දැරණියගල නුරිය වතු යායේ වතු අධිකාරි එන්. ඒ. නිහාල් පෙරේරා පසු ගිය පස් වැනිදා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රී අනිල් චම්පික විජේසේකර (අතකොටා)ඇතුළු සැකකරුවන් 18 දෙනා ලබන 24 වැනිදා තෙක් රිමාන්ඞ් කළ අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ඩී.එච්.ඒ. සෙනෙවිරත්න මහතා එදිනට ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන්නැයි ද නියෝග කළේය.
ගල්කිස්ස රත්මලාන ජිනරතන මාවතේ වතු අධිකාරි නල්ලපෙරුම ආරච්චිගේ නිහාල් පෙරේරා (71) මහතා ඝාතනයට ලක් විය. ඔහුගේ ආරක්‍ෂකයෝ දෙදෙනෙක් පහර දීමෙන් තුවාල ලදහ.
මෙම ඝාතනය සම්බන්ධයෙන් තවත් සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට නියමිතය.
නුරිය වතු යායේ පැවැති පාතාලයේ ප‍්‍රධානියකුට එරෙහිව පැමිණිලි 98 ක් පොලිසියට වාර්තා වී තිබුණද එකදු පැමිණිල්ලක්වත් මෙතෙක් විභාග කර නැති බව පරීක්‍ෂණ කරන පොලිස් කණ්ඩායම කියයි.
අවිස්සාවේල්ල ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සෙනෙවිරත්න මහතා ඉදිරියේ සාක්කි දුන් දැරණියගල නුරිය වත්තේ ක්ෂේත‍්‍ර නිලධාරි කල්ප කංකානම්ලාගේ මුණිපේම ජයසිරි (49) මහතා මෙසේ පැවැසීය.
පස් දෙනකුගෙන් යුත් කණ්ඩායමක් මහත්තයාගේ ඉදිරියට ආවා. තවත් කණ්ඩායමක් පිටු පසින් සිටියා. මහත්තයාට පොලූවලින් ගැසුවා. කකුල් දෙකට කඩුවකින් කෙටුවා. ගහන්න එපා කියා ඔහු කෑගැසුවා. බිම ඇද වැටුණා. පස්සේ ඔවුන් උස්සාගෙන ගියා.මම මේ වත්තේ සිට තැනින් තැන වතුවලට මාරුවෙමින් වසර 8ක පමණ සේවය කරලා තියෙනවා. දැනට මේ වත්තේ සේවය භාරගෙන මාස 6ක් පමණ වෙනවා. 2013 ජුලි 5 වැනිදා උදෑසන 6.45 ට පමණ සේවයට වාර්තා කළා. 8.30ට පමණ වතු අධිකාරි මා සේවය කරන ක්‍ෂේත‍්‍ර කාර්යාලයට ආවා. පස්සේ ඔහු සමඟ 7සහ 9 ක්‍ෂේත‍්‍ර කාර්යාල පරීක්‍ෂාවට ගියා. ඊට පසු 8වැනි ක්‍ෂේත‍්‍ර කාර්යාලය නිරීක්‍ෂණයට ගියා. වේලාව උදෑසන 9.30 පමණ ඇති ඒ වනවිට ආරක්‍ෂක නිලධාරි පහළ බංගලාවට හැරෙන තැන පිරිසක් හිටියා.
එතකොට වතු අධිකාරි පැවසුවා එහෙනම් අපි බංගලාවට යමු කියා. අපි පිටත් වුණා. එවිට රංගත් පැතුමුත් බංගලාව දෙසට ගියා. අපි පන්සල වත්තේ පරණ ළිඳ ළඟින් යන්න ගිහින් මොකක් හෝ කරදරයක් කියා වෙනත් පාරකින් යන්න සූදානම් වුණා. එතකොට කවුදෝ ගල් ගැසුවා. ඊට පසු මම නිලධාරි නිවාසයට ගියා. එතකොට නිලධාරි සුරංග, සුමුදු බණ්ඩාර නිලධාරීන් සිටියා. මම එතැනට එනකොට ඒ අය මොකක් හෝ සිද්ධියක් බලා සිටියා. මමත් ඒ දෙස බලා සිටියා. මම දැක්කා උදය කුමාර රංග පලනි අණ්ඩි, අමිල ,බිඞී උන්නා. පස් දෙනෙක් මහත්තයාගේ ඉදිරියට එනතුරු තවත් කණ්ඩායමක් පිටුපසින් සිටියා. මහත්තයාට පොලූවලින් ගැසුවා. කකුල් දෙකට කඩුවකින් කෙටුවා. ගහන්න එපා කියා ඔහු කෑගසුවා. බිම අද වැටුණා. පස්සේ ඔවුන් උස්සාගෙන ගියා.
