IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


නිව්යෝක් සිට ලන්ඩන් ගිහින් එන්න පැයයි

ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව මගින් නිෂ්පාදනය කළ තවත් කූඩා අධිවේගි ගූවන් යානයක් අත්හදා බැලිම පසුගියදා සිදු කළේය. වේව් රයිඩර් නමින් හැදින්වෙන නියමුවන් රහිතව ගමන් කළ හැකි මෙම ගූවන් යානයට පැයට කිලෝමිටර් 7245ක වේගයකින් ගමන් කළ හැකිය. අත්ලාන්තික් සාගරය වටා මෙන්ම  නිවියෝර්ක් නුවර සිට ලන්ඩන් නුවර දක්වා ගමන් කිරිමට ගතවන කාලය මිනිත්තූ හැටකි. ඇමෙරිකා ගූවන් හමුදාවට අයත් බී 52 ගූවන් යානයේ සවිකළ වේව් රයිඩර් යානය අඩි 45000ක් උඩට රැගෙන ගොස් මුදා හැර සිදු කළ මෙම අත්හදා බැලිම ඉතාමත් සාර්ථක වු බවත් ඉදිරියේ දි යුදමය කටයුතූ සදහා මෙම යානය තවත් වැඩිදියුණු කරනා බවත් ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව  පවසයි.



අදහස් (0)

නිව්යෝක් සිට ලන්ඩන් ගිහින් එන්න පැයයි

සුනිමල් Thursday, 16 August 2012 08:11 AM

සන්තෝසයි

:       0       0

සුමනා Thursday, 16 August 2012 08:09 AM

ඇමරිකාව ලාංකිකයන් වශයෙන් අපටද ආඩම්බරයකි. (නි)

:       0       0

ඩිලාන් Thursday, 16 August 2012 08:20 AM

නවීන තාක්ෂණය නිරන්තරයෙන් ලොවට ගෙනෙන ඇමරිකාව ඇතුලු අනෙකුත් රට වලට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

රෝහිත Thursday, 16 August 2012 08:26 AM

අපට කන්න බොන්න දෙන ඉන්දියාවට අපි ඡන්දය දෙමු. (නි)

:       0       0

සදා Thursday, 16 August 2012 02:30 PM

සරත් ඔයාගේ අදහසට මමත් එකග වෙනවා. (නු)

:       0       0

දිල්ෂාන් Thursday, 16 August 2012 08:30 AM

අපි ඉන්දියවට ඡන්දය දෙමු. මොකද අපට ඕනෑ කෑම, ඇදුම් ඔක්කොම වගේ ලැබෙන්නේ එහෙන්නේ. (නි)

:       0       0

ජයා Thursday, 16 August 2012 02:35 PM

නිව්යෝක් සිට ලන්ඩන් වලට පැයයි. අයියෝ ඕක මොකක්ද? අපේ අහස්යානා වලට ඔච්චරවත් වෙලා යන්නෑ.. (ස)

:       0       0

මංගල Thursday, 16 August 2012 02:37 PM

ප්‍රවීන් මහත්තයෝ.. අපි නොදන්න රුසියාව.. එහෙ මිනිස්සු දැං හිගාකනවා.. ඔයා හරි මීට අවුරුදු 30 කට විතර කළිං..!(නු)

:       0       0

අමිල Thursday, 16 August 2012 09:10 AM

මේ වැය කරන මුදල් ඒඩ්ස් වැනි මාරාන්තික රෝගීන්ගේ බෙහෙත් වෙනුවෙන් වැය කළානම් මොකද වෙන්නේ? (නි)

:       0       0

විමල් Thursday, 16 August 2012 09:11 AM

මම ඇමරිකාවට ගරු කරනවා මේ තාක්ෂණය හෙටම ලෝකයටම ලබාදෙන නිසා (ස)

:       0       0

ජගත් Thursday, 16 August 2012 03:02 PM

මෙය සාර්ථක වෙලා නැහැ (නු)

:       0       0

ඉන්ද්‍රජිත් Thursday, 16 August 2012 09:23 AM

"නිවියෝර්ක් නුවර සිට ලන්ඩන් නුවර දක්වා ගමන් කිරිමට ගතවන කාලය මිනිත්තූ හැටකි."

