IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නොවැම්බරයේ ලයිට් බිලට වෙන දේ චම්පික කියයි

(නිමල් ජයරත්න)

විදුලි බල මණ්ඩලය කෑලි 15 කඩා ප්‍රතිව්‍යුහගත කර එළඹෙන නොවැම්බර් මාසයේදී සියයට 22 කින් විදුලි බිල නැංවීමට කටයුතු කරමින් සිටින බව, එක්සත් ජනරජ පෙරමුණේ නායක,කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා සඳහන් කළේය.

අයි.එම්.එෆ්. ණය වැඩපිළිවෙල අනතුරුදායක තත්ත්වයකට පත්ව ඇති බවත්, මෙම සැප්තැම්බර් අවසානයේ අලුත් මාණ්ඩලික ගිවිසුමකට අත්සන් කිරීමට ඉඩ තිබුණ බවත්, එය මෙතෙක් අත්සන් කර නොමැති නිසා එම අනතුරුදායක තත්ත්වය උදාවී තිබෙන බවද රණවක මහතා පැවසීය.

විදුලි බිල වැඩි කරන්න මහජන උපයෝගිතා කොමිසමට ඉල්ලීමක් කරල තිබෙනව, ඒ නිසා විදුලි බිල අඩු වෙන එක නෙමෙයි වෙන්නෙ මේ නොවැම්බර් මාසේ සියයට 22 කින් වැඩි වෙන එකයි සිද්ධවෙන්නේ.

විදුලිබල බල මණ්ඩලය ලාභ ගන්න හැටිත්, විදුලි බිල අඩු කරන හැටිත් මම 2015දී පෙන්නුම් කරලා දුන්නා. 2015 දින100 වැඩසටහන යටතේ විදුලි බිල සියයට 15කින් අඩු කරල රුපියල් කෝටි දෙදහක් ලාභයක් ඉපයු හැටි පෙන්නුවා. විදේශ සමාගම් ගෙන්නුවා කියලා, ආසියානු සංවර්ධන ණය ගත්තා කියලා මේවා කරන්න බෑ, මේවා කළමනාකරණයේ තියෙන ප්‍රශ්න. ඉදිරියේදී අන්තිම විශේෂඥ්ඥ වෛද්‍යවරයාත් රට දාලා යනවා තත්ත්වයට පත් වෙනවා, අන්තිම ගුරුවරයාත් රට දාල යන තත්ත්වයට පත්වෙනවා, අද ශාසනය බරපතළ තත්ත්වයට පත්වෙලා තිබෙනවා, විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් උපවැදි වෙමින් සිටිනවා, මේ ආණ්ඩුව කරන්නේ අයි.එම්,එෆ් එකට ලුණු ඇඹුල් දාන එක විතරයි. මේ ලඟදි එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන නිකුත් කල වාර්තාවක් අනුව හැම දහදෙනකුගෙන් හය දෙනෙකු  සෞඛ්‍ය අහිමිකරගෙන, එක්කෝ හිඟමනට වැටිල, එහෙම නැත්නම් අධ්‍යාපනය අහිමි කරගෙන, තියෙන බව පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් කීය.

 



අදහස් (6)

නොවැම්බරයේ ලයිට් බිලට වෙන දේ චම්පික කියයි

City Saturday, 30 September 2023 05:20 AM

ඔබටත් මේ ගැන වගකීමක් තිබිය යුතුයි. වර්ගවාදය නිර්මාණය කරන්නේ ඔබලාම තමයි.

:       5       11

චන්දන Saturday, 30 September 2023 07:45 AM

කොහොම වුණත් මෙයා කියන කතාව 100%ක් ඇත්ත. රට එන්න එන්නම බරපතල ලෙස අගාධයට යමින් තියෙනවා. ඇති හැකි එකා රට පනිනවා. නැති බැරි සියළු දෙනා අපායේ ඉතිරි වෙනවා. මේක තේරුම් ගන්න බැරි ඇයි?

:       6       13

සල්ලි Saturday, 30 September 2023 09:14 AM

ගැලරියට ආමන්ත්‍රණය නොකළොත්, ලංකාවේ රජවීම සිහිනයක් මාතියා. ඔහේ මොලකාරයා කියලා අපි දන්නවා.

:       3       16

සිල්වා Saturday, 30 September 2023 12:40 PM

ඔබතුමත් අද රට පත්වී තිඛෙන තත්වයට වග කිව යුතුයි. මහින්ද චින්තනයට දායක වූවා පමණක් නොව වර්ගවාදී මත මහජනතාව වෙත ප්‍රචාරය කළා.

:       2       15

අතුල ගුණතිලක Saturday, 30 September 2023 10:39 PM

කියන්න කණගාටුයි. මෙතුමා ඉතාමත්ම දක්ෂ පුද්ගලයෙක්.. මෙතුමගේ දැක්ම ඉතාමත්ම යථාර්ථවාදී. ඒත් බලය ලබාගැනීම සඳහා ඕනෑම දෙයක් කීරිමට පසුබට නොවන පුද්ගලයෙක්. අතීතයයට ගිහින් බැලුවොත්, සිහල උරුමය, හෙල උරුමයේ සිට මේ දක්වා ආපසු හැරි බලන්න ද්‍රවිඩ අන්තවාදය මුස්ලිම් ආන්තවාදය ගැන කතාකරපු මොහු අද ඉන්නේ කොතැනද? අද කතාකරනේ මොනවද? බලය හැරණු විට වෙන කිසිවක්ම නැත. කෙසේවෙතත් මොහු මේ රටට, ජාතියට අවැසි වටිනා පුද්ගලයෙක්.

:       0       0

ටී ඒ කසුන් තරංග දේශප්‍රිය Sunday, 01 October 2023 07:08 PM

අද අපේ රට ගැන විතරක් නෙවෙයි මේ මුළු ලෝකෙටම ආදරේ ජනතාවට ආදරේ පරිසරයට ආදරේ ධර්මානුකූල නායකයෙක් ඕනේ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1719 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1054 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 322 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 438 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 195 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 135 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40008 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25948 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 232 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 404 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1305 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site