මේ සියල්ලක්ම සිදු වුණේ පාරේදී. පස්සේ ඔහු බංගලාව දෙසට අරන් ගියා. මම එතැනට යනකොට ආරක්‍ෂක නිලධාරි තුවාල සිදුවී සිටියා. ඔවුන් දෙදෙනයි සිටියේ. කොට කලිසන් දෙකක් ඇඳ ගෙන සිටියේ. මහත්තයා බංගලාවේ නිර්වස්ත‍්‍රව සිටියා. පස්සේ අපි නිලධාරීන් කම්කරුවන් එකතුවී දැරණියගල රෝහලට ගෙනගියා. එහිදී දැනනගන්නට ලැබුණා ඔහු මියගිය බව.
ගල්කිස්ස රත්මලාන ජිනරතන මාවතේ පදිංචි මියගිය අයගේ බැණා වන ජීවක රත්දැල්ගොඩ මහතා (34) මෙසේ පැවසීය.
මියගිය අයගේ දියණිය මා විවාහ කරගෙන සිටිනවා. මගේ මාමා දැරණියගල නූරිය වත්තේ මාස 6ක පමණ කාලය සිට සේවය කරනවා. හයවැනිදා 10.00 පමණ දුරකථන පණිවිඩයක් ආවා දැරණියගල රෝහලට පැමිණි මියගිය අය හඳුනා ගත්තා. පසු දින අවිස්සාවේල්ල රෝහලේ පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයට සහභාගි වුණා.
මියගිය අයගේ මස්සිනා වන නුගේගොඩ හේනපුර පදිංචි ජයන්ත කුඩාහෙට්ටි (65) මහතාද සාක්කි දුන්නේය.
අගතියට පත් පාර්ශ්ව වෙනුවෙන් ජනාධිපති නීතිඥ චානක රණසිංහ, ඒ.එස්.විසුබා, අසංක රණසිංහ, පි‍්‍රයශාලා රාජනී නීතිඥ මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
දැරණියගල නුරිය වත්ත ප‍්‍රදේශයේ පාතාලය ගම් දනව් රැසකට මහත් පිළිලයක් විය. ඇතැම් අවස්ථාවලදී පොලිස් හදිසි ඇමතුම් අංකයට මේ ගැන පැමිණිලි කළ ද ඊට කිසිම ප‍්‍රතිචාරයක් නොලද බව ප‍්‍රදේශවාසීහු පවසති.
මැර බලය සහ ඉහළ දේශපාලන බලය අතට ගෙන කිසිදු රාජ්‍ය නිලධාරියකුට එම ප‍්‍රදේශ රාජකාරි කිරීම ඉඩ නොදුන් මැර නායකයකු එහි රජ කළ බව ගැමියෝ කියති.
කිසිදු පොලිස් නිලධාරියෙකුට තම රාජකාරි කටයුතු කරන්නට ඉඩක් නොදී ඔවුන් විවිධ වධ හිංසාවලට ලක් කරමින් කිසිදු පැමිණිල්ලක් පොලිස් පොතක සඳහන් කිරීමට ඉඩ නොදුන් තත්ත්වයක් පැවැතිණි.
මේ ප‍්‍රදේශයේ ගස් කපන්නට බලපත‍්‍ර නොදීම නිසා එවකට සිටි ප‍්‍රාදේශීය ලේකම් වරයාගේ බෙල්ල කපන්නට උත්සාහ දැරීමක් සම්බන්ධව පොලිස් පොතෙහි සඳහන් වූයේ සුළු පැමිණිල්ලක් ලෙසය. එසේම ප‍්‍රසිද්ධියේම කොස් ගස් බලයෙන් කැපීම කසිප්පු ජාවාරමට උපරිම සන්නද්ධ බලය හා දේශපාලාන බලය හිමිවී තිබිණි.දුෂණ ක්‍රියා හා රාජ්‍ය නිලධාරින්ට පහරදීම යන නොමනා කටයුතු මැරක‍්‍රියා නැවත එළියට ආවේ පසුගිය පස්වැනිදාය.
ඒ දැරණියගල නුරිය වතුයායේ වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීමත් සමගය පළාතේ පාතාල නායකයාගේ ගෝලයකු යටතේ සන්නද්ධ පිරිසක් ඒ ඝාතනයට හවුල් බව කියති.