:       0       0

නිමල් Wednesday, 15 August 2012 05:46 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ශර්මිලා Thursday, 16 August 2012 03:19 PM

ලංකාවටත් පැයකින් යන්න තියෙනවානම්..(නු)

:       0       0

නසීර් Wednesday, 15 August 2012 05:59 PM

හුස්ම යන්න තත්පරයයි. ගමනට පැයයි. (නි)

:       0       0

ඩේවුඩ් Wednesday, 15 August 2012 06:10 PM

කෝ අර ගූගල් තහනම් කරන්න කියාපු කට්ටිය? (නි)

:       0       0

රුවන් Thursday, 16 August 2012 09:43 AM

''ඉදිරියේ දි යුදමය කටයුතූ සදහා මෙම යානය තවත් වැඩිදියුණු කරනා බවත් ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි'' ඒ කියන්නේ මේ යානා වලින් වෙන ගන්න ප්‍රයෝජනයක් ඇත්තේම නැද්ද? යුද්ධයට විතරමද යොදා ගන්නේ? (නි)

:       0       0

රුවන් සීදූව Thursday, 16 August 2012 09:40 AM

''ඉදිරියේ දි යුදමය කටයුතූ සදහා මෙම යානය තවත් වැඩිදියුණු කරනා බවත් ඇමරිකා ආරක්‍ෂක දෙපාර්තමේන්තුව පවසයි'' මේකෙන් ගන්න වෙන ප්‍රයෝජනයක් ඇත්තෙම නැද්ද? යුද්දෙට විතරමද?(නු)

:       0       0

මධු Wednesday, 15 August 2012 06:46 PM

ඊළගට බලන්න නිවුයෝර්ක් ඉදලා ඉරානයට යන්න කොපමණ කාලයක් ගත වෙනවද කියලා. ඇමරිකාවට ජය වේවා! (නි)

:       0       0

සමීර් Wednesday, 15 August 2012 06:59 PM

ලංකාවටත් පැයකින් මෙහෙම යන්න තියෙනවා නම් හොදයි. (නි)

:       0       0

නිශ්ශංක Wednesday, 15 August 2012 07:05 PM

ඇමරිකාවට සුභ වෙලා අනෙක් රටවල් වලට අපල වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

බණ්ඩාර Thursday, 16 August 2012 10:42 AM

මටනම් විශ්වාසයි මෙය කඩා වැටෙනවා.. මේක සාර්ථක නැහැ... (නු)

:       0       0

චරිත් Thursday, 16 August 2012 04:18 PM

නියම නිර්මාණයක්.. අපේ මිටර් බෝඩ්වල තියෙන්නේ 180යිනේ තාම මේකෙ කොහොමද දන්නේ නැහැ..!!(නු)

:       0       0

ගිහාන් Thursday, 16 August 2012 11:28 AM

මේක සාර්ථක වෙලා නැහැල්ලු නේද? (නි)

:       0       0

ගිහාන් Thursday, 16 August 2012 11:31 AM

මේක සාර්ථක වෙලා නෑලු නේද?(නු)

:       0       0

සුමනා කටාර් Thursday, 16 August 2012 11:28 AM

මේ යානය සාර්ථක වෙලා නැහැ..පොඩ්ඩක් හොයලා බලන්න..!!(නු)

:       0       0

මධුර අසන්ත Thursday, 16 August 2012 11:33 AM

මේව ගන්න ලංකාවට සල්ලි තියෙනව. ඒත් ගන්නෙ නැතිලු. මොකද දන්නවද මේව ලංකාවෙ බාන්න නම් ඉන්දියාව හරියෙදි බ්‍රේක් ගහන්න ඕනලු. නැත්නම් බාන්න වෙන්නෙ මාලදිවයිනේ. ඉන්දියාවෙදි බ්‍රෙක් ගහනවට කරුණානිදි ඇතුලු ඩයස්පෝරාව විරුද්ද වෙලා. (නු)

:       0       0

සරත් Thursday, 16 August 2012 11:44 AM

තුන්වෙනි ලෝකේ වෙනත් රටවල්වල සම්පත් බලහත්කාරෙන් කොල්ල කාල සල්ලි හොයාගෙන තමන්ගේ බලය වැඩිකරගන්න මේවගේ දේවල් හදන මිනිස්සුන්ට "අපිට ආඩම්බරයි ඔබ ගැන " කියන මිනිස්සුත් ලංකාවේ ඉන්නවා !!(නු)

