IMG-LOGO

2024 සැප්තැම්බර් මස 27 වන සිකුරාදා


නුවර පාර පළල් කරයි

මං තීරු හයකින් සංවර්ධනය කරන කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට දේපළ අහිමි වන්නන්ගේ ගැටළු සම්බන්ධව සොයා බැලීමට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ගෙයින් ගෙට ගියේය.

මෙම ප්‍රධාන මාර්ගය වසර එකාහාමාරකින් සාදා නිම කිරිමට  සැලසුම් කර ඇති බවද දේපළ අහිමි වූවන්ගෙන් වැඩි පිරිසකට මේ වන විට මුදල් ගෙවා ඇති බවද නියෝජ්‍ය ආමාත්‍යාවරයා කීය. 

 



අදහස් (0)

නුවර පාර පළල් කරයි

ටෙනිසන් Saturday, 06 July 2013 06:33 AM

රනා,දියුණුවන රටවල පාරවල් හදන්නේ හෙට ගැන හිතලා නොවෙයි.වසර 50ක ඉදිරිය ගැන හිතලා. නුවර පාර කියන්නේ කොළඹ A 9 මාර්ගයට සම්බන්ධ කරන පාර. (නි)

:       0       0

සරත් අතාවුද Saturday, 06 July 2013 05:15 PM

අලගියවන්නට හොද මාටියා පාරක් ඇති එකයි මේ හදිස්සිය.(නදී)

:       0       0

රෝයි Saturday, 06 July 2013 07:29 AM

කෑම්, ඔබ 100% හරී.මට තේරෙන්නෙ නැත්තේ ඕක තමයි . අර ආර්.එම්.බී. එකෙන් මිනිසුන් දැනුවත් කරන්න ඕනෑ.මොකද ලංකාවේ රීයදුරු පුරුදු කරන ආයතනවත් මේවා ගැන දන්නේ නැහැ මම හිතන වීදීහට. ටීවී වලින් මේ දෙය හොදින් කරන්න පුලුවන්. අනික ඕස්ට්‍රේලියාව , සිංගප්පුරුව වගේ රටකින් උපදෙස් ලබා ගෙන කලානම් හොදයි (නි)

:       0       0

ප්‍රසන්න Saturday, 06 July 2013 07:42 AM

ඉතාම හොද වැඩක්. මෙයට සමගාමීව රියදුරන්ගේ ප්‍රමිතිය වැඩිකරන්න ඕනෑ. ලංකාවේ රියදුරන්ට බහු මංතීරු සහිත පාරවල් වල ගිහින් නැහැ. ඒ නිසා ඔවුන්ගේ අත්දැකීම් වැඩි කරන්න ඕනෑ. රටක් දියුණු වෙනකොට ඒ දෙය අගය කරන්න ඕනෑ. (නි)

:       0       0

රත්නෙ Saturday, 06 July 2013 07:53 AM

කොළඹ නුවර පාරෙ එපාම කරපු තැන තමයි කෑගල්ල. පුදුම තදබදයක් තියෙන්නෙ. නගරෙන් පිට වෙන්න විනඩි 45ක් විතර යනවා. (නි)

:       0       0

ටෙනිසන් Saturday, 06 July 2013 06:10 PM

සමීර වසර පනහක් මේ යන විදිහට යයිද? වෙන පාරක යයිද කියලා අනාගත වාක්‍ය කියන්න මම දන්නේ නැහැ මිත්‍රයා. මම කිව්වේ ලෝකයේ රටවල් වැඩ කරන හැටි. වැඩි විස්තර දැන ගන්න සායි බබා හොයාගන්න. නැතිනම් මාතර පැත්තෙන් හොද කට්ටඩියෙක්ව අල්ලගන අංජනමක් අරින්න.(නදී)

