මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය වන නවනීදන් පීල්ලේ අද උදෑසන කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය.
මෙරටට පැමිණි නවනීදන් පිල්ලේ මහත්මිය ලබන 27,28,29 යන දිනවලදී යාපනය, කිලිනොච්චි , මුලිතිව් ඇතුළු උතුරු පළාතේ ප‍්‍රදේශ කිහිපයක සහ නැගෙනහිර පළාතේ නීරික්ෂණ සංචාරයකද නිරත වීමට නියමිතය.
ඇය සිය නිල සංචාරයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමු වී සාකච්ඡා පැවැත්වීමට නියමිත අතර විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා ඇතුළු රජයේ අමාත්‍යවරුන් හා ජ්‍යෙෂ්ඨ නිළධාරීන්, එක්සත් ජාතික පක්ෂ නියෝජිතයින්, ජ්‍යෙෂ්ඨ අධිකරණ සේවා නිළධාරීන් හා සිවිල් සංවිධාන නියෝජිතයින්ද හමුවීමට නියමිත බව වාර්ථා වෙයි.
දෙවතාවක් මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය ලෙස 2008 වසරේ සිට කටයුතු කරන නවනීදන් පිල්ලේ මහත්මිය මෙරටට පැමිණෙන ප‍්‍රථම අවස්ථාවද මෙය වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිසානායක, බන්දුල වගේ බඩගෝස්තරවාදීන්ට දේශප්‍රේමය අමෘතයක් විය හැකියි.අපි නම් මේ දේශප්‍රේමීන්ගේ සැබෑ ස්වරුපය හොඳින් හදුනනවා.තමා පිවිතුරු නම් නිවැරදි නම් මොකටද බය වෙන්නේ.මෙතුමියට එන්න කියා ආරාධනා කළේ කවුද ?නිකම් මන්ද බුද්ධිකයෙකු සේ ලියන්න එපා බන්දුල.රටේ පුරා වස්තු ,නිධන්,වටිනා දේ හිමි කර ගන්නා,ගස් ටික කපා වනාන්තර විනාශ කරන, පරිසරය විනාශ කරන සාපරාධි ක්‍රියා කරන දේශප්‍රේමින් සිටින ලෝකයේ එකම රට මේකයි. (නි)
මෙම මහත්මිය එනඑකට අපි නම් එතඟයි. මොකර රජය මානව හිමිකම් රකින්නෙ මේ අයට ඕන නිසා මිසක් ඒක කළයුතු නිසා නෙවෙයි. මේ ගොල්ල එකක් කිය කිය වෙන එකක් කරන්නේ. දුප්පත් අපට තව මේගොල්ල ආවයි කියල නැතිවෙන්න දෙයක් නැහැ මොනව හරි ලැබෙනව මිසක්. . අද කරන්නේ මීනිමරල රටේ බදු මුදලින් වන්දි ගෙවන එක. මිනීමරුවො නිදැල්ලෙ (අ)
ඔය කියන විදියට එක්සත්ජාතීන්ගේ සන්විදනයට අනුව ලංකාවේ ඉන්න අයගෙන් දෙමල මිනිස්සු විතරයි මානවයෝ. අනිත් අය මොක්කුද? මොකද ඒ කියන විදියට මානව හිමිකම් කැඩිලා තියෙන්නේ ඒ අයගේ විතරයිනේ? අවුරුදු තිහක්ම රටපුරා මරල තියෙන්නේ බල්ලෝ බළල්ලු. අන්තිම දින කිහිපයේ විතරයි මානවයෝ මැරිලා තියෙන්නේ? (අ)
දිසානායක කම ලැබුනේ ඩොමිනියන්ගේ කාලේ. ඔහේ මුස්ලිම් සහෝදරයෙක්ගෙන් වත් යමක් ඉගෙන ගන්න (නි)
පිල්ලේ මහත්මිය නම් කිව්වේ රජයේ ආරාධනාවකට ලංකාවට පැමිණියා කියලයි. අනේ! අපි නිකන් පිල්ලේ මහත්මිය එක්ක තරහ උනාට, අපේ රටේ ලොකු ලොක්කෝ නම් එයා එක්ක හරි සුහදයි වගේ ඒ කියන්නේ (නි)
මිත්‍රවරුනි, ඔබ තනිවම සත්‍ය නමැති තියුනු කඩුවක් අමෝරන විට, බොරුවෙන් ජය ගැනීමට අර අදින බහුතරයක් වූ මන්ද බුද්ධිකයෝ දුරක සිට ඔබට වෙඩි තබනු ඇත. එහෙත් සත්‍ය පිළිගන්නා සුළුතරය මගින් එම උණ්ඩය ප්‍රතිවාදීන් දෙසට හරවනු ඇත. (නි)
යහපත් සමාජය ගොඩනැගෙන්නේ පරම සත්‍ය සහ භාවාර්ථ නිදහස මතය.යම් කෙනෙක් ,පාලකයෙක් වේවා සාමාන්‍ය පුද්ගලයෙක් වේවා, ඒ පුද්ගලයා සත්‍යයට මුහුණ නොදෙන්නේ නම් වචනයේ පරිසමාප්තයෙන්ම හේ නිවටයෙකි ,පාවා දෙන්නෙකි. (නි)
දිසානායක, මොකද? ඔයාගේ කවුරුහරිත් දේශප්‍රේමීන්ට ආසා ඇති වගේ. (නි)