:       0       0

බමුණා Wednesday, 15 August 2012 08:33 PM

ඔවා මොනවද? සතිය දිනවල තලවතුගොඩ සිට බොරැල්ලට එන්නත් පැයක් යනවානේ. (ත)

:       0       0

‍රොෂාන් Monday, 20 August 2012 11:22 AM

නිලූක කියන කෙනා උණ විකාරයෙන් දොඩවනවද මන්දා? (නි)

:       0       0

මාරසිංහ Wednesday, 15 August 2012 08:36 PM

පාපැදියක්වත් හදාගන්න බැරි අපට මේවා මැජික්. (ත)

:       0       0

වීරසිංහ Wednesday, 15 August 2012 08:37 PM

මිනිසුනේ, පෙනේද ආශ්චර්යයක තරම? (නි)

:       0       0

ශිලා Wednesday, 15 August 2012 08:35 PM

අපි ඉතින් හැමදාම ලෝක බැංකුවෙන් ණයට සල්ලි අරගෙන මේවා ආනයනය කර කර ඉම්මු. ඒකට මොකද අපේ සමහරු වන්සේ කබල්ගාන හැටි. (ත)

:       0       0

ප්‍රවීන් මැනිලා Thursday, 16 August 2012 11:58 AM

මොකද මේ කට්ටිය ඇමරිකාවට ආවඩන්නේ...! මේක නියමුවන් රහිත යානයක්.. කාටවත් යන්න බැහැ... ඇමරිකාව මේක හැදුවෙ ඔත්තු බලන්නයි..යුද කටයුතුවලටයි.. විතරයි.. අනික හෙට අනිද්දා රුසියාව හදයි මීට වඩා හොද එකක්.. ඒ නිසා පොඩ්ඩක් පැත්තකට වෙලා බලන් ඉමු..!!(නු)

:       0       0

මල්කා Wednesday, 15 August 2012 08:37 PM

මුළු ලෝකෙම තියෙන උගත් මානව සම්පත් ඇ මෙරිකාවට දෙනවා. විශේෂයෙන් ආසියාවෙන්. හේතුව ඒ අය සුදුස්සට සුදුසු තැන දෙන්නේ නෑ (අ)

:       0       0

සම්පත් Thursday, 16 August 2012 12:03 PM

නිව්යෝක් වල ඉදලා ලන්ඩන් යන්න තාම මෙයාලට පැයක් යනවා... මෙයාල තාම නොදියුණු අය.. අපේ මුතුන් මිත්තෝ මීට වඩා දහස්ගුණයක් වේගෙන් යන ක්‍රම දැනගෙන හිටියා.. මෙයාලා මෙච්චර වෙගෙන් යන්නේ මොකටද කියලා පේනවා නේද? මෙයාලට ඕන යුද්ධ කරන්න විතරයි.. මේක දියුණුවක් නෙමෙයි.. තවත් පිරිහීමක්...!!(නු)

:       0       0

මෙන්ඩිස් Wednesday, 15 August 2012 08:45 PM

කවුරු මොනවා කිවුවත් ඇමරිකාව හැමදාම අංක එකේ ඉන්න රහස් තමයි, සුදුස්සාට සුදුසු තැන දීම, සමගිය, කම්මැලි නොවීම, අපි වගේ වංශය කබල් ගාන්නන් කොසිටීම, හොරකම් නොකිරීම සහ නීතිය සැමට එක සේ ක්‍රියාත්මක කිරීම වගේ දේවල්. (නි)

:       0       0

උදාර Wednesday, 15 August 2012 08:49 PM

කොට්ටාවේ සිට කොලබට පැය 3යි

:       0       0

නිමාලි Wednesday, 15 August 2012 08:59 PM

කාටද ආඩම්බර

:       0       0

සිසිර කුමාර Thursday, 16 August 2012 12:21 PM

අයියෝ ඕකද මහ ලොකු ආශ්චර්යය? උදේට දෙමටගොඩ ඉදලා මරදා‍නට එන්නම දුම්රියට යනවනේ විනාඩි 45ක්ම. ඉතිං ඒකනේ ආශ්චර්යය. (නි)

:       0       0

අමිල කටුනායක Wednesday, 15 August 2012 10:30 PM

දියුණූවත් අයහපතට වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

මධු Thursday, 16 August 2012 12:37 PM

එතකොට පාකිස්ථානයට ගිහින් එන්න කොච්චර වෙලාවක් යනවද? (නි)

