IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


නූරියවත්තේ සැකකරුවෙක් රහස් ප්‍රකාශයකට ලෑස්තියි

දැරණියගල නූරිය වතු අධිකාරි   එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරුවන් 21 දෙනා  ලබන දෙවැනිදා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත්  ඩී.එච්.අනුෂ්ක සෙනෙවිරත්න මහතා අද (79) නියෝග කළේය.

නැවත රිමාන්ඩ් කළ සැකකරුවන් බන්ධනාගාර රියට ගෙන යන අවස්ථාවේදී එය ඡායාරූප ගත කළ මාධ්‍යවේදීන්ට මෙම සිද්ධීයේ සැකකරුවකු වන අමිල විජේසිංහ   පරුෂ වචනයෙන් බැන වැදුනේය.

මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවූ අවස්ථාවේ  14 වැනි සැකකරු වන සිදම්බරන් පලනිඅණ්ඩි  රහස්‍ය ප්‍රකාශයක් කිරීමට මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇති අතර   එසේ කිරීමෙන්  සැකකරුට විශේෂ සහනයක් සැලකිල්ලක් නොලැඛෙන බවත්, එසේ කරන ප්‍රකාශය ඉහළ අධිකරණයකදී සැකකරුට විරුද්ධව සාක්කියක් ලෙස ගත හැකි බවත් පෙන්වා දී ඇති මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධව කල්පනා කර බලා මෙම මස 26 වැනිදා එම ප්‍රකාශය කරන ලෙස උපදෙස් දෙනු ලැබීය. එතෙක් එම සැකකරු අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙස කුරවිට බන්ධණාගාරයේ  අධිකාරිවරයාට නියෝග කළේය.

පැමිනිණිල්ල මෙහෙයවන ලද රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්.එම් පොල්වත්ත මහතා  අපරාධ ස්ථානයේ තිබී රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලද කැබ් රථ දෙකෙහි තිබී සොයා ගන්නා ලද ජෛව කොටස් විශ්ලේෂණය සදහා ජින්ටෙක් ආයතනයට බාරදී ඇති බව අධිකරණයට දැන්වීය.

 එමෙන්ම මෙම සිද්ධියේ වගකීම බාර ගැනීම සදහා රුපියල් ලක්ෂ 15 ක් ලබා දෙන බවට 11 වැනි සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කර ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.



අදහස් (0)

නූරියවත්තේ සැකකරුවෙක් රහස් ප්‍රකාශයකට ලෑස්තියි

අර්ෂා Monday, 19 August 2013 04:07 PM

කිසිම සමාවක් දෙන්න එපා. අපරාධයට හවුල් සියල්ලටම මරණීය දණ්ඩනය දෙන්න.(ස)

:       0       0

එදිරිසිංහ Tuesday, 20 August 2013 02:25 AM

බන්දුලගේ අදහස වසන්ති නෝනට තේරුම් ගිහින්. නමුත් පිටබැද්දර මහතාට නොතේරුන ගානයි (නි)

:       0       0

බන්දුල පෙරේරා Monday, 19 August 2013 04:21 PM

අපගේ බලාපොරොත්තුව අපේ බදු මුදල් වලින් මොවුන්ව නඩත්තු කිරීම නෙමෙයි..මොවුන්ට මරණ දඩුවම දුන්නත් දඩුවම විදින්නේ අපි..(ස)

:       0       0

සෞදි කොලුවා Tuesday, 20 August 2013 03:24 AM

අනිත් මේ වගේ වැඩකරන අයටත් එක්ක උන ගන්න මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. අර දේශආලුවගේ නමත් රටට දැනගන්නේ ප්‍රසිද්ද කරන්න. (නදී)

:       0       0

වසන්ති Monday, 19 August 2013 05:21 PM

බන්දුල පෙරේරා මහත්තයා මොකටද එන්ඩ හදන්නේ. කෙලින් කියන්ඩ, (අ)