:       0       0

තෙන්නකෝන් Saturday, 06 July 2013 08:00 AM

ඉතා හොද වැඩක්. අගයකරමි. කහ ඉර වෙනුවට පදික මාරුවීම් තැන්වලට පාලම් හැදුවා නම් හොදයි. ලංකාවේ සෑම පාසලක් ඉදිරිපිටමත් ඇති කහ ඉර වෙනුවටත් පාලමක් ඉදිකළා නම් ඉතා වැදගත් (නි)

:       0       0

දිලිප් Saturday, 06 July 2013 08:09 AM

අර 205 පාර පළල් කරලා ඉවරද? (නි)

:       0       0

මොහාන් Saturday, 06 July 2013 06:16 PM

වැඩේ නම් හොඳයි හැබැයි හැබැයි තිබහට තේ එකක්වත් බොන්න තැනක් නැති වෙනවනේ.(නදී)

:       0       0

පද්මා Saturday, 06 July 2013 08:18 AM

අන්න දකුණු අධිවේගේ පස් වලින් සබාපති ගසා කාලලු... අපි ඉතින් හුරේ දමමු. (නි)

:       0       0

මහින්ද හොරගොඩ Saturday, 06 July 2013 06:34 PM

මාවනැල්ලේ සිට කඩුගන්නාවට අනවසර ඉදිකිරීම් ගොඩක් තියෙනවා. මේවා ඉදිකර තිබෙන්නේ අදාල නිලධාරින්ට සන්තෝසමට දීමනා දීලා. රටේ එක නීතියක් තිබිය යුතුය. මේවා සියල්ල කඩා දමා සුද්ද කළ යුතුයි.(නදී)

:       0       0

රනා Saturday, 06 July 2013 08:33 AM

වන්දි ගෙවනවා. කෝ අපේ රත්නපුර පාරට වන්දි? ඇහැලියගොඩ ආවට මිනිස්සුන්ට මොනවත් නැහැ. සමහර මිනිසුන්ට යන එන මං නැහැ.බලදාරියෝ උඩ බලාගෙන.මම දන්නා පවුලක් ඉන්නවා මොරගල මුළු සේසතම නැතිවෙනවා. (නි)

:       0       0

චමින්ද Saturday, 06 July 2013 08:42 AM

හිඟුල, පහල කඩුගන්නාව, ගනේතැන්න, පිළිමතලාව ??? කොහොමද මේ තැන්වල මං තීරු 6ක් හදන්නේ? කොහොම කළත් ගසා කන එකනම් නවත්තන්න බැරිවෙයි. හොද වැඩක්. නුවර ජනතාවනි, වැඩක් කරපු අය ටික මතක ඇතිනේ. ඒ අය ටික මේ පාර පළාත් සබාවට යවමු. අනික් අය ගෙදර යවමු. එතකොට ඔබලාට සුබ අනාගතයක්! (නි)

:       0       0

සමන් - ඕමානය Saturday, 06 July 2013 06:53 PM

රටක දියුණුවට පුළුල් මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් අත්‍යවශ්‍යයි. ඒවා සැලසුම් කලයුත්තේ අවුරුදු 40-50 ක අවශ්‍යතාවය අනුවයි. මේ කටයුත්ත ඉතා හොඳ කාර්යයක්. නමුත් ඉඩම්, ගේ දොර අහිමි වෙන අයට ඔවුන් සෑහීමකට පත්වෙන සාධාරණ වන්දියක් ගෙවිය යුතුයි. රජයට මගේ ආශිංසනය!(නදී)

:       0       0

මොහමඩ් Saturday, 06 July 2013 08:48 AM

ඉස්සර වැඩේ කරන්න බලමු (නි)

