නවකවදයට විරුද්ධ වීයැයි මාතර සුදර්ශි පිරිවෙණේ උසස් පෙළ හිමි නමකට අතින් පයින් හා කුඩවලින් පහර දුන්නැයි ශිෂ්‍ය භික්ෂූහු 17 නමක් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා මාතර පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.
පහරකෑමට ලක්වූ අකුරැස්සේ ධම්මපාල හිමියෝ මාතර රෝහලට ඇතුළු කරණු ලැබ සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දනුෂ්ක , තමන්ගේ ඇහේ තියෙන රොඩු ඉවත් නොකර, අනුන්ගේ ඇස්වල තියෙන පොල් පරාල ඉවත් කරන්න සුදානම් වන්න එපා.(නදී)
කරපු දේ වැරදි තමා. එයාලට දඩුවම් අවශ්‍යයි. ඒත් ප්‍රශ්නේ ඒක නෙවෙයි. දැන් බලන්න අනිත් ආගම් වල මෙහෙම ප්‍රශ්න වගේ සිය ගුණයක් ලොකු ප්‍රශ්න ඇති වෙනවා. ඒත් ඒවා පිටට එන්නේ නැහැ. නමුත් අපේ හාමුදුරුවරු අතින් වරදක් වුනාම ඒක ලොකුවට කතා කරනවා. ඇයි අපිට බැරි අපේ ප්‍රශ්න අපිටම විසදගන්න. අපේ හාමුදුරුවරු වැරැද්දක් කළත් වැරැද්ද වැරැද්දමයි. ඒක ඇත්ත. ඒත් මෙහෙම හාමුදුරුවරු විවේචනය කරන එකෙන් පිරිහෙන්නේ සමස්ත සංඝ සමාජයමයි. මම කියන්නේ කරපු දේ හරි කියලා නෙමෙයි. ඒත් අපි දැනගන්න ඕනෑ අපේ ප්‍රශ්න පිටට නොදී අපිම විසදගන්න. අපේ ශාසනය රැකදේවා. (නි)
මට තියන ප්‍රශ්නේ මේ අදහස් දාන්නේ බෞද්ධයොද කියන එකයි. හාමුදුරුවරු අතින් වරදක් වුනොත් ඒකට මහ ලොකු අදහස් දාලා වීරයො වෙන්න හදනවා නේ. වැරදි කරලා තියෙන එක ඇත්ත. ඒකට දඩුවම් කරන්නත් ඕනෑ. ඒත් මේ විදියට විවේචනය කරන එකයි වැරදියි. ඒක සමස්ථ සංඝ සමාජයටම බලපානවා. කවදා මේවා තේරුම් ගනීද මන්දා? (නි)
මමත් ඔය කියන සුදර්ශි පිරිවෙන ඇතුලේ තියන පෞද්ගලික පන්තියකට යනවා. මම ඔය ප්‍රශ්නේ පිලිබද සම්පුර්ණ විස්තර දන්නවා. මගේ මේල් එකට සම්බන්ද වෙන්න[email protected] මම කියන්නම් විස්තරේ. (නි)
ඒත් කතාව නම් දෝලාවෙන්, හැබැයි ගමන් පයින්. (නි)
මේවා ගැන බොදුබල සේනාව හොයලා බලන්නේ නැද්දෝ? (නි)
දැන් හාමුදුරු ගොල්ලන්ටත් බුද්ධාගම උගන්නන්න කාලේ ඇවිත් වගේ (නි)
කෝ අපේ සේනාව? (නි)
අන්න හොඳයි. ලංකාව දැන් දිල්තෝ පාගල් හේ වෙලා කියලා ඊයෙ සිංහල රාවයෙන් කිව්වෙ මේකයි (නි)