මීට මාස තුනකට පෙර වතු අධිකාරිවරයාගේ කකුල කැඩුයේ නුරිය වතුයායේ තේ දලූ සොරකම් කරන්නට නොදුන් නිසාය මෙම සිද්ධියේ දී නීතිය කි‍්‍රයාත්මක කරන්නට පොලිසියට නොහැකි වූ බව ගැමියෝ දැන් කියති.
වතු අධිකාරි ඝාතනය කිරීම සඳහා ඔවුන් මුලින්ම සැලසුම් කර ඇති බව කියති. එනම් මුලින්ම පෞද්ගලික ආරක්‍ෂක ඒකකයෙන් ලබාදී තිබූ විශ‍්‍රාමික කොමාන්ඩෝ සෙබළුන්ගේ අතපය කඩා දැමීමයි. කඩු යකඩ පොලූ රැගෙන ආ මැරයන්.
වතු අධිකාරිවරයා ප‍්‍රසිද්ධියේම කඩුවලින් කපා කොටා නිරුවත් කර තම සේවකයින්ගේ ඉස්සරහට ගෙන කැබ් රථයක දමා හැතැප්ම අටක පමණ දුරක එනම් බස්නාගල දොඩාවත් ප‍්‍රදේශය පුරා ප‍්‍රදර්ශනය කරමින් ‘‘මෙන්න උඹලාගේ ලොකු මහත්තයා’’ කියමින් ගොස් ඇති බව කියති.
මේ වන විට නුරිය වතුයාය පුරාම පොලිස් කණ්ඩායම් හයක් යවා මෙහෙයුම කටයුතු ආරම්භ කර ඇති අතර ඝාතනයට යොදා ගත් කඩු, පොලූ සහ ඒවායේ තිබෙන ලේ පැල්ලම් සහිත සාක්කි සියල්ල එක්රැස් කිරීමට නියෝග ලබා දී තිබේ.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් හතළිස් දෙනෙක් පමණ නුරිය වතුයායේ ආරක්‍ෂාවට යොදවනු ලැබ සිටිති.
වතුයායේ සියලූම කටයුතු පාතාලයට යටවී තිබිණි. වතුයායේ සේවය කරන සියලූම දෙනා මේ මැරයන් ගේ ඕනෑ එපාකම් වලට සහයෝගය දිය යුතු වූ අතර එසේ නොවුන හොත් අවසන් ඉරණම වූයේ අතපය කපා දැමීම හෝ මරණයයි. එම ඉරණම ගැන දැන සිටි අහිංසක මිනිස්සු ඔහුට විරුද්ධව කිසිම දෙයක් කියන්නට බිය වූහ.
මැරයෝ නුරි කෝවිල ඉදිරිපිට කොටසක් බලෙන් අල්ලාගෙන කඩයක් දමාගෙන සිටින අතර කෝවිලට ආසන්න ඉඩමක්ද අල්ලාගෙන සිටියහ. නුරි වතු යායට අයත් අක්කර ගණනක් මැරයන් අතට පත් වී තිබිණි.
දැරණියගල නුරිය ගම්වැසියන්ගේ එකම ඉල්ලීම නම් දැන්වත් මෙම පාතාල කල්ලියේ අපරාධ ඉදිරියට නොවන්නට වග බලා ගත යුතු බවයි.
වතු අධිකාරි නිහාල් පෙරේරා මහතා මෙන්ම ඉතාමත් අවංකව තම වත්ත ඉහළ තැනකට ගෙන යෑමට උත්සහ දැරූ නිලධාරියකු බව ගැමියන්ද සේවකයෝද කියති. එසේම ඔහු මෙම වතුයායට ඇවිත් මාස 6ක් පමණි. වතුයායට එන විට මෙම අකටයුතුකම සිදුවන බවත් දැන සිටි අතර ඔහු මුලින්ම කර තිබෙන්නේ අත කොටා හමුවී (ඔහුගේ ගෙදරටම ගොස්) සුහදව කතා බහ කර වත්ත සමග සම්බන්ධ වී වැඩ කරන මෙන් ඉල්ලා සිටීමයි. ඒ වගේම ගිය වෙසෙක් පොහොයට දන්සලේ සියලූම කටයුතු ද ඔහුට පවරා ඇත. වතු අධිකාරිවරයා මේ දේ සිදුකර තිබෙන්නේ ඔවුන් යහමගට ගෙන තම වත්තේ කටයුතු බාධාවක් නොවන පරිදි කරගෙන යාමටය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අත කොටාට සහයෝගය දුන්නු පොලිසියට මොකද කරන්නේ. ඊට සහය දුන්නු මහා දේශාපාලුවන්ව සොයන්නේ නැද්ද (අ)
