මොරටු වේල්ස් කුමර විදුහලේ නව විදුහල්පතිට වැඩ භාර ගැනීමට යෑමට ඉඩ නොදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී ක්‍රියා කළැයි මොරටු පුරපති සමන් ලාල් ප්‍රණාන්දු ඇතුළු පස් දෙනකු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටු මහේස්ත්‍රාත් ඩබ්ලිව් අරවින්ද පෙරේරා මහතා නියෝග කළේය.
ශිරාන් දිල්රුක්, ඒ එස් ප්‍රදිනන්ද, අශෝක කුමාරසිංහ සහ අරුණ රම්‍ය කුමාර ඇප පිට මුදා හළ අය වෙති.
වැඩ බලන විදුහල්පතිනි සුභාෂිණී කපුරුපක්ෂ මහත්මිය මුදා හළ මහේස්ත්‍රාත්වරයා ඇය 4200ක් වන සිසුන් උද්ඝෝෂණවලට පෙළෙඹවීමේ ක්‍රියා වලට ඉඩ නොදෙන ලෙසත්, පාසලේ විනය රැකීමට අවවාද කරන ලෙසත් අවවාද කළේය.
සෙසු සැකකරුවනට අවවාද කරමින් නව විදුහල්පතිට වැඩ භාර ගැනීමට නීතිමය අවසරයක් ඇති හෙයින් සාමය කඩවන කිසිත් නොකළ යුතුයැයි ද, එසේ කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවෙතියි ද අවවාද කළේය.
පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් පාසල ඉදිරිපිට අවහිර වනසේ ක්‍රියා කර ඇති බවයි.
එම අවහිරය ඉවත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. එවැනි අවහිරයක් ඇත්නම් එය ඉවත් කිරීමේ බලය පොලිසියට ඇතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
ලබන පස් වැනිදාට නඩුව කල් තැබිණි.
(ඡායාරූප සිරි මහබෙල්ලන)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මෙවැනි විදුහල් වලට කරන දේශපාලන බලපෑම් අනුමත නොකරමි , නමුත් මොරටුව නගරාධිපතිට , ආනන්ද සරත් කුමාරට වැඩිය මොලයක් තිබෙනවා. එම නිසයි එයා උද්ගෝෂණයක් විතරක් කළේ. වැරදිලාවත් උද්ඝෝෂණය ඉදිරිපිට විදුහල්පති දණ ගැහුවා නම් ඔක්කොම හිරේ (නි)
මම දන්නා නිසා කියන්නේ, ඔය කියන විදුහපති ගොඩක් හොද කෙනෙක් , පාසැල හොදටම දියුණු කලා. විදුහල්පති තුමාට බුදු සරණයි (දී)
මොරටුවේ තියෙන්නේ නරකම දේශපාලනයක්. උසාවියට සහ පොලිසියට උපහාරය. (දී)
අපි හොරෙන් ටිකක් පෙරාගත්තම තමයි පොලිසිය එන්නේ. කෝ මේවට කිසිම සද්දයක් නැනේ. නිදි වගේ. (දී)
කොහොම උනත් කමක් නෑ. ඔතන මූණ දාගෙන ඉන්න කට්ටිය බොරදියේ මාලු බානවා හරි හරියට. මාලු ගොඩක් අහුවෙලා උඩ තියෙන කමෙන්ට් දෑක්කම. (දී)
රටේ නීතියටත් එහා ගිය මේ වගේ උද්ගොසන වලින් දෙමවුපියන් නොදෙනුවත්වම දරුවන්ට දෙන්නේ වැරදී ආදර්ශයක් , මේ දරුවෝ උසස් අද්යාපනෙට ගියාට පස්සේ වෙන්නෙත් හරයක් නෙති උද්ගොසන කරලා අනිත් දරුවන්ගේත් ඔලු අවුල් කරන එක ,ඒ නිසා දෙමුපියෝ හැටියට මුලින්ම රටේ නීතියට ගරු කරන්න තමන් පුරුදු වෙන ගමන් තමන්ගේ දරුවනුත් ඒවාට පුරුදු පුහුණු කරන්න ඕනේ (දී)
වේල්ස් කුමර දෙමව්පියන් ,විදුහල්පතිවරු කියන්නේ ඔයාලගේ බූදල නෙවෙයි රජයේ සේවකයෝ ,,, (දී)
මෙතන ප්‍රශ්නය පටලවිලා තියෙන්නේ (දී)
නගරාධිපතිතුමා මේ දෙයට සහභාගි වන්නේ දේශපාලකයෙක් හැටියට නෙමෙයි. තමන්ගේ දරුවා ඇතුළු හාරදහසකගේ සිසු දරුවන්ගේ අනාගතය බේරාගන්නටයි. හැම දෙයක්ම දිහා පටු ආකල්ප හිතේ දරා ගෙන බලන්න එපා. වේල්ස් කුමර දෙමව්පියන් ලෙසට අප මේ කරන උද්ඝෝෂණය ගැන මේ කවුරුවත් කරුණූ නොදන්න නිසා තමයි මේ විදියට අදහස් දක්වන්නේ. (නි)
බොරු ශෝ වෑඩ තමයි ඕවා. නටපු නෑටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කිව්වලු අද වෙනකන් මොරටුවට.මොරටුවට දෙවියකන්ගේම පිහිට (දී)
නගරාධිපතිතුමාවත් යවමුද නැවත ඉස්කෝලේ... (ස)
නගරාධිපතිතුමාත් වැඩේ අවුල් කරගන්නයි හදන්නේ.ඔයාට ඡන්දෙ දීපු අයගෙන් ඔය ඉස්කෝලෙට ඇතුලත් වුනු ළමයින්ගේ දෙමව්පියන්ට වඩා වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ප්‍රතික්ෂේප වුණ ළමයින්ගේ දෙමව්පියෝ. (නි)
පොලිසියට බලය තිබෙන්නේ අර පෙරන ඒවා අල්ලන්න පමණද? (නි)
මොරටුවට දෙවියන්ගේම පිහිටයි (නි)
මේ පිරිස කරන දේ අනුව කිසිම ගුරුවරයෙකුට කවදාකවත් විශ්‍රාම යන්න ලැබෙන්නෙ නැහැ. ඒ ගුරුවරයා සදහටම ඒ පාසලට සේවය කල යුතුයි. මේ අයගේ පාසල් කාලය තුල ගුරුවරු මාරුවීම් ලබලා ගිහිල්ලා නැද්ද දන්නේ නැහැ. තමුන්ගේ අතීතය අමතක මිනිස්සු කොහොමද අනිත් අයගේ යහපතට වැඩකරනවා කියන්නේ. කවදා හරි දවසක මේවට විරෝධය පාන දෙමව්පියන්ට තමුන්ගේ දරුවාගේ දෙයකට විදුහල්පතිතුමාව හමුවෙන්න වුනොත් යන්නේ කොහොමද ඇඳුමක් ඇඳගෙන. (නි)
මේ හගර සභාවේ කෙනෙක් නේද අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කපල කොටලා දැම්මේ? ඒ මොරටුවම නේද? (දී)
මේ වගේ විරෝධතා තමා හැම තැනම තියෙන්නේ. රටේ වැඩිපුරම විරෝධතා සිදුවෙන්නේ කිසිම තේරුමක් නැතුව කරන්නන් වාලේ.ඒවාට සහබාගි වන වැඩි දෙනෙක් මේ පිළිබඳව නොදෙන කිසිම තේරුමක් නැතුව සහබාගි වන්නන් වාලේ සහබාගි වන පිරිස්. (නි)