දැරණියගල නූරියවත්තේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් මාධ්‍ය සමග කතා කළ අයගෙන් ප්‍රශ්න කිරීමට පොලිසිය යොදාවා ඇතැයි වතු සේවකයෝ කියති.
මේ නිසා ඔවුහු බිය වී සිටිති.
අවිස්සාවේල්ල පොලිසියෙන් පැමිණ ප්‍රශ්න කළ බවද ඔවුහු පවසති.
මේ සම්බන්ධයෙන් ලංකාදීප පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතාගෙන් විසූ විට පැවසුයේ පොලිස් කණ්ඩායම් කිහිපයක් එහි පරීක්ෂණ පවත්වන බවයි.
මේ ගැන අවිස්සාවේල්ල පොලිස් අධිකාරීගෙන් වාර්තාවක් ඉල්ලා ඇතැයි ද ඔහු කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රවති,ඔයාට මේවා පොඩි දේවල් වුනාට ඒවට මුනදෙන අයට ඒවා ගොඩක් ලොකුයි. කොටින්ම ජීවිතය පිළිබඳව මහා ගැටළුවක්,ඔයාලා වගේ තවත් අය හිටියොත් ලංකාවට දෙවින්ගේම පිහිටයි (නි)
චන්ද්‍රවති,ශරීර අවයව කපලා වාහනයක දාගෙන පණපිටින් ප්‍රදර්ශනය කරන එක,තමන්ගේ ළමයා දූෂණය කරන එක පොඩි දෙයක් වෙන්නේ කොහොමද ? චන්ද්‍රවති ත් අත කොටගෙන් ඉදුල් කාපු කෙනෙක් වගේ. මේ වගේ තවත් අය හිටියොත් ලංකාවට දෙවින්ගේම පිහිටයි (දී)
ලංකාවට දෙවියන්ගේම පිහිටයි (නි)
අවරුදු 15 ක් ඔකේ මිනීමරුවෝ රජකරනකම් ,පොලිසියේ අය කොහෙද හිටියේ ? මහජනයා පත්තරේට කියනකම් , දැන්ද පොලියට විස්තර දැනගන්න ඕන උනේ ,බයට ..? (දී)
නුරිවත්තේ පළාත් භාර පොලිසිය එදා සිට හරියට රාජකාරි කලානම් ,එහි වගේ බිෂණයක් ඇතිවන්නේ නැහැ, දැන් තමයි රාජකාරි මතක්වෙලා තිබෙන්නේ, (දී)
වසා, මේ මැරයෝ සේරම අවරුදු 15ක් තිස්සේ පොලිසියෙනුයි , නීතියෙනුයි ආරක්ෂා කරලා දුන්නේ සබරගමුවේ ඉන්න ලොක්කෙක්. දැන් එය මොකුත් නොදන්නා බබා වගේ ඉන්නවා . (නි)
චන්ද්‍රවතී, පොඩි දෙයක් උනාට කැපුවහම ලේ යන එක නවත්ත ගන්න බැහැනේ එකයි මැරෙන්නේ (දී)
සර්වජන චන්ද බලය නැතිකරන්න. මේ හැමදේම පටන්ගත්තේ එතනින්. ගස්ගෙඩි කඩන කට්ටිය රට පාලනේ කරන්න පාර්ලිමේන්තු ආවට පස්සෙ රට බල්ලන්ට ගියා. (දී)
හැමදාම බයෙන් ඉන්න.හිතට විරුද්ධව කටයුතු කරන්න,දාමරිකයින්,මිනීමරුවන්,ස්ත්‍රි දූෂකයින් බිහිකරන්න ඇයි අපි පොලිමෙ ගිහින් ඡන්දෙ දෙන්නේ. (දී)
කවුරු කොහොම වෙනසකට කැමති වුනත් අකමැති වුනත් මේ යන ක්‍රමේටම තමයි අපිට දිගටම ජීවිතේ ගතකරන්න වෙන්නේ. මොන පැත්තක් බලයට ආවත් ඒ අය කරන්නෙත් මේ දෙයම තමා. බොරුවට අපිවම රවට්ටගන්න එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඔය වෙනසක් ඉල්ලන අය හොදට මතක තියා ගන්න ඔය අපි බලාපොරොත්තු වෙන පරමාදර්ශී ලෝකය මවන්න දැන් කාටවත්ම බැහැ. (නි)
ඔය අපරාධකාරයන් මොන දේශපාලුවගේ කට්ටියක්ද කියලා ව්‍යංගයෙන් හෝ කියන්න බැරිද? (නි)
වත්තේ පිරිමි හිටියට ඒගොල්ලෝ අඹු දරුවෝ ඉන්න සාමකාමී නිරායුධ මිනිස්සු. මුන්ට ආයුධ, බලය, පොලිසිය, රැකවරණය තියෙනවා.කාටද මේවාට විරුද්ධ වෙලා මරණයට ,තමන්ගේ ළමයා දූෂණය කරනවාට , උන්හිටි තැන් නැති වෙනවට කැමති. මේ නිව්ස් බලනකොට ඇතිවෙන හැගීම් මට තේරෙනවා. නමුත් මේ මැර දේශපාලනය අබියස අපි හැමෝම අසරණයි ජයන්ත මල්ලි.ඉවසනවා හැරෙන්ඩ වෙන කරන්න දෙයක් නැහැ. (නි)
ශරීර අවයව කපලා වාහනයක දාගෙන පණපිටින් ප්‍රදර්ශනය කරන එක කාගේ නීතියක් ද? මේවා ගැන කතා කරන සිවිල් මිනිසුන්ගේ ජීවිත අනතුරේ නේද? (නි)