:       0       0

සනත් අබේකෝන් Saturday, 06 July 2013 07:26 PM

කොළඹ- නුවර අධිවේගී මාර්ගයකුත් හදන්න තියෙන නිසා මෙම මාර්ගය මංතීරු හතරකින් නිම කලා නම් වඩා යෝග්‍ය වේවි. එවිට පාර දෙපස කැඩෙන ගෙවල් ප්‍රමාණයත් අඩු වේවි, වන්දි මුදලත් අඩුවේවි. පාරට යන වියදමත් අඩු වේවි. පාරෙන් අපේ අවශ්‍යතාවත් ඉටුවේවි. පාර දෙපස වාහන නතර කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් තැබුවිට එය ප්‍රමාණවත්. මොකද හෙමින් යන ලොරි වැනි බරවාහන වලට එක මං තිරුවකුත් වාහනයට ඉස්සර කිරීමට තවත් මං තිරුවක් ලෙස. එනම් තුන්වන මං තිරුවෙන් අපට එතරම් වැදගත් කමක් නැත .එය නගරාශ්‍රිතව පමණක් තිබීම ප්‍රමාණවත්. දියුණු වන රටක දුප්පත් මහජනතාවගේ මුදල් කළමනාකරණය කර භාවිතය වැදගත්ම සාධකයකි .එවිට තමා අධ්‍යාත්මික , භෞතික , සමාජීය දියුණුවක් දැකිය හැකි වන්නේ. (නි)

:       0       0

දිල්හානි Saturday, 06 July 2013 09:07 AM

ඉතා හොඳ වැඩක්. රජයේ හොඳ වැඩ අපි අගය කල යුතුයි. වැරදි වැඩ වලට බැනිය යුතුයි. මීගමුව -කොළඹ 240 මාර්ගයට තව මංතීටීරු 4ක් වත් එකතු කර පළල් කරන්න. මෙය අනාගත ආයෝජනයක්. රජයට ස්තුතියි. ජනාදිපතිතුමාට ජයවේවා! (නි)

:       0       0

කල්ප Saturday, 06 July 2013 07:38 PM

ඇහැළියගොඩ අයට නම් වන්දි පරක්කුයි (නි)

:       0       0

තිලක් Saturday, 06 July 2013 09:23 AM

රනා, හැමදාම ඉල්ලන්කනවා. අනේ මන්දා කවදා හැදෙයිද කියලා ? (නි)

:       0       0

රත්නායක Saturday, 06 July 2013 09:23 AM

පාරවල් හදන්න කලින්, ලංකාවේ රියදුරන්ට පාරවල් වල යනහැටි කියලා දෙන්න වේවි (නි)

:       0       0

රොෂාන් Saturday, 06 July 2013 10:17 AM

කිරිබත්ගොඩ සිට කොළඹට පැය 1.30 විතර යනවා මංතීරු 6ක් තිබිලත්.පාරවල් හැදුවට වැඩක් නැහැ අපේ බස් කොට කොට යනවා නම් (නි)

:       0       0

ගයාන් Saturday, 06 July 2013 10:25 AM

මං තීරු 6ක් කෑගල්ලේදී හැදෙන එකක් නැහැ අරයා ඉන්නකන්. මිනිස්සු දහස් ගානක් දුක් විඳිනවා. (නි)

:       0       0

ෆැස්රුල් ගෆූර් - කටාර් Saturday, 06 July 2013 10:30 AM

නුවර - කොළඹ මාර්ගය කියන්නේ ලංකාවේ ප්‍රධානම මාර්ගයය් ( ඒ වන්) නමුත් හැමදාම වාහන තදබද. මේක නම් ඉතාමත් වටිනා කාලෝචිත තීරණයක්. ඒ වගේම මෙම මාර්ගයේ කෑගල්ල තමා එපා කරපු නගරය. කිසිම පිළිවෙලක් නැතුව තමා වාහන ධාවනය වන්නේ. සමහර උත්සව පවත්වලා මාර්ගය තවත් අවහිර කරලා මගීන්ව දැඩි අපහසුතාවයට පත් කරවනවා. ඒ නිසා කෑගල්ල නගරයට මෙම මාර්ගය සම්බදන්ධ නොකර විකල්ප මාර්ගයක් ඔස්සේ කොළඹට යාමට තිබෙනවා නම් ඉතා අගෙයි. ලෝකේ මෙතරම් දියුනු වෙලත් අපේ මිනිස්සුන්ට තවම දන්නේ නැහැ අපි නිසා අනුන් අපහසුතාවයට පත් වීම ඉතාමත් පහත් වැඩක් කියන එක. (නි)

