IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


‘නව විදුහල්පතිට බාධා කරන්න බෑ‘

මොරටු වේල්ස් කුමර විදුහලේ නව විදුහල්පතිට වැඩ භාර ගැනීමට යෑමට ඉඩ නොදී අයුතු ජන රාශියක සාමාජිකයන් වී ක්‍රියා කළැයි මොරටු පුරපති සමන් ලාල් ප්‍රණාන්දු ඇතුළු පස් දෙනකු රුපියල් පනස් දහස බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස මොරටු මහේස්ත්‍රාත් ඩබ්ලිව් අරවින්ද පෙරේරා මහතා නියෝග කළේය.

ශිරාන් දිල්රුක්, ඒ එස් ප්‍රදිනන්ද, අශෝක කුමාරසිංහ සහ අරුණ රම්‍ය කුමාර ඇප පිට මුදා හළ අය වෙති.

වැඩ බලන විදුහල්පතිනි සුභාෂිණී කපුරුපක්ෂ මහත්මිය මුදා හළ මහේස්ත්‍රාත්වරයා ඇය 4200ක් වන සිසුන් උද්ඝෝෂණවලට පෙළෙඹවීමේ ක්‍රියා වලට ඉඩ නොදෙන ලෙසත්, පාසලේ විනය රැකීමට අවවාද කරන ලෙසත් අවවාද කළේය.

සෙසු සැකකරුවනට අවවාද කරමින් නව විදුහල්පතිට වැඩ භාර ගැනීමට නීතිමය අවසරයක් ඇති හෙයින් සාමය කඩවන කිසිත් නොකළ යුතුයැයි ද, එසේ කළහොත් අත්අඩංගුවට ගැනීමට සිදුවෙතියි ද අවවාද කළේය.

පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුවන් පාසල ඉදිරිපිට අවහිර වනසේ ක්‍රියා කර ඇති බවයි.

එම අවහිරය ඉවත් කරන ලෙස පොලිසිය ඉල්ලා සිටියේය. එවැනි අවහිරයක් ඇත්නම් එය ඉවත් කිරීමේ බලය පොලිසියට ඇතැයි මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.

ලබන පස් වැනිදාට නඩුව කල් තැබිණි.

(ඡායාරූප සිරි මහබෙල්ලන)



අදහස් (0)

‘නව විදුහල්පතිට බාධා කරන්න බෑ‘

බන්දුල Monday, 29 July 2013 01:07 PM

නගරාධිපතිතුමාත් වැඩේ අවුල් කරගන්නයි හදන්නේ.ඔයාට ඡන්දෙ දීපු අයගෙන් ඔය ඉස්කෝලෙට ඇතුලත් වුනු ළමයින්ගේ දෙමව්පියන්ට වඩා වැඩි ප්‍රතිශතයක් ඉන්නේ ප්‍රතික්ෂේප වුණ ළමයින්ගේ දෙමව්පියෝ. (නි)

:       0       0

ෂෙල්ටන් Monday, 29 July 2013 01:32 PM

නගරාධිපතිතුමාවත් යවමුද නැවත ඉස්කෝලේ... (ස)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 29 July 2013 02:04 PM

මම මෙවැනි විදුහල් වලට කරන දේශපාලන බලපෑම් අනුමත නොකරමි , නමුත් මොරටුව නගරාධිපතිට , ආනන්ද සරත් කුමාරට වැඩිය මොලයක් තිබෙනවා. එම නිසයි එයා උද්ගෝෂණයක් විතරක් කළේ. වැරදිලාවත් උද්ඝෝෂණය ඉදිරිපිට විදුහල්පති දණ ගැහුවා නම් ඔක්කොම හිරේ (නි)

