මං තීරු හයකින් සංවර්ධනය කරන කොළඹ මහනුවර ප්‍රධාන මාර්ගයට දේපළ අහිමි වන්නන්ගේ ගැටළු සම්බන්ධව සොයා බැලීමට ඉදිකිරීම් ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න අද ගෙයින් ගෙට ගියේය.
මෙම ප්‍රධාන මාර්ගය වසර එකාහාමාරකින් සාදා නිම කිරිමට සැලසුම් කර ඇති බවද දේපළ අහිමි වූවන්ගෙන් වැඩි පිරිසකට මේ වන විට මුදල් ගෙවා ඇති බවද නියෝජ්‍ය ආමාත්‍යාවරයා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ තියෙන ලොකුම තදබදය තියෙන පාරක්.මේ වැඩේ කලොත් ලොකු පිනක්.මේ පාරේ යන මිනිස්සු අනිවාර්යෙන් පින්දෙනවා. මමත් මාසෙකට සැරයක් මේ පාරේ යනවා.මොන වාහනේ ගියත් විඳින දුක හෙමෝම දන්නවා.(අ)
මං තීරු 6ක් කෑගල්ලේදී හැදෙන එකක් නැහැ අරයා ඉන්නකන්. මිනිස්සු දහස් ගානක් දුක් විඳිනවා. (නි)
නුවර - කොළඹ මාර්ගය කියන්නේ ලංකාවේ ප්‍රධානම මාර්ගයය් ( ඒ වන්) නමුත් හැමදාම වාහන තදබද. මේක නම් ඉතාමත් වටිනා කාලෝචිත තීරණයක්. ඒ වගේම මෙම මාර්ගයේ කෑගල්ල තමා එපා කරපු නගරය. කිසිම පිළිවෙලක් නැතුව තමා වාහන ධාවනය වන්නේ. සමහර උත්සව පවත්වලා මාර්ගය තවත් අවහිර කරලා මගීන්ව දැඩි අපහසුතාවයට පත් කරවනවා. ඒ නිසා කෑගල්ල නගරයට මෙම මාර්ගය සම්බදන්ධ නොකර විකල්ප මාර්ගයක් ඔස්සේ කොළඹට යාමට තිබෙනවා නම් ඉතා අගෙයි. ලෝකේ මෙතරම් දියුනු වෙලත් අපේ මිනිස්සුන්ට තවම දන්නේ නැහැ අපි නිසා අනුන් අපහසුතාවයට පත් වීම ඉතාමත් පහත් වැඩක් කියන එක. (නි)
පාරවල් හැදීම ඉතා අගය කරමි. කටුනායක නිට්ටඹුව 245 මාර්ගය මන්තීරු 6-8 දක්වා පලල් කරන්න. මෙය ඉතා වැදගත් මෙන්ම වාහන බහුල පාරක්. මාර්ග දියුණු කොට නඩත්තුව සඳහා සුළු මුදලක් වැය කරන්ඩ. රජයට ස්තුතියි. වැඩ කරන අය පමණක් ඉදිරි පළාත් සබාවට පත් කල යුතුයි. අනෙත් අය ගෙදර ඇරිය යුතුයි.(නදී)
ටෙනිසන් අවුරුදු 50ක් මේ යන විදියට රට යාවි නේද?(නදී)
නුවර පාරේ කඩුගන්නව සහ, පිළිමතලාව, කෑගල්ල යන නගර මැද පුළුල් කරන්ඩ. මේ නගර මහ ජනතාවට කරදරයක්. තවද මාර්ගය අයිනේ ඇති කඩ මාර්ග නීතියට අනුව අයින් කරන්න. කඩුගන්නාව කන්ද නගින විට ඇති පෙට්ටි කඩ විශාල කරදරයක් වගේම රටටම අවලස්සනයි.(නදී)
ඇහැලියගොඩ කඩපු එක හොදයි. මාර්ගය අයිනේ කඩ ඉදි කරන්ඩ දෙන්ඩ එපා. එය හැමොටම කරදරයක්. අපේ සහය රජයට. දැන් තත්වය ටිකක් හොඳයි. ඒත් සතුටු වෙන්ඩ බැහැ වෙන රටවල් එක්ක බලද්දී. අකුරනත් මාර්ගය පුළුල් කල යුතුයි.(නදී)