මේ වගේ කෙනෙක් එන එක බලපාන්නේ,"වැරදි" කරන පාලකයින්ට.අපි නිවැරදි නම් ඇයි බය වෙන්නේ? පාලකයෝ නිවැරදි වෙනවා කියන්නේ, සාමාන්‍ය ජනතාවට සෙතක් වෙනවා කියන එක.රටට හොදක් වෙනවට අකමැති "දේශප්‍රේමින්" ඉන්න ලෝකේ එකම රට. (නි)
දිසානායක,ඔහොම යමු, ඔහොම යමු.ඔබතුමාට ඕනෑ විදිහේ රටක් අපි හදලා තියන්නම්. (නි)
රෙමාට වැරදිලා. අපි රට සංවර්ධනය කරන්නේ ලෝකෙන් ණය අරගෙන. ඒ හැම දේකටම මෙයාගේ ප්‍රකාශ බලපානවා. මානව හිමිකම් උල්ලංගණය වීම අතින් අපිට වඩා, පහලින් තියන රටවල් එක්ක අපේ රට සංසන්දනය කරන්න පුරුදු වෙන්න එපා.අපිට වඩා ඉහළින් ඉන්න රටවල් දිහා බලන්න.දරුවන්ට හරි හොද රටක් හිමි වෙනවා නම් ඒ ගැන සන්තෝෂ වෙන්න. (නි)
මොළයක් තියෙන සමස්ත ජනතාවම මෙතුමියගේ පැමිණීම බලාපොරොත්තුවෙන් හිටියේ. (නි)
අපේ මුහුදු සීමාවට විශාල නැව් 45 කින් පැමිණ අපේ රටේ මාළු ටික අල්ලාගෙන චීනෙට අරන් යනවා.අපේ අනාගත දරු පරම්පරාව වහලුන් බවට පත් කරනවා.චීනුන්ගේ යටත් විජිතයක් බවට පත් කරනවා.මේවා බන්දුල දකින දේශප්‍රේමී වැඩද? (නි)
ලෝකයේ තිබෙන්නේ ආගම යුද්ධයක් ! බටහිරත් මැදපෙරදිගත් එම යුද්ධයේ ප්‍රධාන සතුරෝ කදවුරු දෙක ! මේ දෙගොල්ලෝ හරි හරියට මුදල් විසිකොට තම බලය අල්ලනවා ! අහිංසක දුප්පත් අපේ රටත් අල්ලනවා. එම බලකොටු දෙකින් බටහිර බලකොටුවේ පිල්ලියක් පිල්ලෙයි ! ජගත්ලියනගේල වාගේ අපේම රටේ අය අපිව එම බලකොටු වලට හැමදාම පාවා දෙන අය සිටින තුරු අපේ රටට අපහසුය ! නැත්නම් වරදක් තිබුනත් අපිට අපේ රට ඇතුලේ විසදගන්න එක හොදය ! නරින් කෙන්දගන්නවට වඩා ! (අ)
එක්සත් ජාතීන්ගේ මහා කොමසාරිස්වරිය වන නවනීදන් පිල්ලේ මැතිනියනි,සාමය, සමගිය,සමාදානය අගයන සියලුම ශ්‍රී ලාංකික පුරවැසියන් ඔබ සාදරයෙන් පිළිගනු ඇති (නි)
ජනාධිපති ඉන්න ඕන එයාගේ මට්ටමේ අය එනවෙලාවට, මෙය කවුද දිසානායකට ලොකු උනාට මෙය අපට නම් පයට පෑගෙන දූවිලි වගේ මෙය. එයත් තුවක්කුවට බයේ සල්ලි අරගෙන කොටින්ට කඩේ යන කෙනෙක් විතරයි (අ)
බන්දුල වගේ බඩගෝස්තරවාදීන්ට දේශප්‍රේමය අමුර්තයක් විය හැකිය.අපි නම් මේ දේශප්‍රේමීන්ගේ සබැ ස්වරුපය හොඳින් හදුනනවා.තමා පිවිතුරු නම් නිවැරදි නම් මොකටද බය වෙන්නේ.මෙතුමියට එන්න කියා ආරාධනා කලේ කවුද ?නිකම් මන්ද බුද්ධිකයෙකු සේ ලියන්න එපා බන්දුල.රටේ පුරා වස්තු ,නිධන්,වටිනා දේ හිමි කර ගන්නා,ගස් ටික කපා වනාන්තර විනාශ ,කරන පරිසරය විනාශ කරන සාපරාධි ක්‍රියා කරන දේශප්‍රේමින් සිටින ලෝකයේ එකම රට මේකයි. (අ)
මේ පාර අලුත් නාට්‍යයක් ලියල නැහැ වගේ.රගපාන කෙනත් බයවෙලාද? (අ)
ෆස්රුල් ගෆූර් කටාර්, ඔබට මාගේ ප්‍රණාමය හිමිවෙනවා නියම ශ්‍රී ලාංකිකයෙක් වීම ගැන. දිසානායක, මේවා දිහා බලලවත් හැදෙන්න. වැදූ මවටත් ඉපදුන දේශයටත් ආදරේ නැති මිනිසුන් නම් කුමට උපන්නේද?(නදී)
ඔය නෝනට බයවෙන්න ඕන නැහැ. ඔය කියන මානව හිමිකම් නීති කඩ නොකරපු රටක් දැන් හොයා ගන්නත් නැ. සමහරු මෙවැනි දේවල් තමන්ගේ වාසියට හරෝගෙන, රටේ වැසියන් කුලප්පු කරන්න හදනවා. ඒ අයට මම දොස් කියන්නේ නැ. ඕක තමයි ඒ අයට හිමි රස්සාව. නිකමට හිතල බලන්න, ඔය හැම දෙයකටම කැගහන කාන්ඩේ, පාන්දරින්ම නැගිටලා, තම කාර්යාලයට ගිහිල්ල මොනවටද මම අද කෑගහන්න ඕනේ කියාලා හොයල බලනවා ඇති. ඒක ඇරෙන්න වෙන මොකක්ද ඔවුන්ට කල හැකි මහජන සේවය? අවසාන වශයෙන්, කිවයුතුයි මේ මාර්ගය අපට ඉතාම අවශ්‍ය වෙලා තිබුණු දෙයක්.(නදී)