:       0       0

වේල්ස් කුමර දෙමව්පියන් Monday, 29 July 2013 02:13 PM

නගරාධිපතිතුමා මේ දෙයට සහභාගි වන්නේ දේශපාලකයෙක් හැටියට නෙමෙයි. තමන්ගේ දරුවා ඇතුළු හාරදහසකගේ සිසු දරුවන්ගේ අනාගතය බේරාගන්නටයි. හැම දෙයක්ම දිහා පටු ආකල්ප හිතේ දරා ගෙන බලන්න එපා. වේල්ස් කුමර දෙමව්පියන් ලෙසට අප මේ කරන උද්ඝෝෂණය ගැන මේ කවුරුවත් කරුණූ නොදන්න නිසා තමයි මේ විදියට අදහස් දක්වන්නේ. (නි)

:       0       0

දිමුතු Monday, 29 July 2013 02:14 PM

මෙතන ප්‍රශ්නය පටලවිලා තියෙන්නේ (දී)

:       0       0

පිස්සා Monday, 29 July 2013 02:22 PM

වේල්ස් කුමර දෙමව්පියන් ,විදුහල්පතිවරු කියන්නේ ඔයාලගේ බූදල නෙවෙයි රජයේ සේවකයෝ ,,, (දී)

:       0       0

පිටබැද්දර ජයා Monday, 29 July 2013 02:52 PM

රටේ නීතියටත් එහා ගිය මේ වගේ උද්ගොසන වලින් දෙමවුපියන් නොදෙනුවත්වම දරුවන්ට දෙන්නේ වැරදී ආදර්ශයක් , මේ දරුවෝ උසස් අද්යාපනෙට ගියාට පස්සේ වෙන්නෙත් හරයක් නෙති උද්ගොසන කරලා අනිත් දරුවන්ගේත් ඔලු අවුල් කරන එක ,ඒ නිසා දෙමුපියෝ හැටියට මුලින්ම රටේ නීතියට ගරු කරන්න තමන් පුරුදු වෙන ගමන් තමන්ගේ දරුවනුත් ඒවාට පුරුදු පුහුණු කරන්න ඕනේ (දී)

:       0       0

චින්තක Monday, 29 July 2013 03:18 PM

කොහොම උනත් කමක් නෑ. ඔතන මූණ දාගෙන ඉන්න කට්ටිය බොරදියේ මාලු බානවා හරි හරියට. මාලු ගොඩක් අහුවෙලා උඩ තියෙන කමෙන්ට් දෑක්කම. (දී)

:       0       0

නිරෝෂ් Monday, 29 July 2013 03:30 PM

අපි හොරෙන් ටිකක් පෙරාගත්තම තමයි පොලිසිය එන්නේ. කෝ මේවට කිසිම සද්දයක් නැනේ. නිදි වගේ. (දී)

:       0       0

චන්දන Monday, 29 July 2013 03:34 PM

මොරටුවේ තියෙන්නේ නරකම දේශපාලනයක්. උසාවියට සහ පොලිසියට උපහාරය. (දී)

:       0       0

චින්තක Monday, 29 July 2013 12:07 PM

බොරු ශෝ වෑඩ තමයි ඕවා. නටපු නෑටුමකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කිව්වලු අද වෙනකන් මොරටුවට.මොරටුවට දෙවියකන්ගේම පිහිට (දී)

:       0       0

නීල් Monday, 29 July 2013 04:07 PM

මම දන්නා නිසා කියන්නේ, ඔය කියන විදුහපති ගොඩක් හොද කෙනෙක් , පාසැල හොදටම දියුණු කලා. විදුහල්පති තුමාට බුදු සරණයි (දී)

:       0       0

කපිල Monday, 29 July 2013 12:27 PM

මේ වගේ විරෝධතා තමා හැම තැනම තියෙන්නේ. රටේ වැඩිපුරම විරෝධතා සිදුවෙන්නේ කිසිම තේරුමක් නැතුව කරන්නන් වාලේ.ඒවාට සහබාගි වන වැඩි දෙනෙක් මේ පිළිබඳව නොදෙන කිසිම තේරුමක් නැතුව සහබාගි වන්නන් වාලේ සහබාගි වන පිරිස්. (නි)