අතකොටා මහිපාල මහා ඇමතිගේ ගොලයෙක් (අ)
මොළ හෝදපු අයව පුනරුත්තාපනය කරලා රට ලෝකය දෙස සාධාරනව බලන්න ඉඩ සලසපු ලංකාදීපයට අපේ ගෞරවය. (නි)
අපි ඡන්දෙ දුන්නේ මේවා බලන්නද? අපේ වරද, මේ පාර නම් ඡන්දෙ කටුගනවා. කාටවත් දෙන්නෙ නැහැ (නි)
අනේ පවුනේ, ඔන්න ඔය කිරිසප්පයන්ගේ වැඩ ගණන් ගන්න එපා. මේවා අද කාලේ සුළු දේවල්.ඔයාලා ගණන් ගන්න එපා (නි)
සම්ජි, ඔය කියන බල්ලෝ මල්ල පුරවා ගන්න කොටින්ට නම් යටත් උනේ නැහැ ඒකත් ලියන්න. නමුත් සපොටර් ලා බලු වැඩ කරනවා ඒක අපි පිලිගන්නවා.(නදී)
ජනතාව ඉදිරියේ මොවුන් නිවටයින්. ප්‍රශ්ණය ජනතාව එකතු නොවීමයි. (නි)
මෙම වතුයාය එංගලන්ත පාලනාධිකාරිය සතු වතුයායක්. මෙම සිද්ධිය නිසා පාලනයෙන් ඉවත් වීමට ඔවුන් තීරණය කරලා. මෙම තත්වය අපේ රටට යහපත් නොවන අතර මෙයට පෙර තත්වය වෙනස් කර ගත හැකිව තිබුනා. (නි)
මේවා අහනවිට ලංකාවේ නීතියක් තියෙනවද කියලත් සැකයි (නි)
රටේ නීතියක් නැති වුනාම මෙවන් අපරාද කරන්න කවුරුත් පසුබට වෙන්නේ නැහැ.තමන්ට අභියෝගයක් වෙන කෙනාව විනාශ කරන්න පෙලබෙනවා. රටට කොඩිවිනයක් වෙලා තියන ප්‍රාදේශිය දේශපාලනඥයන් නීතියේ රැහැනට කොටු කරගත යුතුය (නි)
ජීවන්, මේ වත්ත හිමිකරු ඇමෙරිකන් සමාගමක්. නැත්නම් මේ දේවල් මෙච්චර ඉක්මනට වෙන්නේ නෑ. යට ගහනවා.(අ)
අද හැම තැනම පොඩි පාතාල තියනවා. මම ඉන්නේ කොස්වත්තේ. මෙහෙත් තියනවා. ඉස්සෙල්ලා පොඩි පොඩි හොරකම් කරන්නේ.ගෙවල් කඩනවා. පොලිසියට පැමිණිලි කළහම ගෙනියන්නේ නැහැ. (නි)
මේ අපරාධකාරයින්ට රජකාලේ දඩුවම් දෙන්නයි ඕනෑ. ඒත් අවසානේදී ලැබෙන්නේ නිදහසයි. (නි)
අතෙකාටා පාර්ලිමේන්තුවට යාමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇත.දැන් අවශ්‍ය පරණ වැඩ මතක නැහැ යයි කීම පමණි. (අ)
ඉතා ඉක්මනට ජනතාව මොවුන්ට විරුද්දව ආයු ද අතට ගනීවි.(අ)
මේ වත්ත ඇමරිකාවේ වතු සමාගමකට අයත් වත්තක්.ඒකයි ඇමරිකාව ඇඟිලි ගහන්නේ. (නි)
මේ සියලුම දෙනා කතා කරන්නේ මේ හැමදේකටම වග කිවයුතු අය ගැන නොදන්නවා වගෙයි. (නි)
මුලදී ඔහොම අත් අඩංගුවට අරගෙන ඔය ප්‍රශ්නය නිමිල ගියාම ඔය අපරාදකාරයෝ ටික නිකම්ම එලියට එනවා. අනෙක මිනිස්සු කොහොම ඡන්දෙ දුන්නත් වැඩක් නැහැ. මේ ආණ්ඩුව ආයෙත් දිනනවා. බෞද්ධ රටක මේ වගේ දේවල් වෙන එක මට හරිම පුදුමයි. පව් දුප්පත් මිනිස්සු ඉතාමත් බීතියෙන් ජීවත් වන බව තේරෙනවා.(නදී)