අමිත - මමත් ඉස්ලාම් සහෝදරයෙක්. මැද පෙරදිග සිදුවෙන අපරාධ, අප්‍රිකාවේ සිදුවෙන අපරාධ ගැන කියන්න මෙය අවුරුදු 30 හිරේ ඉදල නෙමේ එන්නේ. සාමාන්‍ය අධ්‍යාපනයක් තිබෙන අපි මෙතරම් අද ලෝකේ සිදුවන දේවල් ගැන අවධානය යොමු කරනවිට ලෝකයට නීති දාන මෙයාල කිසිවක් නොදැන ද මේ එන්නේ? අද ලෝකයේ සිදුවෙන හැම දෙයක්ම ක්ෂණිකව දැක බලාගන්න තරම් තාක්ෂනය දියුණුවෙලා තිබෙන යුගයක අපි ඉන්නේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් අපේ රටට තිබෙන්නේ කුඩම්මාගේ සැලකිල්ලක්. "යන්න ඕනේ සිරියාවට එන්නේ ලංකාවට" මාගේ අනිත් අදහස කියවල බලන්න එකේ මං සදහන් කරලා තිබෙනවා මේ අය යනකන් හරි අපි ලාංකිකයෝ විදිහට ඉමු. ඊට පස්සේ අපිව පුරුදු පරිදි අපහාස කරන්න.(නදී)
රණවිරුවන් වෙනුවෙන් විදුලි පුටුවකට උනත් වාඩිවෙන්න ලැහැස්තියි කියපු කට්ටිය කෝ බන්දුල පඩිතුමෝ. කොහොම උනත් හමුදාව මිනිස්සුන්ට වෙඩි තිබ්බත් අඩුගනනේ ඉන්දියාවවත් අපට එපා.(ච්නේ ඉන්නවනේ...ඒ ඇති.)(නදී)
කාට කාටත් වෙන්න ඕනා රිදෙන්න. ඊයේ කට්ටියක් කව්රුන් හෝ විනාශ වෙනවා දැක දැක සිතින් සතුටු වුනානම් හෙට දවසක ඒකට වන්දි ගෙවන්නම වෙනවා. එම නිසා කව්රුත් තමන්ගේ පාඩුවේ ඉන්න. ඇත්තටම මම නම් බයයි මිනිස් ශාප වලට, ඕව පටිසන් දෙනවා .මට සමාවෙන්න.(නදී)
මටනම් කියන්න තියෙන්නේ මේ මහත්මිය (ඇත්තම කතාවනම් මහත්මිය කියන්න වටින්නේ නැහැ මෙයාට) එක හැන්දෙන් හැමෝටම ලොකු පොඩි බේදයක් නැතිව බෙදනවානම් නියම මහත්මියක් වෙන්න පුළුවන්. නමුත් දැන්නම් මෙයාට මහත්මිය කිවොත් අපි අපිටම කරගන්න පාපයක්.(නදී)
මෙහි අදහස් ලියපු අයට එකක් කියන්න කැමැත්තමි. රතුපස්වල ගැටුම -සොරකම් - ස්ත්‍රී දූෂණ - මැරකම් - සුළු ජාතීනට තිබෙන ප්‍රශ්න - මාධ්‍ය නිදහස. මේවා අපේ අභ්‍යන්තර ප්‍රශ්න. අපිට පුළුවන් මොනම හරි මාර්ගයකින් මේවා විසඳ ගන්න. නමුත් මෙයාගේ පැමිනීම අපේ රටට විරුද්ධව සිදුවන ජාත්‍යන්තර මෙහෙයුම අපි සිංහල දෙමල මුස්ලිම් සියල්ලන්ම එකට එකතුවෙමු (ඇය රටින් පිටවන තුරු හරි) මොකද මේක ශ්‍රී ලාංකිකයාගේ ප්‍රශ්නය. සිංහකොඩිය අතට ගමු. අපේ රට ත්‍රස්තවාදයෙන් බේරා ගත්තේ මේ වගේ අයට ආයෙත් බාර දෙන්නද? පපුවට අත තියල කියන්න? "ආදරයෙන් රැක බලා ගත්තු ගිරවා පූසට බාරදෙන්නවද"? දැන්වත් ජාතික මෙහෙවර ඉටුකරමු.(නදී)
මම කියන්නේ නැහැ හැම රණවිරුවෙක්ම විදුලි පුටුවට ගෙනයන්න. 1983 අපේ මුළු සේසතම කොල්ල කෑවා,මගේ අම්ම, තාත්ත, අයියා මගේ ඇස් ඉදිරිපිටම මරලා දැම්ම මට එතකොට අවු 5 මගේ නංගිට අවු 3, මේක මට විතරක් නොව කොලඹ සහ අවට ලක්ෂ ගණන් ද්‍රවිඩ පවුල් මේයට ගොදුරු වුහ, මේවා උනේ හමුදාව සහ පොලීසිය බලා ඉදිද්දී අපිට කව්ද සාධාරණය ඉෂ්ට කරන්නේ ? එදා සිංහලය සිතුවා නම් පැයකින් එය නවතාලන්නට තිබුණි එහෙත් එසේ නොවිණි දැන් වෙන බොහොමයක් අපරාධ කරන්නේ හමුදාවට/පොලීසිය සම්බන්ධ අය ඒක ඊයේ පෙරේදා විද්‍යුත් මාධ්‍ය සහ මුද්‍රිත මාධ්‍ය හරහා දැනගන්නට ලැබිණ. මා කියන්නේ අපරාධ කරුවන් කව්රු උනත් දඩුවම් වීදිය යුතුමයි.(නදී)
ආ... පිල්ලේ නෝනා කොහොමද ඉතින් (දී)
පොඩි පිරිසක් ඉහලින් සැප - බහුතර ජනතාව හැම බද්දක්ම ගෙවමින් දුක් විදිනවා..... බන්දුල පෙරේරා හැර. (දී)