:       0       0

රන්ජිත් සිල්වා Monday, 29 July 2013 12:28 PM

මේ හගර සභාවේ කෙනෙක් නේද අර ස්වාමීන් වහන්සේ කෙනෙක් කපල කොටලා දැම්මේ? ඒ මොරටුවම නේද? (දී)

:       0       0

සිංහ Monday, 29 July 2013 12:44 PM

මේ පිරිස කරන දේ අනුව කිසිම ගුරුවරයෙකුට කවදාකවත් විශ්‍රාම යන්න ලැබෙන්නෙ නැහැ. ඒ ගුරුවරයා සදහටම ඒ පාසලට සේවය කල යුතුයි. මේ අයගේ පාසල් කාලය තුල ගුරුවරු මාරුවීම් ලබලා ගිහිල්ලා නැද්ද දන්නේ නැහැ. තමුන්ගේ අතීතය අමතක මිනිස්සු කොහොමද අනිත් අයගේ යහපතට වැඩකරනවා කියන්නේ. කවදා හරි දවසක මේවට විරෝධය පාන දෙමව්පියන්ට තමුන්ගේ දරුවාගේ දෙයකට විදුහල්පතිතුමාව හමුවෙන්න වුනොත් යන්නේ කොහොමද ඇඳුමක් ඇඳගෙන. (නි)

:       0       0

ගිහාන් Monday, 29 July 2013 12:49 PM

මොරටුවට දෙවියන්ගේම පිහිටයි (නි)

:       0       0

චානක. Monday, 29 July 2013 12:56 PM

පොලිසියට බලය තිබෙන්නේ අර පෙරන ඒවා අල්ලන්න පමණද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනපතිට IMF සුබ පතයි
2024 සැප්තැම්බර් මස 25 249 0

ශ්‍රී ලංකාවේ නව ජනාධිපති ධුරයට පත් වූ අනුර කුමාර දිසානායක මහතාට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමණාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජියේවා මහත්මිය සු


පාස්පෝට් පෝලිම නැති කරන්න විකල්ප යෝජනා ඉල්ලුවා
2024 සැප්තැම්බර් මස 25 886 0

මෙරට ජනතාවට විශාල ගැටලුවක් බවට පත්ව තිබෙන විදේශ ගමන් බලපත්‍ර ගැටලුවට හැකි ඉක්මණින් විසඳුමක් දෙන බවත් ලබන ඔක්තෝබර් මස 15ත් 20ත් අතර කාල වන විට පෝලිම අවසන්


බිත්තරයක් 30ට බහියි
2024 සැප්තැම්බර් මස 25 918 2

පාසල් දුවා දරුවන්ගේ පෝෂණ අවශ්‍යතාවය පිරිමසාලීම වෙනුවෙන් ප්‍රවාහනය ද ඇතුළත්ව බිත්තරයක් රුපියල් 30ක මුදලට ලබාදීමට සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සං


ඉරානය තර්ජනයක් ට්‍රම්ප් කියයි
2024 සැප්තැම්බර් මස 25 478 0

ඉරානයෙන් සිය ජීවිතයට විශාල තර්ජන තිබෙන බව ඇමෙරිකාවේ රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් අද (25) ප්‍රකාශ කළේය.


ගුවන් විදුලි සංස්ථාවට නව සභාපතිවරයෙක්
2024 සැප්තැම්බර් මස 25 953 2

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ නව සභාපතිවරයා ලෙස ආචාර්ය උදිත ගයාෂාන් ගුණසේකර මහතා පත්කර ඇත.


දේශපාලන බලපෑම් නැති පොලිසියක් ඇති කරනවා
2024 සැප්තැම්බර් මස 25 1744 9

ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු සහ ඇමතිවරු පොලිස් ස්ථානාධිපතිවරු පත්කිරීමට මැදිහත් නොවන බවත් මීට පෙර පාලකයන් අනුගමනය කළ එම දේශපාලන සංස්කෘතිය වෙනස් කරන


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36963 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24374 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 184 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 585 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 233 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site