IMG-LOGO

2024 සැප්තැම්බර් මස 28 වන සෙනසුරාදා


නව විදුලි පනතින් ඇතුලේ සමහරුන්ගේ බිස්නස් නැති වෙනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

නව විදුලි පනත සම්මත වීමෙන් අනතුරුව විදුලිබල මණ්ඩලයේ සමහරුන්ට තිබෙන බිස්නස් නැති වී යන බව විදුලි බල හා බලශක්තිය අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

විදුලිබල මණ්ඩලය තරම් ඒකාධිකාරයට ග්‍රහණය වූ වෙනත් ආයතනයක් රටේ නැතැයි ද අමාත්‍යවරයා කීය.

නව විදුලි බල පනත ඉදිරිපත් කරමින් ඇමැතිවරයා මෙසේද කීය.

මේ පනතට අදහස් ගන්න  සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා කළා .නමුත් ආවේ කිහිප දෙනෙක් පමණයි.

තිබුන ආණ්ඩුව ගෙදර යවන්නත්, ගෝඨාභයට එරෙහිව ජනමතයක් ගොඩනගන්නත් විදුලි බල මණ්ඩලයේ ක්‍රියා කලාපය ඉවහල් වුණා.මේ පනත් කෙටුම්පත  ගෙන විත් තිබෙන්නේ සියලු පාර්ශව සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුවයි. විදුලි බල මණ්ඩලයේ වෘත්තීය සමිතිවලට අද දහ දෙනෙක් එලියට ගෙන්න ගන්න බෑ. සම්පූර්ණයෙන් විශ්වාසය බිඳගෙන. විදුලි සේවකයන් බහුතරයක් මේ සංශෝධන වලට පක්‍ෂයි.

මේ පනත සම්මත වූ පසුව සමහරුන්ට තිබෙන බිස්නස් නැති වෙනවා. ගස් අතු කපන්නේ පවා සබඳතා ලබා දෙන්නේ පවා පෞද්ගලික ආයතන.



අදහස් (7)

නව විදුලි පනතින් ඇතුලේ සමහරුන්ගේ බිස්නස් නැති වෙනවා

රංබොඩ Thursday, 06 June 2024 11:54 AM

දුලි බලමණ්ඩලය ඇතුලේ තියෙන හොර ඒකාධිකාරය නම් බිඳින්නම ඕන. සියල්ලන් උගත් වංචනිකයින්.

:       3       55

පිටරටවැසියා Thursday, 06 June 2024 12:28 PM

ඒ වුණාට ඔයාගෙ බිස්නස් නම් ඇමති වෙච්ච දවසෙ ඉඳලම ඉතාමත් සරුයි. එහෙම නේද ?

:       34       24

sachith Thursday, 06 June 2024 12:49 PM

ඉතින් මහත්තයෝ ඔච්චර විනාශයක් කරන කට්ටියව දන්නවානම් ඇයි අධිකරණයක ගිහින් ඔප්පු කරලා ඒ දේපල රාජසන්තක කරන්නේ නැත්තේ ?

:       29       25

අරවින්ද මොනරවිල Thursday, 06 June 2024 01:15 PM

ගල් අගුරු වලින්, තෙල් නැව් වලින් කොමිස් ගැහුව පට්ට හොරු, දැන් හදන්නේ යන යකා කොරහත් බිදගෙන යනවා වගේ සියල්ල විකුණලා කොමිස් කුට්ටි පිටිං ගිලලා රට විනාශ කරලම යන්නයි. ඕවට රැවටෙන්නේ කකුල් දෙකේ මිහරක් විතරයි.

:       34       23

End Game Thursday, 06 June 2024 02:10 PM

විදුලි බලේ ඉන්නේ මොරටු පේරාදෙනිය සරසවි වලින් උපාධි ගත්ත උගත් හොරු

:       4       32

ෆේල් වෙච්ච එකාFriday, 07 June 2024 01:57 PM

ජනමත විචාරණයකට යන්න ඕන විදිහට වගන්ති දාලා අලුත් පනත් කෙටුම්පතක් ගෙනා ඇමතියා තරම් බුද්ධිමත් නැතුව ඇති.

:       1       0

සෙනෙවිරත්න Thursday, 06 June 2024 07:32 PM

මොරටු පේරාදෙනි හොරු නම් ඒ සරසවි වහල දාමු, මෙහෙමත් සරසවි වලට අවලාද නගන්නෙ මජර දේශපාලනය කරපින්නාගත් නුගත් කොමිස් කාක්කන් හැර වෙන කව්ද? ආයතන විනාශ කලේ පරිපාලන ලේකම්ල සහ ඇමති නඩේ මිසක් ඉංජිනේරුවන් නොවේ. ඉංජිනේරුවන් හොරුනම් ඇමතිල පඹයොද?

:       1       2

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට චෝදනාවක්
2024 සැප්තැම්බර් මස 27 887 0

ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ


කුකුළේගඟ වාන් දොරටු විවෘත කරයි
2024 සැප්තැම්බර් මස 27 316 0

කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප


නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 4019 1

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 1443 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 692 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 2443 4

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37797 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24914 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 228 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 738 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 263 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site