කොටින්ම මෙයා පනාව දාගෙන ආවේ අපිට ආදරය කරන්න නෙවී. කොහොමද ආයේ ගින්දරක් අවුලන්නේ කියලා බලලා ,අපේ රට ගිලින්න බලාගෙන ඉන්න අයට වාර්තා හදො දීලා, ඒ මුවාවෙන් රට බෙදලා රජ වෙන්න බලා ගෙන ඉන්න අයව රජ කරවන්න. (ස)
රත්නමාලි - ඔයා කියන දේවල් හරි. අපිත් පිලිගන්නවා. නමුත් අපිට පුළුවන් අපේ රටේ අභ්‍යන්තර ප්‍රශ්න විසඳ ගන්න. මේ රජයට අකමැති නම් අපිට පුළුවන් ඊළඟ මැතිවරණයේදී මොවුන්ව පරද්දවන්න. නමුත් අපේ රටට අපි විරුද්ධ වුනොත් (ජාත්‍යන්තරයේ) පිහිට පතලා. ඊට වැඩිය හොඳයි වහ කාලා මැරෙන එක. (ස)
එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන්නේ ඇමරිකාව මිසක් වෙන එකක් නොව. මෙයාලා අපි යුද්දෙන් ජයග්‍රහණය කරපු නිසා තමයි අපිට පහර දෙන්නේ. කොටි තරම් ලංකාව අගාධයට පත්කළ කොටසක් මට නම් පෙනෙන්නේ නැහැ. එහෙත් අපිව නිදහස ලබුනදා පටන් අද වෙනකම්ම අපිව කොටවන්නේ අපේම පාලකයන් මිසක් වෙන කවුරුත් නොව. ප්‍රජාතන්ත්‍රවාදී රටක සියලු පුරවැසියාට නීතියේ රැකවරණය මෙන්ම ආරක්ෂාවත් සමානව ලැබිය යුතුය. (ස)
මෙයා ලංකාවට ඇවිත් ඉන්නේ හොඳ හිතකින් නම් නෙවෙයි. මවිබිමට ආදරය කරන අය මුණ ගැසෙන්න නෙවෙයි මෙයා යන්නෙ. මේ රජය දැන් සාමය ඇති කරලා දැවන්ත සංවර්ධනයක් කරෙගන යනවා .උතුරට, දකුණටත් වඩා. මොනවා කළත් ගුණමකුවන්ට නොපෙන්. ත්‍රස්ථවාදී කොටි වසර තිහක්ම කළ හානිය අමතක වෙන්න මැරිලා උපදින්න ඕනී. අරාබි වසන්තයක් ඇති කෙළ් කවුද? ප්‍රජාතන්ත්‍ර වාදය නැමති උතුමි වචනය අවියක් කරෙගන මේ අයට අවශ්‍ය දේවල් මංකොල්ල කන්නේ. එයට එරෙහි වන රටවලට යහතින් ඉන්න දෙන්නේ නෑ. (ස)
බන්දුල කියන්න බලන්න මෙතුමියට දෙමල කතා කරන්න පුලුවන්ද ?(නදී)
ආරාදනාවක් කරලා නේද ගෙන්වා ගත්තේ ඇයි දැන් බයිලා කියවන්නේ.(නදී)
ප්‍රජාතන්ත්‍රවාදී රටක සියලු පුරවැසියාට නීතියේ රැකවරණය මෙන්ම ආරක්ෂාවත් සමානව ලැබිය යුතුය.එමෙන්ම ආගමික,සංස්කෘතික,ආර්ථික නිදහස අධ්‍යාපන සහ සුව සේවා පහසුකම් ද හිමිවිය යුතුය.මේවා සැම ජන කොටසකටම සාධාරණව ලබා දීම පාලකයන්ගේ වගකීමකි.වතුර ඉල්ලා සිටින ජනයට දෙන්නේ වතුරද?උන්ඩද?ජනයාට ආර්ථික,දේශපාලන,ආගමික සහ සංස්කෘතික නිදහස තිබේද?කියා අපේ දුක,සැප සොයා බලන්න කෙනෙක් එනවා නම් ඇයි අපි විරුද්ධ වෙන්නේ? (ස)
එයාගේ වාර්තාව ගැන කවුරුත් දන්නවා, අනිවාර්යයෙන්ම ලංකාවට විරුද්ධ වාර්ත්වක් දේවි.ඔය දැන් බොරුවට මෙහෙ ආවට වාර්තාව දීලයි ඇවිත් ඇත්තේ. (ස)
බන්දුල ,පියල්, දිසානායක කියන දෙය අපට නම් තේරෙනවා,නමුත් ඇයි ඔබලාට නොතේරෙන්නේ?සැබෑ දේශප්‍රේමින් කියන්නේ රටේ පරිසරය සුරකින, පුරා වස්තු සහ නිධන් වස්තු පැහැර නොගන්නා, මත් ද්‍රව්‍ය වලින් සමාජය බේරා ගන්නා රටට, සමාජයට සහ පරිසරයට ආදරය කරන පිරිසක් නොවේද?එහෙම නැතුව නිකම් ගිරිය පුම්බා ගෙන දේශප්‍රේමී,දේශහිතෛයිෂී, වදන් වමාරමින් සිටින පිරිසද? (ස)
මෙයා "අරයාගේ" පිල්ලියක් ද දන්නැ. (ස)
දිසානායක, නරකද ටිකකට ගෙදර එක්ක යන්න පුලුවන්ද කියල බැලුවා නම්.(නදී)
සංජීව ඇමෙරිකාවේ ඉඳන් බයිලා කියන්නේ නැතිව ලංකාවට ඇවිත් බලන්න රටේ තත්වය. පොඩි පිරිසක් ඉහලින් සැප - බහුතර ජනතාව හැම බද්දක්ම ගෙවමින් දුක් විදිනවා. පිල්ලෙලට මෙරරට ඇඟිලි ගහන්න ඉඩ දෙන්නේ මේ අයම තමයි!