කකුලක් කැඩුවටත් පස්සේ පොලීසියෙන් ප්‍රතිචාරයක් නැත්නම් මොකටද එතන ඉන්නේ. 71 වෙලත් වදුරා බිම නොගිය එකයි වැරැද්ද. මෙහෙම කීවට මෙතන තියෙන්නේ මිනීමරු දේශපාලනය. ජේ.ආර් ගේ කතාවට දැන් තමයි වෙලාව. තමන්ගේ ආරක්ෂාවට ආයුදයක් ළඟ තබාගන්න. මිනිහෙක් මාරුවට පස්සෙ උසාවියෙන් බේරෙන්න ඕන තරම් ඉඩකඩ තියෙනවා. ලංකාවේ නීති පද්දතිය වෙනස් කරන්න කාලය ඇවිත් තියෙන්නෙ.(නදී)
වැරදිකරුවන්ට නිසි දඩුවම් නොදීම තමයි වරද.බොරු විනය පරීක්ෂණ තියලා වරදිකරුවන්ව නලවනකොට අනිත් අය බයනැතුව වැරදි කරනවා. (නි)
ඔය තේ වතු අස්සේ ඕන තරම් ආයුධ හංගල ඇති.... ඒව හොයන්න එක්කන් යන්න... ඇයි මෙච්චර පරක්කු.....? කොටි පරදපු අපේ කොල්ලොන්ට මුං මොක්කුද....? (අ) කමල්
බස්නාගල, නූරිය, පල්ලේබාගේ යන ගම්වලට අතකොටා කියන නරුමයගෙන් තිබ්බේ පුදුම කරදරයක්. කැලෑ ඔක්කොම සුද්ද කලේ මෙයාලා. හිරේ යවලා වැඩක් නැහැ, මෙහෙම අයව අර හංගපුවා බලන්න යන්නේ නැහැ වගේ (අ)
අප රටෙ මානව හිමිකමි තියා ජිවත් වීමේ නිදහසත් නැති වෙලා දැන් දැන්. රටට කරන මහා විනාශය දැන්වත් නවත්තන්න.(නදී)
ඔක්කොම එකයි. මොවුන්ට ඡන්දෙ දෙනවට වැඩිය හොදයි අපේම අත කපාගන්නවා. (නි)
ඕන් බලාගන්න අපරාධකාරයන්ට ආශිර්වාද ලැබිලා නඩුවෙන් ගැලවෙන හැටි. (නි)
ලංකාවේ මානව හිමිකම් උල්ලංගනය වෙන්නේ උතුරේ නෙමෙයි දකුනෙයි. හැම එකටම පගාව දෙන්න ඕනෑ, මොනවා හරි වැඩක් කරගන්න. පොඩි දේටත් මිනී මරනවා. වාහනයක් එලවන්න බැහැ මරාගන්නමයි එන්නේ. මේ රටට ප්‍රජතන්තවාදය හරියන්නේ නැහැ. (නි)
කේස් එක වාස් මහත්තයට බාරදුන්නා නම් හරි. ඒත් ඉතින් එයා ඇතුලේ නේ. (නි)
නොදකින් මේවගේ කාලකන්නි පව්කාරයන්ටද අපේ රටේ මිනිස්සු ජන්දේ දෙන්නේ. මේ කතාව කියෙව්වම පුදුම දුකක් ඇතිවෙනවා මැරුණු මනුස්සය ගැන. කට ඇරියොත් අපේ රට, අපි මේක රැක ගන්න ඕනේ, මේ රට පාවල දෙන්නේ නැහැ, ඔන්න ඔය හුරතල් වචන ටික ඉස්සරහට දාල කිව්වම අපේ ගොන්නුන්ටත් ඉතින් ඊට වැඩිය දෙයක් නැහැ. යුද්දේ නැති උනාට අපේ රටේ දවසකට අහිංසකයෝ කීදෙනෙක් ඝාතනයට ලක් වෙනවද? හොරකම් මැරකම්, දුෂණ, වංචා, අල්ලස්, අපචාර, උද්ගෝෂණ, මිනිසුන්ගේ අසහනය, මේවා තමා යුද්දෙන් පසුව අපිට ලැබී තිබෙන දායාද සහ ප්‍රතිලාබ. මේ ක්‍රමේ කවදාවත් නැතිවෙන්නේ නැහැ. එකට හොදම උදාහරණය මෙවර පළාත් සභා ජන්දයට දේශපාලන උතුමන්ලාගේ පින්වත් පුතුණුවන්ලා ඉදිරිපත් කිරීමෙන් පෙනියනවා. අපේ රටේ නූපන් දරුවන්ටත් මුන්ගේ පව් කර ගහන්න වෙනවා. අපේ රට දවසින් දවස අගාදයටමයි යන්නේ. (අ)