:       0       0

ඩයස් Saturday, 06 July 2013 10:41 AM

පාරවල් හැදීම ඉතා අගය කරමි. කටුනායක නිට්ටඹුව 245 මාර්ගය මන්තීරු 6-8 දක්වා පලල් කරන්න. මෙය ඉතා වැදගත් මෙන්ම වාහන බහුල පාරක්. මාර්ග දියුණු කොට නඩත්තුව සඳහා සුළු මුදලක් වැය කරන්ඩ. රජයට ස්තුතියි. වැඩ කරන අය පමණක් ඉදිරි පළාත් සබාවට පත් කල යුතුයි. අනෙත් අය ගෙදර ඇරිය යුතුයි.(නදී)

:       0       0

සමීර Saturday, 06 July 2013 11:10 AM

ටෙනිසන් අවුරුදු 50ක් මේ යන විදියට රට යාවි නේද?(නදී)

:       0       0

අමිළ-කටුනායක Friday, 05 July 2013 09:53 PM

දේ පල අහිමි වන්නන් අගය කරමි. මේ සමගම නල මාර්ගත් කානු පද්ධතියත් විදිමත්ව අරඹන්න අනාගත ප්‍රශ්න නොවන පරිදි.(නදී)

:       0       0

ගැමුණු Saturday, 06 July 2013 11:10 AM

නුවර පාරේ කඩුගන්නව සහ, පිළිමතලාව, කෑගල්ල යන නගර මැද පුළුල් කරන්ඩ. මේ නගර මහ ජනතාවට කරදරයක්. තවද මාර්ගය අයිනේ ඇති කඩ මාර්ග නීතියට අනුව අයින් කරන්න. කඩුගන්නාව කන්ද නගින විට ඇති පෙට්ටි කඩ විශාල කරදරයක් වගේම රටටම අවලස්සනයි.(නදී)

:       0       0

වාස් Saturday, 06 July 2013 11:14 AM

ඇහැලියගොඩ කඩපු එක හොදයි. මාර්ගය අයිනේ කඩ ඉදි කරන්ඩ දෙන්ඩ එපා. එය හැමොටම කරදරයක්. අපේ සහය රජයට. දැන් තත්වය ටිකක් හොඳයි. ඒත් සතුටු වෙන්ඩ බැහැ වෙන රටවල් එක්ක බලද්දී. අකුරනත් මාර්ගය පුළුල් කල යුතුයි.(නදී)

:       0       0

මහේෂ් Saturday, 06 July 2013 11:48 AM

ඡන්දේ කිට්ටු වෙනකොට ඔය වගේ දේවල් කියනවා.(නදී)

:       0       0

මොහොමඩ් Friday, 05 July 2013 10:35 PM

අගය කරමි. බොහොම හොදයි. ඉදිරියට යමු.(නදී)

:       0       0

රනා Friday, 05 July 2013 10:44 PM

අපිට මංතීරු 6 පාරවල් ඕනා නෑ, කඩවත ඉදල නිට්ටබුවට වත් ද්විත්ව මංතීරු පාරක් තිබ්බ නම් හොදටම ඇති. (නදී)

:       0       0

අතුල - මාලදිවයින Saturday, 06 July 2013 12:13 PM

පාරවල් පළල් කරන එකනම් හොඳයි. එත් රියදුරන්ට, විශේෂයෙන් මැති ඇමති වරුන්ගේ රියදුරන්ට,පුත්‍රයන්ට හා මැති ඇමති වරුන්ට රිය පැදවීම පිළිබඳව හොඳ පුහුණුවක් හා දැඩි අවවාදයක් ආර්.එම්.වී එකෙන් ලබදිය යුතුයි. එහෙම නොවුනොත් 'ලංකාදීප' එසැණ පුවත් හදිසි අනතුරු පුවත් වලින්ම පිරී යනු ඇත.(නදී)