බලමුකෝ මොකද වෙන්නෙ කියලා ඉවසලා. (නි)
තිලක් ඩුබායිට, පුංචි ටිකිරිට, දිසානායකට, දසුනිට හරි සතුටුයි.එයාලගේ දේව දුතිකාව ,ගැලවුම්කාරිය ලංකාවට එනවා. මේ වගේ හිතන ගුණමකුවොත් මේ රටේ ඉන්නවනේ අම්මපා. (නි)
මෙයාට තියෙන්නේ අපේ රටේ ජනතාවගේ මානව හිමිකම් පිලිබඳ ප්‍රස්නයක් නෙවෙයි. කොටි පරාදවෙච්ච එක ගැන හිත යට ඇති සියුම් වේදනාවක්.(අ)
කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියාය. මෙයා එන්නේ කටුනායකින්නම් මත්තල කා වෙනුවෙන්ද? (දී)
රසික, දේශප්‍රේමී නාමයෙන් පෙනී සිට සුදු පිරුවටයෙන් සැරසී මානව හිමිකම් කඩ කළ අයට නම් ඔබට මුහුණ දීමට නුපුළුවන. මෙසේ වැරදි කළ අය ඔබේ පැමිණීමට අකමැතිය. ඔබ ඉදිරිපස දොරෙන් ඇතුළු වන විට ඔවුන් පසු පස දොරෙන් පලා යා හැකිය. හරියටම හරි..... (නි)
ලෝකයේ මානව හිමිකම් කියලා දෙයකුත් තියෙනවා කියලා හැමෝම දැන ගැනීම හොදයි.මානව හිමිකම් කියලා දෙයක් තියෙන නිසා තමා අද අපි මෙහෙමවත් පයගහලා ලංකාවේ ජීවත් වෙන්නේ. (නි)
ඉස්මෛල් හුසේන්, ෆස්රුල් ගෆූර් හරි. සුහද ශ්‍රී ලාංකික පුරවැසියන්. අපි නම් එකඟයි.රටට ආදරේ නැති මිනිසුන් මුස්ලිම් සහෝදරයෙක්ගෙන් වත් යමක් ඉගෙන ගන්න (නි)
මෙහි ඇත්ත ඇති සැටියෙන් බලා නිරික්ෂණ නිගමන වලට එළඹීමට ඇයට දැන් හැකියාව ඇත. (නි)
දැන් ඉතින් මිනිස්සුන්ට පිල්ලේ හැර වෙනත් කතාවක් නැතිවෙයි (නි)
දිසානායක වනාහි රට පාවා දෙන පිල්ලියක පිල්ලුවක් බවද පෙනේ ! තරහ නොගෙන කිරි දුන් අම්මගෙන් අම්මගේ අම්මාගෙන් විමසා රටට එරෙහි නොවන්න . ඔබේ දේශපාලනය රටතුලට පමණක් සීමා කරගන්න . නැත්නම් ඔබට ශාප ලැබේවි ! (අ)
ලංකාව පුරා උද්ගෝෂණ ලැහැස්ති කරන්න (දී)
ආපු එකේ මෙයාටත් ඔන්න ඔහේ එක්ක ගිහින් අලි ටිකක් පෙන්නමුද ?(නදී)
සුනිල්.(10.58) මේ කිව්වේ මා ගැනද?. (නදී)
අපේ ජපති බෙරුස් ගිහිල්ලා. මාර වැඩේ.අරයා ආවා. මෙයා ගියා.(නදී)
නව නින්දනී පිල්ලේ එල් ටි ටි යේ ඕන් චිල්ලේ නැල උනොත් හෙලු වැල්ලේ වැලලා ගන්න වෙයි උබේ බෙල්ලේ (නදී)
මම දන්නා විදිහට ඔය බටහිර රටවල් ඒ රටවලට විරුද්දව අදහස් ප්‍රකාශ නිකුත් කරන අය ඒ රටවලට ආවම රඳවාගෙන ප්‍රශ්න කරනවා. ඇයි මෙහෙ එහෙම කරන්න බැරි.(නදී)
බලමුකෝ දැන් කට්ටියගේ කෙරුවාව (දී)
අද දිනය වෙන විට ලංකාවේ මානව හිමිකම් පිළිබද පළමු ගැටලුව අපට වස කිරි පොවපු එකයි. ;නමුත් තවමත් ලංකාවේ මිනිස්සු මේක හරියට වටහාගෙන නෑ. රතුපස්වෙල ගැටලුව නෙවෙයි, ඇත්තටම මේ කිරි සමාගම් කාරයින්ට මොකද කරන්නේ කියන එකයි දැන් කල්පනා කරන්න ඕනි. අපිට වස දීල පරම්පරා දෙක තුනක් අනතුරේ දාල කිරි වල වස කියල හොයා ගත්තට පස්සේ නිකම්ම හීන් නූලෙන් අකුලාගෙන යනවා. මේවා මේ තරම් සරල දේවල්ද? වග කිය යුතු අය මේවා යට ගහන්නේ මේවායින් වාසි නිසා. චීනේ නම් මෙහෙම සමාගම් කාරයින්ව එල්ලලා මැරුව. සිංහලය