දැරණියගල නූරිය වතු අධිකාරි එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම හා ඔහුගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවූ සැකකරුවන් 21 දෙනා ලබන දෙවැනිදා තෙක් නැවත රිමාන්ඩ් කරන ලෙස අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී.එච්.අනුෂ්ක සෙනෙවිරත්න මහතා අද (79) නියෝග කළේය.
නැවත රිමාන්ඩ් කළ සැකකරුවන් බන්ධනාගාර රියට ගෙන යන අවස්ථාවේදී එය ඡායාරූප ගත කළ මාධ්‍යවේදීන්ට මෙම සිද්ධීයේ සැකකරුවකු වන අමිල විජේසිංහ පරුෂ වචනයෙන් බැන වැදුනේය.
මහේස්ත්‍රාත් නිල මැදිරියේ දී නඩුව කැඳවූ අවස්ථාවේ 14 වැනි සැකකරු වන සිදම්බරන් පලනිඅණ්ඩි රහස්‍ය ප්‍රකාශයක් කිරීමට මහේස්ත්‍රාත්වරයාගෙන් අවසර ඉල්ලා ඇති අතර එසේ කිරීමෙන් සැකකරුට විශේෂ සහනයක් සැලකිල්ලක් නොලැඛෙන බවත්, එසේ කරන ප්‍රකාශය ඉහළ අධිකරණයකදී සැකකරුට විරුද්ධව සාක්කියක් ලෙස ගත හැකි බවත් පෙන්වා දී ඇති මහෙස්ත්‍රාත්වරයා ඒ සම්බන්ධව කල්පනා කර බලා මෙම මස 26 වැනිදා එම ප්‍රකාශය කරන ලෙස උපදෙස් දෙනු ලැබීය. එතෙක් එම සැකකරු අනෙක් සැකකරුවන්ගෙන් වෙන් කර තබන ලෙස කුරවිට බන්ධණාගාරයේ අධිකාරිවරයාට නියෝග කළේය.
පැමිනිණිල්ල මෙහෙයවන ලද රහස් පොලිසියේ උප පොලිස් පරීක්ෂක එස්.එම් පොල්වත්ත මහතා අපරාධ ස්ථානයේ තිබී රස පරීක්ෂකවරයා හමුවට ඉදිරිපත් කරන ලද කැබ් රථ දෙකෙහි තිබී සොයා ගන්නා ලද ජෛව කොටස් විශ්ලේෂණය සදහා ජින්ටෙක් ආයතනයට බාරදී ඇති බව අධිකරණයට දැන්වීය.
එමෙන්ම මෙම සිද්ධියේ වගකීම බාර ගැනීම සදහා රුපියල් ලක්ෂ 15 ක් ලබා දෙන බවට 11 වැනි සැකකරු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් නීතිපති උපදෙස් ලබා ගැනීමට ක්‍රියා කර ඇති බවද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය සමාජයට දීපු වේදනා දැන් මේ අයටම ලැබෙන්න ඕනෑ.එහෙත් ලංකාවේ සාමාන්‍යයෙන් වෙන්නේ මේ වගේ අයව කොහෙන් හරි ආරක්ෂා වෙන එක.මේ ක්‍රමය වෙනස් කරන්න මානුෂිය පොලිස් නිලදාරීන් පිරිසක් බිහිවේවායි පතමු (නි)
ඕකට තමයි කියන්නේ එකට කෑවත් බොක්ක වෙනස් කියලා. (නි)
කනංකේ, ඔබගේ ප්‍රකාශයට මම එකගයි. තව අවුරුද්දකින් විතර අත කොටාලා ඇප පිට නිදහස් වේවි.අර තංගල්ලේ සභාපති වගේ. මේ මැර දේශපාලනයට තිත තබන්න නම් මොවුන් සමග සම්බන්ධතා පවත්වන ප්‍රබල දේශපාලකයන්ට ඡන්දය නොදී සිටිය යුතුයි (නි)
මේ සිද්ධිය සම්භන්ධ අය අත්අඩංගුවට නොගන්නේ ඇයි, මොවුන් පෝශනය කරන්නේ පලාතේ දැව ජාවාරම් කරුවනුත්....බස්නාගල වෙනම රාජ්‍යයක් තියෙන්නේ ගෝත්‍රිකයන් වගේ ඔවුන් හැසිරෙන්නේ..රෑ නමයෙන් පස්සෙ පාරක යන්න බැහැ..කාළකණ්නින්ව නොමරා මරන්න ඕන (අ)
