IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


නිව්යෝර්ක් නුවරට අඩි 13ක් වතුර ගලයි

ඇමෙරිකා ඉතිහාසියේ ලොකුම සුළි කුණාටුවෙන් ඇමෙරිකිවේ වාණිජ අග නගරය වන නිව්යෝර්ක් නුවර අද පාළුවට ගියේය. සුළි කුණාටුවත් සමග ඇතිවූ මුහුදු හා ජල මාර්ග ගොඩ ගැලීමෙන් නිව්යෝර්ක් නුවර ගංවතුරක් ඇති විය. ලක්ෂ පහකට පමණ විදුහිලය නැති විය. බැල්ටිමෝර්, ෆැලැඩෙල්ෆියා හා වොෂින්ටන් මේ කුණාටුවේ ගමන් මග බව කාලගුණ විද්‍යාඥයෝ කියති. එම ප්‍රදේශවලට දැඩි හිමපතනයක් ඇති විණි. දුම්රිය හා බස් සේවා ද පෙර දින සිටම නතර කර තිබිණි. අඩි 13ක් උසට වතුර ගලා ආවේය. පාසල් වසා ගුවන් ගමන් 14000ක් අවංලගු කැරිණි. පහළ මැන් හැට්න් පාරවල ‍බෝට්ටුවල නැගුණු සහන සේවකයෝ විපතට පත්වූවන් මුදා ගැනීමට යුහුසුළු වූහ. නිව්යෝර්ක් නුවර මරණ දෙකක් වාර්තා විය.  තට්ටු අනූවක සුපිරි මහල් නිවාසයක් කඩා වැටෙතියි බියෙන් එහි නේවාසිකයෝ ඉවත් කරනු ලැබූහ. ජනාධිපතිවරණයට දින නවයක් තිබියදී ඇතිවූ මේ ව්‍යසනයත් සමග ජනපති බරක් ඔබෝමා සහ ඔහුගේ ප්‍රතිවාදී මිට් රෝම්නි සිය ඡන්ද කටයුතු නවතා දැමීය. නිව්යෝර්ක් කොටස් වෙළදපලද වසා දැමිණි. මීට පෙර එය වසා දැමුණු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට ත්‍රස්ථවාදී ප්‍රහාරයක් එල්ල වුණු දවසේය. මේ කුණාටුවෙන් ඇමරිකාවට ඩොලර් කෝටි 2000ක් (රුපියල් කෝටි 264000) ආර්ථික පාඩුවක් ඇති වෙතියි ගණන් බලා තිබේ. සැන්ඩි කුණාටුව (ඡායාරූපය ඒපී)



අදහස් (0)

නිව්යෝර්ක් නුවරට අඩි 13ක් වතුර ගලයි

අනුරාධ Tuesday, 30 October 2012 06:10 PM

කෙනෙකුගේ විපතේදී අනුකම්පා නොකිරීම මනුසත්කමට නොගැලපේ..!(නු)

:       0       0

සුජිත් Sunday, 11 November 2012 11:50 AM

කොහේ උනත් මිනිස්සුනේ

:       0       0

ෂෙරීෆ් Wednesday, 31 October 2012 09:15 PM

ලොව කොතරම් බලවත් අය උන්නත් දවසකදී අසරණ වෙනවා. අපි එවිට ඔවුන්ට උදවු කළයුතුයි. (නි)

:       0       0

මොහොමඩ් Friday, 02 November 2012 10:54 AM

ඇමෙරිකාවට මේ වුණා මදි. (නි)

:       0       0

මොහමඩ් Friday, 02 November 2012 10:59 AM

අපි අපි විසින්ම පරිසරයට කරන බලපෑම් වල ප්‍රතිඵල තමයි මේ... (නි)

:       0       0

සම්පත් Wednesday, 31 October 2012 07:34 AM

ඇමෙරිකාවට දුක සහ සැප දෙනකොට උපරිමයෙන්ම දෙන්න ස්වභාව ධර්මය වගබලාගෙන තියෙනවා. (නි)

:       0       0

නිර්මාල් Sunday, 18 November 2012 08:36 AM

අපි මොනවා කරන්නද? (නි)

