ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ වෙඩි තැබීමකින් නාවික භටයකු හා නාවික භට කතක මියගිය බව ත්‍රිකුණාමල වරාය පොලිසිය කියයි. මොනරාගල ආර්.එම්.ඩබ්ලිව්.පී. සුරේන්ද්‍ර (35) හා නාවලපිටියේ ආර්.එම්.එම්. සෝමසිරි (24) මියගිය දෙදෙනාය. සුරේන්ද්‍ර විවාහකයකු බවත් දහල් කෑම පාර්සලය රැගෙන එමින් සිටි කතට මුලින්ම වෙඩි වැදී ඇති බවත් ඔහු ඇයට වෙඩි තබා තමාටද වෙඩි තබා ගත්තේදැයි සොයන බවත් පොලිසිය කියයි.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
නාවික කත මරා විවාහක නැවියාත් මැරේ?
අමල් Tuesday, 08 May 2012 04:29 AM
මේ වගේ කෙල්ලෙක් ට වෙන තාඩන පීඩන ලිංගික අතවර ගැන ඉහල තැනකට කිවුවට වැඩක් නෑ. ඉහල නිලධාරිනුත් මේ වගේ දේවල් වලට අනුබල දෙනවා. පව් අසරණ කෙල්ලන්ගේ ජීවිත.
සමීර Tuesday, 08 May 2012 06:52 AM
පශ්චාත් යුද ආතතිය නැති කිරීමට පියවර ගත යුතුයි.
කුමාර Wednesday, 09 May 2012 07:23 AM
අපට පෙනෙන දේට වඩා මෙතන ලොකු අභ්‍යන්තර ප‍්‍රශ්ණයක් තියෙනවා' ඒ ගැන අප ඉතා සංයමයෙන් යුතුව බලන්න ඕනෑ. මොකද තමන් ආදරය කරපු අය තමන්ට නැතිවෙනවට වඩා අහිමිවීමේ ප‍්‍රථිපලය මෙය විය හැකියි.
නිශ්ශංක Tuesday, 08 May 2012 07:14 AM
ඔය ධර්ම රාජ්ජ්‍යය හදන්න ගියපු සිවුරු දාගෙන වෙස් වලාගෙන ඉන්න හිමි වරු ටික යුද්දෙන් පස්සෙ එක ධර්ම දේශනයක් වත් හමුදා සෙබලුන්ට දේශනා කළාද.....?
අලි ජෝන් Tuesday, 08 May 2012 07:25 AM
කරපු වැඩේ හරියටම හරි
දිලූ Tuesday, 08 May 2012 07:42 AM
නාවික හමුදා කදවුරක මෙවැනි දෑ සිදුවීම ගැන අතිශය කණගාටුදායකයි.ගෞරවනීය නාවික හමුදාවට මෙවැනි අගෞරවයන් නොකළ යුතුයි.
ටී.එස්. Tuesday, 08 May 2012 07:46 AM
නිකන් කොටි කතා මෙතනට ඇදලා ඇත්ත තත්වය යටපත් කරන්න එපා. අලිබබා කියල තියන දේ තම සිද්ධවෙන්නේ. සෙබලුන්ගේ මානසික සෞඛ්‍යය පවත්වගෙන යන වැඩපිලිවෙලක් තමයි උවමනා.
සුද්දා Tuesday, 08 May 2012 07:59 AM
නියම වැඩේ.ඒත් කොල්ලා අපරාදේ
ශ්‍රී Tuesday, 08 May 2012 08:26 AM
මේ දේවල් වල ඇත්ත සහ ඇතුල් පැත්ත අපිට පේන දේවල් වලට වඩා හුගක් වෙනස් වෙන්න පුළුවන් නේද?
කුමාර Friday, 11 May 2012 03:40 AM
වැඩියෙන් තමන්ගේ වැඩ පෙන්නන්න ගියාම ඔහොම වෙනවා.දන්නෝ දනිති වෙච්ච සිද්ධිය
දර්ශන Wednesday, 09 May 2012 08:25 AM
අනේ මන්දා. මිනිස්සු මොකද අදරේ පළ හිලව් හින්දා මෙච්චර මෝඩ වැඩ කරන්නේ කියලා. ආදරේ සහ ජීවිතේ තියෙන් විඳින්න.