:       0       0

කින් බෙනට් Monday, 19 August 2013 05:22 PM

මේ ළඟදි රජයේ ඇමතිවරයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයට කිවුවනේ බන්ධනාගාර ගත වෙන එක විශ්ව විද්‍යාලයකට ඇතුළු වෙනවා වගේ කියලා. (නි)

:       0       0

පිටිගල මිලානෝ Monday, 19 August 2013 05:36 PM

අත කොටා ඇතුළු මේ මිනී මරුවන්ව නොමරා මරන්න. මේ අයට රැකවරණය දුන්න 'පාල' නමැති දේශපාලකයා ගැන දැනුවත් කරන්න. (අ)

:       0       0

ගාමිණී Monday, 19 August 2013 05:47 PM

මේ අයගෙන් එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම පටන් ගන්න. තවත් නම් ඒක කල් දාන්න එපා. (නි)

:       0       0

ගයාන් Monday, 19 August 2013 05:50 PM

මේ අපරාධ කරුවන්ට සෙවන දුන් මේ පාතාලයේ මුදුන් මුල වූ ඒ දේශපාලඥයා ගැන ඇයි කවුරුත් කතා කරන්නේ නැත්තේ. ඒ පුද්ගලයාට ලංකාවේ නීතිය අදාල නැද්ද? (අ)

:       0       0

උපුල් ඇමරිකා Monday, 19 August 2013 05:52 PM

පාල ගැන දෙවියෝ බලන්න ඕනි (අ)

:       0       0

ලංකා Monday, 19 August 2013 06:02 PM

මෝඩකම සහ බලය එක් වූ විට මෙවැනි අපරාධ සිදුවීම ඉතා සුලබය. දේශපාලකයින් තේරීමේදී ජනතාව බුද්ධිමත් විය යුතුය. (නි)

:       0       0

පිටබැද්දර ජයා Monday, 19 August 2013 06:22 PM

මෙචරකල් කඩේ ගිය බන්දුල පෙරේරා මොකද එක පාරටම 'යු ටර්න්' එකක් ගහලා? (නි)

:       0       0

අනුර Tuesday, 20 August 2013 09:07 AM

මේ අය රට පුරා බලයට පත්කරන්නේ ජනතාව විසින්මයි (නි)

:       0       0

ගුණේ Tuesday, 20 August 2013 09:25 AM

අනේ බන්දුල, ඔයා දඩුවම් විදින්න එපා. අර පුරප්පාඩුවක් තියනවා වධකයෙක් ඉල්ලලා. ඒ පුරප්පාඩුවට ඔයා යන්න. ගිහින් දඩුවම් නොවිද ඔයා ගේ අත්වලින්ම ලිවර් එක ඇදලා අර කට්ටියට දඩුවම් කරන්න. (නි)

:       0       0

දිසානායක Tuesday, 20 August 2013 04:17 PM

ඕකට තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා. (නි)

:       0       0

පනාපුත්‍ර Monday, 19 August 2013 06:48 PM

දේශපාලඥයා යනු දේශය පාලනය කිරීමේ දැනුමක් ඇත්තා යනුයි. මා කරුණාවෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවුන්ව ඇමතීම සඳහා දේශපාලුවා යන නම භාවිතා කරන ලෙසට. (නි)

:       0       0

චතුර Monday, 19 August 2013 07:06 PM

මේ අය සමාජයට දීපු වේදනා දැන් මේ අයටම ලැබෙන්න ඕනෑ.එහෙත් ලංකාවේ සාමාන්‍යයෙන් වෙන්නේ මේ වගේ අයව කොහෙන් හරි ආරක්ෂා වෙන එක.මේ ක්‍රමය වෙනස් කරන්න මානුෂිය පොලිස් නිලදාරීන් පිරිසක් බිහිවේවායි පතමු (නි)

:       0       0

පෙරේරා Monday, 19 August 2013 07:31 PM

කොසොල් රජතුමා දැක්ක හීන හැබෑ වෙලා තියෙන්නේ. (නි)