ඡන්දේ කිට්ටු වෙනකොට ඔය වගේ දේවල් කියනවා.(නදී)
පාරවල් පළල් කරන එකනම් හොඳයි. එත් රියදුරන්ට, විශේෂයෙන් මැති ඇමති වරුන්ගේ රියදුරන්ට,පුත්‍රයන්ට හා මැති ඇමති වරුන්ට රිය පැදවීම පිළිබඳව හොඳ පුහුණුවක් හා දැඩි අවවාදයක් ආර්.එම්.වී එකෙන් ලබදිය යුතුයි. එහෙම නොවුනොත් 'ලංකාදීප' එසැණ පුවත් හදිසි අනතුරු පුවත් වලින්ම පිරී යනු ඇත.(නදී)
හරිම සන්තෝසයි.(නදී)
මේක බොරුවක්. මධ්‍යම පළාත් සභා ඡන්දේ ලගයිනේ.(නදී)
ගසා කන කතාව කියනවා නම් වැඩක් කරන්නම බැහැනේ. අසුභ විදිහට බලන්න පුරුදු වන්න එපා.(නදී)
එක පැත්තක මං තීරු තුනෙන් පලවෙනි එක වෙන් කරන්න ඕනෙ බස් සහ මෝටර් සයිකල් වලට. ඒකට සෙපරේටර් එකක් දාන්න ඕනේ. අනිත් මං තීරු දෙක පුද්ගලික වාහන වලට. මෙය තමයි සාමාන්‍ය ක්‍රමය. (නදී)
සුභසිංහ ලග අසුබ පැතුම්!(අ)
කිරිබත්ගොඩ සිට කොළඹට පැය 1.30 විතර යනවා මංතීරු 6ක් තිබිලත්.පාරවල් හැදුවට වැඩක් නැහැ අපේ බස් කොට කොට යනවා නම් (නි)
මේ මීට ගොඩාක් ඉස්සෙල්ලා කරන්න තිබුණු වැඩක්. ප්‍රමාද වෙලා හරි මතක් වෙච්ච එක ලොකු දෙයක්. එත් වැඩේ කරන්නේ බාගෙට. කඩවත, මිරිස්වත්ත හන්දි පළල කළා. මිරිස්වත්තේ හරිම භයානක විදිහට වාහන යනවා පොලිසියෙන් නැති වෙලාවට. එතකොට පාර පළල් කරපු එකේ තේරුමක් නැතුව යනවා. එතනට සිග්නල් ලයිට් දැම්මනම් පොලිසියෙන් ඉන්න ඕනේ නැහැ, ආරක්ෂාව හොඳයි. යක්කල, කෑගල්ලේ ටවුන් ගැනනම් කතා කරලා වැඩක් නැහැ. (නදී)
ඉතාම හොදයි. ලංකාවේ පාරවල් හරිම පොඩියි. 122 කොලඹ අවිස්සාවේල්ල පාරත් කොට්ටාවේ සිට අවිස්සාවේල්ල දක්වා මෙසේ ලොකු වි යුතුයි.(නදී)
මෙය ඉතා හොඳ වැඩක්. අපි නැවතත් අලගියවන්න මැති තුමාට ස්තුති කරමු. ඒත් නුවර දක්වා මුළු පාරම පළල් කරන්ඩ. පෙට්ටි කඩ ඇතුළු සියලු කඩ සාප්පු පාර අයිනේ සිට අඩි 10-20ක් වත් අයින් කරන්ඩ. කඩ කැඩුනට කරන්ඩ දෙයක් නැහැ. රජයට අපේ උණුසුම් සුබ පැතුම්.(නදී)
අලගියවන්නට හොද මාටියා පාරක් ඇති එකයි මේ හදිස්සිය.(නදී)
සමීර වසර පනහක් මේ යන විදිහට යයිද? වෙන පාරක යයිද කියලා අනාගත වාක්‍ය කියන්න මම දන්නේ නැහැ මිත්‍රයා. මම කිව්වේ ලෝකයේ රටවල් වැඩ කරන හැටි. වැඩි විස්තර දැන ගන්න සායි බබා හොයාගන්න. නැතිනම් මාතර පැත්තෙන් හොද කට්ටඩියෙක්ව අල්ලගන අංජනමක් අරින්න.(නදී)