සමන් Tuesday, 08 May 2012 08:32 AM
මනුස්ස ජිවිතයක් ලැබිම කෙතරමි දුෂ්කරද මෙම මිනිසුන් පිපාසයෙන් පිඩිත සත්වයින් වගෙ කාමයන්මයි
සුද්දා Friday, 11 May 2012 08:06 PM
ඇත්තටම මෙම සිදුවිමෙදි වැරදි කාන්තාව ඇය වටහාගත යුතුයි ප්‍රේමයට ඔහු නුසුදුසු නමි බලාපොරොත්තු නොදෙන්නත් ඒ ආකාරයට හැසිරිමෙන් වලකින්නත් ඇය වග බලා ගන්න ඕනේ. පවු අසරණ පිරිමියා ඔහු ගැන කවුරුත් කතා නැහැ. මරන්නේ නැතිව වෙන දඩුවමක් දෙන්න තිබුනා. ඇයට කවදාවත් වෙන පිරිමියෙක් බලන්නේ වත් නැති විදිහට මෙම සිදුවිම කොයි කාන්තාවටත් එකයි. ආදරේනමි හැමදාම එක වගේ වෙන්න ඕනි. කපටි කම නැති වෙන්න ඕනි. එතකොට ආදරේ හැම දාම බබලයි. තවත් මෙවැනි සිදුවිමි ඉතා අහඹු බැවින් ඒ සදහා බොරු පිලියම් අනවශ්‍ය බව මාගේ හැගිමයි
කළණ Tuesday, 08 May 2012 08:39 AM
කාගේ හරි කුමන්ත්‍රණයක් වද්ද? දිගටම මේ වගේ ඒවා වෙනවනේ
ධර්මරත්න Tuesday, 08 May 2012 08:52 AM
සහතික ඇත්ත.මේ ගත වන්නේ පශ්චාත් යුධ සමයයි.මෙවන් තත්ත්වයකට මුහුණ දුන් බොහෝ රටවල තත්ත්වයත් මේකම තමයි
රොෂාන් Tuesday, 08 May 2012 09:16 AM
මෙවන් පුද්ගලයින් ආරක්ෂක අංශ වල ඉන්න එක හරිම භයානකයි
ලක්සිර් Tuesday, 08 May 2012 09:34 AM
අනේ අපොයි.
අනුර Tuesday, 08 May 2012 09:35 AM
යුද්ධයෙන් පසුව සමහරක් යුද සෙබලුන් මානසික ඌනතාවයෙන් පෙලීම සාමාන්‍යය දෙයකි. මන්දයත් යුද්ධයක් පැවති රටක් තුල එම සමහරක් සෙබලුන්ගේ මානසිකත්වය පිරිහීම නොවැලැක්විය කරුණකි. එම සෙබලුන් චිත්ත පාරිශුද්ධිය නමැති භාවනාවේ ගුණාංගයන්ගෙන් මනස නැවත නිරවුල් කරගැනීමට වෑයමි කලයුතුය. අප රටේ පමණක් නොව කාලාන්තරයක් යුද්ධයන්ට මුහුණ දුන් බොහෝ රටවල් වල පවා මෙවැනි සිදුවිම දකින්නට පුලුවන. ඔවුන් අත නිතර ගිනිඅවිය ඇති බැවින් සුලු පුශ්ණයකදී පවා එය නිරවුල් කරගැනීමට නොහැකි වුනොත් එයට විසදුම ලෙස කොකා ගැස්සීමට වැඩි කාලයක් ගතවන්නේ නැත.
නිමල් Tuesday, 08 May 2012 09:36 AM
පිස්සු හැදෙනවා මේව අහලා. මෝඩකමට බෙහෙත් නැහැනේ. පව් අසරණ දෙමව්පියෝ
එරන්ද Tuesday, 08 May 2012 09:37 AM
ඇත්තටම එල්.ටී.ටී.ඊ. නැවතත් වැඩ පටන් අරන් වගේ
ජානක Tuesday, 08 May 2012 09:38 AM
අනිවාර්යයෙන්ම රාගයේ උණුසුමම තමයි
හරේන් Tuesday, 08 May 2012 09:40 AM
ආයිත් එල්.ටී.ටී.ඊ. වත්ද?
