IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


නවදිල්ලි පොලිසිය වයිකෝ අත්අඩංගුවට ගනී

නරේන්ද්‍ර මෝදි නව ඉන්දීය අගමැති දිවුරුම් දීමේ උළෙලට සහභාගී වීමට ගිය මහින්ද රාජපක්ෂ ජනපතිට නවදිල්ලියේ පාර්ලිමේන්තුව ඉදිරියේ උද්ඝෝෂණය කළ එම් ඩී එම් කේ නායක වයිකෝ සමඟ ඔහුගේ ආධාරකරුවන් හැටක් හැත්තෑවක් අත්අඩංගුවට ගත් බව ඉන්දියා පොලිසිය කියයි.

මන්මෝහන් සිං අගමැති නිල නිවසට යන පාරේ මෙම උද්ඝෝෂණය පැවැත්විණි.

 

 



අදහස් (0)

නවදිල්ලි පොලිසිය වයිකෝ අත්අඩංගුවට ගනී

සුනිත Monday, 26 May 2014 03:41 PM

අවම බලය පාවිච්චි කරලා මේ අයව ආයුද පෙන්නන්න එක්කගෙන යන්න (නදී)

:       0       0

දිනේෂ් Monday, 26 May 2014 03:47 PM

ඔය මිනිහව ලංකාවේ පොලිසියට බාර දුන්නා නම් ආයුද පෙන්නන්න එක්ක යන්න තිබුනා.(නදී)

:       0       0

තබිත Monday, 26 May 2014 04:03 PM

කරේ තිබෙන එකේ පාට වෙනස්. (නදී)

:       0       0

බටංගල Monday, 26 May 2014 04:21 PM

වයිෙකා් ජීවිතයෙන් වැඩියෙන්ම හරියක් ගත කරන්නේ රිමාන්ඩ් එකේ. ජීවිතේට බලය ගන්න බැරි ෙකෙනක් . ගෙදර මිනිස්සුත් ශාප කරනවා ඇති.(නදී)

:       0       0

කසුන් Monday, 26 May 2014 04:24 PM

අපි ඔය උද්ගෝෂණ වලට බය නැහැ. අපේ රටේ උද්ගෝෂණ හැටියට මේවා කැළණි පාලම යටින් පොල් ලෙල්ල ගියා වගේ. (නදී)

:       0       0

ලලිත් -එස්.එල් Monday, 26 May 2014 04:31 PM

අනේ ශාන් අපි නොදන්නා ඉන්දියාව !! (නදී)

:       0       0

අනුර Tuesday, 27 May 2014 09:05 AM

වයිකෝ මහතාණෙනි, ඔබ ඔය කරන විරෝධය හරිම අසාධාරනයි. එල්.ටි.ටි.ඊ.ය විසින් සිංහල ගම්වලට වැදී මොන තරම් අපේ රටේ අහිංසක මිනිසුන් අමු අමුවේ මරා දැම්මාද? අපේ මුළු රටම එකම මල ගෙයක් කරපු අවස්ථා එමටයි. අපි ඔක්කොම මනුස්සයෝ බව අමතක නොකරන්න. (ස)

:       0       0

ජනක Monday, 26 May 2014 05:05 PM

සුදු වෑන් එක එවන්න්නද ? මොකද මෝඩි තුමා කියන්නේ ? (නදී)

:       0       0

විරංග Thursday, 29 May 2014 08:09 PM

තමිල්නාඩුවේ ඉන්න බහුතරයන් දෙනා කියන්නේ මේවා බහුතර මෝඩ ආවේගශීලී මිනිසුන්ගේ ඡන්ද ගන්න දේශපාලකයන් කරන රැවටිලි මිසක කිසිම වැඩකට නැති දේවල් කියලා.75% විතර ඉන්නේ නූගත් සේම නොදියුණු මිනිස්සු. වැසිකිලියක් පාවිච්චි කරන්න, එක මේසෙක වාඩිවෙලා කෑම ගන්න, අනුන්ට ප්‍රිය මනාප විදිහට කතා කරන්න, ජීවත් වෙන්න, හෝ තමන්ගේ වටපිටාව පිරිසිදුව තියා ගන්න නොදන්නා අය තමයි මේ රටවලදී අපට මුණ ගැසෙන්නේ, එ්කෙන් අපට හිතා ගන්න පුළුවන් රටේ ඉන්න අනික් මිනිස්සු ගැන. වයිකෝ, ජය ලලිතා, කරුණානිධි කියන්නෙත් ඒ අයම තමයි. අපි ඕවා ගණන් ගන්න ඕන නැහැ. හැබැයි රජීව් ගාන්ධිට රැවටුණා වගේ අපේ පාලකයන් ඉන්දියාවට නොරැවටී ස්වාධීන රටක් ලෙස කටයුතු කරනවා ඔව් (අ)