මේ වැඩ වලට උඩගෙඩි දෙන දේශපාලකයෝ භංග වේවා! විනාස වේවා.! (නි)
ජයන්ත සමාවෙන්න. වත්තේ පිරිමි හිටියට ඒගොල්ලෝ අඹු දරුවෝ ඉන්න සාමකාමී නිරායුධ මිනිස්සු. මුන්ට ආයුධ. බලය, පොලිසිය, රැකවරණය තියෙනවා.කාටද මේවාට විරුද්ධ වෙලා මරණයට ,තමන්ගේ ළමයා දූෂණය කරනවාට , උන්හිටිතැන් නැති වෙනවට කැමති. මේ නිව්ස් බලනකොට ඇතිවෙන හැගීම් මට තේරෙනවා. නමුත් මේ මර දේශපාලනය අබියස අපි හැමෝම අසරණයි ජයන්ත මල්ලි.ඉවසනවා හැරෙන්ඩ වෙන කරන්න දෙයක් නැහැ. (නි)
ඇත කොටගෙන් ඉදුල් කාපු අය දැන් නූරි ජනතාවට කරදර කරනවා. අනේ මන්දා අත කොටාගෙ පාතාලේ තරම දැන් හිතා ගතහැකි නේද? (නි)
රත්නපුර දිස්ත්‍රික් ත්‍රස්තවාදය මෙහෙයවන මහා ලොක්ක හොයා ගන්න පොලිසියට බයද. දැන් අහිංසක මිනිස්සු කී දෙනෙක් මැරුවද? මානව අයතිවාසිකම් අපි කඩකලේ නැහැ කියලා නේද අපි මේ ජාත්‍යන්ට්‍යරේ එක්ක වාද කරන්නේ. රස්සාවක් කරගෙන දෙය්යනේ කියලා ඉන්න නොදෙන එක වැරද්දක් නොකර මරණ එක මානව ඓතිවාසිකම් උල්ලංගනය කිරීමක් නෙවෙය් ද? මට ඕව තේරෙන්නේ නැති නිසය් මේ අහන්නේ.ශරීර අවයව කපලා වාහනයක දාගෙන පණපිටින් ප්‍රදර්සනය කරන එක කාගේ නීතියක් ද? මේවා ගැන කතා කරන සිවිල් මිනිසුන්ගේ ජීවිත අනතුරේ නේද? ජනාධි පති තුමනි මේ ගැන සොයා බලන්න. ඔබේ කීර්ති නාමය මේවයින් කිලිටි වෙන එක අපට දුකක්. (දී)
මේ අය පන්නන්ට පෙරට එන්න. (නි)
චන්ද්‍රවතී ඔය ලංකාවේද ඉන්නේ, අපේ ජනතාව චන්ද්‍රවතිලවගේ වුනොත් ඉවරයි (දී)
දැන් ඉතින් වැඩේ සම්පුර්නම නොපිට ගහවිද මන්දා? (නි)
මේව මේ පොඩි දේවල්නෙ. ඇයි මිනිස්සු පොලිසියටත් රජයටත් බනින්නෙ. (නි)
හොරා පොලිස්ද? (නි)
පොලිසියට බැරිනම් එස්.ටී.එෆ්. එක දාලා මේක පාලනය කරන්න. එස්.ටී.එෆ්. එක කියන්නෙත් පොලිසියේම ඉන්න නිලදාරීන් නිසා ප්‍රශ්නයක් නැහැ. (නි)
සමාවෙන්න !!! මේ වත්තේ ඉන්නේ පිරිමිද කියලා අහන්න හිතෙනවා. හිතේ කේන්තියට මේ ලියැවෙන්නේ (නි)
කට්ටියම හංගපුවා පෙන්නන්න එක්කගෙන ගියා නම් හොදයි වගේ.අහිංසක මිනිස්සුන්ට පාඩුවේ ජිවත් වෙන්න. (නි)
දේශපාලනයට විරුද්ධව රටම එකවිට පාරට බසින්නට සැරසෙන ලෙස සියලු රටවැසියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.එහෙත් එය තමන්ගේ පක්ෂයට බලයට එන්නට කෙටි මගක් ලෙස නොව යහපත් දේශපාලන සංස්කෘතියක් සදහා හැබෑ අරමුණකින් විය යුතුය.එසේ නොමැති වුවහොත් රට ගිලගන්නට බලා සිටින විදෙස් නරි රැලකට රට අසුවීමද නොවැලක්විය හැක. අවි බලයෙන් ජනතා විරෝධය යටකරන්නට හැකිය සිතා සිටිනවාට වඩා වහා රට යන අත වෙනස්කිරීමට කඩිනම් පියවර ගැනීම පවතින රජයට වඩා හිතකරය. (දී)
අත කොටාව තුරුලුකරන් කිරි පෙව්ව කට්ටිය ඇයි දැන් නිහඩ (නි)
අතකොටාට හා ප්‍රාදේශීය දේශපාලනය ට වහාම තිත තියනු! (නි)
දැරනියගල මේ සිදු වුනු අපරාදය අපට පැති කීපයකින් පාඩු ගෙන දුන්නා. 1 තේ පිළිබද විශේෂඥයෙක් අහිමි වීම . 2.ජාත්‍යන්තර වසයෙන් ලංකාවට වුණු අපකීර්තිය. 3.ප්‍රාදේශීය පාතාලයේ බලවත් බව. 4.දැරනියගල පොලිසියේ නොමනා ක්‍රියාකලාපය. (නි)
පොලීසිය කාගේ පැත්තේද කියලා පොලීසියම හොයලා බැලුවොත් නරකද? ජනතාවට දැන් ඇතිවෙලා තියෙන්නේ පිපිරුවොත් ලොකු අවුලක් වෙයි. (නි)