වැඩේ නම් හොඳයි හැබැයි හැබැයි තිබහට තේ එකක්වත් බොන්න තැනක් නැති වෙනවනේ.(නදී)
මාවනැල්ලේ සිට කඩුගන්නාවට අනවසර ඉදිකිරීම් ගොඩක් තියෙනවා. මේවා ඉදිකර තිබෙන්නේ අදාල නිලධාරින්ට සන්තෝසමට දීමනා දීලා. රටේ එක නීතියක් තිබිය යුතුය. මේවා සියල්ල කඩා දමා සුද්ද කළ යුතුයි.(නදී)
රටක දියුණුවට පුළුල් මාර්ග හා අනෙකුත් යටිතල පහසුකම් අත්‍යවශ්‍යයි. ඒවා සැලසුම් කලයුත්තේ අවුරුදු 40-50 ක අවශ්‍යතාවය අනුවයි. මේ කටයුත්ත ඉතා හොඳ කාර්යයක්. නමුත් ඉඩම්, ගේ දොර අහිමි වෙන අයට ඔවුන් සෑහීමකට පත්වෙන සාධාරණ වන්දියක් ගෙවිය යුතුයි. රජයට මගේ ආශිංසනය!(නදී)
කොළඹ- නුවර අධිවේගී මාර්ගයකුත් හදන්න තියෙන නිසා මෙම මාර්ගය මංතීරු හතරකින් නිම කලා නම් වඩා යෝග්‍ය වේවි. එවිට පාර දෙපස කැඩෙන ගෙවල් ප්‍රමාණයත් අඩු වේවි, වන්දි මුදලත් අඩුවේවි. පාරට යන වියදමත් අඩු වේවි. පාරෙන් අපේ අවශ්‍යතාවත් ඉටුවේවි. පාර දෙපස වාහන නතර කිරීමට අවශ්‍ය ඉඩ ප්‍රමාණයක් තැබුවිට එය ප්‍රමාණවත්. මොකද හෙමින් යන ලොරි වැනි බරවාහන වලට එක මං තිරුවකුත් වාහනයට ඉස්සර කිරීමට තවත් මං තිරුවක් ලෙස. එනම් තුන්වන මං තිරුවෙන් අපට එතරම් වැදගත් කමක් නැත .එය නගරාශ්‍රිතව පමණක් තිබීම ප්‍රමාණවත්. දියුණු වන රටක දුප්පත් මහජනතාවගේ මුදල් කළමනාකරණය කර භාවිතය වැදගත්ම සාධකයකි .එවිට තමා අධ්‍යාත්මික , භෞතික , සමාජීය දියුණුවක් දැකිය හැකි වන්නේ. (නි)
ඇහැළියගොඩ අයට නම් වන්දි පරක්කුයි (නි)
පාර පළල් කරන්න කැඩෙන ගෙවල් වලට වන්දි දෙන්න ඕනෑ බව ඇත්ත. ඒත් ඔය කී දෙනෙක් පාරවල් වලට ඉස්සර රජයෙන් වෙන් කරපු රිසවේෂන් වල ගෙවල් හදා ගෙන ව්‍යාපාර දාගෙන ඉන්නවද? ඒ අය අයින් වෙනකොටත් ජනතා මුදලින් වන්දි දෙන්න ඕනෑද ? අනික අපේ රටේ ඉන්නේ අර ෂයිලොක් වගේ අය. සමහරු ඉන්නවා කීයක් දුන්නත් යන්නේ නැහැ කියන පදනමේ. මතකයි නේ දක්ෂිණ අධිවේගී මාර්ගය හදනකොට වෙච්ච හරියවල්. ආණ්ඩුවට නඩු කියන්න වුනා මිනිස්සුන්ගෙන් පාරට ඉඩම් ගන්න. (නි)
විනයක් නැතුව පදවනවා නම් 6 නෙවෙයි 16 තිබුනත් වැඩක් නැහැ. පලවෙනි එකේ පෙට්ටි කඩ ටිකයි, පයින් යන අයයි. දෙවෙනි එකේ ප්‍රයිවෙට් බස් මාරයෝ ටික කොට කොට යනකොට අනිත් හැමෝටම හිරවෙලා යන්න වෙන්නේ තුන්වෙනි එකේ. බොරු වැඩක්... අතීසාරේට අමුඩ ගහලා වැඩක් නැහැ. (නි)