:       0       0

ශිරෝමි Saturday, 06 July 2013 12:14 PM

හරිම සන්තෝසයි.(නදී)

:       0       0

ඔෂිණී Friday, 05 July 2013 11:04 PM

මං තීරු 6ක් අඹේපුස්සට ආවත් ඇති. අධිවේගී මාර්ගයත් සමාන්තරව යයිනේ (නි)

:       0       0

සෙනිත් Saturday, 06 July 2013 12:38 PM

මේක බොරුවක්. මධ්‍යම පළාත් සභා ඡන්දේ ලගයිනේ.(නදී)

:       0       0

තුසිත Saturday, 06 July 2013 11:27 PM

පාර පළල් කරන්න කැඩෙන ගෙවල් වලට වන්දි දෙන්න ඕනෑ බව ඇත්ත. ඒත් ඔය කී දෙනෙක් පාරවල් වලට ඉස්සර රජයෙන් වෙන් කරපු රිසවේෂන් වල ගෙවල් හදා ගෙන ව්‍යාපාර දාගෙන ඉන්නවද? ඒ අය අයින් වෙනකොටත් ජනතා මුදලින් වන්දි දෙන්න ඕනෑද ? අනික අපේ රටේ ඉන්නේ අර ෂයිලොක් වගේ අය. සමහරු ඉන්නවා කීයක් දුන්නත් යන්නේ නැහැ කියන පදනමේ. මතකයි නේ දක්ෂිණ අධිවේගී මාර්ගය හදනකොට වෙච්ච හරියවල්. ආණ්ඩුවට නඩු කියන්න වුනා මිනිස්සුන්ගෙන් පාරට ඉඩම් ගන්න. (නි)

:       0       0

හේරත් Friday, 05 July 2013 11:34 PM

මට ඕනෑ අටක් හෙට වෙනුවෙන්. (නි)

:       0       0

රානා Saturday, 06 July 2013 01:23 PM

ගසා කන කතාව කියනවා නම් වැඩක් කරන්නම බැහැනේ. අසුභ විදිහට බලන්න පුරුදු වන්න එපා.(නදී)

:       0       0

මහේෂ් Saturday, 06 July 2013 01:30 PM

එක පැත්තක මං තීරු තුනෙන් පලවෙනි එක වෙන් කරන්න ඕනෙ බස් සහ මෝටර් සයිකල් වලට. ඒකට සෙපරේටර් එකක් දාන්න ඕනේ. අනිත් මං තීරු දෙක පුද්ගලික වාහන වලට. මෙය තමයි සාමාන්‍ය ක්‍රමය. (නදී)

:       0       0

චමින්ද Saturday, 06 July 2013 12:28 AM

මමත් මේ කාර්යය අගය කරනවා (නි)

:       0       0

පැතුම් Saturday, 06 July 2013 12:36 AM

ඉතාමත් හොඳ වැඩක්. ඒත් අවුරුදු එකහමාරෙන් ඉවර කරනවා කිව්වට විශ්වාස කරන්න නම් බැහැ. කඩවත පාර හදනවා අවුරුදු 10ක් තිස්සේ. පුදුම වාහන තදබදයක් තියෙන්නේ උදේටයි, හවසටයි නුවර පාරේ. පාර පළල් කරනවාත් එක්කම හන්ඳි වලට සිග්නල් ලයිට් දානවා නම් අපේ අය පිළිවෙලකට යන්න පුරුදු වෙයි. (නි)