ලංකාවේ තිබෙන මෙවැනි මුදා නොගත් ප්‍රදේශ සහ එහි ඉන්න පාතාල නායකයන් ගැන ලංකාදීපයට කමෙන්ට්ස් ලියන්න. එතකොට ආරක්ෂක අංශ වලට පහසු වෙනවා ඔවුන් මර්ධනය කරන්න. ලංකාදීප පුවත නිසයි මේ සිද්ධියට ප්‍රසිධියක් ලැබිලා පාතාල කාරයෝ අත්අඩංගුවට අරන් , ගමේ මිනිසුන්ට නිදහසේ ජිවත් වීමට ඉඩ ලැබිලා තිබෙන්නේ.(නදී)
අනුර ගොට්ට අල්ලද්දී කියලම අල්ලන්න... සපෝටර් කරන වැරදි වලට ලොක්කෝ වග කියන්නේ නැතිනම් දඩුවන් දෙන්නේ නැතිනම් වග කියන්නේ එෆ්බියි එකද.අන්න ගුරුතුමී දැනගස්වපු එකාට සම්මුක පරික්ෂනෙට කැන්දවලාලු.ඒ වසල වැඩේ කරේ මගේ හෝ ඔහේගේ තාත්තද.(අ)
අනුර, එයාලා බලු වැඩ කරන්නේ ලොකු අය බලු වැඩ කරන නිසා සහ ඒවාට දඩුවම් කරන්නේ නැති නිසා. (නි)
කොන්ද පන නැති පොලිසියක් ඉන්නකොට මේ රටට දෙයියන්ගෙම පිහිටයි. (නි)
ස්ථාන මාරු දීලා වැඩක් නැහැ. ඉවත් කරලම දාන්න. බස්නාගල, නූරිය, පල්ලේබාගේ යන ගම්වලට අතකොටා කියන නරුමයගෙන් තිබ්බේ පුදුම කරදරයක්. කැලෑ ඔක්කොම සුද්ද කලේ මෙයාලා. හිරේ යවලා වැඩක් නැහැ මෙහෙම අයව (නි)
පගාවට යට වුනු පොලිසිය ඇතුලු මුලු මහත් ලාංකීය සමජයම නාරා වලකි. මෙය නිවැරදි කිරිමට දේශපාලුවන්ට උවමනාවක් නැත. අනාගතයේ අපගේ දරුවන්ට සෝමාලියාවක් ඉතිරි කොට මුන් පරදේශයකට යනු ඇත.(නදී)
මේ වගේ මෝඩ දේශපාලන මැට්ටෝ නිසා ආයෝජකයෝ ලංකාවට එයිද?(නදී)
අනේ ජනාධිපතිතුමනි, දැන්වත් මේ ප්‍රාදේශීය දේශපාලුවන් කරන දේවල් ඔබට නවත්වන්න බැරිද? අපිට දැන් නම් එපාවෙලා තියෙන්නේ. (නි)
මම නම් කවදාවත් ඡන්දය දෙන්නේ නැහැ.දෙන මෝඩයෝ තමා පරිප්පු කන්නේ. (නි)
මේ වගේ නරකයො ඉන්න අවාසනාවන්ත ගමවල් තව කොතෙක් ඇද්ද මේ ලංකාවේ (අ)
මේ පාතාලය මෙහෙයවන්නේ බලවත් ඇමති කෙනෙක් කියලා සියලුම කඩේ යන පුවත්පත් වල පවා පෙන්වලා දීලා තිබුනා.ප්‍රසිද්ධියේ කප්පම් ගැනීම,කපල කොටලා තුවාල සිදු කිරීම් කිසිවක් පොලිස් පොතේ සදහන් කර ගන්නේ නැහැලු. ඒ ලිපි කියවද්දී අපිට හිතෙන්නේ තවමත් අපි මිනීමරු ප්‍රබාකරන්ගේ යුගයේ ජීවත් වෙනවා කියලා. (නි)
දැන් වත් පිළිගන්නවද කොච්චර උගත් චන්දදයකයෝද අපේ රටේ ඉන්නේ කියල. කොච්චර හොද පොලිසියක්ද අපට ඉන්නේ. කොච්චර හොද දේශපාලක්නොයෝද රටේ ඉන්නේ. ලෝකයේම අස්චාර්ය .(අ)
පස්සේ ආරන්ංචි වෙයි වතු අදිකරිතුමාම කොටගෙන මරුන කියල. මැරයෝ ටික නිදහස් වෙයි කිසිම කරදරක් නැතුව තව ටික දවසකින්.(අ)
