IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


‘නව රජය හැම ජාතියකටම සලකන බව පේනවා‘

නව රජය පත්වී ගත වූ සති තුනක කාලය තුළ සිදු කළ ක්‍රියාකාරකම් ප්‍රමුඛ ශ්‍රී ලංකා ජනතාව ප්‍රශංසා මුඛයෙන් කතා කරන බව බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩල නියෝජ්‍ය ඇමැති හියුගෝ ස්වයර් අද (30 බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේදී පැවසීය.

‘ මම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන , අගමැති වික්‍රමසිංහ  , විදේශ අමාත්‍ය මංගල සමරවීර ඇතුළු රජයේ මැති ඇමැතිවරුන් කිහිපදෙනකු මුණ ගැසුණා. ඔවුන් සමඟ පැවැති සාකච්ඡා පල දායකයි. ඇත්තටම ජනාධිපතිවරයා හා අගමැතිවරයා සමඟ මම බොහෝ දේ සාකච්ඡා කළා. සෑම පැතිකඩක්ම වගේ. ඔවුන් කෙරෙහි විශ්වාසය තබන්නට පුළුවන්‘ යැයි  ද ස්වයර් අද පැවසීය.

යුද අපරාධ සම්බන්ධයෙන් එළැඹෙන එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත් කිරීමට නියමිත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන මානව හිමිකම් විමර්ශන වාර්තාව සම්බන්ධයෙන් ඒ මහතා  අදහස් දැක්වීය.

‘මම ඇත්තටම දන්නේ නැහැ, එහි ඇතුළත් කරුණු. ඒ වාර්තාව ඉදිරිපත් කළාම අපි මුලින්ම බලන්න ඕනෑ එහි සොයාගැනීම් මොනවාද සහ එහි නිර්දේශ මොනවාද යන්නයි. නව රජය ඒ සම්බන්ධයෙන් අනුගමනය කරන්නේ ඉතා හොඳ පිළිවෙතක්.‘

‘ඇත්තටම ඒ සම්බන්ධයෙන් අපට යෝජනා රැසක් තිබෙනවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා හා මම ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළා. අප දකින ඉංග්‍රී භාෂාව උතුරේ දෙමළ ජනතාවටත් දකුණේ සිංහල ජනතාවටත් ඉගැන්නුවා නම්, මේ ගැටලූව යම් තාක් දුරකට සමථයකට පත්කරගන්න පුළුවන් කියලා. ඒ නිසා බ්‍රිතාන්‍යය කවුන්සිලය හරහා අප ඒ සඳහා වැඩකටයුතු කරනවා. ‘

 



අදහස් (0)

‘නව රජය හැම ජාතියකටම සලකන බව පේනවා‘

නාරද Friday, 30 January 2015 04:47 PM

මම මෛත්‍රීට ඡන්දෙ දුන්නට දැන්නම් බයත් හිතෙනවා. (නදී)

:       0       0

රණවක Saturday, 31 January 2015 08:22 AM

දැන් බොහෝදෙනා හිතාගෙන ඉන්නේ ප්‍රශ්නය ඉවරයි ,අපි දිනුම් කියලයි.මේ එංගලන්තේ සහ බොහෝ රටවල් අපේ රට සාමකාමීව දියුණු වෙමින් ඉදිරියට යනවාට කැමති නැහැ.අපේ රටේ ත්‍රස්තවාදයක් නැවතත් ඇති කරන්නයි හදන්නේ.කොන්දක් තිබෙන එඩිතර නායකයෙකුට හිටියේ මහින්ද රාජපක්ෂ අතිගරු ජනාධිපතිතුමා පමණයි. සමහරු කියන ගැටුම් අලුත්ගම, බේරුවල ප්‍රදේශවල අතීතයේත් කලින් කලට සිදුවුණා. දේශපාලන වාසි බලාගෙන විසඳුම් සෙවියයුතු නැත.විදේශ රටවලින් මොන විසඳුම්ද? (නි)

:       0       0

රමණි Saturday, 31 January 2015 08:31 AM

හැමෝම හිතාගෙන ඉන්නේ පිටරටවල් අපිව දෝතින්ම පිළිගනීවි කියලානේ.බලාගෙන ඉන්නකෝ! එයාලගේ න්‍යාය පත්‍රය ටික ටික ඉදිරියට යාවි.එතකොට පෙනේවි ර‍ඟ (නි)