:       0       0

සමන් Monday, 26 May 2014 05:46 PM

අපේ රටේ නම් තාම අත්අඩංගුවට ගන්නේ නැ සෙල්ලම් පිස්තෝලයක් අරන් සෙල්ලමට විරෝදය කරලා (අ)

:       0       0

පිටිගල Tuesday, 27 May 2014 10:08 AM

තමිල්නාඩුවේ ඉන්න බහුතරයන් දෙනා කියන්නේ මේවා බහුතර මෝඩ ආවේගශීලී මිනිසුන්ගේ චන්ද ගන්න දේශපාලකයන් කරන රැවටිලි මිසක කිසිම වැඩකට නැති දේවල් කියලා.75% විතර ඉන්නේ නූගත් සේම නොදියුණු මිනිස්සු. වැසිකිලියක් පාවිච්චි කරන්න, එක මේසෙක වාඩිවෙලා කෑම ගන්න, අනුන්ට ප්‍රිය මනාප විදිහට කතා කරන්න, ජීවත් වෙන්න, හෝ තමන්ගේ වටපිටාව පිරිසිදුව තියා ගන්න නොදන්නා අය තමයි මේ රටවලදී අපට මුණ ගැසෙන්නේ, එ්කෙන් අපට හිතා ගන්න පුළුවන් රටේ ඉන්න අනික් මිනිස්සු ගැන. වයිකෝ, ජය ලලිතා, කරුණානිධි කියන්නෙත් ඒ අයම තමයි. අපි ඕවා ගණන් ගන්න ඕන නැහැ. හැබැයි රජීව් ගාන්ධිට රැවටුණා වගේ අපේ පාලකයන් ඉන්දියාවට නොරැවටී ස්වාධීන රටක් ලෙස කටයුතු කරනවා නම් තමිල්නාඩුව අපට මොනවා කරන්නද?ඉන්දියාව කියන්නේ තමිල්නාඩුව නොවෙයි. (ස)

:       0       0

පාලිත ජයසිංහ Monday, 26 May 2014 06:56 PM

අනේ අපේ දරුවන්ට පාසැල් වලදී වෙන දේවල් දැක්කම වෛයිකෝ මොනවා කළාම මොකද? (නදී)

:       0       0

නඩරාජා Tuesday, 27 May 2014 11:59 AM

යාල්පානම් ලංකාවේම කොටසක් බව විග්නේෂ්ට සම්බන්දන්ලට තේරෙන්නේ නැහැ ,හැබැයි විග්නේෂ් පදිංචිය කොළඹ සිංහල උදවිය සමග. (ස)

:       0       0

ජුඩ් Monday, 26 May 2014 07:21 PM

මිනිහට ඕන වෙලා තියෙන්නේ ලොකුකම අරගෙන දිල්ලි වල කෑගහන්න. මම ඉන්නෙත් දිල්ලිවල මගේ යාළුවොත් එක්ක. කවදාවත් ඒ කට්ටිය ලංකාව ගැන දොස් කියන්නේ නැහැ. සේරම කරන්නේ චෙන්නායි පැත්තේ ඉන්න කට්ටිය තමයි. දිල්ලිවල ඉන්න අය තමාගේ පාඩුවේ රැකියාවල් කරගෙන සාමකාමිව ජීවත්වෙනවා.(නදී)

:       0       0

සුරංග කන්තලේ Monday, 26 May 2014 08:51 PM

ශාන් ඔයා දන්නා බම්බුව ඉන්දියාවේ මොන මානව හිමිකම්ද මෙහෙ දුප්පත් ළමයි පාසල් යන්නේවත් නැහැ (නදී)