සියලු අපරාද කාරයෝ පවතින ආණ්ඩුවේ ගෙත්තෝ ඉත්තෝ හා පත්කයෝ කියල දැනවත් පිළිගන්නවද? (අ)
රට බල්ලන්ට ගිහිල්ල බල්ලෝ පවුල් පිටින් රජ වුණාම මේක තමඊ ආනි සංසේ. (අ)
පිස්සු හැදෙන ආශ්චර්යයක් නේද මෙයාලා. ලංකාවේ නම අද ඉඳලා වෙනස් කරලා සෝමාලියාව කියලා දාමු. මොකද මේ වගේ මිනීමරුවෝ ඉන්නේ එහෙ. අනේ දෙවියනේ මේ රටට වුණ හදියක මහතා. දෙවියනේ, ඔබ කොහිද ? (නි)
කහවත්තේ පෙම්සිරි වගේම මේ අයවත් නළවයි.(අ)
තව මාසයක් විතර යනකොට ඇප ලැබෙයි. අයිත පරණ රස්සාවට බහියි. ලබන පාරත් මේ පක්ෂයෙන්ම චන්දෙ ඉල්ලලායහතින් වැජබෙයි. (අ)
අදහස් ප්‍රකාශ කරන මහත්වරුනි , කරුණාකරලා දැන ගන්න මොවුන් කරලියට එන්නේ ( පාතාල සෙල්ලම් දාන්නේ )දැනට අවුරුදු 15ක් පමණ කලක ඉඳන්. නමුත් ඔවුන්ට ඕනෑවටත් වඩා සාදාරන දඩුවමක් දෙනවා. පොඩ්ඩක් බලන් ඉන්න. (නි)
මේවා කරන්නට තිබුනේ නිහාල් පෙරේරා මහතා මරා දැමීමට කලින් නේද? (නි)
අතකොටා උසාවියට භාර වන තුරු ඔහු අත්අඩංගුවට ගන්න පොලිසියට බැරි වුනේ මොකද? (අ)
බලන් ඉමු (අ)
බලදරයිනි, ඇයි ඔබතුමන්ලා නිහඬ. කරුණාකර මේ සිද්ධිය කියවන්න. දැන්වත් මේ රට නියම මගට ගන්න. මේ රටේ ජීවත් වීමත් බයානකයි. (නි)
දේශපාලනය නරවලකි ,එය හරියට තුට්ටු දෙකේ ඉන්දියානු චිත්‍රපටයක් වගේය. (නි)
ඔන්න අතකොටා එක්සත් ජනතා පක්ෂයකින් පාර්ලිමේන්තුවට වැඩිම මනාපෙන් යන්න ලොකුම සුදුසුකම ගත්තා.බලන්න බොරුද කියලා (අ)
දැන්ද කඩු, පොලු, එකතු කරන්න අවසර දීලා තියෙන්නේ? ඇයි අපරාද සිද්ද වෙන්න පෙර ඒවා වලක්වන්න, නීතිය ක්‍රියාත්මක කරන්න, සතුරෝ අත්අඩංගුවට ගන්න, පාලකයින්ට ඇස් පෙනුනේ නැද්ද? මේ ප්‍රාදේශීය දේශපාලනය දැන්වත් නවත්වන්න බැරිද? රටේ ජනතාව බල්ලෝ බළල්ලු වගේ මරනවා, කපල කොටලා , දඩුවම් කරලා, දුෂණය කරලා, ඔවුන්ව නීතියේ සරණින් රටේ ඉහලම තනතුරු වලට උසස් කරලා.ජනතාව තවත් මර බියෙන්.මැරෙන්න බැරිනිසා ජීවිතේ වන්දි ගෙවනවා. ඇයි දෙවියනේ රටේ පාලකයෙක් ඉන්නවා නේද අපිට ? ඇයිඑහෙනම්, අපේ රටේ වැසියන්ට සැනසීමෙන් ජීවත් වෙන්න පරිසරයක් වගකිවයුත්තෝ ඇති නොකරන්නේ? එක්කෝ මුළු රටේම අයව එකපාර මරලා දමන්න ඕනෑ, දේශපාලකයෝ විතරක් ඉතුරු කරලා. එතකොටවත් මේ ප්‍රශ්නේ ඉවරවෙයි. එහෙම නැත්නම් මිනි මරුවෝ ටික එල්ලලා මරණ නීතියක් ගෙනෙන්න ඕනෑ. එහෙමත් නැත්නම් අපි ජනතාව ජීවිත ආරක්ෂාව පතා හිර ගෙවල්වලට පදිංචියට යමු. (නි)
පුදුමයි මේ ලංකාවේ සිද්ධියක්ද? චිත්‍රපටියක්ද ? දැන් ඉතින් මොනවා කළත් මොකටද? අර මනුස්සය මරලා ඉවරයි (නි)