අත කොටාට ආරක්ෂාව සපයන බලවත් දේශපාලකයා ආරක්ෂාව සපයන්නේ එතුමාගේ ඡන්ද කාලේ ඔක්කොම හොර වැඩ , මැර වැඩ, ජඩ වැඩ ඔක්කොම කරේ අත කොටා හින්ද. .. ඉතින් එයා ඕකව ආරක්ෂා කරේ නැත්තන් ඕක ඒ කාලෙය් කරපුව ඔක්කොම වමාරනවා!!! ඉතින් මචන්ලා , අපි ඕකට කොච්චර කෑගැහුවත් වැඩක් නැහැ!!! උන්ට උඩින් ෆුල්ල් සපෝට් එක සහ ආරක්ෂාව තියෙනවා . එක නිසා, යුක්තිය සාධාරණය නාමයෙන් අපි කොච්චර කෑ ගෙහුවත් වෙන එකම දේ අපේ උගුර ලේ රහ වෙන එක විතරයි.(අ)
අපරාධකාරයන්ට කිසිම බුරුලක් දෙන්න එපා. (නි)
අනේ බන්දුල, ඔයා දඩුවම් විදින්න එපා. අර පුරප්පාඩුවක් තියනවා වධකයෙක් ඉල්ලලා. ඒ පුරප්පාඩුවට ඔයා යන්න. ගිහින් දඩුවම් නොවිද ඔයා ගේ අත්වලින්ම ලිවර් එක ඇදලා අර කට්ටියට දඩුවම් කරන්න. (නි)
මේ අය රට පුරා බලයට පත්කරන්නේ ජනතාව විසින්මයි (නි)
අනිත් මේ වගේ වැඩකරන අයටත් එක්ක උන ගන්න මරණිය දණ්ඩනය ක්‍රියාත්මක කරන්න. අර දේශආලුවගේ නමත් රටට දැනගන්නේ ප්‍රසිද්ද කරන්න. (නදී)
බන්දුලගේ අදහස වසන්ති නෝනට තේරුම් ගිහින්. නමුත් පිටබැද්දර මහතාට නොතේරුන ගානයි (නි)
පිටබැද්දර ජයා,මමත් මේ කල්පනා කලේ බන්දුල පෙරේරාට එකපාරටම අපෙන් අය කරන බදු මුදල් මතක් වුනේ ඇයි කියලා.එහෙම දෙයක් අපෙන් අය කරනවද? (නි)
බන්දුල පෙරේරාට සත්‍ය අවබෝධ වෙලාද? (නි)
කොසොල් රජතුමා දැක්ක හීන හැබෑ වෙලා තියෙන්නේ. (නි)
කුණුහරප කියූ සැකකරුගේ පින්තූරයක් පත්තරේ දාන්නකෝ. අඩුගණනේ අපට ඒ මූණට කෙළ පාරක්වත් ගහන්න. (නි)
දේශපාලඥයා යනු දේශය පාලනය කිරීමේ දැනුමක් ඇත්තා යනුයි. මා කරුණාවෙන් පාඨකයන්ගෙන් ඉල්ලා සිටිනවා මෙවුන්ව ඇමතීම සඳහා දේශපාලුවා යන නම භාවිතා කරන ලෙසට. (නි)
මෙචරකල් කඩේ ගිය බන්දුල පෙරේරා මොකද එක පාරටම 'යු ටර්න්' එකක් ගහලා? (නි)
මෝඩකම සහ බලය එක් වූ විට මෙවැනි අපරාධ සිදුවීම ඉතා සුලබය. දේශපාලකයින් තේරීමේදී ජනතාව බුද්ධිමත් විය යුතුය. (නි)
පාල ගැන දෙවියෝ බලන්න ඕනි (අ)
මේ අපරාධ කරුවන්ට සෙවන දුන් මේ පාතාලයේ මුදුන් මුල වූ ඒ දේශපාලඥයා ගැන ඇයි කවුරුත් කතා කරන්නේ නැත්තේ. ඒ පුද්ගලයාට ලංකාවේ නීතිය අදාල නැද්ද? (අ)
මේ අයගෙන් එල්ලුම්ගහ ක්‍රියාත්මක කිරීම පටන් ගන්න. තවත් නම් ඒක කල් දාන්න එපා. (නි)
අත කොටා ඇතුළු මේ මිනී මරුවන්ව නොමරා මරන්න. මේ අයට රැකවරණය දුන්න 'පාල' නමැති දේශපාලකයා ගැන දැනුවත් කරන්න. (අ)
මේ ළඟදි රජයේ ඇමතිවරයෙක් ප්‍රසිද්ධ මාධ්‍යයට කිවුවනේ බන්ධනාගාර ගත වෙන එක විශ්ව විද්‍යාලයකට ඇතුළු වෙනවා වගේ කියලා. (නි)
බන්දුල පෙරේරා මහත්තයා මොකටද එන්ඩ හදන්නේ. කෙලින් කියන්ඩ, (අ)
අපගේ බලාපොරොත්තුව අපේ බදු මුදල් වලින් මොවුන්ව නඩත්තු කිරීම නෙමෙයි..මොවුන්ට මරණ දඩුවම දුන්නත් දඩුවම විදින්නේ අපි..(ස)
කිසිම සමාවක් දෙන්න එපා. අපරාධයට හවුල් සියල්ලටම මරණීය දණ්ඩනය දෙන්න.(ස)