:       0       0

ධම්මික Sunday, 07 July 2013 01:12 AM

විනයක් නැතුව පදවනවා නම් 6 නෙවෙයි 16 තිබුනත් වැඩක් නැහැ. පලවෙනි එකේ පෙට්ටි කඩ ටිකයි, පයින් යන අයයි. දෙවෙනි එකේ ප්‍රයිවෙට් බස් මාරයෝ ටික කොට කොට යනකොට අනිත් හැමෝටම හිරවෙලා යන්න වෙන්නේ තුන්වෙනි එකේ. බොරු වැඩක්... අතීසාරේට අමුඩ ගහලා වැඩක් නැහැ. (නි)

:       0       0

අජිත් Saturday, 06 July 2013 01:53 PM

සුභසිංහ ලග අසුබ පැතුම්!(අ)

:       0       0

දීපාල් Saturday, 06 July 2013 02:09 PM

මේ රටේ තියෙන ලොකුම තදබදය තියෙන පාරක්.මේ වැඩේ කලොත් ලොකු පිනක්.මේ පාරේ යන මිනිස්සු අනිවාර්යෙන් පින්දෙනවා. මමත් මාසෙකට සැරයක් මේ පාරේ යනවා.මොන වාහනේ ගියත් විඳින දුක හෙමෝම දන්නවා.(අ)

:       0       0

බන්දුල Saturday, 06 July 2013 01:54 AM

ඒත් සමගම අඹේපුස්ස සිට දඹුල්ල දක්වා මාර්ගයත් හැදුවා නම් වටිනාකම කියලා නිමකරන්න බැහැ (නි)

:       0       0

තිසල් Sunday, 07 July 2013 06:12 AM

පාරවල්වල තදබදය අඩුකළ හැකි එකම විදිහ පාරවල් පළල් කිරීම විතරක් නොවන බවත් දැනගන්න.හැම දුම්රිය මාර්ගයක්ම නිසි ලෙස භාවිතා කරමින් සහ රාත්‍රී කාලයට කිසිම දුම්රියක් නොයන නිසා හාල්,පොල්,එළවලු,කන්ටේනර් කොළඹට සහ කොළඹින් පිටට දුම්රියෙන් යන එන ක්‍රමයක් හැදුවොත් බර වාහනවලින් මහමගට වෙන හානිය අවම කරගතහැකි සේම මාර්ග තදබදය සහ අනතුරු අවමකළ හැක. (නි)

:       0       0

තිසල් Saturday, 06 July 2013 02:54 AM

මම ආයෙත් කියනවා.කරුණාකරලා හදිස්සියෙන් ඉවරකරන්න කියලා ප්‍රමිතිය බාල කරන්න එපා.මේක ලංකාවේ නිතර වෙන දෙයක්.නමුත් සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ.එමගින් අනතුරු වැඩි වෙනවා වගේම මාර්ගයේ ආයු කාලය බොහෝ අඩු වෙනවා. (නි)

:       0       0

ප්‍රදීපා Saturday, 06 July 2013 03:14 PM

මේ මීට ගොඩාක් ඉස්සෙල්ලා කරන්න තිබුණු වැඩක්. ප්‍රමාද වෙලා හරි මතක් වෙච්ච එක ලොකු දෙයක්. එත් වැඩේ කරන්නේ බාගෙට. කඩවත, මිරිස්වත්ත හන්දි පළල කළා. මිරිස්වත්තේ හරිම භයානක විදිහට වාහන යනවා පොලිසියෙන් නැති වෙලාවට. එතකොට පාර පළල් කරපු එකේ තේරුමක් නැතුව යනවා. එතනට සිග්නල් ලයිට් දැම්මනම් පොලිසියෙන් ඉන්න ඕනේ නැහැ, ආරක්ෂාව හොඳයි. යක්කල, කෑගල්ලේ ටවුන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ. (නදී)

:       0       0

සුනිල් Saturday, 06 July 2013 03:29 AM

රණා, ඔන්න කිව්වා මෝඩ කතාවක් (නි)