සේනාව ගැන හුගක් අයට අමාරුවක් තියෙනවා. මොකද සේනාව ඉන්නකොට ඒ අයගේ අරමුණු ඉටුවෙන්නේ නැහැනේ. ඉන්දියාවේ තිබෙන 'ශිව් සේනා' සංවිධානයටත් මේ ප්‍රශ්නෙම තියෙනවා. හැබැයි ඉතින් 'ඌරෝ කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්ලු'. (නදී)
මේවට ලියන බොහෝ අය තමන්ගේ ආගම් වල ප්‍රශ්නවලට අන් අයගේ ආගම් පටලව ගන්නේ ඇයිද මන්දා.(නදී)
අන්තරේ අනාගත සාමාජිකයෝ 17 දෙනෙක්.(නදී)
අනේ හාමුදුරුවනේ තවත් මේ වගේ දේවල් කරන්න එපා. අපි අපේ බුද්ධාගම රැක ගනිමු (නි)
සිංහලයන් හා බෞද්ධයන් ගැන කතාකරන අයව දිරවන්නේ නැති කටිටියක් ඉන්න බව පේනවා. හාමදුරුවරුන්ගේ අඩුපාඩුවක් දැකපු ගමන් මුන් ටික හරියට මල කුනකට පොරකන සත්තු ටිකක් වගේ කුණු සිත වමාරනවා.(නදී)
ඔයාලා මිනිස්සුන්ට බණ කියා දෙන්න ඉන්න අය නේද? (අ)
ඉතිහාසයේ වැඩිම ආගමට රටට කරදර ආව කාලය මේ. වැඩිම මිනි මැරුම්, වැඩිම ස්ත්‍රී දුෂණ, වැඩිම මාර්ග අනතුරු, වැඩිම ගිවන බර මේක වැඩි පුරාම පව් කාරයෝ ඉන්න රටක් වුනා. අනේ අපි හිතුවා යුද්දයෙන් පස්සේ ඔක්කොම හරි කියලා. මොකද මේ වෙලා තියෙන්නේ? කව්ද මේවා කරන්නේ?(නදී)
අනික් ආගම් ටික හදන්න කලින් අපේ ආගම හරියට හදා ගත්තොත් නරකද? (නි)
ඔය වගේ දෙයක් අල්ලාගෙන උඩ බලාගෙන කෙලගන්න එපා.පොඩි හාමුදුරුවන් අතර සිදුවන පොඩි සිදුවීමක්නේ. මොකද සිව්රක් දාගත්ත පලියට කව්රුවත් අඩුම තරමේ සෝවාන් වෙලාවත් නැහැනේ. අපි වගේ පෘතග්ජන මිනිස්සුනේ. එක පාරටම සිවුරක් දාගත්ත පලියට කොලුකම නවත්වන්න බැහැ (නි)
ඕනෑම කෙනෙකුට එක එක නම් වලින් ප්‍රතිචාර දාන්න පුළුවන්.කවුරු දැම්මත් ඇත්තනෙ කියලා තියෙන්නෙ. ඒක අපි පිළිගනිමු. (නි)
විශ්ව විද්‍යාල වල සිටින හිමිවරුන් දැන් සිට පුරුදු වෙනවා බලකායට වැඩ කරන්න. විරුද්ධ වාදීන්ට ගහල පුහුණු වෙන එක හොඳයි.(නදී)
ඕවා අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ (නි)
වෙනත් ආගම වල මිනිස්සු හදනවට වැඩ අපේ දේවල් හදාගෙන ඉන්න ඕන. මේ වගේ දෙයක් ඇත්තටම කරලා තියනවනම් දඩුවම් කළ යුතුයි. ඒ පොලිසයෙන් නෙමෙයි ලොකු හාමුදුරුවෝ මැදිහත් වෙලා කල යුතු දෙයක්.(නදී)
