැමැත්ත නිසා ඇය මෙම ක්ෂේත්‍රයට ප්‍රවිෂ්ට වී තිබේ. ඇගේ කලා කටයුතු පිළිබඳව ‘සාරවිට’ සඳහා මෙසේ පැවසීය.

 

ඔයාගේ නම කිව්වොත්?

2016-10-18-ent-105නදීශා සුභාෂිනි සුබසිංහ

 

රැකියාවක් කරනවාද? නැත්නම් නිරූපණය විතරද කරන්නේ?

මම දැනට සැලොන් එකක් කරන්නේ. ඊට අමතරව තමා නිරූපණය කරන්නේ.

 

ඒ කියන්නේ වෘත්තීමය වශයෙන් රූපලාවණ්‍ය ශිල්පිනියක්?

හ්ම්.. ඔව්.

 

නිරූපණය කරන්නේ විනෝදාංශයක් විදිහටද?

මං ගොඩක් ආසයි නිරූපණයට. ඒකයි කරන්නේ.

 

කොයි කාලේද නිරූපණයට ආවේ?

දැනට අවුරුද්දක් විතර වෙනවා.

 

ක්ෂේත්‍රය ගැන පැහැදීමක් තියෙනවාද?

ඔව්, අනිවාර්යයෙන්ම. නැත්නම් මම තෝරගන්නේ නැහැනේ. මං හරි නේද?

 

නිරූපණය සඳහා දැන් ගොඩක් නවකයන් එකතු වෙනවා නේද?

අම්මෝ ඔව්, නිරූපිකාවන් වැහි වැහැලා. අපි කරන දේ හරියට හොඳ විදිහට කළොත් මං හිතන්නේ නැහැ කාගෙන්වත් වචනයක් අහගන්න වෙයි කියලා.

 

නිරූපිකාවට වටිනාකමක් හම්බවෙනවාද?

මං හිතන්නේ හොඳ නරක දෙපැත්තක් තියෙනවා. අපි දැනගන්න ඕනේ කරන දේ කාගෙන්වත් වචනයක අහන්නේ නැතිව ඒ වැඩේ හරියට කරන්න.

 

ඉදිරියේදී බලාපොරොත්තු වෙන්නේ මොනවාද?

මං නිරූපණයට වගේම රංගනයටත් ආසයි. ඉතිං බලාගෙන ඉන්නවා ආරාධනාවක් ලැබෙනකන්. හොඳ දෙයක් ලැබුණොත් අනිවාර්යයෙන්ම ගොඩක් මහන්සි වෙලා කැපකිරීමෙන් ඒ වැඩේ කරනවා. මොකද මං හැම වෙලේම පළවෙනි තැන දෙන්න සල්ලිවලට නෙමෙයි. මං ආසාවෙන් කරන වැඩේට විතරයි.

 

ඒ කියන්නේ රංගන ශිල්පිනියක් වෙන්න හීන මවනවා?

අනිවාර්යයෙන්ම ඔව්.

 

කවුරු හරි මතක් කරන්න ඉන්නවාද? ඔයාට ක්ෂේත්‍රයට එන්න අත හිත දුන් අය?

අනිවාර්යයෙන්ම ඔව්, මගේ මුල්ම බ්‍රයිඩල් ෂූට් එක කළේ ආචාර්ය ප්‍රේමසිරි හේවාවසම් සර්. කැෂුවල් ෂූට් එක කරලා මගේ කවර් ෆොටෝස් කළේ ශෙහානා පෙරේරා මිස්. එතැනින් එහාට ගොඩක් අය ඉන්නවා. දිමිත්‍රි සර් වගේම පුෂ්පෙ අයියා මට ගොඩක් උදව් කරලා තියෙනවා.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-10-18-ent-106 2016-10-18-ent-104 2016-10-18-ent-103



අදහස් (0)

නිරූපණයට මෙන්ම රංගනයට කැමති නදීශා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 38 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 221 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1031 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 163 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2830 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 326 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39676 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1221 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site