පාරවල්වල තදබදය අඩුකළ හැකි එකම විදිහ පාරවල් පළල් කිරීම විතරක් නොවන බවත් දැනගන්න.හැම දුම්රිය මාර්ගයක්ම නිසි ලෙස භාවිතා කරමින් සහ රාත්‍රී කාලයට කිසිම දුම්රියක් නොයන නිසා හාල්,පොල්,එළවලු,කන්ටේනර් කොළඹට සහ කොළඹින් පිටට දුම්රියෙන් යන එන ක්‍රමයක් හැදුවොත් බර වාහනවලින් මහමගට වෙන හානිය අවම කරගතහැකි සේම මාර්ග තදබදය සහ අනතුරු අවමකළ හැක. (නි)
රනා,දියුණුවන රටවල පාරවල් හදන්නේ හෙට ගැන හිතලා නොවෙයි.වසර 50ක ඉදිරිය ගැන හිතලා. නුවර පාර කියන්නේ කොළඹ A 9 මාර්ගයට සම්බන්ධ කරන පාර. (නි)
අගය කරමි. බොහොම හොදයි. ඉදිරියට යමු.(නදී)
අපිට මංතීරු 6 පාරවල් ඕනා නෑ, කඩවත ඉදල නිට්ටබුවට වත් ද්විත්ව මංතීරු පාරක් තිබ්බ නම් හොදටම ඇති. (නදී)
මං තීරු 6ක් අඹේපුස්සට ආවත් ඇති. අධිවේගී මාර්ගයත් සමාන්තරව යයිනේ (නි)
මට ඕනෑ අටක් හෙට වෙනුවෙන්. (නි)
මමත් මේ කාර්යය අගය කරනවා (නි)
ඉතාමත් හොඳ වැඩක්. ඒත් අවුරුදු එකහමාරෙන් ඉවර කරනවා කිව්වට විශ්වාස කරන්න නම් බැහැ. කඩවත පාර හදනවා අවුරුදු 10ක් තිස්සේ. පුදුම වාහන තදබදයක් තියෙන්නේ උදේටයි, හවසටයි නුවර පාරේ. පාර පළල් කරනවාත් එක්කම හන්ඳි වලට සිග්නල් ලයිට් දානවා නම් අපේ අය පිළිවෙලකට යන්න පුරුදු වෙයි. (නි)
ඒත් සමගම අඹේපුස්ස සිට දඹුල්ල දක්වා මාර්ගයත් හැදුවා නම් වටිනාකම කියලා නිමකරන්න බැහැ (නි)
මම ආයෙත් කියනවා.කරුණාකරලා හදිස්සියෙන් ඉවරකරන්න කියලා ප්‍රමිතිය බාල කරන්න එපා.මේක ලංකාවේ නිතර වෙන දෙයක්.නමුත් සාමාන්‍ය ජනතාවට තේරෙන්නේ නැහැ.එමගින් අනතුරු වැඩි වෙනවා වගේම මාර්ගයේ ආයු කාලය බොහෝ අඩු වෙනවා. (නි)
රණා, ඔන්න කිව්වා මෝඩ කතාවක් (නි)
මං තීරුවක යන්න දන්නේ නැති රටකට මං තීරු 10 ක පාරවල් හැදුවත් වැඩක් නැහැ. මම පසුගිය ජනවාරියේදී ගාල්ලට අධිවේගී මාර්ගෙන් ගීයා. බහුතරයක් රියදුරන් කඩ ඉර ගැන තැකීමක් නැහැ. ඔව්න් දන්නේ නැහැ බහු මං තීරු සහිත පාරකදී තමන් යන මං තීරුවෙන් අල්ලපු තීරුවට මාරු වෙන්නත් සිග්නල් දමා තමන් ඒ දිශාවට යන බව පෙන්විය යුතු බව. කඩ ඉර තියෙන්නේ වාහනයට මැදී කරගෙන යන්න නොවේ . මං තීරුව සලකුණු කරන්න (නි)
ඔක්කොටම කලින් මේවායේ අත යට ගනු දෙනු ගැන හිතන්න.ඒවා ගෙවන්නෙත් අපේ සාක්කුවෙන්. (නි)
දකුණු අධිවේගේ පස් වලින් මාටියා ගහලලු නේද? එතකොට නුවර අධිවේගේ...??? (නි)
