IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නව නීතිපති දිවුරුම් දෙයි

නව නීතිපති වශයෙන් ජයන්ත ජයසූරිය මහතා මීට සුළු මොහොතකට පෙර ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකාවේ 29 වැනි නීතිපති ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ජයන්ත ජයසූරිය මහතා පත් කිරීමට බදාදා (10) ව්‍යවස්ථාදායක සභාව තීරණය කළේය. මීට පෙර එම තනතුරේ සිටි යුවන්ජන් විජේතිලක මහතා පසුගිය ජනවාරියේ දී විශ්‍රාම ගිය අතර පසුව නීතිපති තනතුරේ වැඩ බැලුවේ සුහද ගම්ලත් මහතාය.

කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදි සිසුවකු වන ජයන්ත ජයසූරිය මහතා 1979 වසරේදී නීති විද්‍යාලයට ඇතුළත්ව 1981 වසරේදී නීතිවේදියකු ලෙස දිවුරුම් දුන්නේය.

1983 වසරේ සිට රජයේ නීතිපති දෙපාර්තමේන්තුවට සම්බන්ධවී රාජකාරී කළ ඒ මහතා 2011 වසරේදී ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිස්ටර් ජනරාල් ලෙස උසස්වීමක් ලැබුවේය.

ශ්‍රී ලංකාවේ මුල්ම නීතිපතිවරයා වනුයේ 1884 වසරේදී පත් කැරුණු ෆැන්සිස් ෆෙලෙමිං මහතාය.

jayantha_2016211sAEjC-2 jayantha_2016211sAEjC-5

ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය



අදහස් (0)

නව නීතිපති දිවුරුම් දෙයි

හෆීල් Thursday, 11 February 2016 07:43 AM

සැබෑ වගකීම ඉටුකිරීමට හැකි වේවා. නමුත් මේ කැබිනට් ඉන්න සමහර අය ආරක්ෂා කරන ඇමැතිවරුන්ගේ උපදෙස් අහන්න එපා. (ම)

:       0       0

අමල් Thursday, 11 February 2016 08:08 AM

මාගේ සුබපැතුම්.! (ර)

:       0       0

ගාමිණී Thursday, 11 February 2016 08:42 AM

නව නීතිපති තුමනි , නීතිපති උපදෙස් නොමැතිකමින් දින, සති ,මාස ගණන් නොව වසර ගණන් ප්‍රමාදවන නඩු ලිපිගොනු ඉවර කරන කාල සටහනක් සදා ජනතාවට පෙන්වන්න (බ)

:       0       0

ශිරන්ත Sunday, 04 December 2016 11:17 AM

ඔබ තුමාට ඉතාමත් අවංකව තම රාජකාරි කටයුතු කිරීමට ශක්තිය ලැබෙිවා තෙරුවන් සරණයි ...(බ)

:       0       0

සුමිත් Thursday, 11 February 2016 09:41 AM

කොන්ද කෙලින් තියාගෙන රාජකාරි කරන්න බැරි වෙන විදිහට විදින එන්නත් මෙතුමාට නොවිදීවා.(බ)

:       0       0

සුරනිමල Thursday, 11 February 2016 05:31 AM

ඔබතුමාට අවංකව කොන්ද කෙළින් තබාගෙන වැඩ කිරීමට තෙරුවන් සරණින් ශක්තිය ලැබේවා! (නි)

:       0       0

චන්ද්‍රිකා Thursday, 11 February 2016 10:10 AM

හදවතින්ම සුබ පතනවා සහ කුරුණෑගල මලියදේව විද්‍යාලයේ වීම තවත් ඉතාම සන්තොසයි. (ර)

:       0       0

දුමින්ද Thursday, 11 February 2016 05:57 AM

යුක්තියට පමණක් හිස නැවේවා (ම)

:       0       0

රංජිත් Thursday, 11 February 2016 02:01 PM

මේ රට හොරකම් දුෂණයයි බේරාගෙන අනාගත දරුවන්ට නීති ගරුක සුන්දර රටක් බිහිකිරීමට හැකිවේවා.(හේ)

:       0       0

චන්දි Thursday, 11 February 2016 06:12 AM

කෙලින් කාර්යක්ෂමව තනතුරේ සැබෑ වගකීම ඉටුකිරීමට හැකි වේවායි ප්‍රර්ථනා කරමු. (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අධිකරණයට අපහාස කළැයි නිලන්තට චෝදනා
2024 සැප්තැම්බර් මස 27 417 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ වන්දිය ලෙස නියම කළ රුපියල් මිලියන 75ක මුදල ගෙවීමට අපොහොසත් වීමෙන් අධිකරණයට අපහාස කළේ යැයි රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්


වසා දැමූ කොළඹ පාරක් ජනපති නියමයෙන් යළි අරී
2024 සැප්තැම්බර් මස 27 896 1

ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවත සහ ජනාධිපති මන්දිරය අසල පිහිටි ජනාධිපති මාවත අද සිට මහජනතාවට විවෘත කරන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පොලිසියට නියෝග ක


වැඩබලන පොලිස්පති ලෙස ප්‍රියන්ත වීරසුරිය පත් කරයි
2024 සැප්තැම්බර් මස 27 576 0

වැඩබලන පොලිස්පතිවරයා ලෙස උතුරු මැද පළාත භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා අද (27) පත් කර තිබේ.


සජබේ මහ පුටු වෙනසක්
2024 සැප්තැම්බර් මස 27 917 0

සමගි ජන බලවේගයේ සභාපති ධුරය සඳහා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ඉම්තියාස් බාකීර් මාකාර් මහතා පත් කර තිබේ.


රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 27 1390 0

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතා එම ධුරයෙන් අද ඉල්ලා අස්වී තිබේ.


රණාලේ වගුරු බිමක මිනිස් ඇටකටු
2024 සැප්තැම්බර් මස 27 578 0

නවගමුව රණාල ප්‍රදේශයේ වගුරු බිමක තිබී මිනිස් ඇටසැකිලි කිහිපයක් හමු වූ බව නවගමුව පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37641 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24811 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 216 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 718 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 257 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site