:       0       0

සරත් බංඩාර Monday, 26 May 2014 08:53 PM

වෛයිකෝ කොටියාගේ වලිගේ (නදී)

:       0       0

චමින්ද Monday, 26 May 2014 11:31 PM

එ්කට අපේ පොලිසිය හරි ෂෝක් (නදී)

:       0       0

ප්‍රවීන් Tuesday, 27 May 2014 12:25 AM

මොනවා උනත් වයිකෝ කෑගහන්නේ තමන් ගේ ජාතිය වෙනුවෙන්. ජාතියට ආගමට හෙන වැදුනත් පාඩුවේ ඉන්න රටක තමන් ගේ ජාතිය වෙනුවෙන් කෑ ගහන එකත් අගය කල යුතුයි හතුරා උනත්. (ස)

:       0       0

නිශාන්ත Monday, 26 May 2014 01:26 PM

ලංකාවේ සමහර අයත් ඩයස්පෝරාවේ ඩොලර් වලට කෑදර වෙලා ඇති කරන ප්‍රශ්න බැලුවම මේ අය මෙහෙම කරන එක ගනන් ගන්න දෙයක් නැහැ කියලයි මට හිතෙන්නේ. අපිට ඕන වෙලා තිබුනේ කොහොම හරි ත්‍රස්ත්‍රවාදීන් විනාශ කරන්නනෙ. ඒක ජනාධිපතිතුමා කරලා දුන්නා.ඒ කාලේ සමහරු ඇති කරපු ප්‍රශ්න බැලුවම ඕවා මොනවද?අයවැය පරද්දන්න හැදුවේ මෙහේ.(නදී)

:       0       0

නිලන්ත Monday, 26 May 2014 01:26 PM

හරියට හරි පොලිසිය එහෙම තමයි ඉන්න ඕනේ.(නදී)

:       0       0

පූර්ණ Tuesday, 27 May 2014 01:14 AM

ත්‍රීවීල් දෙක තුනකින් සෙනග ගෙනත් ඕන දේටයි එපා දේටයි පාර දිගේ දුවන වයිකෝ වගේම කාටුන් ලංකාවෙත් තියනව .දැකල නැද්ද​.? (නදී)

:       0       0

නඩරාජා Tuesday, 27 May 2014 01:37 AM

ජාතිවාදී අදහස් ඉදිරිපත්කර රට ගඳ ගස්වන ජයලලිතා මැඩම්ට ඒ දෙයම වේවා! එය මගේ පැතුමයි. (නදී)

:       0       0

දයා අලහාකෝන් Monday, 26 May 2014 01:43 PM

වයිකොට ඇයි එහෙම කරන්නේ? (නදී)

:       0       0

අසාද් Monday, 26 May 2014 01:45 PM

හොඳ පුවතක්.(නදී)

:       0       0

ලලන්ත Monday, 26 May 2014 01:51 PM

ඔය මිනිහව ලංකාවේ පොලිසියට බාර දෙන්න බැරිද? (නදී)

:       0       0

සිරියලතා කෙන්ය Monday, 26 May 2014 01:53 PM

තියන්න තියෙන්නේ මාස කීපයක් හිරේ (නදී)

:       0       0

ජයා Monday, 26 May 2014 01:56 PM

මම හිතන්නේ නැහැ නව අගමැති මෝඩි මහත්මය මෙම ජාතිවාදී අදහස් දරන අයව ඉදිරියට පිළිගනීවි කියලා. මොකද එහෙම උනොත් ඊළඟට එ්කේ ප්‍රතිපලය වෙන්නේ සමස්ත ඉන්දියාවටම එම ප්‍රශ්නයට මැදි වෙන්න වෙන එක. වයිකෝලා, ජයලලිතල බලා ගෙන ඉන්න ඇති මෝදී අගමැති වරයාව නටවන්න. බලමු ඉදිරියට වෙන්නේ මොනවාද කියලා. (නදී)

:       0       0

අබේ Tuesday, 27 May 2014 04:07 AM

ඔය ප්‍රභාකරන්ගේ අවතාරෙනේ.(නදී)