:       0       0

කෑම් Saturday, 06 July 2013 03:48 AM

මං තීරුවක යන්න දන්නේ නැති රටකට මං තීරු 10 ක පාරවල් හැදුවත් වැඩක් නැහැ. මම පසුගිය ජනවාරියේදී ගාල්ලට අධිවේගී මාර්ගෙන් ගීයා. බහුතරයක් රියදුරන් කඩ ඉර ගැන තැකීමක් නැහැ. ඔව්න් දන්නේ නැහැ බහු මං තීරු සහිත පාරකදී තමන් යන මං තීරුවෙන් අල්ලපු තීරුවට මාරු වෙන්නත් සිග්නල් දමා තමන් ඒ දිශාවට යන බව පෙන්විය යුතු බව. කඩ ඉර තියෙන්නේ වාහනයට මැදී කරගෙන යන්න නොවේ . මං තීරුව සලකුණු කරන්න (නි)

:       0       0

පද්මා Saturday, 06 July 2013 05:24 AM

ඔක්කොටම කලින් මේවායේ අත යට ගනු දෙනු ගැන හිතන්න.ඒවා ගෙවන්නෙත් අපේ සාක්කුවෙන්. (නි)

:       0       0

සුබසිංහ Saturday, 06 July 2013 05:25 AM

දකුණු අධිවේගේ පස් වලින් මාටියා ගහලලු නේද? එතකොට නුවර අධිවේගේ...??? (නි)

:       0       0

බංඩාර Saturday, 06 July 2013 04:34 PM

ඉතාම හොදයි. ලංකාවේ පාරවල් හරිම පොඩියි. 122 කොලඹ අවිස්සාවේල්ල පාරත් කොට්ටාවේ සිට අවිස්සාවේල්ල දක්වා මෙසේ ලොකු වි යුතුයි.(නදී)

:       0       0

පිටබෙද්දර ජයා Saturday, 06 July 2013 05:38 AM

දවසක මේ රටේ ඉතුරු වෙන්නේ පාරවල් විතරයි. මංතීරු 6 පාරක් හදන්න තරම් මේ රට විශාල රටක් නෙමෙයි. භූමිය පාරවල් වලට ගියාම මිනිසුන්න්ට වෙන්නේ මුහුදට පනින්න (නි)

:       0       0

දේවා Saturday, 06 July 2013 04:40 PM

මෙය ඉතා හොඳ වැඩක්. අපි නැවතත් අලගියවන්න මැති තුමාට ස්තුති කරමු. ඒත් නුවර දක්වා මුළු පාරම පළල් කරන්ඩ. පෙට්ටි කඩ ඇතුළු සියලු කඩ සාප්පු පාර අයිනේ සිට අඩි 10-20ක් වත් අයින් කරන්ඩ. කඩ කැඩුනට කරන්ඩ දෙයක් නැහැ. රජයට අපේ උණුසුම් සුබ පැතුම්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල්වරයෙක්
2024 සැප්තැම්බර් මස 27 993 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.


ක්‍රීඩා අමාත්‍යාංශ වියදම් ගැන අභ්‍යන්තර විගණනයක්
2024 සැප්තැම්බර් මස 27 436 0

ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.


මහ වැස්සෙන් හක්මන යටවෙයි
2024 සැප්තැම්බර් මස 27 282 0

හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප


නාමල්ගෙන් ආරාධනයක්
2024 සැප්තැම්බර් මස 27 853 2

පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ


වංචා දූෂණ මඩින්න කොරියා ණය ආධාර
2024 සැප්තැම්බර් මස 27 720 1

ලංකා රජයේ වංචා, දූෂණ පිටු දැකීමේ ව්‍යාපෘති සඳහා ණය ආධාර ලබාදීමටද කොරියානු අන්තර්ජාතික සහයෝගිතා ඒජන්සිය එකඟතාවය පළ කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.


කොළඹ පොත් මංගල්‍ය ඇරඹෙයි
2024 සැප්තැම්බර් මස 27 322 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය සිය රිදී ජුබිලිය සමරමින් කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය අද (27) ආරම්භ කළේය


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37742 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24883 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 224 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 731 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 260 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site