නුෂාන් Thursday, 10 May 2012 03:44 PM
lලොරියක බයිසිකලයක් හැපුණම වැරැද්ද කියන්නේ ලොරියට.මොකද බයික් එක පොඩියිනේ
නිලාන් Tuesday, 08 May 2012 10:45 AM
මේ වෙන දේවල් නම් එච්චර හොද දේවල් නෙමෙයි
සමන්ත Wednesday, 09 May 2012 12:14 PM
මේක සාමාන්‍ය සිද්ධියක්
සුභාෂිණි Tuesday, 08 May 2012 11:41 AM
පෙම් සබදතාවයක් බිදි ගියාම ඇතිවන ලැජ්ජාව හා බලාපොරොත්තු කඩවීම් හමුවේ මෙවැනි දේවල් සිදු වෙනවා
දර්ශන Thursday, 10 May 2012 04:38 PM
මේවා මූලාරම්භයේ සිටම එන වැරදි
ජයා Tuesday, 08 May 2012 11:48 AM
කාන්තා සෙබලියන්ට ඕවා හොද පාඩම්
ප්‍රසා Tuesday, 08 May 2012 12:17 PM
බොක්කෙන්ම ආදරය කරපු කොල්ලෙක්ට කැත විදියට බූට් එක තිව්වාම මෙවා වෙනවා...
ප්‍රියදර්ශන Tuesday, 08 May 2012 01:02 PM
අන්තමට පේන්නේ මිනිසුන්ගේ පිරිහීම නේද?
රියාද් Wednesday, 09 May 2012 07:51 PM
තමන්ගේ පවුලේ කෙනෙක්ට මෙහෙම දෙයක් වුණා නම් තමයි මේකේ දුක තේරෙන්නේ
දිලාන් Monday, 07 May 2012 05:14 PM
ආදර පළහිලව්වක් වද්ද? වෙන්න පුළුවන්
පෙරේරා Tuesday, 08 May 2012 04:17 PM
මේ හැමදේම රාගය නිසයි
දුප්පතා Monday, 07 May 2012 05:50 PM
යුද්ධයෙන් පස්සේ මේ මොන පලහිලව්වක්ද දෙයියනේ ඒ ගමන? වටිනා ජීවිත රැකගන්න.මෙය අනිවාර්යයෙන්ම ආදරයක මහිමයකි...
අචිල Thursday, 10 May 2012 07:52 PM
මේ අය මැරුණ එකමයි හොද
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 10:47 AM
ගෑනු ලමයි කවදත් ඔහොමනේ හයිය අත්තක් තමයි අල්ලන්න නිතරම ට්‍රයි කරන්නේ. ගෑනුන්ගේ මේ ගතිය නිසා නිකම් අපරාදේ තරුණ ජීවිත නිකම් නිස්කාරනේ විනාශ වෙනවා. මේ කොල්ලව බැඳලා ලස්සන පවුල් ජීවිතයක් ගත කරන්න තිබුණනේ. පටු විදිහට හිතන කෙල්ලගේ පවුලේ අය නිසා ලස්සන ජීවිත දෙකක් නිරපරාදේ රටට අහිමි වුනා. අපේ රටේ ඉන්න ගොඩක් කාන්තාවන්ට මේ සිදුවීම ලොකු පාඩමක්.මොකද වැලේ වැල් නැතිව ඉන්නකොට පිහිටක් ලබන්න පිරිමියෙකුට හේත්තු වෙලා පස්සේ හයිය අතු අල්ලන්න යනවා. අන්තිමේ මේවා කෙළවර වෙන්නේ ලොකු විනාශ වලින්. මේ වගේ සිදුවීම් උන හැම පිරිමියම මේ වගේ වෙඩි තියන්න යන්නේ නැති එක අපේ රටේ කාන්තා පරපුරේ වාසනාවක්. නැතිනම් අද හොඳ ජීවිත ගත කරනවා වගේ පෙනෙන්න තිබෙන බොහෝ පවුල්වල ගෑනු අයගේ ජිවිත අහිමිවෙලා බොහෝකල්.හැම පිරිමියාම තුවක්කු අතට ගන්නේ නැති එක ඒ ගොල්ලන්ගේ වාසනාව. ඒත් හැම ගහටම කොට කොට ගිහින් කෙහෙල් ගහට කොටපු දාට හොට පැටලෙනබව මේ කාන්තා පිරිස් මතක තියා ගත්තොක් හොඳයි.මේ සිදුවීමේදීත් වෙලා තියෙන්නේ හැම පිරිමියාටම දාන්න උත්සාහ කරන ගෑනු ගැට මේ නාවික හමුදාවේ පිරිමියාටත් දාන්න හදපු එකයි. බොහෝ පිරිමි නම් තමන්ට මොන තරම් ගෑනූ වැරදි කළත් තමන්ගේ හිත රිඳවගෙන කඳුළින් සමාව දෙනවා. එත් ටික දෙනෙක් මේ විදිහට තමන්ගේ කෝපය ගිනි අවියක් හරහා පිටකරලා දානවා. මේ දෙකේ වෙනස ඒකයි. සිදුවීම නෙවෙයි මෙහිදී අපි බලන්න ඕනේ මේ සිදුවීමට බලපාපු හේතුවයි. හේතුව නැති නම් ප්‍රතිවිපාකයකුත් නැහැනේ.
