ගුරුවරුන්ට වැඩ අධික සමයේ පාසල් නිල ඇඳුම් වවුචර් බෙදීමද පැවරීමෙන් ළමයින්ගේ වාර විභාග හරි හැටි පැවැත්වීමට නොහැකිවීමෙන් ළමුන්ට අසාධාරණයක් විය හැකි බවත් මෙම වවුචර් නිකුත් කිරීමට පෙර බොහෝ ලියවිලි සැකසීමට සිදුවන බවත් ලංකා ගුරු සේවා සංගමය කියයි.
එම වවුචර් මුදල්ද ගුරු වැටුප් ද පාසලේ එකම ගිණුමට බැර කිරීමෙන් ඇතැම්විට වැටුප් ගැනීමේදී ප්‍රශ්න මතුවිය හැකි බවත් සංගමය පවසයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕගොල්ලෝ හැමදාම නෙගටිව් පොරවල්නේ (බ)
පොසිටිව් එක දන්නවනේ මෙයාලා.... (ර)
ශිෂ්‍යන් විශාල ප්‍රමාණයක් සිටින විදුහල්වල විදුහල්පතිවරුනට වවුචර් අත්සන් කරන්න දවස් ගණනාවක් වෙන කිසිම වැඩක් නොකර එක දිගට වැඩ කරන්න වෙනවා. (ර)
නිල ඇඳුම් ලබදෙනවිට, ඇදුම් රැගෙන එම, නියමිත ප්‍රමාණයට කොටස් කිරීම, ගබඩා කිරීම, එකී නොකී දහසක් දේවල්. නමුත් දැන් තියෙන ලොකුම ප්‍රශ්නය නියමිත ප්‍රමාණයට සිසුන් අතර මුදල් බෙදා දීම. (ර)
මේගොල්ලෝ 2001-2002 ත් මේ වගේ කරලා රෙදි එපා කළා (නි)
වවුචර් වල මුදල් ගුරු වැටුප් ගිණුමට බැරකරන්නේ නැහැ. මෙම වවුචරය කඩිනමින් දුන් එකත් ලොකු දෙයක්. මෙම ක්‍රමය සාර්ථකයි. කඩිනමින් සිදුවුණ නිසා විදුහල්පතිවරුන්ට කාර්යබහුල බව ඇත්ත. ඊළග වසරේදී එම ගැටලුව විසඳෙයි. (නි)
ජනතාවගේ සංවර්ධනය සඳහා නව සොයාගැනීමක් නොකළ, අලුත් පර්යේෂණ නොකරන ජාතිය වවුචර බෙදයිද? (නි)
චන්ද්‍ර, ඕකට තමයි බලය පැවරීම කියන්නේ. අනික අත්සන් 1000, 2000 ගහන එක මහා කජ්ජක්ද? ඕකට දවස් ගානක් යන්නේ නැහැ. වැඩ කිරීමට අකමැති, හැමදේටම පස්සට අදින රජයේ සේවකයෝ ඉන්න රටක් තමයි ලංකාව. මමත් හිටපු රජයේ සේවකයෙක්. (නි)
මේ වැඩේ බොහොම අක්ක්‍රමවත් අවුල් සහගත වැඩක් මම පාසල් දෙකකට ගියා පාසලක් හැම ගුරුවරයෙක්ම අපහසුතාවට ලක් උණා. පරණ ක්‍රමය නැවතත් පන ගන්වන ලෙස බලාදරින්ගෙන් කරුණාවෙන් ඉල්ලනවා. පන්තිභාර ගුරුවරයාට දෙමුපියන් සමග දරුවන්ගේ අඩුපාඩු කතා කිරීමට කිසිම ඉඩක් නැත මොකද මේ වැඩේ වෙනුවෙන් සම්පුර්න කාලය යොමු කිරීම නිසා. (ර)
මේ ක්‍රමය ඉතා හොඳයි. පන්තියක ඉන්නේ 40 කට අඩු සිසුන් පිරිසක්. ගුරුවරුන්ට මේ සඳහා කැපකිරීමට කාලය වැඩියෙන් ගතවන්නේ නැහැ. ළමයින්ට හොඳ රෙද්දක් ගැනීමට පුළුවන්. දෙමව්පියන්ගේ යුතුකම වනුයේ නියමිත ප්‍රමිතියට ඇඳුම් සකසා ගැනීමයි. රෙදි ගබඩා කිරීම, ප්‍රවාහනය වෙනුවෙන් වැයවන මුදල අවම වේ. (නි)