:       0       0

අමරසිරි Friday, 30 January 2015 05:07 PM

සුද්ද සහතික කරනවා නම් අපිට අාඩම්බරයක්. (නදී)

:       0       0

සම්පත් වන්නිආරච්චි Saturday, 31 January 2015 08:41 AM

සිංහල බෞද්ධයින් ආගම්වාදීන් හෝ ජාතිවාදීන් නොවන නිසා සියළුම ආගම් හා ජාතීන් කිසිදු ගැටීමකින් තොරව ඔවුන් සමග සහජීවනයෙන් ජීවත් වෙනවා. (හේ)

:       0       0

සෙනරත් Friday, 30 January 2015 05:07 PM

ඉංග්‍රීසි භාෂාව පොදු භාෂාවක් ලෙසට ඉගැන්වීම නම් ඉතා හොඳ වැඩක්. තව ටික දවසකින් ඒ ගොල්ලන්ගේ ආගමත් හැමෝම වැළඳ ගත්තොත් හොඳයි කියලා කිව්වේ නැත්නම් වඩාත් හොඳයි. (නදී)

:       0       0

සිල්වා Saturday, 31 January 2015 08:48 AM

බටහිරයන් අපට කළ සුගතියක් නැහැ,සිංහල අපට විතරද? සියලු ජාතීන් එක්ක එක රටක එකට ජීවත් වෙන්න ඕනෑ කියා බල කරන්නේ.(හේ)

:       0       0

ගාමිණී Saturday, 31 January 2015 08:57 AM

දරුවනේ රටේ ජයග්‍රහණය වැඩිදුරක නෑ.(හේ)

:       0       0

කසුන් Saturday, 31 January 2015 09:08 AM

නුවන් ලංකව හැම ජාතියකට එක හා සමානව සලකන රටක්. ඉස්සරත් දැනුත් එකේ වෙනසක් නෑ. හැබැයි දන්නේ නැති දේවල් කියන්න එපා. අලුත්ගම, බේරුවල මුස්ලිම් මර්දනයක් උනේ නම් නෑ. මොකද මමත් අලුත්ගම. එතනදී උනේ පන්සලේ හාමුදුරුවන්ට මුස්ලිම් අය ගහපු එකට කෝප වෙලා ඇතිවුන රණ්ඩුවක් මිස වෙන දෙයක් නොවෙයි. ඒ වගේම මතක තියාගන්න තවමත් මුස්ලිම් අන්තවාදයක් රට තුළක්‍රියාත්මක බව. අපි යහපාලනයෙන් හෝ ඒ වෙනුවෙන් විසදුමක් බලාපොරොත්තු වෙනවා. (බ)

:       0       0

පද්මිණී Saturday, 31 January 2015 09:20 AM

නිපුණ සමග එකගයි. (බ)

:       0       0

රන්ජිත් Friday, 30 January 2015 05:23 PM

දහම් මල්ලි , ඡන්දෙදි මොකක්ද වුණේ කියලා ඔයාට තේරුනේ නැතිවුණාට රටේ ඔක්කොටම තේරිලයි තියෙන්නේ. (නි)

:       0       0

නදීක Saturday, 31 January 2015 09:28 AM

සියලුම දෙනා තමන්ව ඉස්මතු කරගන්න,තමන්ගේ ප්‍රතිරූපය ගොඩනගාගන්න,තමන්ට ඕනි එපාකම් ටික කරගන්න,බලය තහවුරු කරගන්න දගලනවා ඇරෙන්න කිසිම ජනහිතවාදී කමක් පේන්න නැහැ ,පක්ෂ මාරු උනා කියල ඔය කියාපු යහපාලනයකුත් ඇති වෙලත් නැහැ.,.සිංහල මුස්ලිම් දෙමළ කියල කලාප වෙන් නොකර ඔක්කොම එක ගොඩේ ජීවත් වීම තමයි ඔය හැමදේටම විසදුම. දැනටමත් ඒ විදිහට අපි ඉන්න නිසා ඒ ගැන හොඳටම දන්නවා.හොඳ හිත ඇති මිනිස්සු කවදත් සහයෝගයෙන් ජීවත් වෙනවා. සුද්දෝ මැදිහත් වුන හැම රටක්ම විනාශ වූ බව පමණක් අපි සිහියේ තියා ගැනීම වැදගත්. (බ)

