IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


නොවැම්බර් 1 දා සිට අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අළෙවිය තහනම් කෙරෙයි

නගර සභා සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රමිතිකරණ සංවිධානය විසින් අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අලෙවිය තහනම් කර තිබේ.

Bulb
මෙම තහනම ලබන නොවැම්බර් 1 වැනිදා සිට බලපැවැත්වෙන අතර ඊට තාපදීප්ත ටංස්ටන් විදුලි බුබුළු (වොට් 40 සහ 60) ද ඇතුළත් කර ඇත.


පරිසරය සුරැකීම, මහජන සහ පුද්ගල දේපොළ සුබසාධනය පවත්වාගෙන යාම මෙන්ම කටාර් ජාතික දැක්ම 2030 ට සමාගාමීව පිරිසිදු පරිසරයක් නිර්මාණය කළ හැකි තිරසාරත්වයක් අත්පත් කරගැනීමට ඇති තම කැපවීමේ තවත් පියවරක් ලෙසින් ඉහත තහනම පැනවූ බව නගර සභා සහ පරිසර අමාත්‍යාංශ පවසයි. මහජනතාවගේ යහපත තකා තාපදීප්ත විදුලි බුබුළු ආනයනය කිරීමෙන් සහ අලෙවි කිරීමෙන් වළකින ලෙසට අමාත්‍යාංශය සියලුම වෙළෙන්දන්ගෙන් සහ ආනයනිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. අධි දීප්ති විදුලි බුබුළු ආනයනය සහ බෙදා හැරීම වැළැක්වීම සඳහා අදාළ බලධාරීන්ගේ සහයෝගය ඇතිව නිරීක්ෂණ වැඩසටහන් දියත් කිරීමට සැළසුම් කර ඇති බවද ප්‍රමිතිකරණ සංවිධානය අවධාරණය කරයි.


කටාර් පොදු විදුලිබල සහ ජල සංස්ථාව (කරාමා) විසින් අමාත්‍යාංශය සහ වෙනත් අදාළ ආයතනවල සහයෝගය ඇතිව ටංස්ටන් විදුලි බුබුළු (වොට් 75 සහ 100) අලෙවිය සහ ආනයනය සඳහා තහනමක් පනවනු ලැබුවේ පසුගිය මැයි මාසයේදීය. සංස්ථාවේ “කටාර් රාජ්‍යය තුළ හොඳ ජීවන තත්ත්වයක්” යන ව්‍යාපෘතියේ පියවරක් ලෙසින් විදුලි පරිභෝජනය සහ පීඩාකාරී කාබන් විමෝචනය පහළ දැමීම මෙම තහනමේ ප්‍රධානම අරමුණක් බව එම අවස්ථාවේදී අවධාරණය කෙරුණි. සංරක්ෂණ සහ බලශක්ති කාර්යක්ෂම ජාතික වැඩසටහන (ටාර්ෂීඞ්) යටතේ කරාමා ආයතනය විසින් තාපදීප්ත විදුලි බුබුළුවලින් සිදුවන බලපෑම ගැන මෙන්ම බලශක්තිය ඉතිරි කරන විදුලි බුබුළු පාවිච්චියෙන් ලැබෙන ප්‍රතිලාභ සම්බන්ධව දැනුම්වත් කිරීමේ වැඩසටහනක් දියත් කළේය.



අදහස් (0)

නොවැම්බර් 1 දා සිට අධි දීප්ත විදුලි බුබුළු ආනයනය සහ අළෙවිය තහනම් කෙරෙයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අල- ලුනු බදු ඉහලට
2024 ඔක්තෝබර් මස 06 38 0

අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ


ටී ෂර්ටයට ගෙල සිරවී ගොවියා මරුට
2024 ඔක්තෝබර් මස 06 101 0

කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.


තීරුබදු නොගෙවූ රන් ගුවන් තොටින් පන්නන්න බැරිවෙයි
2024 ඔක්තෝබර් මස 06 324 0

රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව


අ’පුර හිටපු සභාපතිවරයකුගේ නිවසක ‘අයිස් ‘
2024 ඔක්තෝබර් මස 06 338 0

අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා


නීති විදුහල්පති මාරු කරන්න එපා
2024 ඔක්තෝබර් මස 06 510 0

නීති විද්‍යාලයේ විදුහල්පතිආචාර්ය අතුල පතිනායක මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කර දෙන ලෙස නීති විද්‍යාල කාර්ය මණ්ඩලය අග්‍රාමාත්‍ය සහ අධිකරණ ඇමැතිනී


හැට හැවිරිදි අයෙක් කිඹුලාට බිලි
2024 ඔක්තෝබර් මස 06 536 0

පුද්ගලයන් දෙදෙනෙකු සමග මත්පැන් පානය කර මස් රැගෙන ඒම සඳහා මොරඔයෙන් එගොඩවීමේදී අයෙක් කිඹුලකු ඩැහැගෙනයාමෙන් මියගොස් ඇති බව ශ්‍රී පුර පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39123 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25582 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 324 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1088 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 379 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site