nishada Tuesday, 08 May 2012 05:13 PM
අදරය සුන්දර වරදකි කිසිදා සමාවක් නමි නැති ජිවිතය යනු ප්‍රශ්ණයකි ජිවත්විම යනු ප්‍රශ්ණවලට මුහුණ දිම වේ එය තේරැමි නොගත් කල මෙවන් දේ සිදුවිම වැලැක්විය නොහැක!!!!!!
අමල් සමරවීර-මාලදිවයින Tuesday, 08 May 2012 05:14 PM
මේක සෙබළුන්ගේ මානසික ඌනතාවයක් නෙවෙයි. මානසිකත්වය පිරිහීමකුත් නෙවෙයි. යුද්ධයක් පවතින විට යුධ හමුදාවක් තුල ස්වයං සංහිඳියාව හා විනය උපරිමයෙන් පවතිනවා. එසේම ඉහළ අණ පමණක් පිළිපැදීමට ඔවුන් පුරුදු පුහුණු වී තිබෙනවා. එහෙත් යුද්ධයෙන් තොර සාමාන්‍ය රාජකාරිවල පමණක් යෙදෙනවිට හමුදාවක් තුළ විනය පහළ යාමක් සිදු වීම ස්වාභාවිකයි. එවිට ඕනෑම සුළු කාරණයකින් පවා යම් සෙබලෙකුගේ මානසික ආතතිය මත ඉහළ අණකින් තොරව තම ගිනි අවිය භාවිතා විය හැකියි.
අජන්ත Tuesday, 08 May 2012 06:10 PM
මෙය අනිවාර්යයෙන් ලිංගිකව ඇතිවන ඊර්ෂ්‍යාව මත වුනු සිදුවීමක්.ශ්‍රී ලාංකික සමාජය තුළ මේ තත්ත්වය සුලභව දක්නට තියෙනවා
එස් කේ ජේ අජන්ත ජයවර්ධන Tuesday, 08 May 2012 06:28 PM
අසරණයන්ට තමයි සේරම
ගාමිණි Monday, 07 May 2012 07:47 PM
අනේ මන්දා. සිය දිවි නසා ගැනීම් නිකං රැල්ලක් වගේ වෙලානේ
සේනානායක Monday, 07 May 2012 08:01 PM
ආදරයක මහිමය නෙමේ, මෙය රාගයේ උනුසුම
wishleshaka Monday, 07 May 2012 08:21 PM
මේ වගේ එකම විදියේ කථා කිහිපයක්ම අහන්න ලැබුණා. රජය කොහොම වෙර කළත් මේ සිදු වීම් පිටුපස්සේ කොටි මිනී මරුවෝ නැවතත් අප්‍රසිද්ධියෙ ක්‍රියාත්මක වෙන්න පටන් ගන්න වා වගේ ද?
පියා Friday, 11 May 2012 03:09 PM
ඔක ස්වභාව ධර්මයෙන් දිපු මරණ දඩුවමක් ......
ගයාන් Tuesday, 08 May 2012 08:05 PM
පවු අර කාන්තාව සහ දරුවො. ඒ කාන්තාවට මොනව හිතෙන්න ඇද්ද තමන්ගේ සැමියා මෙහෙම කෙනෙක් කියලා.