කියන්නේ මහා ජාතියක්. රට බේරා දුන්නු රණවිරුවන්ට අද බනිනවා. රතුපස්වල හිටියේ මැරයින්. හමුදාවට ස්තුති කරමු මෙහෙමවත් බේරපු එක ගැන. පාර හරස් කරන එක හරිද? මම මීට කලිනුත් අදහස් ලීව මම නම් මේ පාර හරස් කරපු වැඩේට කොහොමත් එකග වෙන්නේ නෑ. මීව ලාබ දෙශපාලන උප්පරවැට්ටි. සිංහල දෙමල මුස්ලිම් අපි ඔක්කොම පොන්ටෙරා සමාගමට විරුද්දව නැගී හිටිමු ජන හඩක් නගමු. (දී)
සුවපත් වෙමින් පවතින අපගේ හදවත්, දේශපාලකයන්ගේ උවමනාවට නැවත පාරා දමාවිද? මට බයක් දෙනෙනවා . (දී)
පිල්ලි නෝනා සිරියාවේ අහිංසකයෝ ගෑස් ප්‍රහාර වලින් බේරගත්තොත් නරකද ? මෙහෙ පරණ වලවල් හාරන්නේ නැතුව (දී)
මැතිනියනි , ශ්‍රී ලංකාවේ මානව හිමි කම් දැඩි ලෙස උල්ලන්ගනය වෙමින් පවතින යුගයක ඔබගේ පැමිණීම අගය කොට සලකමු. නැති වූ එය නැවත ලබා දීමට කට යුතු කරන මෙන් ආයාචනා කොට සිටිමු. (දී)
අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා, බලමුකෝ අපේ අනික් අය කොහොමද මෙයාව පිළිගන්නේ කියල, (දී)
කෝ අර ඉස්සර කෑගහපු කට්ටිය (දී)
බමුණු ඔයා හැංගිලා ඉන්නේ ඇඳ යටද.(නදී)
ලංකාවට හොදින් ඉන්න දෙන්නම එපා (දී)
"මෙතුමියට මුහුණ දීමට බැරි මිනිස්සු වහාම මෙරටින් ඔවුන්ගේ නිල සංචාරයක් යැයි පවසා පිටත්වේවි" කව්ද මෙතුමිය? (දී)
"ලංකාව පිලිබඳ පිල්ලේ මහත්මියගේ ක්‍රියා කලාපය නම් අන්තිම නරකයි. ඒත් ඉතා දුගී පවුලක ඉපදී, ගමේ මිනිස්සුන්ගේ ආධාර මුදල් වලින් ඉගෙන ගෙන මේ තරම් ඉහල තනතුරකට යාම නම් අගය කල යුතුයි." මැයගේ තාත්ත බස් රියදුරෙක්. (දී)
බලමු මෙයා හර්ද සාක්කියට අනුව කතා කරනවද කියල . (දී)
ඔබ තුමිය සාදරයෙන් පිලිගන්නවා බලන්න අපේ රට කොයිටරම් ලස්සනද කියල (දී)
මෙතුමියට මුහුණ දීමට බැරි මිනිස්සු වහාම මෙරටින් ඔවුන්ගේ නිල සංචාරයක් යැයි පවසා පිටත්වේවි. (දී)
ඉස්මෛල් හුසේන්, ඔයා අදහස් ප්‍රකාශ කළා හරි. රතුපස්වල සිද්දිය සුළු ජාතීන්ට විරුධව නොවන නිසා, එය පළමු ගණයට වැටෙන එකක් නැ වගෙයි . (දී)
අපි බලපොර්තු වෙනවා දේශප්‍රේමී නායක ඇති ගරු විමල් වීරවංස මහතාගෙන් සතියක දැඩි විරෝදතාවයක්. අපි සේරම නොකා නොබී ඒකට සහබාගි වෙනයි ඉන්නේ. (දී)
සුනිල් 2013-08-25 10:58:55 වික්‍රමාන්විත වංශයකින් පැවත එන මහා වීරයාණනි... ඔබ දැන් නිහඬ ඇයි? සුනිල් ඔබගේ අදහසනම් පංකාදු පහයි (දී)
ලංකාව පිලිබඳ පිල්ලේ මහත්මියගේ ක්‍රියා කලාපය නම් අන්තිම නරකයි. ඒත් ඉතා දුගී පවුලක ඉපදී, ගමේ මිනිස්සුන්ගේ ආධාර මුදල් වලින් ඉගෙන ගෙන මේ තරම් ඉහල තනතුරකට යාම නම් අගය කල යුතුයි. (නදී)
මට විශ්වාසයි අපේ හමුදාවල් වැරද්දක් කරලා නැතුව ඇති කියලා. එහෙනං අපි බය විය යුතු නැහැ. අපි රටක් විදියට සියලු ප්‍රශ්න වලට මුහුණ දුන්නොත්.කාටවත් රටට බල පෑම් කරන්න බැහැ. රතුපස්වල සිද්දිය තමයි ප්‍රොබ්ලම් එක.(නදී)
මෙවර මොනවයින් මනවා වෙයිද? (දී)