:       0       0

අමිලා Tuesday, 30 October 2012 07:28 PM

මෙය දෙවියන්ගේ කැමැත්ත කියනවනම් අපි මොනවාකරන්නද? දෙවියන්ගේ කැමැත්තට ඉඩදී බලාසිටිමු. කාටකියන්නද ලෝකෙම ලොක්කට මෙහෙම උනේ.(නු)

:       0       0

සතිෂ් Tuesday, 30 October 2012 07:47 PM

හේමන්ත ඔයා කියනදේ මට නම් තේරෙනවා ඔයා හරි..!(නු)

:       0       0

හසිත් Wednesday, 31 October 2012 03:06 PM

හේමන්ත , අනේ තියෙන වැඩක් බලාගන්න (ස)

:       0       0

තාරක Thursday, 01 November 2012 12:43 AM

ලෝක විනාශය

:       0       0

සම්පත් Wednesday, 31 October 2012 03:24 PM

ඉක්මනට හොඳ අතට පත්වෙන්න කියලා පතනවා (ස)

:       0       0

සර්ෆාස් Thursday, 01 November 2012 10:45 PM

ලයන් නිමල් තමන්ට කරන්න බැරි දේ අනුන් ලබා හරි කරගන්න බලනවා.. අනේ ඔයා මෙහෙම අදහස් දැම්මයි කියලා ඔයාට ග්‍රීන් කාඩ් දෙන්නේ නැහැ..!(නු)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 30 October 2012 02:30 PM

නිව්යොක්වල එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ (ස)

:       0       0

නසාර් Tuesday, 30 October 2012 09:06 PM

දේව සාප රටවල් අල්ලන යන්න එපා. අන් සැපට අකුල් හෙලන්න එපා, ආගම් වල නායකයන් හෑල්ලුවට ගන්න එපා. දැන්වත් හැදෙන්න (අ)

:       0       0

යොහාන් Tuesday, 30 October 2012 02:34 PM

දුප්පත් රටවලට නැගිටීමට ඉඩ නොදෙන නිසා ස්වාභාවිකව දඩුවම් ලැබෙනවා (ස)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 30 October 2012 02:24 PM

අඩි 13 වඩා වැඩි කාර් එහේ තියෙනවද ? (ස)

:       0       0

චතූ Tuesday, 30 October 2012 02:28 PM

සැන්ඩි ඔච්චර සැරනම් බ‍්‍රැන්ඩි කොච්චර සැර ඇත්ද? (ස)

:       0       0

චාමර ඉතාලි Friday, 02 November 2012 12:49 AM

ඔහොම වෙලා මදී............(නු)

:       0       0

මුතු Tuesday, 30 October 2012 02:52 PM

දෙවියන් ලබාදුන් දායාදයන් මිනිසා නිසියාකාරව පරිහරණය නොකරන්නේ නම් මෙවැනි විපත් නොසිතු මොහොතක නොපැතු අයුරින් නොවැලැකිවියහැකි ආකාරයට පැමිණීම වැලැක්විය හැක්ෙක් කාටද? (ස)

:       0       0

ලීසා Thursday, 01 November 2012 05:10 PM

ඇමෙරිකාවෙ ඉන්නෙත් අපි වගේම ලේ, මස්; ඇට, නහර වලින් හැදුණු මිනිස්සු. වෙනසකට තියෙන්නේ ඒ අය අපිට වඩා පින් කරපු උදවිය. ඒ නිසයි ඒ අය අපිට වඩා සැපවත් ජීවිත ගත කරන්නේ. ඒ මිනිස්සු අසරණ වුණහම ඒ දිහා බලලා සැනසෙන්න, සතුටුවෙන්න එපා. අනුන්ට ඉරිසියා කරලා, කුහකකම් කරලා කවමදාවත් අපිට සැපක්, සතුටක් බලපොරොත්තු වෙන්න බැහැ.(ස)

:       0       0

සඳුනි Tuesday, 30 October 2012 02:50 PM

ජීවිත හානි නොම වේවා (ස)

:       0       0

නන්ද හිමි Wednesday, 31 October 2012 10:33 AM

ලෝකයේ කාලගුණික වෙනස්කම් කාගෙවත් බලපෑමකින් සිදුවන්නක් නොවේ. උතු නියාමයට අනුව සිදුවන්නක්. එය බලවක් දුප්පත් බේදයක් නොමැතිව සිදුවෙනවා.එයයි ලෝක ධර්මතාවය. (නි)