:       0       0

සම්පත් Thursday, 16 August 2012 12:39 PM

මේ යානාව පැසිෆික් සාගරයට කඩා වැටිලා නේද? මම දන්න විදියට නම් මෙය තවමත් සාර්ථක නැහැ. (නි)

:       0       0

නිරෝෂණි Wednesday, 15 August 2012 11:11 PM

ඇයි අපේ අයත් පැය ගානන් පයින් ගිහින් උද්ඝෝෂණ, වැඩවර්ජන කරන්න දන්නේ? ඒකට අපිටත් ආඩම්බරයි. (නි)

:       0       0

කෙනත් Wednesday, 15 August 2012 11:33 PM

ඇමෙරිකාව කියන්නේ ලෝකයේ "මානව ජාතින් උණුකර මිශ්‍රකරන තැන" යි. ඕනෑම රටක දක්ෂයෙක් බිහිවුණොත් වසර කිහිපයකින් ඔහු ඇමෙරිකානුවෙක් කරගන්නවා. අපේ රටේ අර ටිකට් මැසිම කට්ට ගහපු කොන්දොස්තර දැන් කෝ? ඔහු දැන් එංගලන්තයේ එම මැෂින් හදන ආයතනයේ සැලසුම් කරුවෙක. අපේ රටින් ඊයේ පෙරේද බිහිවුණ අර වතුරෙන් කාර් දුවන්න හදපු කෙනා දැන් අතුරුදහන්. පේනවා නේද මේ රටවල් දියුණු වෙන්නේ ඇයි කියලා. අපේ දේශපාලුවන්ට කට කැඩෙනකම් කිව්වත් නව නිර්මාණකරුවන්ගෙන් වැඩක් ගන්න කියලා එය බීරන්ට කියනවා වගේ. බලන්න දැන් මොරටුව විශ්ව විද්‍යාලයෙන් වසර 6 ක් දුෂ්කර , එංගලන්තයේ රාජකීය වස්තු විද්‍යා සංගමය මගින් පිළිගත් විශේෂ උපාධියක් සහ පුහුණුවක් ලද වස්තු විද්‍යාවේදීන් 50 ක් පමණයි වසරකට බිහිකරන්නේ. නමුත් ඔවුන් 60 % පිටරටවල වාස්තු විද්‍යා ආයතනවල සේවයට යනවා, ඉහළ වැටුප් වලට. හේතුව , අපේ රට ඔවුන්ගෙන් සේවය ගන්න දන්නේ නැහැ. රාජ්‍ය සේවයක් කරලා ඒ ඒ ප්‍රදේශවලට අනුයුක්ත කළා නම් කාටත් හොද සේවයක් ලැබෙනවා. මේ අඩුව නිසා බලන්න අද අපේ ගොඩනැගිලි වල නොදියුණු බව, නගරවල සැලසුම් රහිත බව. රටේ දියුණුවේ යටිතලය දියුණු නගර හා ගොඩනැගිලි කර්මාන්තයයි. මොකද ඕනෑම දේකට හොද ගොඩනැගිල්ලක් අවශ්‍යයි, දියුණු ශිස්ටාචාරයකට දියුණු නගර අවශ්‍යයි. බලන්න අද ගොඩනැගිලි ගෙවල් සැලසුම් කරන්නේ 90 % සුදුසුකම් ඇති වාස්තුවේදීන් නොවෙයි. ගොඩනැගිලි හා ඉදිකිරීම් අමාත්‍යංශය රටේ සෞඛ්‍ය අමාත්‍යංශය වගේම වැදගත් එකක්. හොද අනුයුක්ත කිරීමේ පටිපාටියක් අවශ්‍යයි, දිවයිනම ආවරණය වෙන පරිදි. (නි)

:       0       0

නීල් Thursday, 16 August 2012 01:32 PM

මේක තවමත් තියෙන්නේ පරීක්ෂණ මට්ටමේ නේද? (නි)

:       0       0

චමින්ද Thursday, 16 August 2012 01:47 PM

මේ යානාව පැසිෆික් සාගරයට කඩා වැටිලා (ස)