දිසානායක,තමුන්නේහෙලා වගේ අය රජ කාලෙත් හිටියා. අපේ රට සුද්දට පාවලා දුන්නෙත් තමුන්ලා වගේ අය. තමුන් බලාගෙන ඉන්නේ මෙයා ඇවිල්ලා මේ අපේ ප්‍රශ්න විසදයි කියලද?(නදී)
අපේ මිනිසුන්ගේ සමගියේ තරම හා බුද්ධිය පිළිබඳව සමහර ප්‍රතිචාර වලින් පේනවා. මැය මෙහි පැමිණෙන්නේ ලෝක බලවතුන්ගේ අත කොළුවක් ලෙස. එක්සත් ජාතීන්ගේ සංගමයට වියදමට අවශ්‍ය මුදල් ප්‍රමාණයෙන් 25% ක් ම සපයන්නේ ඇමරිකාව. සමහරු හිතන විදියට මෙයා එන්නේ බහුතර ජනතාවගේ මානුෂික අයිතිවාසිකම් පිළිබඳව සොයා බැලීමට නම් නොවේ. එය පිටුපස තිබෙන රංගනය බොහෝ දෙනෙකුට නොපෙනෙන බව හැගේ. අරුමුගම් වගේ අය මෙයා පිළිගන්න සැරසිලා ඉන්නේ ඇයි ? ඩයස්පෝරා එක ඇමරිකාවේ,ලන්ඩනයේ, කැනඩාවේ ඉඳගෙන බලාගෙන ඉන්නවා.එන්.ජී.ඕ. කාරයෝ තවත් පැත්තකින් ඉන්නවා. පිල්ලේගේ නමෙන්ම තේරුම් ගන්න පුළුවන් දෙයක් තියෙනවා. මෙයාගේ අපක්ෂපාතිභාවය පිලිබඳ ප්‍රශ්නයක් ඇත. නමුත් සත්‍ය දැකීමෙන් එය වෙනස් වේවිද යන්න සිතීමටත් අපහසුයි. එය ජානවල ප්‍රශ්නයක් නිසා. ඇය පැමිණ රජය පෙරලන තුරු බලා සිටිනවා සමහරු. මම කිසිම රජයකට කත් නොඅදින අතර මගේ ජාතිය සහ මගේ රට ගැන අවධානයෙන් සිටින නිසා මෙසේ ලීවෙමි.කතෘතුමනි, කරුණාකර මෙය පල කරන්න.(නදී)
මෙයා එනකොට අරය මොකෝ බෙලරූස් ගියේ?(නදී)
කෝලිත මල්ලි ගණන් ගන්න එපා. ඔය දිසානායක තමන්ගේ දේශපාලනේ වෙනුවෙන් රට නෙමෙයි තමන්ගේ අම්ම තාත්ත නෙමෙයි තමන්ගේ දරු පවුලත් විකුනයි. ටිකක් බලන්න ඔය පරණ කොමෙන්ට්ස් දිහා. මෙයා මොන වගේ එකෙක්ද කියලා එතකොට දැන ගන්න පුළුවන්. මෙයාලා තමයි අර රතුපස්වල සමහරු දැකල නැති තුන්වන පාර්ශවය,අර මම නිතර කියන රතු මල්ලිලා. හැබයි මෙයා මේ ලගකදී ඉපදිච්ච වැඩිය මෝරපු නැති අද ඊයේ සුප්පුව කටින් හැලිච්ච එකෙක්. මව් කිරි නැතුව අර නවසීලන්තේ විසා කිරිපිටි බීපු එකෙක්. මව් කිරි බීපු එකෙක් කවදාවත් ඔය විදිහේ පාහරයෙක් වෙන්නේ නැහැ.(නදී)
මොන ආණ්ඩුවක් තිබ්බත් මිනිස් නිදහස ආරක්ෂා කල යුතුයි. රතුපස්වල මිනීමරුවන්ට දඬුවම් දුන්නොත් පිල්ලේගෙන් වැඩක් නැහැ. ඔවුන්ට මරණිය දණ්ඩනය දිය යුතුයි. පිල්ලේ වානා කියා එතකොට මුළු රටෙම්ම උද්ඝෝෂණ තියමු.(නදී)
මේ නෝනා යන යන තැන රජයේ නියෝජිතයෝ යවන්න ඕනා. උතුරට නැගෙනහිරට නම් විශේෂ රාජ්‍ය නිලධාරීන් සමග යවන්න. නැතිනම් නෝනාව තනි කරලා ඕන විදියට වස කවයි.(නදී)
බටහිර රටවල් වල සැහෙන්නමානව හිමිකම් ගැටළු තියෙනවා තමයි. ඒත් අපේ රටේ නැතිවේගෙන යන මානව හිමිකම් ආපහු රැකගන්න උදව් කරනවානම් ලොකු පිනක් අපේ රටේ අය දේශපාළුවන්ට රැවටිලා බොරුවට කෑගහනවා වෙන රටවල් ගැන කියලා. ඒරටවල් වල මොනවා වුනත් අපිට මොකද ? අපේ නිදහස අපි රැකගතයුතුයි. දැනටමත් නැතිවේගෙන යන්නේ (දී)
බලමුකෝ අවසානයේ කරන ප්‍රකාශය මොකක්ද, කියල .......(දී)