මන් ඉංග්‍රීසි පත්තරේක දැක්කා ඇමරිකාව මේ ඝාතනේ පරීක්ෂණ යට ගැහුවොත් සියලුම ආයෝජන නවතන්න ලෑස්ති කියලා. මේ මහත්තයත් එක්ක ඇමරිකන් රජය මොන විදියකට හෝ සම්බන්දද කියල මන් දන්නේ නැහැ. මේක ඇගිලි ගැසීමක් උනත් මෙ වෙලාවේ වෙන විකල්පයක් නැහැනේ. අපි ඇමරිකාව සමගයි.(නදී)
ආශ්චර්යයේ ළඟටම ඇවිල්ල ඉන්නේ.(නදී)
වසන්ත ,ඔබට මල් මිටක්. විදිමත් අධ්‍යාපනයක් තුලින් මෝඩ ඡන්ද දායකයන් ගොඩ ගමු.(නදී)
ඔය කියන ඉහල දේශපාලක තුමා සුදු ඇදන්ද හිටියේ. අතේ පිරිත් නුලුත් අගලක් විතර බැදගෙනද හිටියේ. පිරිත් නුල් බැන්දේ පළාතේ හාමුදුරුවෝද? (නදී)
හැදෙනා දරුවනේ, ලංකාව නමැති කොමඩිලන්තෙන්, ආසියාවේ (අ)මුතු ඇටෙන් තෙප්පමක එල්ලිලා හෝ පිටවෙයල්ලා. ඔකේ හිටියොත් උඹලගේ අනාගතේ මස්ත බාල්දු දේශපාලුවෝ කියන අයගේ මැර පුත්‍ර මැරයින් විනාශ කරනවා.(නදී)
වර්තමාන ලංකාව වූ කලී හොර තක්කඩියන්ගේ, මැරයන්ගේ, මත්ද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගේ, වංචා කාරයන්ගේ, පිම්පියන්ගේ යුද ජාවාරන් කාරයන්ගේ, කොමිස් කාරයන්ගේ,කුලියට කරන ගොට්ට අල්ලන්නන්ගේ, ස්ත්‍රී දුෂකයන්ගේ,ළමා අපචාර කරන්නන්න්ගෙන් පිරිච්ච දේහයක්.(නදී)
ඍජුව හෝ වක්‍රව ගොට්ට අල්ලන කොන්දක් නැති අය කට වහන් ඉන්නේ නෑසුනා වගේ එනවලා එලියට. ඇවිත් ඇද ගන්නවලා චිත්ත.(නදී)
අර සේනා මේ සේනා කෝ.(නදී)
ඔන්න ඕක අමතක වෙන්නත් එක්ක හරක්මස් වලට උද්ගෝෂණයක් කරන්න.(නදී)
රට පිරිහිලා කියල දැන්වත් පිළිගන්නවද?
මේ සියලුම දාමරිකයන් පාතාලයන් රජයේ දේශපාලන රැකවරණ ලබන අය. එනිසා පොලිස් නිලදාරීන් මෙම මැරයන්ට බයයි. ඔවුන් අහිංසක මින්සුන්ගේ පැත්ත ගන්නට බයයි. මේ සියලුම දේවල් සිදු වන්නේ අපේ රටේ නිතිය පවතින්නේ එකතරා කොටසක් අත නිසාය.(නදී)
මේ වගේ අපරාධ කරුවන්ට කලින්ම දඩුවම් දියයුතුයි නේද? නිතිය මැරයන්ට ක්‍රියාත්මක වෙන්නේ කවදාද.(නදී)
අර හංගපුවා බලන්න යන්නේ නැහැ වගේ. ඇයි බයද පොඩ් මිනිස්සුන්ට පාට් දාන නපුංසකයෝ.(නදී)
පස්සේ ආරංචි වෙයි වතු අධිකාරිතුමාම කොටාගෙන මැරුනා කියලා. මැරයෝ ටික නිදහස් වෙයි කිසිම කරදරක් නැතුව තව ටික දවසකින්. (නි)
මේ නුගත් දේශපාලකයා විනාශ කර තිබෙන්නේ මොන තරම් අවංක පුද්ගලයෙක්ද? ඔහු මේ මැරයාගේ ගෙදරට ගිහින් සුහදව කතා කරලා තිබෙනවා. මෙය කියවාගෙන යනවිට ඇත්තටම මට කඳුලක් නෙතට ආවා. (නදී)
එක තැනකින් නොවෙයි ලංකාවෙන්ම පාතාලය පන්නන්න ඕනේ (දී)
පේනවනේ පුතාලගේ හපන් කම් ?(නදී)
අත කොටා ආණ්ඩුවේ ගෝලයෙක්.(නදී)