:       0       0

නදීර Tuesday, 30 October 2012 03:02 PM

ඇමරිකාවේ පාලකයෝ හොඳ නිසා තමයි ඔහොම වෙන්නේ (ස)

:       0       0

ජයී තිසර Tuesday, 30 October 2012 03:15 PM

න්‍යෂ්ටික බෝම්බ දස දහසක බල‍දැම්මේ සැන්ඩී සුළි සුළං වනසයි මහ පිම්මේ පාඩම ලොවට ගෙන දෙන මේ සිදුවීමේ අපි සැම කූඹියෝ බලයට සොභාදමේ (ස)

:       0       0

නාලක Wednesday, 31 October 2012 10:39 AM

අයියෝ සල්ලි

:       0       0

කුරුවිට Tuesday, 30 October 2012 10:51 PM

ලෝකයේ ලොකුම රටත් පොඩිම රටත් ස්වභාව ධර්මයාට පිටුපාන්න බෑ. (අ)

:       0       0

ලීසා Friday, 02 November 2012 02:03 AM

ඇමෙරිකාවෙ ඉන්නෙත් අපි වගේම ලේ, මස්; ඇට, නහර වලින් හැදුණු මිනිස්සු. වෙනසකට තියෙන්නේ ඒ අය අපිට වඩා පින් කරපු උදවිය. ඒ නිසයි ඒ අය අපිට වඩා සැපවත් ජීවිත ගත කරන්නේ. ඒ මිනිස්සු අසරණ වුණහම ඒ දිහා බලලා සැනසෙන්න, සතුටුවෙන්න එපා. අනුන්ට ඉරිසියා කරලා, කුහකකම් කරලා කවමදාවත් අපිට සැපක්, සතුටක් බලපොරොත්තු වෙන්න බැහැ.(නු)

:       0       0

කුමාර Tuesday, 30 October 2012 03:34 PM

සොබාදහමත් එක්ක ඔට්ටු වෙන්න කාටවත් බෑ (ස)

:       0       0

අසින්ත Tuesday, 30 October 2012 03:25 PM

අර දෛවඥයගේ අනාවැකිය හරි ගියා එහෙනම් (ස)

:       0       0

ප්‍රණාන්දු Tuesday, 30 October 2012 03:31 PM

ලෝකයේ මහා බලවතා කියන මේ අයට වෙලා තියෙන දේ...අනිත් හැමෝටම හොඳ පාඩමක් (ස)

:       0       0

මොහාන් Tuesday, 30 October 2012 03:46 PM

හොඳයි...නියමයි (ස)

:       0       0

රමිල Tuesday, 30 October 2012 03:58 PM

දැන් තමයි කරන පව් විදවන්න පටන් ගත්තේ..ඔය ආරම්භය විතරයි.. (ස)

:       0       0

සසුන්ත Tuesday, 30 October 2012 04:02 PM

දුප්පත් රටවල් වලට කරන දේවල් වලට තමයි ඔය (ස)

:       0       0

හිල්මි Tuesday, 30 October 2012 04:03 PM

යහපත් කාලගුණික තත්ත්වයක් වහාම ඇති වේවා..!(නු)

:       0       0

උපාලි Tuesday, 30 October 2012 11:35 PM

අනුන්ට විපත් කරන අයට ස්භාවධර්මය සලකනවා (අ)

:       0       0

රණසිංහ Tuesday, 30 October 2012 03:57 PM

එයාලා කරන වැඩ වලට ඔහොම වෙලා මදි (ස)

