දැරණියගල නූරිය වතු අධිකාරී නිහාල් පෙරේරා ගාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සිව් දෙනකු රහසිගත ප්‍රකාශ දීමට කැමැති බව අවිස්සාවේල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අනුශ්ක සෙනවිරත්න මහතාට අද දැන්වූහ.
ලබන 12 සහ 13 දිනවල එම ප්‍රකාශ කිරීමට ඉඩ දිය හැකි බව මහේස්ත්‍රාත් දැන්වීය.
ඇඹිලිපිටියෙන් හා අඟුණකොල පැලැස්සෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන තෙක් ලබන 18 තෙක් රිමාන්ඩ් කරනු ලැබූහ.
අනිල් චම්පික විජේසිංහ (අතකොටා) ඇතුළු සැකකරුවෝ 23 දෙනෙක් දැනට සිටිති.
වැඩිදුර විභාගය ලබන 23 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ අස්සෙන්ම කිව්වා නම් හරි මේ අපරාධ කරන්න අත කොටාට නීතියේ රැහැනෙන් බේරිලා ඉන්න වක්‍රාකාරව දේශපාලන රැකවරණ දුන්නේ කවුද කියලා ? (ස)
ඔහොම ගිහින් 23 දෙනාම පාපොච්චාරණය කරලා රජයේ සාක්කිකාරයන් බවට පත්වෙයිද දන්නේ නැහැ. එතකොට විත්තිකාරයෝ එක් කෙනෙක්වත් නැතුව යනවනේ. නඩුවකුත් නැද්ද එතකොට? (ස)
මේ නඩුව දුරදිග යන එකක් නැහැ කියලාමයි මට හිතෙන්නේ. මාධ්‍යයෙන් ඉවත් උනාම අපටත් ඕක අමතකවෙලා යනවා. (නදී)
එවන්න එපා මෙයාලව එලියට. (ස)
අපරාද කාරයෝ සමග ආදරය කරන්නේ නැතුව ඉක්මනට නීතිය අනුව දඬුවම් දෙනවනම් මැනවි. උත්සහකරන්නේ නීතියෙන් රිංගලා යන්න.(නදී)
එතකොට ගාල්ලේ පෝද්දල සිද්ධියට මොකද වෙන්නේ? (නි)
මාධ්‍ය මේ අයව නැතිවෙන්න නොදී බලාගන්න. (නි)
නඩුවට සාක්කි ඕනෑ තරම් තියෙනවා. ගැට වලට අහුවෙන්න එපා.මම මේ කියන්නේ පැමිණිල්ලේ කට්ටියටයි. (නි)
මෙයාලා මිලදී ගන්නේ අරයලා තමා. මොකද එයාලගේ හදගැස්මේ කොටසක් තමා පාතාලය. කවදා හරි පාතාලය මුලිනුපුටා දැමු දවසක ඔබටත් මටත් අපේ අනාගත දරුවෙකුට හරි නිදහසේ ජිවත් වෙන්න පුළුවන් (නි)
මේ හැම දෙමකට වගකියන්න ඕනෑ අත කොටා හැම දෙයකින්ම බේරාගත් කෙනා. වැරැද්ද කොතනද කියා හරියට හොයා දඩුවම් දෙන්න (නි)
තවත් සැගවුණු තොරතුරු එලියට එයි වගේ. ඒ වගේම අර අතින් වහගෙන යන්නේ මුන්ගේ මොනවා තව පෙනෙයි කියලද? (අ)
එහෙනම් අරයව තමයි වළලන්න ඕනේ ඉස්සල්ලම.(නදී)
ලජ්ජ නැති අපරාද වැඩ කරලා, ලජ්ජාහිතිල ද කොහේදෝ මූන වාහන යන්නේ. අනේ පව් කිරි සප්පයෝ ටික. (අ)