:       0       0

උභයවංශ Thursday, 16 August 2012 07:07 AM

කෝ සිංහ කතා? කෝ ආගම්වාදියෝ? කෝ දේශප්‍රේමියෝ? කෝ වංශය කබල් ගාණ කට්ටිය? එක් කෙනෙක්වත් අද නම් පේන්න නැහැ වගෙයි. (නි)

:       0       0

හෙට්ටිආරච්චි Thursday, 16 August 2012 07:16 AM

මල්කා වෙත, උගත් වුනත් නැතත් ලංකාවේ අය පිටරට යන්නෙ මේ නිසා.1. සුදුස්සට නියම තැන ලැබීම. 2. මේ රටවල් වල අපරාධ අඩුයි.එකිනෙකාට ගරුකරන නිදහස් වාතාවරණයක් තිබීම. 3. ඉහළ වැටුප්. 4. පන්ති භේදය නොමැති සමා‍ජයක ජීවත් වීමේ පහසුව. 5. ලංකාව හැදෙන බවත් පේන මානයකවත් ‍නොතිබීම. (ස)

:       0       0

වරුණ Thursday, 16 August 2012 07:21 AM

ලංකාවේ ටොරින්ටන් වල ඉදලා බම්බලපිටියට යන්නම විනාඩි 30ක් යනවනේ. (නි)

:       0       0

චූලා Thursday, 16 August 2012 07:23 AM

කෝ අපේ වංශය කබල් ගාන දේශප්‍රේමියෝ ටික? (නි)

:       0       0

නිලූක Thursday, 16 August 2012 07:24 AM

ඔබ අපට ආඩම්බරයකි. (නි)

:       0       0

වෝල්ටර් ජයසිංහ Thursday, 16 August 2012 02:05 PM

කිසිකෙනෙකු කතා කළේ නැහැනේ අපේ රාවණා රජුගේ දඩුමොණර යන්ත්‍රයගැන.? එය අවුරුදු 10000කට පෙර විමාණික් සාස්ත්‍රා භාවිතා කර සාදාල තියෙන්නෙ.. නමුත් තවම ඇමරිකාවෙ විද්‍යාඥයන් ඉගෙනගනිමින් ඉන්නවා..එය පිළිබදව..මේ යානයට රසදිය තමයි ඉන්දනය වෙලා තියෙන්නේ..!!(නු)

:       0       0

සදුනි Thursday, 16 August 2012 07:29 AM

ඉතින් හොදයිනේ

:       0       0

රවී Thursday, 16 August 2012 07:36 AM

එහෙම තමයි ඇයි

:       0       0

සම්පත් Thursday, 16 August 2012 07:45 AM

ඕක ගොඩ බාන්න මත්තලටම ගෙන්න ගන්න වෙයිද දන්නේ නැහැ. (නි)

:       0       0

මෙරිල් Thursday, 16 August 2012 07:49 AM

ඇමරිකාව අපටත් ආඩම්බරයක්. (නි)

:       0       0

මනුක Thursday, 16 August 2012 07:57 AM

අයියෝ වරුණ, මම නම් ටොරින්ටන් වල ඉදලා බම්බලපිටියට යන්නේ විනාඩි 20න්. (නි)

:       0       0

හෂාන් Thursday, 16 August 2012 02:12 PM

අයියෝ ලංකාව

:       0       0

නිමල් Thursday, 16 August 2012 08:08 AM

අයියෝ සල්ලි

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

වසර 88 කට පසු රාජපක්ෂ පවුල හම්බන්තොටින් හැලේ
2024 ඔක්තෝබර් මස 12 961 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රකට දේශපාලන පවුලක් වන රාජපක්ෂ පවුලෙන් වසර 88 කට පසු මෙවර දේශපාලනයේ නියෝජනයක් නොමැති වීම මෙහි විශේෂත්වයක් බව දෙශපාලන වේදි


මාමාගේ පහරින් බෑනා අවසන් ගමනේ
2024 ඔක්තෝබර් මස 12 674 0

බළන්ගොඩ දහමාන ප්‍රදේශයේ නිවසක මාමන්ඩිය සහ බැණා අතර ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් බෑනා මියගොස් ඇතැයි බළංගොඩ පොලිසිය කියයි.


අදත් තද වැස්ස
2024 ඔක්තෝබර් මස 12 252 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන්,දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තම


අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1940 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 1747 1

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 542 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40036 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25955 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 238 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 406 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1308 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site