
දුර්ලභ රුධිර රෝගයක් සඳහා ප්‍රතිකාර ලබමින් සිටි නෝර්වේ රාජ්‍යයේ, පස්වන හැරල්ඩ් රජු ඊයේ (28) උදෑසන අභවප්‍රාප්ත විය. අභාවප්‍රාප්ත වනවිට රජුගේ වයස අවුරුදු 89 කි.
ඔස්ලෝ ජාතික රෝහලේදී රජු අවසන් සුසුම් හෙලූ බව නෝර්වේ රජ මාලිගය නිවේදනය කළේය.රජුගේ අභාවයෙන් පසු ඔහුගේ 53 හැවිරිදි පුත් හැකොන් කුමරුට කිරුළ හිමිවෙයි.
වසර 35 කට ආසන්න කාලයක් සිංහාසනාරූඪව සිටි හැරල්ඩ් රජු, 14 වැනි සියවසෙන් පසුව නෝවේහිදී උපත ලැබූ පළමු රජු ලෙස ද සැලකෙයි.
පැවැති සම්ප්රදාය බිඳ දමමින්, හැරල්ඩ් රජු විවාහ වූයේ සාමාන්‍ය පවුලක තරුණියක සමගය. රජු විවාහ වූයේ සොන්යා හරල්ඩ්සන් සමගය. අද ඇය නොර්වේ රැජින ලෙස කටයුතු කරන්නීය. නෝර්වේ රාජාණ්ඩුව ජනතා අතරට ගෙන යෑමටත්, ජනතාව අතරේ ජනප්‍රිය පාලකයකු වීමටත් පස්වන හැරල්ඩ් රජු සමත් විය.
1937 පෙබරවාරි 21 වන දින උපත ලැබූ හැරල්ඩ්, දෙවන ලෝක යුද සමයේදී නාසි ආක්‍රමණ හේතුවෙන් මව සමඟ ස්වීඩනයට සහ පසුව ඇමෙරිකාවට පලා ගියේය. යුද්ධයෙන් පසු පෙරළා පැමිණ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූ ඔහු විවාහ වූයේ 1968 දීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපෙ රජ පරපුර මරා දමල,,උන් තාම රජ පරපුර දිගටම කරගෙන යනවා,, අපේ රටට හෙන ගැහුවෙ එදා කරපු අපරාධයට සහ පාවා දීමට