සදිරන් Monday, 07 May 2012 09:26 PM
අයියෝ සල්ලි
අමිල Monday, 07 May 2012 09:28 PM
රටකට ගිය කලක්.අනේ මන්දා.මිනිස්සුන්ට මක් වෙලාද කියලා
ප්‍රගීත් Monday, 07 May 2012 09:35 PM
මටත් හිතුනේ ඒ ටිකම තමයි අර ෆොටෝ එක දැක්කම, 'මරාගෙන මැරෙන්න'
තිසේරා Tuesday, 08 May 2012 08:44 PM
මේක ක්ෂණික කෝපය නිසා සිදුවුවක්.ඒක සෙබළුන්ට විතරක් නෙමෙයි කොයි කාටත් පොදු දෙයක්
ලලිත් Monday, 07 May 2012 09:38 PM
අන්න වැඩ.ඕක කොමාන්ඩෝ පුහුණුවනේ මල්ලි
අලිබබා Monday, 07 May 2012 09:48 PM
යුද්ධයෙන් පසුව සමහරක් යුදසෙබලුන් මානසික උනතාවයෙන් පෙලීම සාමාන්‍යය දෙයකි. මන්දයත් යුද්ධයක් පැවති රටක්තුල එම සමහරක් සෙබලුන්ගේ මානසිකත්වය පිරිහීම නොවැලැක්විය කරැණකි. එම සෙබලුන් චිත්තපාරිශුද්ධිය නමැති භාවනාවෙි ගුණාංගයන්ගෙන් මනස නැවත නිරවුල්කරගැනීමට වෑයමි කලයුතුය. අප රටෙි පමණක් නොව කාලාන්තරයක් යුද්ධයන්ට මුහුණදුන් බොහෝරටවල්වලපවා මෙවැනි සිදුවිම දකින්නට පුලුවන. ඔවුන්අත නිතර ගිනිඅවිය ඇතිබැවින් සුලුපුශ්ණයකදීපවා එය නිරවුල්කරගැනීමට නොහැකිවුහොත් එයට විසදුම ලෙස කොකාගැස්සීමට වැඩිකාලයක් ගතවන්නේ නැත.
නදීක Monday, 07 May 2012 09:55 PM
ඇත්ත කතාව යාළුවෝ ටික කියයි
සරත් Monday, 07 May 2012 10:00 PM
මේවා සාමාන්‍ය දේවල්.මොකද අද ආදරය කරන අයට තමන්ගේ ප්‍රශ්නයක් කතා කරන්නවත් නිදහසේ හමු වෙන්න සුදුසු තැනක් නෑ.මේ ප්‍රශ්නය ගැන සාධාරණව බැලිය යුතුයි
සම්පත්-ITALY Monday, 07 May 2012 10:03 PM
ප්‍රශ්නයකට ප්‍රශ්නයකින් මුහුණ දීම තවත් ප්‍රශ්නයකට මුල වේ
අසන්ක Monday, 07 May 2012 10:08 PM
අනිච්ඡා වත සංඛාරා....
අසන්ග Monday, 07 May 2012 10:07 PM
අනිච්චා වත සංඛාරා
කමල් Monday, 07 May 2012 10:13 PM
යුද්ධයක් නැති නිසා පාළුවටත් එක්ක වෙඩි තියාගන්න ඇති....
ලාල් ගලබඩ ඉතාලියෙන් Monday, 07 May 2012 10:23 PM
සෙබල සෙබලියන්ට කරදර දෙන රාජකාරිම නොයදවා,හිත සැහැල්ලු වීමට බෙදා කොටස් කොටස් වශයෙන් ගම් රටවලට යවා ආගම ධර්මයට පවුලේ අයත් සමග ගතකරන්න යොමු කරමු, නැත්නම් අනාගතය අදුරුයි.
අමර් Monday, 07 May 2012 10:40 PM
ආදරයෙන් ඇස් අන්ධ වුනු තරුණ තරුණියන්ගේ මනස කෙසේ හෝ දියුණු කළ යුතුයි
gayan perera Tuesday, 08 May 2012 12:05 AM
කොටි අවතාර තවම හොල්මන් කරනවා, ප්‍රවේශමෙන්...!!!!
හෂිණි Tuesday, 08 May 2012 12:26 AM
මේක පිටිපස්සේ කොටි බලවේගයක් ක්‍රියාත්මක වෙනවද මන්දා
ගමගේ Tuesday, 08 May 2012 01:23 AM
කෙල්ලෙක්ගේ ලස්සන විඳින්න අපේ කොල්ලෝ දන්නේ නෑ..