සාසනයට ගිය කලක්. (ස)
පැට්‍රල් හෙම තිබුනේ නැද්ද කිට්ටුව. (නදී)
කොහෙවත් ඉන්න හරක් මරණ එක ගැන නෙමෙයි, මෙන්න මේවා ගැනයි කතා කරන්න ඕන, මස් කනවට වැඩ පවක් ළමයින්ව දුෂණය කරන එක, අන්න එවයි මුලින් නවත්තන්න ඕන. මුලින් කරන්න ඕන දේ අන්තිමට කරලා අන්තිමට කරන්න ඕන දේ මුලින් කරලා වැඩක් නෑ මිනිස්සුනේ. (නදී)
ඔන් මේක ධර්මදීපය හොඳේ.(ස)
මේ අයට පිස්සු.(නදී)
කෝ බොලවූ අර සේනාව කියන බළල් අත.(නදී)
අර ලිට්ල් ස්මයිල් කියන එන්.ජි.ඕ එකටයි එයාලගේ සල්ලි ගන්න සේනාවයි ලගදී බෙරිහන් දෙනවා ඇහුනා මේ රටේ ජනතාව හාමුදුරුවන්ට කරන ගරුත්වේ අඩු වෙලාලු.(නදී)
කෝ අර රාවනාල, සේනාව, රාවය.... නොර්වෙන් නිර්දේශ කලොත් විතරද මේවට විරුද්දවෙන්නේ.(නදී)
අර සේනා මේ සේනා වලට මේවා දැක්කම මොනවද හිතෙන්නේ, ලැජ්ජයි නේද?.(නදී)
අනේ අනේ මේ අපෙ රටේ ඉන්න බුද්ධ ප්‍රත්‍රෙයාද?(නදී)
අර සේනාවට බන්දවා ගන්ඩ නියම සුදුසුකම් තියෙනවා.(නදී)
හාමුදුරුවනේ මහන වුනානම් මහනදම් පුරන්න. තමුන්ගේ මව්පියෝ අපායෙ අරින්නේ නැතුව. ලොකු හාමුදුරු වරු දැන ගන්න ඕනේ සුදුසු අය මහණ කරන්න.(නදී)
බණ්ඩාරනායක මහත්තයා 1956 කීවේ මෙන්න මේ ටික තමා, අනේ ත්‍රි නිකායික නාහිමියනේ මෙහෙම ගියොත් අපේ බුද්ද සාසනේට මොකද වෙන්නේ ?(නදී)
අනුරාධපුරේ භික්ෂු විශ්වවිද්‍යාලයේ නවක වදය සම්පුර්ණයෙන්ම නවත්වලා. මේ පිරිවෙනේ පාලකයන්ට බැරි උනාද මේක නවත්වන්න. මේ අය තමයි ඊළගට විශ්වවිද්‍යාල වලට ඇවිත් නවක වදේ දෙන්නේ.(නදී)
මේගොල්ලන්ට දෙන්න ඕන දඬුවම සර් ජෝන් කොතලාවල ඒ දවස් වල කියලා තිබුනා. තාර ටිකක් පමණයි ඕනා.(නදී)
නවකවදයට උන්නාන්සේට කරන්න කිව්වේ මොකක්ද කියලත් ජනතාවට දැනගන්න ප්‍රසිද්ධ කලානම් තවත් හොඳයි.(නදී)
සේනාව, රාවනා ඉස්සෙල්ලම මේවට විසදුම් හොයන්ඩ. ඔබ වහන්සේලා කැසිනෝ කතන්දරෙන් පස්සේ කසාය බීපු මොක්කුද වගේ වෙලා කියලා උපාසක මහත්තයෙක් කිව්වා. ඉස්සෙල්ලම තමන්ගේ විනය හදා ගත යුතුයි.(නදී)
ඔය ඉතින් ඉගෙනගන්නත් කලින්නෙ. බලමුකෝ උන් වහන්සේලාගේ වැඩ පස්සෙ කොහොමද කියලා (නි)
පරාක්‍රම බාහු රජතුමාගේ කාලේ කලා වගේ වැඩක් කරන්න තියෙන්නේ.(නදී)