:       0       0

දයාන් Monday, 26 May 2014 02:07 PM

තමිල්නාඩු දේශපාලනයත් දෙමළ වාණිජ චිත්‍රපටයක් වගෙයි. ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරයේදීවත් තමිල්නාඩු ප්‍රාන්තයේ සංවර්දනය ගැන කතා නොවේ. එකම මාතෘකාව ශ්‍රී ලංකාවයි. අනාගතයේදී ඔවුනට මේ ආකාරයටම මැලේසියාවේ,සිංගප්පුරුවේ හෝ මුරුසි දිවයිනේ සිටින දෙමළ ජනතාව ගැන ද කතා කල හැක.(නදී)

:       0       0

ලලිත් - එස්.එල් Monday, 26 May 2014 02:39 PM

ආයුධ පෙන්වන සංස්කෘතිය එහෙටත් පුරුදු කරානම් නරකද ? (නදී)

:       0       0

අජන්ත කුමාර වඩුගේ Monday, 26 May 2014 02:49 PM

වෛකෝට මන් මොහාන් සින් මතක් වෙන්න ඇති (නදී)

:       0       0

ප්‍රසන්න Monday, 26 May 2014 03:04 PM

අවම බලය පාවිච්ච්චි කරලද අත් අඩංගුවට ගත්තේ? (නදී)

:       0       0

බමුණු Tuesday, 27 May 2014 07:00 AM

"වෛයිකෝ කොටියාගේ වලිගේ" නැහැ පස්ස පැත්ත (නදී)

:       0       0

බමුණු Tuesday, 27 May 2014 07:03 AM

"කන්නේ බොන්නේ නැතිව හිටියත් ඉන්දියාවේ මානව අයිතිවාසිකම් තියෙනවා උපරිමයට කරුණාකර අධ්‍යනය කරලා බලන්න."කන්නේ බොන්නේ නැතිනම් මානව හිමිකම් මොන ඉටිගෙඩියටද? (නදී)

:       0       0

චන්දන Monday, 26 May 2014 03:28 PM

පෙනුමෙන් නම් දෙන්නම අයියයි මල්ලියි වගේ. (නදී)

:       0       0

ශාන් Monday, 26 May 2014 03:30 PM

ලලිත් සහ ප්‍රසන්න අපේ සංස්කෘතිය ඉන්දියාවට පුරුදු කරන්න බැහැ. කන්නේ බොන්නේ නැතිව හිටියත් ඉන්දියාවේ මානව අයිතිවාසිකම් තියෙනවා උපරිමයට කරුණාකර අධ්‍යනය කරලා බලන්න. (නදී)

:       0       0

හේමන්ත Monday, 26 May 2014 03:34 PM

වචන දෙකක් නැහැ යකඩ කුඋරු ගණන් කරන්න යවන්නයි තියෙන්නේ ඔක්කොම. එතකොට ජය ලලිතා ඇවිත් බේරා ගනියි. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 14 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ජනපති -මහ බැංකු අධිපති විශේෂ සාකච්ඡාවක්
2024 සැප්තැම්බර් මස 24 10545 0

ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර රටේ ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී අද පස


පාර්ලිමේන්තුව විසුරුවයි
2024 සැප්තැම්බර් මස 24 5243 0

පාර්ලිමේන්තුව ජනාධිපතිවරයා විසින් අද (24) මධ්‍යම රාත්‍රි 12.00 සිට විසුරුවා හරිනු ලැබීය.


ෆොන්සේකා රට ගොඩනගන්න සිහිනයක් දකී
2024 සැප්තැම්බර් මස 24 7416 0

රටේ පැවති දූෂිත, දුර්දාන්ත, අකාර්යක්ෂම හා අදූරදර්ශි රාජ්‍ය පාලනය වෙනුවට ගොඩනගන්නට බලාපොරොත්තු වූ රට පිලිබඳව තවමත් සිහින දකින බව ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆ


අනුරට රට කරගෙන යන්න පුළුවන්
2024 සැප්තැම්බර් මස 24 4956 0

අනුරට රට කරගෙන යාමට හැකියාව තිබෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


පහේ පේපරේ ප්‍රශ්න තුනක් පිට කළ ගුරුවරයෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 24 1242 0

මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් වට්ස්අප් මාර්ගයෙන් බෙදා හැරි බව කියන ශිෂ්‍යත්ව ගුරුවරයෙක් අද (24) අපරාධ පරීක්ෂණ දෙපාර


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36517 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24204 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 174 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 530 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 228 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site