:       0       0

ලයන් නිමල් Tuesday, 30 October 2012 11:59 PM

කව්රු මොනවා කිව්වත් මම නම් ඇමෙරිකාවට කැමතියි.මොකද එයාල නැතිව දැන් යන විදියට ලෝකයට පවතින්න බෑ.අපේ රටවල ඉන්න ඇතැම් පාලකයන්ගේ වැරදිවලට එයාලට බැනලා වැඩක් නෑ.එයාලාගේ පැත්තෙන් එයාලා හරි.අනික මුස්ලිම් අන්තවාදය ඔය තරම් හරි මෙල්ල වෙලා තියෙන්නේ ඇමෙරිකාව නිසා.කාට හරි කරදරයක් වුණාම අනේ හොදයි කියන්න එපා අපි බෞද්ධයෝ නේද.එයාලගේ කරදර ඉක්මණින් අඩුවෙන්න කියල පතන්න.ඔය නසාර්ල කොහොමත් ත්‍රස්තයෝ.හේමන්ත ඔයා කියනදේ මට නම් තේරෙනවා ඔයා හරි.හැමෝම ඇමෙරිකාවට බැන්නත් ඔයාලා හැමෝම ඇමෙරිකා යන්න හදනවනේ ග්‍රීන් කාඩ් කිය කියා (අ)

:       0       0

ලාල් Wednesday, 31 October 2012 06:28 PM

අපි ඔබ සමගයි ඇමෙරිකා. (නි)

:       0       0

සුසන්ත - ඉතාලිය Tuesday, 30 October 2012 04:25 PM

අනිත් රටවල් වලට ගිණි ගෙඩි දෙන අයට ස්වභාවධර්මයෙන් දඩුවම් ලෑබී ඇති හැඩයි.මොනව උනත් කෙනෙකුගේ දුකේදී අපට සතුටු වෙන්න බෑනේ... ඉක්මණටම මෙම අයහපත් කාළගුණික තත්ත්වය පහව යත්වා...!!! (ස)

:       0       0

පල්ලෙවත්ත Tuesday, 30 October 2012 04:13 PM

පව් ඔබාමා !!!! මොනවා උනත් සොබාව ධර්මයත් එක්ක සෙල්ලම් බැහැ....පොඩ්ඩක් දැන්වත් හිතන්න බලන්න....පොඩි අයට කරදර නොකර තමුන්ගේ පාඩුවේ ඉන්න!!!!! (ස)

:       0       0

හේමන්ත Tuesday, 30 October 2012 04:14 PM

එහෙම කියන්න එපා.. විපතක් උනොත් කාටත් එකයි.. අනික් එක එයාලා මෙල්ල කරන්න පුළුවං ඇමරිකාවට පමණයි.. ඇමරිකාව නැතිනම් බලන්න තිබුණා..!(නු)

:       0       0

ඉරේෂ් Tuesday, 30 October 2012 04:20 PM

ලෝක විනිසයටද දන්නේ නෑ මේ අර අදින්නේ (ස)

:       0       0

ලලිත් Saturday, 03 November 2012 08:39 AM

සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නෑ (ස)

:       0       0

සචිත් Tuesday, 30 October 2012 04:35 PM

කාට හරි කරදරයක් උනාම අනේ සාදු කියන්න පුලුවන්ද…. ඔය විපතට පත් වෙන මිනිස්සුත් අපි වගෙම තමයි ….උනුත් දරු මල්ලො ඉන්න එදාවේල හොයගන්න ජොබ් එකට ගාටන අහින්සකයො…. අනේ හොදයි හෙන ගහපිය කියන්නෙ එයාලටද??? …ඇමරිකාවෙ දේශපාලනයට, දේශපාලුවොන්ටයි අපි හෙණ ඉල්ලුවට අහිංසක මිනිස්සුන්ට හෙණ ඉල්ලන්න තරම් කුහක වෙන්න එපා…. අනිත් එක ඔය ස්වාභාවික විපත් අපිටත් උරුමයි….. (ස)

:       0       0

ෂාන් Wednesday, 31 October 2012 12:22 AM

නසාර් සාප කරනවා නම් දෙවියො වෙන්න බැ දෙවිවරු සාප කරන්නෙ නැහැ. තවකෙනෙක් ගෙන් පලිගන්නෙ වෛරකරනෙ ගුණදහම් වලින් පිරිහුණු උදවිය. අදහන දෙවියන්ට නින්දාකරන්න එපා ඔහු සාප කරන්නෙක් හැටියට හදුන්නාදී (අ)

:       0       0

සිල්වා Tuesday, 30 October 2012 04:39 PM

දෙවියන් ඉන්නවාද කියලත් මට සැකයි. (නි)