අපේ නෝනා, මැදපෙරදිග, අප්‍රිකානු අහින්සක මිනිස් සන්හාරය ගැන බලන්න ගියේ නැද්ද? කෝ අපේ ඉස්ලාම් සහෝදරයෝ? ඒගැන සන්දේශයක් හෙම බාරදුන්නනම් නේද හොඳ? හැබැයි වියට්නමයෙ සිද්ධීන් ගැනනම් ජ්‍යාත්‍යන්තරය ලොකුවටම හොයනවා.(දී)
යුද්ධයෙන් පසු රටේ සාමය අනිවාර්යයෙන්ම ස්ථාපිත කල යුතුයි (දී)
දොන් ජුවන් පරම්පරාවේ දිසානායකලා ඉන්නවා කියල දැන් තමයි දැනගත්තේ (දී)
බලමු මොකද වෙන්නේ කයල? (දී)
වික්‍රමාන්විත වංශයකින් පැවත එන මහා වීරයාණනි... ඔබ දැන් නිහඬ ඇයි? (දී)
ඉන්දියාවේ කොච්චර මැරුවත් තමන්ගේ රටේ දේවල් ගැන පිට අය ළඟ අඩන්න යන්නේ නැහැ කියලා තිබුනා දැක්ක. අපේ ජාතියට ඉරිසියාවයි කොන්දක් නැතිකමයි සල්ලි වලට වහල් වීමයි නිසා හැම පිල්ලියි තානාපතිලා පවා දත නියවනවා. ජාතික අභිමානය කියන එක ඇමරිකාවෙන් වත් ගෙනල්ල අපේ අයට ඉගැන්නුවොත් හොඳයි සේරම ප්‍රෂ්න වලට මුල අපි සමගි නැති කමයි. (දී)
අනේ මෙයා යන්න ඕන ඊජිප්තුවට හරි සිරියාවට හරිනේ එහනේ යුධ අපරාද වෙන්නේ වැරදිලා වෙන්න ඇති සුන්දර මගේ ලංකාවට අවේ (දී)
රටේ අනාගතය ගැන කල්පනාකොට පිල්ලෙ නෝනා සමඟ ගනුදෙනු කලොත් අපිත් රටත් දිනුම්.(නදී)
සිංහලයාට සති දෙකෙන් අමතක වෙනවා කිවේ ඇත්ත තමා දසක තුන හතරක අතීතයේ මානව හිමිකම් බේතකටවත් හොයා ගන්න තිබුනේ නැහැ.(දී)
අපි ඔබව සාදරයෙන් පිලිගන්නවා!මොකද අපිත් කැමතියි නිදහසේ ජීවත් වෙන්න. පොලිසිය දේශපාලන අත කොලු බවට පත් කරගෙන.ගැහැණු දරුවෙක් බේරාගන්නා තබා අවුරුදු 90 ක ආච්චි කෙනෙක්වත් මේ දේශප්‍රේමීන්ගෙන් බේරාගන්න අමාරුයි. පොලිසිය බලා හිදිද්දී යකඩ පොලුවලින් දේශපාලන රැකවරණ ලබන චන්ඩියෝ පහර දෙනවා. ඇත්ත ලියන්න,කතා කරන්න,දැනගන්න නිදහසක් අපට නැහැ. අපි ඔබව දකින්නේ සුර විමනින් එන සුර දූතිකාවක් ලෙසය.(නදී)
මෙයාට යන්න කියන්න ඇෆ්ගනිස්ථානයට. සිරියාවට. (නදී)
කියමනක් තියෙනවා 'ගල හොද නම් අඹරන කහ මක් වේද' කියලා. එච්චරයි කියන්න පුළුවන් මේ ගැන.(නදී)
දේශප්‍රේමී නාමයෙන් පෙනී සිට සුදු පිරුවටයෙන් සැරසී මානව හිමිකම් කඩ කළ අයට නම් ඔබට මුහුණ දීමට නුපුළුවන. මෙසේ වැරදි කල අය ඔබේ පැමිණීමට අකමැතිය. ඔබ ඉදිරිපස දොරෙන් ඇතුළු වන විට ඔවුන් පසු පස දොරෙන් පලා යා හැකිය. හරියටම හරි.....
දේශප්‍රේමී නාමයෙන් පෙනී සිට සුදු පිරුවටයෙන් සැරසී මානව හිමිකම් කඩ කළ අයට නම් ඔබට මුහුණ දීමට නුපුළුවන. මෙසේ වැරදි කල අය ඔබේ පැමිණීමට අකමැතිය. ඔබ ඉදිරිපස දොරෙන් ඇතුළු වන විට ඔවුන් පසු පස දොරෙන් පලා යා හැකිය.(නදී)
දේශප්‍රේමී නාමයෙන් පෙනී සිට සුදු පිරුවටයෙන් සැරසී මානව හිමිකම් කඩකළ අයට නම් ඔබට මුහුණ දීමට නුපුළුවන.මෙසේ වැරදි කල අය ඔබේ පැමිණීමට අකමැතිය.ඔබ ඉදිරිපස දොරෙන් ඇතුළු වන විට ඔවුන් පසු පස දොරෙන් පලා යා හැකිය.(නදී)
සිරියාව උඩින් එද්දී මොකවත් දැක්කේ නැද්ද මයේ අම්මා?(නදී)