:       0       0

ධනුක Saturday, 31 January 2015 09:28 AM

හැම‍ෝටම සලකන්න ,ඒක හරි. හැබැයි සිංහලයන්ට තියන තැන නැති‍ව‍‍ෙන්න හොද නෑ (බ)

:       0       0

සසි ශ්‍රීමත් Saturday, 31 January 2015 10:20 AM

අපි දන්නවා හැමදේම ගැන (නි)

:       0       0

රජිත Friday, 30 January 2015 06:51 PM

ඇත්තටම කරන්න තිබෙන හොඳම දේ තමයි ඉංග්‍රීසි භාෂාව හරහා භාෂා ගැටලුවට විසඳුමක් ගෙනෙන එක. (නි)

:       0       0

ප්‍රේම්‍ Friday, 30 January 2015 07:45 PM

ඇයි ඉංග්‍රීසි උගන්වන්න කියන්නේ? උතුරේ අයට සිංහලයි දකුණේ අයට දෙමළයි ඉගැන්නුවොත් නරකද? (නි)

:       0       0

සෑම් Friday, 30 January 2015 08:47 PM

දහම්, ලංකාව පොදු රාජ්‍ය මණ්ඩලයේ සභාපතිකම අරගෙන ඒ ගැන උජාරුවෙන් කතාකරන කාලේ ඔය අය හිටියේ කොහෙද??එක්කෝ අපි බටහිරට නැත්නම් අධිරාජ්‍යවාදීන් සමඟ හොඳින් ඉන්න ඕනෑ. එහෙම නැත්නම් විරුද්ධ වෙන්න ඕනෑ. (නි)

:       0       0

ලෝචන Saturday, 31 January 2015 02:53 PM

මේ නිපුනලා නාමල්ලා වගේ පාට කණ්ණාඩි දාගත් අය මේ වගේ පටු බොළඳ විදිහට හිතන තාක්කල් රටට දෙවියන්ගේම පිහිටයි. (නි)

:       0       0

උපාලි Friday, 30 January 2015 10:59 PM

සෑම ද්‍රවිඩයෙකුම කොටියෙක් කියල හිතන සිංහලයන් ඉන්න තාක් කල් ජාතීන් දෙක අතර අසමගිය පවතීවි. ඒ කියන්නේ මේ ජාතීන් දෙකට කවදාවත් සමගියෙන් ඉන්න ලැබෙන්නේ නැහැ කියන එකයි. එහෙම හිතුවොත් අවසානයට ඉතුරුවෙන්නේ ලේ වැගිරෙන, කවදා හෝ කැඩී වෙන්වන රටක් විතරයි. (නදී)

:       0       0

කළණි Friday, 30 January 2015 11:44 PM

සමහරු උඩපනින්නේ පිටරටවල අය මොකුත් දන්නේ නැහැ කියලා. අපේ මිනිස්සුත් හිතාගෙන ඉන්නේ දැන් හරි කියලා. (නි)

:       0       0

මනෝජ් Saturday, 31 January 2015 12:11 AM

අපේ රට මානව අයිතිවාසිකම් නිසා ලෝකයෙන්ම කොන්වී තියෙන්නෙ. මේ රජයත් තව දුරටත් මානව අයිතිවාසිකම් නොරැක්කොත් වෙන්නේ පහුගිය රජයට උනදේම තමයි. (නදී)

:       0       0

නිපුණ Saturday, 31 January 2015 12:12 AM

ශ්‍රී ලංකව හැම ජාතියකට එක හා සමානව සලකපු රටක්. රාජපක්ෂලාගේ දමිල, මුස්ලිම් මර්දනය (අලුත්ගම, බේරුවල මතකනේ ) නිසා රටට ලෝකය හමුවේ කලු පැල්ලමක් වැදුනා. ඒක ඉවත්කරපු මෛත්‍රී පාලනයට ස්තූතියි (නදී)

:       0       0

නාමල් Saturday, 31 January 2015 12:27 AM

අපේ මිතුරන් වියයුත්තේ ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුලු යුරෝපා සංගමය, කැනඩාව, ඉන්දියාව වගේ වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. ඒ රටවල් තමා පහුගිය කාලයේ අපේ රටේ මානව හිමිකම් වෙනුවෙන් කතාකළේ. මේ රටවල හොඳ හිත අපිට ලැබෙනවා කියන්නේ එච්චරයි. අපි දිනුම්... (නි)