:       0       0

තාරක Tuesday, 20 August 2013 11:01 AM

අපරාධකාරයන්ට කිසිම බුරුලක් දෙන්න එපා. (නි)

:       0       0

ද සිල්වා Monday, 19 August 2013 08:47 PM

බන්දුල පෙරේරාට සත්‍ය අවබෝධ වෙලාද? (නි)

:       0       0

තිලක්-ඩුබායි Monday, 19 August 2013 09:58 PM

පිටබැද්දර ජයා,මමත් මේ කල්පනා කලේ බන්දුල පෙරේරාට එකපාරටම අපෙන් අය කරන බදු මුදල් මතක් වුනේ ඇයි කියලා.එහෙම දෙයක් අපෙන් අය කරනවද? (නි)

:       0       0

කනංකේ Tuesday, 20 August 2013 12:34 PM

අත කොටාට ආරක්ෂාව සපයන බලවත් දේශපාලකයා ආරක්ෂාව සපයන්නේ එතුමාගේ ඡන්ද කාලේ ඔක්කොම හොර වැඩ , මැර වැඩ, ජඩ වැඩ ඔක්කොම කරේ අත කොටා හින්ද. .. ඉතින් එයා ඕකව ආරක්ෂා කරේ නැත්තන් ඕක ඒ කාලෙය් කරපුව ඔක්කොම වමාරනවා!!! ඉතින් මචන්ලා , අපි ඕකට කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ!!! උන්ට උඩින් ෆුල්ල් සපෝට් එක සහ ආරක්ෂාව තියෙනවා . එක නිසා, යුක්තිය සාධාරණය නාමයෙන් අපි කොච්චර කෑ ගෙහුවත් වෙන එකම දේ අපේ උගුර ලේ රහ වෙන එක විතරයි.(අ)

:       0       0

චමින්ද ප්‍රදීප් සිල්වා Tuesday, 20 August 2013 12:47 PM

මේ සිද්ධිය සම්භන්ධ අය අත්අඩංගුවට නොගන්නේ ඇයි, මොවුන් පෝශනය කරන්නේ පලාතේ දැව ජාවාරම් කරුවනුත්....බස්නාගල වෙනම රාජ්‍යයක් තියෙන්නේ ගෝත්‍රිකයන් වගේ ඔවුන් හැසිරෙන්නේ..රෑ නමයෙන් පස්සෙ පාරක යන්න බැහැ..කාළකණ්නින්ව නොමරා මරන්න ඕන (අ)

:       0       0

ධම්ම Monday, 19 August 2013 03:41 PM

කුණුහරප කියූ සැකකරුගේ පින්තූරයක් පත්තරේ දාන්නකෝ. අඩුගණනේ අපට ඒ මූණට කෙළ පාරක්වත් ගහන්න. (නි)

:       0       0

ද සිල්වා Tuesday, 20 August 2013 01:35 PM

කනංකේ, ඔබගේ ප්‍රකාශයට මම එකගයි. තව අවුරුද්දකින් විතර අත කොටාලා ඇප පිට නිදහස් වේවි.අර තංගල්ලේ සභාපති වගේ. මේ මැර දේශපාලනයට තිත තබන්න නම් මොවුන් සමග සම්බන්ධතා පවත්වන ප්‍රබල දේශපාලකයන්ට ඡන්දය නොදී සිටිය යුතුයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 799 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 914 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 1640 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 2055 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 524 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


කුඩා දැරියක පැහැර ගත් 17 හැවිරිදි අයෙක් සැකපිට
2024 සැප්තැම්බර් මස 24 1070 0

පියාගේ තුරුලේ නිදාගෙන සිටි 5 හැවිරිදි දැරියක් පැහැරගෙන ගොස් අපයෝජනය කිරීමට සූදානම් වෙද්දී මවගේ විමසිලිමත්භාවයත් සමග දැරිය අත්හැර දමා පලා ගොස් සිටියද


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 35819 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24107 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 167 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 510 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 221 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site