IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නාවික හමුදාව - මාස් සදර්න් වැඩි ගෞරව දිනති

කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේ පැවති ලේටන් කුසලාන බොක්සිං තරගාවලියේදී ශ්‍රී ලංකා නාවික හමුදාව, පිරිමි අංශයේ වැඩි ගෞරව දිනාගත් අතර කාන්තා අංශයේ වැඩි ගෞරව දිනාගැනීමට මාස් සදර්න් කී‍්‍රඩා සමාජය සමත්විය.

ශී‍්‍ර ලංකා ආධුනික බොක්සිං සංගමය විසින් 71 වැනි වරටත් සංවිධානය කරනු ලැබූ මෙම තරගාවලිය ඉකුත් 17 වැනිදා සිට 21 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත කී‍්‍රඩාංගණයේදී පැවැත්විණ.

තරගාවලියේ දක්ෂතම කී‍්‍රඩකයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුන ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජයේ එම්. මලිත් ප‍්‍රභාෂ්වරද දක්ෂතම කී‍්‍රඩිකාව ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතියෙන් තරග කළ මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ කෝසලා නිල්මිණිද තේරී පත්වූහ.

දක්ෂතම පරාජිතයා ලෙස ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතියෙන් තරග වැදුන ගුවන් හමුදාවේ ඩබ්. ඒ. පෙරේරා සම්මාන ලබාගනිද්දී, දක්ෂතම පරාජිකාව ලෙස ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතියෙන් තරග වැදුන මාස් සදර්න් කී‍්‍රඩා සමාජයේ එල්. උදයංගනී සම්මාන ලැබුවාය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව, යුද හමුදාව, නාවික හමුදාව, පොලිසිය, ස්ලිම්ලයින්, ලීනියා, තුරුලිය, ගාන්ධාර, මාස් සදර්න්, යුනිචෙලා, සිලූටා, කැෂුවල්ලයින් යන කී‍්‍රඩා සමාජ නියොජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ රැුසක් මෙම තරගාවලියට සහභාගීවූහ.
මෙම තරගාවලියම ‘තායිපේ නගර කුසලාන’ 3 වැනි අන්තර් ජාතික බොක්සිං තරගාවලයේ තේරීම් තරගාවලියක් ලෙසද පැවැත්විණ. එම තරගාවලිය එළඹෙන අගෝස්තු මස 14 වැනිදා සිට 20 වැනිදා දක්වා තායිවානයේ තායිපේ නුවර පැවැත්වීමට නියමිතය.

ශී‍්‍ර ලංකා ජාතික බොක්සිං සංගමයේ හිටපු සභාපති වරයෙකු වන කේ. වී. ධර්මදාස මහතා ත්‍යාග ප‍්‍රදානෝත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගිවිය.

පිරිමි තරග ප‍්‍රතිඵල

ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 49) බර පංතිය
එම්. මලිත් ප‍්‍රභාෂ්වර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්. ඒ. පෙරේරා (යුද හමුදාව) පරාජය කරන ලදී.

ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 52) බර පංතිය
ඒ. සී. චන්ද්‍රසිරි (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) විසින් එම්. වී. බණ්ඩාර (යුද හමුදාව) පරාජය කරන ලදී.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 56) බර පංතිය
එන්. ජී. එස්. ජයවීර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්. ආර්. ටී වීරක්කොඩි (යුද හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
ආර්. ජී. එස්. කුමාරසිංහ (නාවික හමුදාව) විසින් පී. වී. සපරමාදු (යුනිචෙලා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
ඒ. පී. ජයලත් (යුද හමුදාව) විසින් ඞී. විජේරත්න (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

වෙල්ටර් වේට් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ඞී. එල්. කුමාර (නාවික හමුදාව) විසින් එන්. හෙට්ටිආරච්චි (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ජී. එච්. මදුසංක (කැෂුවල්ලයින් කී‍්‍රඩා සමාජය) විසින් පී. ඞී. ඞී. මදුරංග (යුද හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ජී. ඒ. එන්. ප‍්‍රනාන්දු (නාවික හමුදාව) විසින් ඒ. බී. පී. චන්ද්‍රකුමාර (යුද හමුදාව) පරාජය කරන ලදී.

හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
බී. එන්. එස්. සම්පත් (නාවික හමුදාව) විසින් ඒ. ජී. ගුණරත්න (පොලිසිය) පරාජය කරන ලදී.

සුපර් හෙවි (කිලෝ ග‍්‍රෑම් 81) බර පංතිය
ඒ. ආර්. තිලකරත්න (යුද හමුදාව) විසින් අයි. පී. බී. රත්නදිවාකර (ස්ලිම්ලයින් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

කාන්තා තරග ප‍්‍රතිඵල
ලයිට් ෆ්ලයි (කිලෝ ග‍්‍රෑම් 48) බර පංතිය
කෝසලා නිල්මිණි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඩබ්. එච්. හේරත් (යුද හමුදාව) පරාජය කරන ලදී.

ෆ්ලයි වේට් (කිලෝ ග‍්‍රෑම් 51) බර පංතිය
කේ. එච්. ද සිල්වා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ආර්. ඒ. එන්. පුෂ්පා කුමාරි (සිලූටා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

බැන්ටම් (කිලෝ ග‍්‍රෑම් 54) බර පංතිය
බී. එන්. එරන්දි (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් විදුශිකා ප‍්‍රබාධි (ලීනියා කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ෆෙදර් (කිලෝ ග‍්‍රෑම් 57) බර පංතිය
කේ. ඒ. කේ. හංසිකා (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එම්. පී. කේ. සල්ගාදු (යුද හමුදාව) පරාජය කරන ලදී.

ලයිට් (කිලෝ ග‍්‍රෑම් 60) බර පංතිය
නිරංජලා සේනානායක (සිලූටා කී‍්‍රඩා සමාජය) විසින් එල්. උදයංගනී (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.

ලයිට් වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 64) බර පංතිය
පී. ජයසේකර (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් එස්. සී. එස්. සිරිවර්ධන (නාවික හමුදාව) පරාජය කරන ලදී.

වෙල්ටර් (කිලෝ ග‍්‍රෑම් 69) බර පංතිය
ජී. එච්. ධර්මසේන (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) විසින් ඞී. එම්. චන්ද්‍රරත්න (පොලිසිය) පරාජය කරන ලදී.

මිඞ්ල් (කිලෝ ග‍්‍රෑම් 75) බර පංතිය
ඞී. ඞී. එස්. වීරරත්න (පොලිසිය) විසින් ඒ. ඒ. නිලන්ති (මාස් සදර්න් කී‍්‍රඩා සමාජය) පරාජය කරන ලදී.



අදහස් (0)

නාවික හමුදාව - මාස් සදර්න් වැඩි ගෞරව දිනති

ඉදුනිල් Tuesday, 20 August 2013 09:02 AM

නියමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 590 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 307 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 1647 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 424 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 2534 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37143 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24463 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 187 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 622 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 237 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site