:       0       0

චන්දන Tuesday, 30 October 2012 04:38 PM

ඉක්මණින් කාළගුණය හොද තත්ත්වයකට පත්වේවායි පතමු. (නි)

:       0       0

අකිල Tuesday, 30 October 2012 05:02 PM

හැමෝම ඇමෙරිකාවට බැන්නත් ඔයාලා හැමෝම ඇමෙරිකා යන්න හදනවනේ ග්‍රීන් කාඩ් කිය කියා. (නි)

:       0       0

හේමන්ත Tuesday, 30 October 2012 04:57 PM

එයාලා කිවුවේ අරගොල්ලන්ට. වැඩි විස්තර අවශ්‍ය නැහැ. (නි)

:       0       0

සසන්ක Saturday, 03 November 2012 10:16 AM

ඇමරිකාවේ එහෙම උනාට ලංකාවට ඒහෙම වෙන්නේ නෑ. ඒ වුණාට ලංකාවේ දේශපාලකයෝ ඔබාමා වගේ වීදි බහින්නේ නෑ (ස)

:       0       0

සෙනරත් Friday, 02 November 2012 10:04 AM

පින් කරලා තියෙන්නේ බෞද්ධ ජනතාව මිස ඇමෙරිකාවේ අය නෙමෙයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සැත්කමින් පසු දැරිය මිය යාමේ සිද්ධියේ වෛද්‍යවරයා අත්අඩංගුවට ගන්න නියෝග
2024 ඔක්තෝබර් මස 09 0 0

රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු සැත්කමෙන් පසුව තුන් හැවිරිදි දැරියක මියයාමේ සිද්ධිය අපරාධයක් බවට පොලිස් විමර්ශන වලදී කරුණු අනාවරණය වන්නේ නම් සැත්කම ක


හිටපු අමතිවරුන්ගේ නිවාස 36ක් තාම බාරදී නෑ
2024 ඔක්තෝබර් මස 09 295 0

හිටපු ඇමතිවරුන්ට ලබාදී ඇති නිවාස පනහෙන් තවමත් බාරදී ඇත්තේ නිවාස 14 ක් පමණක් බවත් නිවාස බාරදීම සිදුවන්නේ ඉබි ගමනේ බවත් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධි


ලොකු ලූනු ගොවියාත් අඳෝනාවක
2024 ඔක්තෝබර් මස 09 307 1

දේශීය ලොකු ලූණු ගොවියාගේ අස්වනු සඳහා මිලක් ලබාදීමට රජය ආනයනික ලොකු ලූනු සඳහා රුපියල් විස්සක බද්ධක් පැන වුව ද එහි වාසිය ගොවියාට ලැබී නැතැයි මාතලේ දිස්ත


ලොව ධනවත්ම ගායිකාව ’’ටේලර් ස්විෆ්ට්’’
2024 ඔක්තෝබර් මස 09 384 0

ලොව ධනවත්ම ගායිකාව වීමට ඇමෙරිකාවේ ජනප්‍රිය ගායිකාවක් වන 34 හැවිරිදි ටේලර් ස්විෆ්ට් හැකියාව ලැබී ඇතැයි ෆෝබ්ස් සඟරාව පැවැසුවේය.


විද්‍යාගාර පරික්ෂණයේදී සිසුවියෝ හතක් පිළිස්සිලා
2024 ඔක්තෝබර් මස 09 304 0

පානදුර ප්‍රසිද්ධ බාලිකා පාසලක විද්‍යාගාරක් තුළ සිදුකල පරීක්ෂණයකදී පිළිස්සීම් තුවාල ලැබූ ශිෂ්‍යාවන් හත් දෙනකු රෝහල් ගත කළ බව පානදුර මූලික රෝහල් ආරංච


ලාංකිකයන්ට වැඩියෙන් රැකියා දෙන්න කොරියාවෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 09 422 1

ලංකාවට විදේශ ප්‍රේෂණ ලබා දීමේදී දකුණු කොරියාව හයවැනි ස්ථානයේ සිටින අතර දකුණු කොරියාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා වැඩි රැකියා අවස්ථා නිර්මාණය කරමින්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39600 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25771 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 364 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1204 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 405 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site