දවසක මේ රටේ ඉතුරු වෙන්නේ පාරවල් විතරයි. මංතීරු 6 පාරක් හදන්න තරම් මේ රට විශාල රටක් නෙමෙයි. භූමිය පාරවල් වලට ගියාම මිනිසුන්න්ට වෙන්නේ මුහුදට පනින්න (නි)
දේ පල අහිමි වන්නන් අගය කරමි. මේ සමගම නල මාර්ගත් කානු පද්ධතියත් විදිමත්ව අරඹන්න අනාගත ප්‍රශ්න නොවන පරිදි.(නදී)
කෑම්, ඔබ 100% හරී.මට තේරෙන්නෙ නැත්තේ ඕක තමයි . අර ආර්.එම්.බී. එකෙන් මිනිසුන් දැනුවත් කරන්න ඕනෑ.මොකද ලංකාවේ රීයදුරු පුරුදු කරන ආයතනවත් මේවා ගැන දන්නේ නැහැ මම හිතන වීදීහට. ටීවී වලින් මේ දෙය හොදින් කරන්න පුලුවන්. අනික ඕස්ට්‍රේලියාව , සිංගප්පුරුව වගේ රටකින් උපදෙස් ලබා ගෙන කලානම් හොදයි (නි)
ඉතාම හොද වැඩක්. මෙයට සමගාමීව රියදුරන්ගේ ප්‍රමිතිය වැඩිකරන්න ඕනෑ. ලංකාවේ රියදුරන්ට බහු මංතීරු සහිත පාරවල් වල ගිහින් නැහැ. ඒ නිසා ඔවුන්ගේ අත්දැකීම් වැඩි කරන්න ඕනෑ. රටක් දියුණු වෙනකොට ඒ දෙය අගය කරන්න ඕනෑ. (නි)
කොළඹ නුවර පාරෙ එපාම කරපු තැන තමයි කෑගල්ල. පුදුම තදබදයක් තියෙන්නෙ. නගරෙන් පිට වෙන්න විනඩි 45ක් විතර යනවා. (නි)
ඉතා හොද වැඩක්. අගයකරමි. කහ ඉර වෙනුවට පදික මාරුවීම් තැන්වලට පාලම් හැදුවා නම් හොදයි. ලංකාවේ සෑම පාසලක් ඉදිරිපිටමත් ඇති කහ ඉර වෙනුවටත් පාලමක් ඉදිකළා නම් ඉතා වැදගත් (නි)
අර 205 පාර පළල් කරලා ඉවරද? (නි)
අන්න දකුණු අධිවේගේ පස් වලින් සබාපති ගසා කාලලු... අපි ඉතින් හුරේ දමමු. (නි)
වන්දි ගෙවනවා. කෝ අපේ රත්නපුර පාරට වන්දි? ඇහැලියගොඩ ආවට මිනිස්සුන්ට මොනවත් නැහැ. සමහර මිනිසුන්ට යන එන මං නැහැ.බලදාරියෝ උඩ බලාගෙන.මම දන්නා පවුලක් ඉන්නවා මොරගල මුළු සේසතම නැතිවෙනවා. (නි)
හිඟුල, පහල කඩුගන්නාව, ගනේතැන්න, පිළිමතලාව ??? කොහොමද මේ තැන්වල මං තීරු 6ක් හදන්නේ? කොහොම කළත් ගසා කන එකනම් නවත්තන්න බැරිවෙයි. හොද වැඩක්. නුවර ජනතාවනි, වැඩක් කරපු අය ටික මතක ඇතිනේ. ඒ අය ටික මේ පාර පළාත් සබාවට යවමු. අනික් අය ගෙදර යවමු. එතකොට ඔබලාට සුබ අනාගතයක්! (නි)
ඉස්සර වැඩේ කරන්න බලමු (නි)
ඉතා හොඳ වැඩක්. රජයේ හොඳ වැඩ අපි අගය කල යුතුයි. වැරදි වැඩ වලට බැනිය යුතුයි. මීගමුව -කොළඹ 240 මාර්ගයට තව මංතීටීරු 4ක් වත් එකතු කර පළල් කරන්න. මෙය අනාගත ආයෝජනයක්. රජයට ස්තුතියි. ජනාදිපතිතුමාට ජයවේවා! (නි)
රනා, හැමදාම ඉල්ලන්කනවා. අනේ මන්දා කවදා හැදෙයිද කියලා ? (නි)
පාරවල් හදන්න කලින්, ලංකාවේ රියදුරන්ට පාරවල් වල යනහැටි කියලා දෙන්න වේවි (නි)