:       0       0

පාලිත ප්‍රනාන්දු Saturday, 31 January 2015 03:46 AM

යම් යම් සිද්ධින් ඇතිවුවත් අපි සැමට සලකපු ජාතියක්.එහෙත් විදේශිය හොඳ හිත දින ගැනීමට සිංහලයාගේ අනාගතය බිලි ගන්නට ඉඩ තියන්න නම් එපා.(දි්ල්)

:       0       0

ධනංජය Saturday, 31 January 2015 04:35 AM

නිපුන, එතකොට තව ටිකකින් ඔයා කියයි යුද්ධය කියලා කළෙත් වෙන දෙයක් කියලා (නි)

:       0       0

සුජිත් Saturday, 31 January 2015 05:01 AM

ප්‍රේම් මහත්තයෝ, උතුරේ දෙමල මනුස්සයාටත් දකුණේ සිංහල මනුස්සයාටත් ඉංග්‍රීසි ඉගැන්වීමේ තියෙන ප්‍රධානම වාසිය අපේ උගතුන්ට පිටරට රැකියා ලබාගැනීමේදී එක වාසියක් වෙනවා. අනික ජාතික සමගිය ඇතිවෙනවා. හොඳම උදාහරණය ඉන්දියාව. (නි)

:       0       0

කුමාරි Saturday, 31 January 2015 05:14 AM

නාමල්, ඔයා කියන්නේ ජිනීවා වලදී ඔය රටවල් අපිට සහාය දුන්නා කියලද ? නැත්නම් මානව හිමිකම් කැඩුනා කියලා අනිත් අයට සහය දුන්නා කියලද? (නි)

:       0       0

ලක්මාල් Saturday, 31 January 2015 05:28 AM

මට කරුණාකරලා කියනවද මහත්තයෝ ඔබ ඔය කියන ඇමෙරිකාව යුරෝපා සංගමය මානව හිමිකම් කොහෙදිද රැක්කේ කියලා. (නි)

:       0       0

සුසන්ත Saturday, 31 January 2015 05:34 AM

අවුරුදු සිය ගණනක් පාලනය කරලත් උගන්වන්න බැරිවුණ ඉංග්‍රීසි දැන් පන්ති දාලද උගන්වන්න යන්නේ. උතුරට සිංහලත්, දකුණට දෙමළත් උගන්වන එක වඩා හොඳයි (නි)

:       0       0

ශාන්ත Saturday, 31 January 2015 05:52 AM

දැන්වත් පාඩමක් ඉගෙනගන්න (නි)

:       0       0

වාසුදේව Saturday, 31 January 2015 06:09 AM

ඉතාම වටිනා අදහසක් ප්‍රකාශවෙලා තිබෙනවා. දෙමළ ඉගෙන ගන්න එක අපට මහ වදයක්. දෙමළ ජනතාවටත් සිංහල ඉගෙන ගන්න එක වදයක් වෙන්න ඇති. අපට භාෂා තුනක් ඉගෙන ගන්න වෙලා. පොඩි ළමයින්ට ඒක මහ කරදරයක්. ඉංග්‍රීසි කොහොමත් ඕනනේ. ඒක ජාත්‍යාන්තර භාෂාව වගේම දැනුමට යතුරක්. ඉතින් දෙගොල්ලන්ටම ඉංග්‍රීසි උගන්වන්නනෙ ඕනා. (නදී)

:       0       0

ජනක Saturday, 31 January 2015 06:45 AM

ඔය කියන්නේ කෙටියෙන් රාජ්‍ය භාෂාව ඉංග්‍රීසි කරන්න කියලද ? (නදී)

:       0       0

මහේෂ් ඇමරිකාව Saturday, 31 January 2015 06:55 AM

නාමල් දන්නේ නැති දේවල් කතා නොකර ඉන්නවනම් ගොඩක් වටිනවා. සිරියාව ඉරාකය වගේ රටවලට මොකද උනේ ? (නදී)

:       0       0

දහම් Friday, 30 January 2015 04:25 PM

ඔය බළලා මල්ලෙන් එලියට පනින්නේ. දැන්වත් තේරෙනවද ඡන්දෙදි මොකක්ද වුනේ කියලා. (නදී)

:       0       0

වයිකෝ Friday, 30 January 2015 04:29 PM

සිංහල අය නැවත යාපනයේ පදිංචි කරන්නේ කවදාද? (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


ජිමී කාටර්ට අවුරුදු 100 යි
2024 ඔක්තෝබර් මස 02 16 0


මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1334 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 816 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1352 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 964 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site