පොලිසියට අලුතින් ලැබී කොම්පඤ්ඤවීදියේ මැලේ වීදියේ නවතා තිබූ සීසී600 මෝටර්සයිකලයක් සොරකම් කළැයි කියන රජයේ සේවකයන් තිදෙනාට රුපියල් තුන් දහස බැගින් රජයේ ගාස්තු ගෙවන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අද නියෝග කළේය.
රක්ෂණ සමාගමක හා රාජ්‍ය සංස්ථාවක සේවකයන් වන මොවුන් එම යතුරුපැදි පොලිසියට බාර දුන්හ.
මෙම යතුරුපැදි සොරකමින් පසු පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනම් කැරිණි.
මෙම යතුරුපැදියක මිල රුපියල් තිස් ලක්ෂයකි. පොලිසිය මෙවැනි යතුරුපැදි 312ක් පමණ ගෙන්වීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර කියන්නා වගේ පොලිසියේ දේවල් පවා මෙහෙම අස්ථානගත වෙනවනම් අපි වගේ මිනිසුන්ට මොන කතාද.(හේ)
ප්‍රදීප්, රුවන්, සි.සි. 600 මෝටර් සයිකලයකින් යන ගමන කාරයකින් යන්න හැකියාවක් නැහැ. වාහන තදබදය ඇති මහපාරක හෝ කුඩා පටු අතුරු පාරක හදිසි අවස්ථාවක ඉතා වේගයෙන් හඹා යා හැක්කේ බලය වැඩි මෝටර් සයිකලයකින් පමණයි. (නදී)
ලක්ෂ 30ක්? සෑහෙන ගණනක් වටිනවා නේද මේක? (නි)
රජයේ දේපොළ සොරකම් කිරීම ඉතා බරපතල වරදක්. (නි)
පොලිසියේ ලක්ෂ 30ක් වටිනා යතුරුපැදියක් හොරකම් කළවිට දඩය රුපියල් 3000, මගේ හිතට නම් මදි වගෙයි. (නි)
උසාවියෙන් අවවාද කර නිදහස් කළත් දෙපාර්තමේන්තු ප්‍රධානියාට පුළුවන් රජයේ සේවය අපකීර්තියට පත්කිරීම ගැන විනය පරීක්ෂණයක් තියන්න. මෙතනත් එහෙම වියයුතුයි. (නි)
හොරකම් කළ අය රජයේ ගාස්තු ගෙවලා නිදහස් වෙද්දී අහිංසක කොස්තාපල් අමාරුවේ!! (නි)
මට නම් හිතෙන්නේ මේක නම් හිරේදාන්න තරම් වරදක් කියලයි (නි)
හරිම වැරදියි නේද මෙයාලා කළ දේ? (නි)
ඇයි මෙහෙම ලේසියෙන් ගැලවිලා යන්න ඉඩ දුන්නේ ? පුද්ගලික අංශයේ කෙනෙක් මේක කළා නම් , ඒ කෙනාගේ දරුවෙක්වත් මතු කාලයක අදාළ ආයතනයේ රැකියාවකට බඳවා ගන්නේ නැහැ.(හේ)
නැවත සේවයේ යෙදවීම මම නම් අනුමත කරන්නේ නැහැ. රාජ්‍ය සේවය අපකීර්තිමත් කිරීම සොරකමටත් වඩා බරපතල වැරද්දක්.(හේ)
හරි නම් මේ අයගේ කාටත් රජයේ රැකියා දෙන්න වටින්නේ නැහැ. නැතිනම් ඉදිරියට වත් කවුරුවත් පාඩම් ඉගෙන ගන්නේ නැහැ. (හේ)
මෙහෙම හුරතල් කරලා යවපු එක වැරදියි. අයවැයෙනුත් මේ අයගේ පඩි වැඩි කළා නේද . ඒකේ නම්බුව වත් තියලා නැහැ. (හේ)
එක කලෙත් රජයේ සේවකයින් ? පොලීසියේ දේවල් සොරකම් කරන්න තරම් ධෛර්යයක්? රුපියල් 30 ලක්ෂයක බඩු සොරකම් කළ අයට දඩය 9 දහසක්? මෙහෙම නීති තිබුනානම් අපේ රටේ සොරකම් හෝ වෙනත් අපරාධ නවත්වන්න පුලුවන්ද? (හේ)
පොලිසියටත් වැඩේ දිලා.(හේ)
පුද්ගලික අංශයේ කෙනෙක් මේක කළා නම් කෙලින්ම ගෙදර. (හේ)
ලක්ෂ 30ක හොරකමට 9000ක දඩ, මේ මොන විහිලුවක්ද? දඩුවම එච්චරද?(හේ)
මෙහෙම වැරදි වලට සුළු දඩයක් ගසා රැකියාවද සුරක්ෂිත කිරීමෙන් අනෙකුත් සේවකයන්ට වැරදි පුර්වාදර්ශයක් දෙනවා නේද ? (හේ)
දැඩි දඩුවම් දිය යුතුයි.(හේ)
ලක්ෂ තිහක් වුණු බයිසිකල් වල වර්ගය සහ මොඩ්ල් එක මොකක්ද? අපරාදේ කාර් අරන් දෙන්න තිබුනා.තවත් හොඳ ගැහිල්ලක්ද කොහෙද?(හේ)
දැන් ඉතින් කියාවි ආණ්ඩුවේ රස්සාවෙන් ලැබෙන වැටුපෙන් ජීවත් වෙන්න බැරි නිසා මේක කළා කියලා. ලජ්ජා නැති කමේ සීමාවක් නැහැ. (හේ)
මේක පුරුද්දට කරන්න ඇත්තේ. සමහර හොඳ උගත් අය ඉන්නවා සොරකම් කරන. (හේ)
හුදෙක්ම පොලිසියේ බයිසිකල් එක පැදීමේ ආශාව නිසා වුණ සිද්දියක් ලෙසයි මා දකින්නේ. නමුත් බරපතල වැද්දක්.(හේ)
බැරි වෙලාවත් මේ වැඩේ කළේ වෙනදාට පයින් කඩේ යන උදවිය නෙවෙයි නේ. කවුද දන්නේ කඩේ යන්න සයිකල් හොරකම කලාද කියලා. (හේ)
දැන් මේ අය එතකොට එහෙනම් අයවැයෙන් වැඩි කළ වැටුප් දීමනා වලින් වෙන්න ඇති දඩය ගෙවන්න ඇත්තේ.(හේ)
ලක්ෂ 30 කට බයික් එකක් ගන්න පොලිස්සියට මොලේ අමාරුවක්වත් තිබ්බද? කොපමණ ගණන් උනත් බයික් එකේ යනකොට අව්වට වේලෙනවා, වැස්සට තෙමෙනවා, පොඩ්ඩ ඇත්නම් වැටෙනවා. (ර)
දන්නා තරමින් සුදුසුකම් ඇතිව රජයේ සේවයට ආපු අයට ලැජ්ජාවක් කියලා දෙයක් තියනවා. (හේ)
පොලිසියේ දේවලුත් හොරු ගන්න කොට, මහජනයා සතු දේපොළ ගැන කවර නම් කතාද?(හේ)
වැටත් නියරත් ගොනුන් කා නම්, කාට පවසන්නද මේ අවනඩුව.(හේ)